
(සුජිත් හේවාජුලිගේ)
ගල්අඟුරු අක්‍රමිකතා සම්බන්ධයෙන් කරැණු විමසීමට ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විශේෂ කොමිෂන් සභාවට අනිද්දා(07) බදාදා කැඳවා ඇත.
සුලක්ෂණ ජයවර්ධන මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස 2024 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කටයුතු කළේය.
මේ අතර විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන මහාචාර්ය අනුර විජේපාල මහතා ඇතුළු දෙදෙනෙකු එම කොමිෂන් සභාවට අද (05) සඳුදා කැඳවා ඇත.
විජේපාල මහතා ලංවීම සභාපතිවරයා ලෙස 2015 ජනවාරි සිට 2017 අප්‍රේල් දක්වා කටයුතු කළේය.
තවත් දෙදෙනකු කොමිසමට හෙට(06) දිනයේ කැඳවීමට නියමිතය.
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන අවසන් අදියරට පැමිණ ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය
විමර්ශනවල අවසන් වාර්තාව මේ මස අග හෝ ලබන මස මුල ජනපතිවරයාට බාරදීමට නියමිතය
මේ අතර ගල් අඟුරු ගනුදෙනුවලට අදාළ යම් යම් වැරදි ක්‍රියාමාර්ගවලට සම්බන්ධ බවට හඳුනා ගැනුණු බලශක්ති හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඇතුළු 18 දෙනාට ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ලබන මස 09 වැනිදා සිකුරාදා දක්වා කාලය ලබාදී ඇතැයි ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd