ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ රාජකාරියට බාධා එල්ලවීම වළක්වා ගැටළුවට විසඳුමක් ලබාදෙන තෙක් ගාල්ල දිසත්‍රික්කයේ දිසා රෝහල්, පර්යන්ත රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සියළුම වෛද්‍යවරු සිකුරාදාත් සෙනසුරාදාත් වැඩවර්ජනයක අරඹන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය කමල් කොඩිකාර මහතා පවසයි. මේ කාලයේ දී අත්‍යාවශ්‍ය හදිසි සේවා පමණක් පවත්වන බව ඔහු කියයි.
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙනුර සිංගාරච්චි මහතා පවසන්නේ තමන් නගර සභාවේ සේවකයකුට පහර දුන් බවට එල්ල වී ඇති චෝදනාව අසත්‍යයක් බවයි. නගරාධිපතිවරයා තම කාර්යාලය වසා දමා රාජකාරියට බාධා කළැයි පොලිසියට ද පැමිණිලි කළ බව ඔහු කියයි.
නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා පවසන්නේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විවිධ හේතු දක්වමින් නගර සභාවේ සෞඛ්‍ය සම්බන්ධ රාජකාරී පැහැර හරිමින් සිටින බවයි. 2014 ජනාවාරි 01 දා සිට වෛද්‍යවරයාට ලැබී ඇති ස්ථාන මාරුව අනුව සිකුරාදා වනවිට ඔහු ඉවත්ව නොගියහොත් නගර සභාවේ සියළු සේවකයන් වර්ජනය කරනු ඇතැයි ද නගරාධිපතිවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගරාධිපති වෙනුවෙන් පෙනී සිටින පී.එච්.අයි වීරසිංහ ට ස්ථාන මාරු ලබා දී ඇතත් නගරාධිපති බලයෙන් නගර සභාවේ රැඳී සිටි. මෙයට විසඳුම වන්නේ එම්.ඕ.එච් කාර්යාලය වෙනත් ස්ථානයකට ඉක්මනින් රැගෙන ගොස් මහජනතාවට සේවය කිරීමට අවස්ථාව ලබාදීමය. (නදී)
ගන්න පඩියට වැඩ කරන්න. දවල්ට වර්ජනේ කරලා හවස ඩිස්පෙන්සරියේ බේත් දීල මඩිය තර කරගන්න හිතන මේ කට්ටියටම නේද ගුණාත්මක සෞක්‍ය සේවයක් පවත්වගෙන යන්න පුද්ගලික වෛද්‍ය පීඨ එපා කියල බෙරිහන් දෙන්නේ. මේකද මේ කියන ගුණාත්මක බව ? (නදී)
අමාරුවේ වැටෙන්නේ දුප්පත් මිනිහා (නදී)
මෙයට හොඳම විසඳුම එම්.ඕ.එච් කාර්යාලය නගර සභාවෙන් වෙනත් තැනකට ගෙනයාමයි (නදී)
දොස්තරලත් දැන් නගර සභාවේ කම්කරුවෝ එක්ක හරි හරියට රණ්ඩු වෙනවා. දිස්ත්‍රික්ක පදනම නිසා පහත් මානසික මට්ටම් වල අය ආවම ඔන්න වෙන වැඩේ. බුද්ධිමත් අය එළියේ. මෝඩයෝ ඇතුලේ. (නදී)
ගන්න පඩියට වැඩ කරන්න. (නි)
චින්තක මහත්තයා කැම්පස් යන්න ලකුණු අඩු වෙච්ච කොළඹ ටොයියෙක් වගෙයි. පහත් මානසික මට්ටම තියෙන්නෙ කාටද කියලා හැමෝටම තේරෙනවා. (නදී)
මේක මහ කරදරයක්. හැමදාම ගාල්ලේ වර්ජන. ප්‍රජා සෞඛ්‍යය කඩාවැටිලා. (නි)