IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ගලේවෙල පිරවුම්හලට ආ මැරයන් කාන්තාවෝ එළවති

(කාංචන කුමාර ආරියදාස)

ගලේවෙල විවිධ සේවා සමූපකාරයට අයත් ගලේවෙල මකුලුගස්වැව ඉන්ධන පිරවුම්හ හල අසල  අද (23)  දින පස්වරුවේ අවස්ථා කිහිපයකදීම යුද පිටියක් බවට පත්වූ අතර  ප්‍ර දේශවාසීන් සහ කාන්තාවෝ එක්ව මැර කණ්ඩායම්වලට  පහර දී ඔවුන් එළවා දැමීමට පියවර ගත්හ.

 මෙම ඉන්ධන පිරවුම්හලට දින ගණනාවක් සිට ලැබෙන ඉන්ධන ප්රදේශයේ ජනතාවට ලබා ගැනීමට දැඩි දුෂ්කරතා මතුව තිබෙන බවත් ඉන්ධන ලබා ගැනීමට එන බොහෝ  පාරිභෝගිකයන්ට එම ස්ථානයේ සිටින මැරකම් කණ්ඩායම් පහර දීම්  සිදු වී ඇති බව මකුලුගස්වැව පොලිසියට පැමිණිලි රැසක් ලැබී ඇතැයි පොලිසිය කියයි.

 එවැනි තත්ත්වයක් තිබියදී  අද 23 දින පස්වරු   ඉන්ධන බෙදාහැරීම්   කටයුතු   සිදුකරන අවස්ථාවේදී මැර  කණ්ඩායම් පැමිණ ප්රදේශ්වාසීන්ට ඉන්ධන ලබා ගැනීමට නොදී ඔවුන් ඉන්ධන ලබා ගැනීම සිදු කරද්දී එකවරම කාන්තාවන් කණ්ඩායම්ක් පැමිණ මෙම පිරිස්ට පහරදී පන්නා දැමීමට කටයුතු කරන්නට වූහ.

 එම අවස්ථාවේදී කාන්තාවන් පොලීසියටද  බුලි වලින් පහර දී මැර කණ්ඩායම් වලට දැඩි ලෙස පහර දෙමින් පන්නා දැමීමට කටයුතු කළ අතර ආරක්ෂක නිලධාරීන්ට ද එය පාලනය කර ගැනීමට නොහැකි විය.

 ඉන්ධන  ලබා ගැනීම සඳහා පැමිණ සිටි මෙම කණ්ඩායම් කියා සිටියේ පොලිසිය යුද හමුදාව සියල්ල රැඳී සිටියදී මැරකම් කණ්ඩායම් මෙම ඉන්ධන පිරවුම්හල අත්පත් කරගෙන සිටින බවය. 

මෙම හේතුව නිසා පැමිණිලි දැම්මද පොලිසිවලින් කිසිදු ආරක්ෂාවක් නොලැබෙන බව ද ඔවුහු කියති. මේ වන විටත් ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරවරයා ඇතුළු  කණ්ඩායම් පහර දුන් බවට  පාරිභෝගිකයන් මකුලුගස්වැව පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර ඇති බවද ඔවුහු පවසති.

 



අදහස් (7)

ගලේවෙල පිරවුම්හලට ආ මැරයන් කාන්තාවෝ එළවති

Sirisena Thursday, 23 June 2022 07:40 PM

ගෑණු අයම ගහනකන් එතැන හිටපු පිරිමි කට්ටිය මොනවද කළේ... පොලිසියේ මහත්වරුත් අන්තයි...

:       0       1

Nimalasiri Thursday, 23 June 2022 07:42 PM

සුනඛයාගේ ගෝලයෝ ආපහු මැරකම් කරන්න පටන් අරන්... ගලේවෙල අමතක නොවෙන්න කන්න තමයි හදන්නේ...!!!

:       0       1

කිරි පුතා Thursday, 23 June 2022 07:59 PM

රට නම් අරාජික වෙලා. පාලකයික් බුම්මට්ටයින් වගේ බලං ඉන්නවා...

:       0       0

jagath Thursday, 23 June 2022 08:39 PM

ජනතාව මෙවන් ශෝචනීය තත්වයකට ඇද දැමූ රාජපක්ෂවරුන්ට සාප වේවා..!

:       0       0

JAYATH Friday, 24 June 2022 10:17 AM

හිරුනිකාගේ මොඩලයේ ගැණු !!! ඔය සෙට් එක මේ ලංකාවේ තියන හැම පිරවුම් හලකටම එවන්න බැරිද ?මොකද බොහෝ තැන්වල "ගේම් එක දෙන්නේ " මැරයෝ ඕනනම් අපි ගානක් ගෙවන්නම් !!!! කොහොම උනත් ඔයගොල්ලෝ ගැන අපට ආඩම්බරයි !!!!

:       0       16

sharm warn Friday, 24 June 2022 12:37 PM

කාන්තාවන් ඉදිරියට එනකල් මෙ මහත්වරු මොනවද කලේ? අනේ මහත්තුරුනි, ඔබේ ප්‍රදේශයේ මැරයන්ට රජ කරන්න දෙන එක දැන්වත් නවත්තන්න. . ඔබ ඉදිරියට එන්න. . මෙ වීර කාන්තවන්ට එක කරන්න පුලුවන් නම් අයි ඔබට බැරි? එ විදියටම මෙ රටෙ මැරකම් කරන කලකන්නි දේශපාලුවන් වත් එලවන්න ඉදිරියට එන්න.. ඔබ එහෙම කලොත් ඔබෙ දරුවන්ට අනගතයක් තියෙයි..

:       0       0

බද්රානි Friday, 24 June 2022 03:00 PM

ගැහැණු තමයි දැන් ප්‍රමුඛත්වය ගන්න ඕනෑ. හිරුනිකා රටටම ආදර්ශයක්. ඔය ගණන් කාරයින් ලෙස රඟන අය, තනියම ඉද්දී නැට්ට බඩයට ගහගෙන ඉන්න බලු කුක්කන්... මට අහු වුණෝතින් ඔවුන් "කප්පාදු කරලයි" මම පස්ස බලන්නේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 1597 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 490 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 308 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1018 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 312 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 2414 6

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1786 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site