ශ්රී ලංකාවට ආවේණික ගල් පාඩි මාළුන් 231 ක් කරවිට කන්ද රක්ෂිතයේ කැත්ත වැටුණු දොළෙන් ඇල්ලු දෙදෙනකුට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා රුපියල් හැත්තෑඑක්දහස් අටසීයය බැගින් දඩ නියම කළේය.
එම මාළුන් මීගමුව සංචාරක හෝටලයකට රගෙන යාමට සුදානම් කැර තිබිණි.
කනපති විජයරාජන් (38) හා රාසයියා රණසිංහට මේ දඩ නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ ලංකාවෙ මිනිස්සු මේ තරම්ම හොර වැඩ කරන්න යොමු වෙන්නෙ. ඒ ගැනත් හොයල බැලුවොත් නරකද? (ස)
අතට අහුවෙන ඕන දෙයක් ඒවායේ ඇති පාරිසරික, ඓතිහාසික, සමාජයීය, සංස්කෘතික වටිනාකම් ගැන හිතන්නෙ නැතුව මේ විකුණන්නෙ තමන්ගෙම දරුවගෙ අනාගතේ කියල තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති මෝඩ මිනිස්සු.... මොනව හරි කරල සල්ලි හොයන්න මිනිස්සුන්ව පුරුදු කරන මේ සමාජ-ආර්ථික ක්‍රමය වෙනස් කරන්න කාලය ඇවිත්.(ස)
චන්දන කලංසූරිය මහත්තයා කලේ හොඳ වැඩක්. එතුමා කවදත් රටට ආදරෙයි. (ස)
එක ගල් ගල් පාඩියකුට රු. 310.82 බැගින් ! (ස)
ලොකු ලොකු දඩ ගැහුවොත් මිනිස්සු මෙහෙම වැරදි කරන්න බය වෙනවා (නි)
අනේ දිල්ෂාන්, සමිත,මේකට උත්තරයක් දීලා ඊට පස්සේ අදහස් දාන්න. කෝ ලංකාවේ ජීවත්වෙන්න මාර්ග? ඉතින් මිනිහෙක් වැවකින් මාලුවෙක් ඇල්ලුවත්,ඒක ලොකු වරදක්ද? (නි)
ෂා! නියමයි සුලෝච. ඔබතුමාගෙ ගෙදරට හොරෙක් පැන්නමත් "කෝ ලංකාවේ ජීවත්වෙන්න මාර්ග? ඉතින් මිනිහෙක් හොරකමක් කළත් මොකද?,ඒක ලොකු වරදක්ද?" කියලා සතුටින් ඉඳියි නේද? (නි)
දැන් මිනිස්සු කරන්න දෙයක් නැතිකමට ගල් පාඩිනුත් අල්ලන්න පුරුදු වෙලා (නි)
අනේ! සුලෝච් අහගත්ත දේ මදැයි. හොඳ වැඩේ පණ්ඩිත කතා කියනවට (නි)
දැන් ලංකාවට ආවේණික මසුන් ගණන ඉතාමත්ම අඩු අගයකයි පවතින්නේ (නි)
ඒ ගමන්ම හෝටලෙත් වැටලුවනම් ආණ්ඩුවට තව ලොකු දඩයක් ගන්න තිබුණ . මේ අහිංසක මාළු වතුරට කකුල් එබුවාම ඒව ලෙවකනව . මේක මසාජ් කිරීමක් කියල හෝටල් කාරයො ඒකට රුපියල් දහස් ගණනින් අයකරණව . මාළු නොගෙන ඒ වැඩේට මේ හොට්ල්කාරයොම යොදවන්න බැලුවෙත් නරකද ?(දී)
සුලෝච් මල්ලි, ආවට ගියාට අනං මනං අදහස් දාන්නේ නැතුව මිත්‍ර ජයසේන කියන එකයි, නිර්මල කියන එකයි ගැන හිතන්න ටිකක්. ඒ වගේ දේවල් කොච්චර වෙනවද? මේ දෙන්නත් කියන්නේ ඇත්ත නේද? ඔබට ජය! (නි)
අනේ! මාලු ටිකත් වඳකරන වැඩක්.කන්න නැහැ අඳින්න නැහැ කියලා හොඳ හෝ නරක මොකක්ම හරි දෙයක් කරන්න වටිනවද? (නි)