IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගල්අඟුරු ආනයනයේදී අත යට ගැහිල්ලක්

(මුදිතා දයානන්ද)

වැඩි මිල දර්ශකයක් ඉදිරිපත් කර අඩු මිල දර්ශකයක් යටතේ වන ගල්අඟුරු මෙට්‍රික් ටෝන් 6,300,000ක් ලක්විජය බලාගාරයට දීර්ඝකාලීන  ප්‍රසම්පාදන යටතේ ආනයනය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත. 

එම විගණන වාර්තාවට අනුව  මෙම ගල්අඟුරු තොග ගෙන්වා තිබෙන්නේ රුසියානු කලාපයෙනි. එම කලාපයේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකා ඩොලර් 179.55ක් ලෙස දක්වා ඇති අතර අදාල සමාගම ඉදිරිපත් කර ඇත්තේ ටොන් එකක්  ඩොලර් 284.84ක්  වශයෙනි. 

මෙම මිල ගණන් අතර පරතරය අවම කර ගැනීම සඳහා අදාල සමාගම සමග සකච්ඡා කිරීමට හැකියාව තිබියදී ඒ සඳහා උත්සාහයක්වත් ගෙන නැතැයි ද විගණන වාර්තාවේ සඳහන් වේ.

රුසියානු  හා ඉන්දුනීසියානු කලාපයේ ගල් අඟුරුවල මිල දර්ශකය  ඉතා පහළ අගයක් ගන්නා අතර ඕස්ට්‍රෙිලියා මිල දර්ශකය පවතින්නේ ඉතා ඉහළ අගයක බව ද එම ගල්අඟුරු තොග ගෙන්වා තිබෙන්නේ එම ඉහළ අගයක් ගන්නා මිල දර්ශක අනුව බව ද එම වාර්තාවේ සඳහන් වේ.



අදහස් (15)

ගල්අඟුරු ආනයනයේදී අත යට ගැහිල්ලක්

Rasika Wednesday, 12 October 2022 11:48 AM

මේවා හොයා ගත්තට කාටවත් මුකුත් සිදු නොවේ. බදියුදින් කැලේ වැව්වාද? නැත වැඩි මිල බෙහෙත් ගෙන්වු රාජිත මූලික නිලධාරි නඩයෙන් අයකරගත්තාද? නැත මෙතෙක් අසුවූ කිසිම හොරකමකට දඩ‍ුවම් නැක. අසුනොවූ ඒවා ගැන කවර කතාද?

:       3       82

ravin Wednesday, 12 October 2022 11:55 AM

ලංකාවේ විගණනය කියන්නේ විහිලුවක්ද?මේ කෙරෙන සෑම දූෂණ ක්රියාවලියකටම ආපසු ගෙවන්නේ කවුද?

:       2       56

mahesh menaka Wednesday, 12 October 2022 12:09 PM

හැම වැඩකින්ම ගැහිල්ල තමා .කවදාවත් ගොඩ යාමක් නැහැ

:       1       52

කිරිපුතා Wednesday, 12 October 2022 12:16 PM

හොරුන් අල්ලා දඬුවම් දීමක් සිදුනොවන බැවින් හොරකම් ඉතා යහතින් දිගින් දිගටම සිදුවේ...

:       2       48

fairoos Wednesday, 12 October 2022 12:26 PM

රටම බංකොළොත් කරපු නන්දසේන සහ නඩයට නඩු දැම්මද? හැමදාම පරීක්ෂණ විතරයි. ඕවා ඔප්පු කරලා දඬුවම් දෙන්න බෑ.

:       8       37

සමන්ත Wednesday, 12 October 2022 02:37 PM

හරකා වුණාට උම්බෑ කියන්න එපායි කියමන අහලා තියෙනවද?

:       17       13

fairoosWednesday, 12 October 2022 06:33 PM

නන්දෙටයි, පොහොට්ටුවටයි බනිනකොට හරකුන්ට රිදෙනවා වගේ...

:       0       0

sirilWednesday, 12 October 2022 04:36 PM

ණන්දෙ ආයෙත් ඔය පුටුවට ආවෙ නැත්නම් තමයි පුදුමෙ මෙචර ් මිනිස්සු ඉන්න රටෙ

:       0       5

යෝගා Wednesday, 12 October 2022 01:23 PM

මේ ගනුදෙනුව සිදුවී ඇත්තේ මොන කාලසීමාවේදීද කියලා සඳහන් කළොත් කවුද හොරු කියලා හොයාගන්න පුළුවන්...!

:       0       27

amila Wednesday, 12 October 2022 03:20 PM

උල තියමු...!

:       0       7

ගමේ එකාලා Wednesday, 12 October 2022 03:36 PM

යහපාලන ආණ්ඩුව ආවා .හොරු අල්ලනවා කියලා .වැඩක් උනාද. උනුත් හොරු දැන් ඉන්න උනුත් හොරු. පට්ට හොරු, දූෂිතයෝ රකින්ඩ පිං ජනපති කෙනෙකුත් ඉන්නවා .

:       0       11

siril Wednesday, 12 October 2022 04:34 PM

මෙ රටෙ මෝඩ මිනිසු ඉන්න කල් මෙව අහ අහ බල බල ඉදීවි, මෙව නිකන් ටෙලි නාට්ටයක් බලනව වගේ හැම ඩාම අහනව බලනව. මෙවට කවුරුවත් මොකුත් කරන්නෙ නෑ ඒ්ව මිනිස්සු විසින් ම කරන්න වැඩ පිලි වෙලක් හදා ගන්න ඔන, හරක් වගේ ඉන්නෙ නැතුව. ඔය ගසා කාපු එවුන් ඉන්නෙ ලංකාවෙ , ඉන්න තැන් හොයා ගන්න එක මහ ලොකු දෙයක් ද?

:       0       7

රනේ Wednesday, 12 October 2022 04:58 PM

නොදකින් හොර හැත්ත..!

:       0       5

Samantha Wednesday, 12 October 2022 07:14 PM

මහා එකාට කොන්දක් නෑ. බොරු කයිය විතරයි. වටේ අය ඊට වඩා කම්බ හොරු...

:       0       1

SAMAN Wednesday, 12 October 2022 08:22 PM

මේවා හරියට කාලෙන් කාලෙට ඉන්දියාවෙන් එන හින්දි මෙගා නාට්‍ය වගේ. කාලයක් ඇදගෙන ගිහින් මිනිස්සුන්ව මුලා කරලා දන්නෙම නැතුව ඉවර වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site