ගාල්ලේ මහින්ද විද්‍යාලයීය නව වැනි ශ්‍රේණියේ සිසුන් දෙදෙනකු නිපද වූ වාහන සඳහා වූ දුම්රිය අනතුරු වලක්වන නව නිපැයුම ජාතික නව නිපැයුම් තරඟාවලියේ ඇගැයීමට ලක් විය.
මීටර 200ක් ඈතින් වාහනය ස්වයංක්‍රීයව නවතින නව උපකරණය සඳහා වැය වන්නේ රුපියල් 200ක් පමණි.
දුම්රිය හරස් මාර්ගයට ද මෙවලමක් සවි කළ යුතු අතර ඒ සඳහා වැය වන්නේ රුපියල් හය දහසකි.
නව නිපැයුම බුලට් ට්රේන් හා විදුලි දුම්රිය සඳහා ද ගැලපෙන ලෙස නිර්මාණය කොට තිබේ.
තේනුක දත්සර වික්‍රමසිංහ, අංජන සංකේත් අබේගුණවර්ධන, රමේෂ් මහීෂ බඹරවාන, යසිරු ඕෂද වික්‍රමසිංහ, තීක්ෂණ සංදීප කාරියවසම්, ලහිරු කාවින්ද පතිරණගේ නව නිපැයුමට දායක වී ඇති අතර ඒ සඳහා පේටන්ට් බලපත්‍රයද ඉල්ලුම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ වැඩ, ගමට අගේ නැතිලු. (ස)
අපේ රටේ සංවර්දනයට කර්මාන්ත අවශ්‍යයි. නමුත් එක මහන මැෂිමක්, රුපියක් 50000ක්. කාර්මික නයක් දීල කිතුල් රා මදින්න අවසර දුන්න කියල ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජාතික වශයෙන් සංවර්දන වැඩසටහන් අවශ්‍යයි. අපේ රටේ පුහුණු කරලා ඕන දෙයක් උගන්වන්න පුළුවන් පරපුරක් ඉන්නවා. පවතින රජයන් මේ ගැන හිතන්නේ නැහැ. ඒක ජාතියේ පාප කර්මයක්. (නදී)
ටිකිරි බන්ඩෝ මමත් බෙන්තර ගඟෙන් එහා තමයි. දක්ෂයට තැනක් පළාතක් අවශ්‍ය කමක් නැ .ඔය ගොන් කතා වර්තමානයට ගේන්න එපා. (නදී)
බයිලා, ප්‍රශස්ති, නයිට් රේස් වලට කාබාසිනියා කරන සල්ලි වලින් දරුවොන්ට ක්ෂුද්‍ර පාලක, ක්ෂුද්‍ර විද්‍යුත් යාන්ත්‍රික පද්ධති ගැන ඉගෙන ගන්න ජාතික පර්යේෂණාගාරයක් හැදුවා නම් මෙවැනි නිර්මාපකයෝ ඉහලට අරගෙන ලංකාවටත් තාක්ෂණයෙක් දියුණු කල හැකියි. අපි විශ්ව විද්‍යාලයට ඇවිත් මේවා ඉගෙන ගන්න පටන් ගන්න කොට අපේ හොඳ වයස ගිහින්. අපට හැකියාව තිබෙනවා. පුහුණුවයි අඩු. (ස)
මේ නම් වටිනා මිණි කැට අපේ රටට. ඔවුන්ගේ දක්ෂතා වලට සුදුසු ඇගයීමක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
මේක ජාතියේ පිනට පහලවූ කුසළ තාවයන්. නමුත් ජාතියේ අවාසනාවට පහල වූ පින්ගුත්තරයින් මෙවැනි දක්ෂයින් ට ඉහළට එන්න දෙන්නේ නැහැ. මොකද ඊර්ෂ්‍යාව හා කුඩු කේඩු කම නිසා. අනාගතයේ පත්වෙන ජනතා හිතවාදී ආණ්ඩුවකින් හරි මෙවැනි දක්ෂයින් ට අත හිත දීම හා රැක බලා ගැනීම කළ යුතුව තිබෙනවා. (නදී)
ටිකිරි බණ්ඩෝ, අපි බෙන්තර ගගෙන් විතරක් නෙමෙයි, ගිං ගගෙනුත් එහා හරිද?? (නි)
මෙවැනි නිර්මාණවලට අත හිත දෙන ක්‍රමයක් නොතිබුනොත් හැමදාම විදේශ රටවලට ගැති දුර්වල රටක් හැටියට අපේ රට පවතීවි. (ස)
බෙන්තර ගගෙන් එහා අය කොහොමත් දක්ෂයි තමා.අර නීති විභාගයට ලකුණු 99% ක්ම අරන් තිබුනේ.නැද්ද මම අහන්නේ? (ස)
සතුටුයි මේ දරුවෝ ගැන, අපිට අද උවමනා කරන්නෙත් මේ වගේ දක්ෂ දරුවෝ. කරුමේ කියන්නේ තව ටික දවසකින් මේ දරුවන්ටත් දියුණු රටකින් ලොකු ශිෂ්‍යත්වයක් ලැබෙයි. ඊට පස්සේ මේ දරුවන්ගේ සියලුම දැනුම එයාලට. අපට දැනුම සහ දරුවොත් නැතිවෙනවා. මොනවා උනත් මේ දරුවන්ට සුබ පතනවා. (ස)
මේ මහින්ද ශාස්ත්‍රාලය කීර්තියෙන් වැජඹේවා !!!! (ස)
ධම්ම, ගමේ වැඩ ගමට අගේ නැතිලු නේද? කුහකකම, ඊර්ශියාව. සිංහලයගෙ උත්පත්ති ගතියක්. (ස)
මගේ ජීවිත කාලය තුල මෙවැනි නිපැයුම් ගැන මොන තරම් මා අසා ඇද්ද. නමුත් ඒ එකකින්වත් අපේ රට පල ප්‍රයෝජන ගත් වගක් මා අසා නැහැ.(නදී)
මීට කලින් නව නිර්මාණ කල නිර්මාණ කරුවන්ට උන දේ නොම වේවා. නිර්මාණ මහ පාරට වැටුනා. කුස්සියේ මුල්ලේ සැඟ උනා. අපේ රටේ කොච්චර කරත් බුද්ධිමතාට තැනක් නැහැ. මේවට ඇහක් ඇරලා බලන්න තේරෙන්නෙත් නැහැ දැන් ඉන්න බලධාරීන්ට, (ස)
සුභ පතනවා ඔයාලට. (ස)
අපේ රටේ අපේම නව තාක්ෂණය අවම වියදමින් නිපදවා ඇති මෙම උපකරණ වලට රජයේ සහාය ලබාදී එය වැඩි දියුණු කර අපේ රටේම අනතුරු, මිනිස් ජිවිත බේරා ගැනිමට බලධාරින්ගේ අවධානය යොමුවේවා . මෙම දරුවන්ට තව තවත් දහිරිය ලබාදී ඔවුන්ගේ දැනුමෙන් අප රටට සේවයක් ගත යුතුය. (ස)
මහින්දෙ දරුවෝ. ඔබලට බුදු සරණයි. (ස)