IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගුලු හාලට උත්තර බඳින්න සතොස සේවකයෝ උසාවියේ

කෘමින් සහිත සහල් කිලෝ එක් ලක්ෂ හතලිස් දහසක් ගබඩා කර බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඩී. පියරත්න මහත්මිය සතොස සභාපති සහ  අධ්‍යක්ෂ මණ්ඩලයට සිතාසි නිකුක් කළාය.

මෙම සිද්ධියට අදාල නඩුව අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැදවු අවස්ථාවේ සතොස ආයතනය වෙනුවෙන් එහි නියෝජිතයකු අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මහේස්ත‍්‍රාත්වරිය  සඳහන් කළේ සතොස ආයතනය වෙනුවෙන් එම නියෝජිතයාගේ පෙනී සිටීම පමණක් අධිකරණයට ප‍්‍රමාණවත් නොවන බවයි. එම නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණූ දැක්වීමට සතොස ආයතනයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට නිගමනය කළ මහේස්ත‍්‍රාත්වරිය  අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ඔවුනට මෙලෙස සිතාසි නිකුත් කැරිණි.

අනුරාධපුර හරිශ්චන්ද්‍ර මාවත සතොස ගබඩාවේ කළමනාකාරිය වන දිනූෂි දසනායක සහ අනුරාධපුර නව බස් නැවතුම්පළ සතොස කළමණාකාරවරිය වන ඉෂාරා මහනාමට මාර්තු 23 වැනි දා යළි අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසටද තවදුරටත්  නියෝග කෙරිණි.

මහජන පරිභෝජනයට නුසුදුසු සහල් වල සාමිපල රජයේ රස පරික්ෂවරයා වෙත යවා එහි වාර්තාව ඉදිරිපත් කරන ලෙස ද  අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මීට පෙර  නියෝග කැරිණී.



අදහස් (0)

ගුලු හාලට උත්තර බඳින්න සතොස සේවකයෝ උසාවියේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 342 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2045 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1560 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 675 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 572 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 680 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site