මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සහභාගි වු ඒකාබද්ධ විපක්ෂ පාද යාත්‍රාවේදී ගිලන් රියකට පහර දීමට පෙළපාලිකරුවන් ගත් උත්සහය වලක්වා එම ගිලන් රිය ආරක්ෂා සහිතව පේරාදෙනිය රෝහලට යැවු පොලිස් නිලධරයෝ මධ්‍යම පලාත් නියෝජ්‍ය පොලිස්පති අතින් ත්‍යාග සහ සහතිකපත් ලැබුහ.
පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ඔව්නට ත්‍යාග දීමට මුල්විය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂ පොලිස් නිලධාරියෙක් !! ඔබගේ දක්ෂතාවය අපි අගය කරමු !!! (ම)
වැඩේ කියන්නේ ගිලන් රථ ලෙඩ්ඩු ගෙනෙන්න යන්නේ දොස්තරලා නැතුව (නි)
මෙච්චර කල් වුණේ පුද්ගලික රෝහලක ඉන්න ලෙඩ්ඩුත් ආණ්ඩුවේ රෝහලකට ගෙන යන එකයි. නමුත් දැන් යහපාලන ආණ්ඩුවෙන් රජයේ රෝහල් වල ඉන්න ලෙඩ්ඩුත් පුද්ගලික රෝහල් වල ගිලන් රථ වලින් පුද්ගලික රෝහල් වලට යවනවා (නි)
ඉතාමත් නිර්භීත ලෙස හැසුරුන ඔබට මගේ ප්‍රණාමය හිමි වේවා! (නි)
මේක මහා පුදුම රටක්. තමන්ගේ පාඩුවේ පාරේ යන ගිලන් රියටත් පහර දෙනවා. එයට පහරදුන් අය අල්ලා දඬුවම් දෙනවා වෙනුවට ගිලන් රිය බේරුවට පොලිස් නිලධාරින්ට සහතිකපත් දෙනවා. වහාම මාර්ග අවහිර කරමින් පාරේ දඟලන ඔය කට්ටිය අල්ලා හිරේ දාන්න, තවත් මහජන මුදල් කාබාසිනියා නොකර (නි)
ඇත්තටම ලෙඩෙක් ගේන්න ගිහින්ද ඕක වෙලා තියෙන්නේ. අසනීප කාරයෝ ඔය වෙලාවේ කොහෙද ගිහින් තියෙන්නේ. (බ)
යන්න වෙන පාරවල් තිබ්යදී පෙළපාලියක් අස්සෙ රිංගු හිස් ගිලන් රථය ස්වාධීන පොලිසියේ ඊනියා බේරා ගැනීම, සූක්ෂම ව කළ හෙරොයින් ජාවාරම අල්ලපු පොලිසියේ විශේෂ කාර්ය බලකායට වඩා මහ පිළිගැනීමක් ලැබී මහත් වූ උපහාසයක් මැයි.(බ)
රාජපක්ෂලා ජනතාවට කළ හිංසන බලන විට ගිලන් රථ වලට පහර දීම අරුමයක් නොවෙයි .. ඔය මනුස්සය ජනපති වෙලා ඉඳලා පැරදිලා මන්ත්‍රී කෙනෙක් වෙලා පාර්ලිමේන්තුවේ කොනක වාඩිවෙලා ඉන්නවනේ ලජ්ජා නැතුව ඉතින් ....(බ)
බොරු වැඩ (බ)
භාදක මැද නිසිලෙස තම රාජකාරිය ඉටුකළ පොලිස් නිලධාරීන්ට ඉස්තුතිවන්ත වියයුතුය.(රේ)
අපේ ආචාරය පුදනවා (ම)
මම හිතන්නේ මේ අවස්ථාවේදී පොලිසිය අපහසුතා මැද ඉතාමත් හොඳින් තම රාජකාරිය කලා කියලයි.(රේ)
මහින්දගේ දේශපාලන වැඩ පිළිවෙල බකල් කිරීමට විවිධ උපක්‍රම සහ නඩු පවරා තහනම නියෝග ගැනීමට උත්සාහ ගැනීමේ කීර්තිය අනිවාර්‍යයෙන්ම පොලිස්පති තුමාට ලැබිය යුතුය .(රේ)
පොලිසියත් රගපාන්න ගියාම මොකද වෙන්නේ (රේ)
ඔබට ජය (රේ)
යහපත් දේ කලවිට වාද බේද නැතිව එයට පැසසුම් කල යුතුය (රේ)
පොලිස්පති තුමා ඉක්මනටම වැඩෙ කලා එහෙනමි වෙන දෙවල් නම් කොච්චර කල් යනවද(රේ)
ආරේ ගති නෑරේ. රටට ආදර්ශය දෙනව වෙනුවට මෙහෙම අය තමඊ බලය ගන්න දගලන්නේ. (රේ)