IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ගාල්ල වරාය බාරගන්න සමාගම් තුනක් ඉදිරිපත් වෙයි

(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ )

ගාල්ල වරායේ  ආයෝජන සඳහා සමාගම් තුනක් ඉදිරිපත්ව සිටින බවත් ඉන් සුදුසු සමාගමකට ආයෝජන සඳහා  නුදුරේදීම  අනුමැතිය ලබා දෙන බවත්  වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළේදී  කිසිදු සේවකයකුගේ රැකියා  අනතුරකට පත්වන ආකාරයේ සැලසුම් නොමැති බවද  අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ගාල්ල වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

ගාල්ල වරායේ  සංවර්ධනය ජාතික අවශ්‍යතාවක් මිසෙක ආයතනයක්, කණ්ඩායමක්, ප‍්‍රදේශයක් හෝ කලාපයක් ඉලක්ක කරගනිමින්  කෙරෙන වැඩසටහනක් නොවන බවද නිමල්  සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ගාල්ල වරාය සංවර්ධිත වරායක් බවට පත්කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිචඩ් පතිරණ මහතා විශාල උත්සාහයක්  ගත් බව පැවසූ අමාත්‍යවරයා  එම සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ අදහස දිගින් දිගටම යථාර්ථයක්  නොවී ඇති පසුබිමක ඒ සිහිනය ගාල්ල වරාය තුළ යතාර්ථයක් කිරීමට තමා  කැපවන බවද ප්‍රකාශ කළේය.

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස දියුණු කිරීම සඳහා  රජය  ප‍්‍රතිපත්තිමය තීරණයක සිට ඉදිරි කටයුතු සැලසුම් කළයුතු බව පැවසූ  සිල්වා මහතා  ඒ සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට සුදුසු සැලැස්මක් ඇති බවද  අවධාරණය කළේය.

දියකඩනයක්, විනෝදාස්වාද කලාප, නව වරාය නගර සැලැස්මක් , රුවල් හා මගී නෞකා පහසුකම් සහිත කලාපයක්, ක‍්‍රීඩා කලාපයක් ඇතිකරමින් දෙස් විදෙස් ආයෝජකයින් සඳහා ව්‍යාපාරික අවස්ථා ඇති කිරීම සඳහා මෙහි  මූලික සැලැස්ම නිර්මාණය කර ඇති බවත්  ව්‍යාපෘතිය ප‍්‍රදේශයේ ජනතාවට මෙන්ම  රටේ ජනතාවටද  ප‍්‍රතිලාභ රැුසක් අත්වන එකක් බවත්  හෙතෙම පැවසීය.

මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඞී.එස් රුවන්චන්ද්‍ර, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අල්ගේවත්තගේ, කළමණාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ සුසන්ත අබේගුණවර්ධන, ප‍්‍රධාන කළමණාකරු (තොරතුරු පද්ධති) නිර්මාල් ෆොන්සේකා, ගාල්ල වරාය නේවාසික කළමණාකරු විජය සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු  විධායක නිලධාරීන්  , සේවක මහත්ම මහත්මීන්   ඇතුළු පිරිසක්ද  සහභාගී වූහ.



අදහස් (1)

ගාල්ල වරාය බාරගන්න සමාගම් තුනක් ඉදිරිපත් වෙයි

ravin Monday, 19 September 2022 02:48 PM

ටොලමිගේ සිතියම්වලත් සලකුණුකර ඇති ගාලු වරාය දියුණු කිරීම හොඳ වැඩක්. හැබැයි කොස්සකට තියෙන්නේ ඕකෙන් කොමිස් ගහලා තිබුණු ටිකත් නැති භංගස්ථාන කරයිද කියන එක තමයි.

:       3       27

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් මන්ත්‍රී පැටිකිරිය හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 24 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 210 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 91 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 977 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 1125 2

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 593 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site