IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ගාල්ලෙන් බිහිවුණු ගායකයා

2016-08-18-ent-127

තීක්ෂණ අනුරාධ, සිය ගායන දිවිය අරඹන්නෙ සිරස සුපර් ස්ටාර් සීසන් 1 තරගාවලියෙන්, එතැන් පටන් ගායන ක්ෂේත‍්‍රයේ දිගු ගමනක් පැමිණි තීක්ෂණ පසු කලෙක කලාවේ බොහෝ ක්ෂේත‍්‍රයන්ට අවතීර්ණ වුණා. සඳරේණු ගලන, ඔබ තරම්, සායම් කිරිල්ලී වැනි අතිශය ජනප‍්‍රිය ගීත ඔහුගේ හඬින් ගැයෙද්දී පේ‍්‍රක්ෂකයන් ඔහු වටා ආකර්ෂණය වුණා. මෑතකදී පැවති රියැලිටි තරගාවලියකදී සිය ගායන හැකියා මෙන්ම රංගනයේ හා නර්ථනයේ යෙදෙමින් විශිෂ්ට දක්ෂතා පෙන්වමින් තව තවත් ජනාදරයට පත්වුණා.

ඒ ගායන ශිල්පී තීක්ෂණ අනුරාධ වෙනුවෙනුයි මෙවර ‘‘ජීවිතේ මල්’’ පුබුදුවන්නෙ.

2016-08-18-ent-126මම විශ්වවිද්‍යාලයට තේරුණ දවස ගොඩක්ම සතුටුවුණ දවසක් වුණා මගේ ජීවිතේ. පොඩිකාලෙ ඉඳන්ම මට ලොකු කැමැත්තක් තිබුණා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන්න. ගොඩක්ම කැමැත්තෙන් හිටියෙනම් වෛද්‍යවරයෙක් වෙන්න. ඒ නිසා වෛද්‍ය විද්‍යාලයට යන්න ඕන කියන තැන තමයි හිටියෙ. නමුත් වෛද්‍යවරයෙක් වීමට තරම් ලකුණු තිබුණෙ නෑ. ඒ වුණත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න වරම් ලැබුණා. මම ගාල්ලෙ හිටපු නිසා මට ඕන වුණේ රුහුණු විශ්වවිද්‍යාලයට නොයා වෙනත් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න. ඉතින් මගේ ඒ කැමැත්ත සහ ආශාව අනුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ මොහොතෙ දැනුණ සතුට මෙහෙමයි කියලා විස්තර කරන්න බැරි තරම්.

සුපර්ස්ටාර් තරගයෙන් අවසාන 12 ට එන්න ලැබීම මගෙ ජීවිතේ තවත් සුවිශේෂත්වයක් මටත් වඩා මගේ දෙමව්පියන්ට ලොකු ආසාවක් තිබුණා මාව ගායන ක්ෂේත‍්‍රයෙන් ඉදිරියට යවන්න. මොකද මට පොඩි කාලෙ ඉඳන්ම ගීත ගායනයට සහජ දක්ෂතාවන් තිබුණ නිසා. ඉතින් ඒකත් එක්ක මගෙත් කැමැත්ත තිබුණා දකුණෙන් සංගීත ක්ෂේත‍්‍රයට අලූත් ගායකයෙක් බිහිවෙන්න ඕන කියලා. මොකද අපි අහන හඳුනන ගොඩක් ගායන ශිල්පියො ඉන්නෙ මීගමුව, හලාවත, වත්තල වගේ ප‍්‍රදේශවල නිසා, දකුණෙන් ගොඩක් අඩුයි සංගීත ක්ෂේත‍්‍රයට තිබුණු දායකත්වය. ඉතින් මට හිතුණා කවදාහරි ගාල්ලෙ නම අහපු ගමන් කව්රුහරි ගායන ශිල්පියෙක් බිහිවෙලා ඉන්න ඕනෑ කියලා. ඒ හිතුවා වගේම එය සාර්ථක වුණා. මම සුපර් ස්ටාර් අවසන් 10 දෙනා අතරට තේරුණාට පසුව. මුලින්ම ඒ තරගෙට සහභාගි වෙද්දීනම් හිතුවෙ නෑ ඒ තරම් දුරක් එන්න ලැබෙයි කියලා. නමුත් අවසන් 48 දෙනා අතරට ආවට පසුව රසික රසිකාවියන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාර ඉතා ඉහළයි. ඒ ප‍්‍රතිචාර මැද ගාල්ලෙන් බිහිවුණු ගායකයා කියලා ප‍්‍රසංග වේදිකාවල මගෙ නම කියද්දි ඒ තරම් සතුටක් තවත් තිබුණෙ නෑ.

මගෙ විවාහ උත්සවය දවසත් ජීවිතේ මම ගොඩක්ම සතුටුවුණු දවසක්. අපි දෙන්නගෙ අවුරුදු පහක පමණ ආදර සම්බන්ධයක් තිබුණා. ඒ දවස්වල අපේ ගෙවල් දෙකෙන්ම අකමැතිවෙලා තිබුණෙ මේ සම්බන්දෙට ඒ වුණත් අපි දෙන්නම සම්බන්ධය අතඇරියෙ නෑ. කොහොමහරි ඒක දිගටම තියාගෙන හිටියා. අපිට ඕන වුණේ කොහොමහරි ගෙවල්වලින් ආශිර්වාදය ලබාගන්න. ඉතින් කොහොමහරි මගෙ උපාධියත් ලබාගෙන ඒ හැමදේම අවසන් වුණාට පසුව දෙමව්පියන්ගෙ කැමැත්තත් ලබාගන්න අපට හැකිවුණා. ඒ ලබාගෙන 2010 නොවැම්බර් 22 තමයි අපේ විවාහ උත්සවය පැවැත්වුණේ. ඒ දවසත් මම ලබපු ඉහළම සතුටක්.

පොඩි කාලෙ ඉඳන්ම අපේ අම්මා, තාත්තා අපිව ඇති දැඩි කළා. ඒ වගේම හොඳින් ඉගැන්නුවා. නමුත් අපිටම කියලා වාහනයක් ගන්න තරම් ඒගොල්ලන්ට වත්කමක් තිබුණෙ නෑ. ඒ විදියට ඉඳලා ටික කාලයක් ගියාම මම රැුකියාවක් කරන්න ගියාට පසුවත් රෙන්ට් එකට තමයි වාහනයක් පැද්දෙත්. නමුත් මීට අවුරුදු 04 කට පෙර මගෙ නමට ලියාපදිංචිවුණු මගේම කියලා වාහනයක් මා විසින්ම හම්බ කරපු සල්ලිවලින් මිලදී ගන්න හැකිවුණා. ඒ මොහොත මට ලොකු සතුටක් ගෙන දුන්නා.

මම සුපර් ස්ටාර් තරගයෙන් පසුව කරපු පළමු ගීතය සඳරේණු ගලන ගීතය පේ‍්‍රක්ෂකයින් අතර ගොඩක් ජනප‍්‍රිය වුණා. නමුත් එයින් පස්සෙ මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ආවට පසුව ගීත ගායන අංශයෙන් ගොඩක් ලොකු දෙයක් කරන්න ලැබුණේ නෑ. සඳරේණු ගීතය ජනප‍්‍රියවෙලා තිබුණත් එය විතරයි මට කරගන්න ලැබුණෙ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉවරවෙලා අපි විදෙස් ගතවෙන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියෙ. සාමාන්‍යයෙන් කෙනෙක්ට සල්ලි හම්බ කරන්න අරමුණක් නැතිවුණාම ජොබ් එකෙන් ලැබෙන ඉන්කම් එක නැත්නම් ගොඩක් කරන්නෙ විදෙස් ගතවෙන එකනෙ. ඉතින් ඒ විදියට විදෙස්ගත වෙන්න ඉද්දි තමයි අහම්බෙන්වගේ මට ‘‘ඔබ තරම්’’ ගීතය ලැබෙන්නෙ. අහම්බෙන් වගේ ඒ ගීතය කළත් මම හිතුවෙවත් නැති විදියට ඒ ගීතය ජනප‍්‍රිය වුණා. ඉතා ඉහළ ප‍්‍රතිචාර ඒ සඳහා ලැබුණා. ඒකත් මගෙ ජීවිතේ පිපුණු ලොකුම මලක්.

මම පොඩි කාලෙ ඉඳන්ම ගොඩක් ආසාවෙන් හිටියා රටවල්වල ඓතිහාසික ස්ථාන නරඹන්න යන්න. අපි ඉතිහාස පොත්වලත් දැකලා තියෙනවනෙ ඒ වගේ ඓතිහාසික තැන්. ඉතින් ඒ මම විතරක් නෙමෙයි මගෙ අම්මා, තාත්තා හෝ බිරිඳ මගෙ දරුවො ඒ කා සමඟ හරි තමයි මට ඒ තැන්වලට යන්න ආසාවෙන් හිටියෙ නමුත් මම හිතුවෙ නෑ ඒ වාසනාව මට ඉක්මණින් ලැබෙයි කියලා. ඒක මේ අවුරුද්දෙ මුල් මාසෙ මම ඉතාලිවල ප‍්‍රසංග ගණනාවක් කරන්න ගියාට පසුව මට ලැබුණා. මම ඒ ප‍්‍රසංගයට ගියෙ මගෙ ආදරණීය බිරිඳ එක්ක. ඉතින් ඒ ගියපු තැන් දකින්න ලැබීම, ඒ වගෙ ඡුායාරූප ගන්න ලැබීම ගැන මට ගොඩක්ම සතුටු හිතුණා. ඒ මාසෙ ඇතුළත හිතේ තිබුණු හීනයක් සැබෑවුණා කියලා හිතුණෙ. පීසා කුලූණ, රෝමය, වැනීෂ්, ස්විට්සර්ලන්ඞ්, ඒ හැමතැනටම මාසයක කාලයක් ඇතුළත යන්න හැකිවුණා. ඒ මාසෙ මල්වත්තක්ම පිපුණා වගේ තමයි දැනුණෙ.

මේ මෑතකදි මගෙ ජීවිතේ මල් පිපුණෙ නම් ීඒර ක්‍සඑහ වැඩ සටහන නිසා, මේ සඳහා මට කතා කරද්දි ජීවිතේ බලාපොරොත්තුවක් තිබුණෙ නෑ ජයග‍්‍රහණය කරනවද කියලා. නමුත් මම ගොඩක් සතුටු වුණා අපේ කණ්ඩායමේ හිටිය අනිත් පිරිස ගැන අපේ කණ්ඩායමේ නායිකාව ලෙස දුලීකා මාරපනත්, අනිත් සාමාජිකයන් විදියට දිනක්ෂි, අනුෂා සහ රවීන් හිටියෙ. ඉතින් ඒ හැමෝමත් එක්ක අපේ සොඳුරු කාලයක් ගතවුණේ. අපි ඇත්තටම හිතුවෙ නෑ අපිට ජයග‍්‍රහණය කරන්න ලැබෙයි කියලා. ඒ අනිත් කණ්ඩායම්වල හිටපු ඔක්කොමත් දක්ෂයො නිසා. නමුත් අපේ වාසනාවකට කොහොමහරි අවසන් පූර්ව වටයෙන් ඉදිරියට ඇවිල්ලා අවසන් මහා තරගයෙන් ජයග‍්‍රහණය කරනවා. ඒ ජයග‍්‍රහණය නිසාම නෙමෙයි අපි ගොඩක් සතුටු වුණේ. අපි කරපු රංගනයට සහ මවුපියො ගැන ඉදිරිපත් කළ ගුණ වර්ණනාවට ලැබුණු පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරවලට ඒ දවසෙ ඉතා ඉහළ ප‍්‍රතිචාර ලැබුණා. ඉතින් අපිට ලැබුණු සම්මානවලට තෑගිවලට වඩා ගොඩක් වටින ආදරයක් මිනිසුන්ගෙන් ලැබුණා. ක්ෂේත‍්‍රයේ ඉන්න ප‍්‍රවීණයන්ගෙන් සහ අලූත් පරපුරට රියැලිටි වැඩසටහන්වලට ජීවිතේට හොඳක් නොකියන පිරිස්ගෙන් පවා හොඳ ප‍්‍රතිචාර ලැබුණා. ඒක මගෙ ජීවිතේට ලැබුණු ඉහළම සතුටක්

 

ධනු විජේරත්න

 



අදහස් (0)

ගාල්ලෙන් බිහිවුණු ගායකයා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1436 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 279 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2270 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1251 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 674 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 452 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39234 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site