බණ්ඩාරගම උයන්වත්ත වැව පිටාර ගැලීමත් සමඟ දහසක් පමණ දෙනා ලේසියෙන් මාළු අල්ලා ගැනීමට එහි පොරකති.
කැටලා නම් මාළුවා දිය පහරට ගසාගෙන යන විට වැවට බැස සිටින මිනිස්සු දැල් අල්ලා ලේසියෙන් මාළු බාගනිති.
කැටලා මාළුවා කිලෝ 25-30 දක්වා බරින් යුක්තය.
අල්ලා ගන්නා මාළුන් දෙදෙනකු රුපියල් 5500කට වැව ළඟදීම අලෙවි කරති.
එසේ මිලට ගන්නා මාළුන් දෙදෙනා තනි පුද්ගලයකුට කර ගහගෙන යන්නට බැරිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහස් දමන අය ගැන පුදුම සන්තෝෂයක් මට ඇතිවෙන්නේ (නි)
අපෝ! මේ ශීලවන්ත කට්ටිය මාලු කන්නෙම නැහැනේ. උපාසක බළලුන් මීයන් දෙන්නා දෙන්නා අල්ලනවලු. (නි)
සුනාමිය එන වෙලාවෙත් මේ වගේ කට්ටිය මාලු අල්ලන්න බලාගෙන ඉන්න ඇති.වතුර පහර එක පාරටම සැර වුණොත් දෙයියන්ගේම පිහිටයි. (නි)
ගහෙන් වැටුන කෙනාට ගොනා ඇන්න වගේ (නි)
කට ඇරගෙන වතුරට බැහැගෙන උඩබලාගෙන ඉන්නකොට වතුර පහර සැර වුණහම ගහගෙන යන අය අල්ලාගෙන කන්න කැළේ දිවියන් ඉන්නවද දන්නේ නැහැ. (නි)
අනේ මේ අයටත් ගංවතුරෙන් පාඩමක් ලැබෙනවා නම්..... (නි)
රටට හෙන ගැහුවත් සල්ලි විතරයි කියන මේ පාපතරයන්වයි ගං වතුරට අහු වෙන්න ඕනේ. (ස)
මෙච්චාර ලොකු මාළු ඉන්නවද ඒ වැවේ (ස)
යකුනේ වැස්ස කියලා අත පය අකුලාගෙන බුදියන්ඩද කියන්නේ ? මේ කියන අයත් මෙහේ හිටියනම් කරන්නේ ඕක තමයි. බොරුවට බණ කියනවා.සියල්ල දත්ලවගේ.බොරුවට සුදු පිරීවට අැදලවගේ කතා කළාට උයල දුන්නම අහක බලාගෙන කනවා.(ස)
පුදුම වැඩේ කියන්නේ මේකේ අදහස් දාන අය මාලු කන්නේ නැති එකනේ. ඔක්කෝමලා උපාසකයෝ
ඉස්සන් මගුරන් ලොකු කැටලා මාලුවන් මේ දැන් අල්ලපු මාලු ලාබයි ගන්නකො යාලු හා....හාහාහා....හා....හාහාහා....(නදී)
මාළු කන්නේ බඩගින්න නිවා ගන්න නෙමෙයිනේ. 5500ක් දීලා මාලුවෙක් ගන්න කෙනා දුප්පත් කෙනෙක්ද? (නි)
මෙතන ඉන්න කාන්තාවනුත් මාළු අල්ලනවා වගෙයි පෙනෙන්නේ (නි)
කුසුම් නංගි මාළුවාගේ දත් කුට්ටමේ දත් ගණන් කරනවා කොහේදෝ ඈත රටක ඉදගෙන.අපිව මෙහෙ ගංවතුරේ ගහගෙන යනවා... (නි)
අනේ කුසුම් අක්කේ,සල්ලි දීලා මාළු කනවා තියා වතුරේ ගසාගෙන අා මාළුවාටත් යන්න අරින්න කියන පින්වන්තයන් ඉන්න අපේ රටේ මොනවට මිනිසුන් මුහුදු යනවද දන්නේ නැහැ. (නි)
අනේ මන්දා මට ලියන්න වචනත් එන්නේ නැහැ. මේ රටට මොනවා වෙලාද? මාළු පවුද මිනිස්සු පවුද කියල කියන්න මන් දන්නේ නැහැ. (නදී)
කරලා තියෙන පව් මදි වෙලාද කොහොද? (නදී)
ගංවතුර එනකොට මාළු අල්ලන එක අද විතරක් කරපු දෙයක් නෙමෙයි. අපි පුංචි කලෙදිත් කලා.(නදී)
කුසුම් ඔබ හරි ,තේරුමක් නැතිව අනිත් අය අදහස් දානවා.ඔය මාළු වර්ගය ලංකාවේ මාළු නෙවේ වැව් වලට අල්ල ගැනීම සදහා දමන මාළු,කවද හිටියත් කෑමට ගන්නවා. (නදී)
තරූ ඇයි මීට කලින් කාපු මාළු පව් නැද්ද? (නදී)
ගංවතුර ගලපු එක හොඳයි. ඊලග පාර ඔය පැත්තට නියගයක් එනවා සුවර්. (නදී)
මාළු කෑමට වඩා නොගැලපෙන දෙයක් තියෙනවා මෙතන, ඒ කියන්නේ, විපතට පත්වූ සතෙකුට අභය දානය දෙන එක උතුම් කියන වැදගත් පණිවිඩය මේ අයට උගන්වල නැහැ, විපතට පත්වූ සතුන් මරාගෙන කෑම ලොකු පාපකර්මයක්, දැලක් දාල, බිලී පිත්තෙන් මලු ඇල්ලීම ට වඩා පාපකර්මයක් මේ විදියට මාලුන්ව කෑමට ගැනීම. පායන කාලෙටත් මාළුන්ට කල දසාව හොඳ නැහැ, වහින කාලෙටත් ඒ වගේම මාළුන්ට නරක කලදසාවක්ම තමා. කොහොම උනත්, නිර්මාංශ ජීවිත ගත කරන මනුෂ්‍යයන්ට මාංශ අනුභව කරන උදවියට වඩා වටිනා දේ මෙලොව දීමත්, මරණින් මතුත් ලැබෙනවා. (ස)
හරක් මරනවට විරුද්ද අය කෝ? ඒ අකුසල කර්මයමයි මෙයිනුත් වෙන්නේ.(නදී)
මෙතැන වැඩියෙන් ඉන්නේ පිරිමි. සත්තු මරන්නේ වැඩියෙන්ම පිරිමි. මේ ගොල්ලෝ සත්තු මරණ නිසා අඩු ආයුෂෙන් මැරුණම ඉතුරු ටිකට කර ගහන්නේ ඒ ගොල්ලන් එක්ක සහේ ආපු ගැහැණු උදවිය. (නදී)
අන් සතුන්ගේ මාංශය කොල්ල කාලා උන්ව මරල කන එක නම් මම නම් අනුමත කරන්නේ නැහැ (නදී)
මම සියලු දෙනාගේම අදහස් කියෙව්වා, ඇත්තටම කියන්න ඔයගොල්ලන්ගෙන් කී දෙනෙක් මාලු කටේවත් තියල නැද්ද කියල? (ස)
මේක හොඳ ආරංචියක් මිරිදිය ධීවර කර්මාන්තය දියුණුවට (නි)
මළු කනවද? නැද්ද? ඒක නෙමෙයි ප්‍රශ්නය.මේකෙන් පෙනෙන්නේ අපේ සමාජයේ තිබෙන පිරිහීමයි.මේ මිනිසුන් ඕනෑම දෙයක් කරනවා සල්ලි වලට (නි)
අපේ මිනිස්සු බලන් ඉන්නේ එ්කෙනුත් ලාබයක් ගන්නනේ. හැමෝම දැනගන්න සෑම සතෙක්ම ජීවත් වෙන්න ආසයි. මනුස්සයෙකුට තියන මරණ බිය සෑම සතෙකුටම තියන බව. කාගෙවත් මස් කාලා ජීවත් වෙන්න එපා (නදී)
මාළු අසරණවෙලා ජිවිතේ යදිමින් එන වෙලාවේදී උන්ව දැල් දාලා කොටුකරලා අල්ලන එකේ රඟේ තමන්ගේ ජීවිතය යදිමින් කොහේ හරි කොටුවුණ දවසකට තේරේවි. මොන විදියට පවකරත් ඒ විදියටම විපාකෙත් එනවනේ.(නදී)
අනේ මන්දා මේක පුදුම ලෝකයක් (නදී)
ලොකු කථා කියන අය මාලු කන්නෙම නැද්ද? එහම නම් කරවල? (ස)
මොකද සම්පත්ට එකපාරටම වැසිකිලියක් මතක් උනේ. කොරියාවේ වැසිකිලි ඔක්කොම ඔයා කඩන් කනවද? අපේ කට්ටිය ගිය තැන ඉවරයි. කට ඇරියොත් කියන්නේ කොරන්නේ ගඳගහන වැඩ තමයි.(නදී)
මමත් මාලු කනවා. ඒත් මේ වෙලාවේ නම් මටත් දුක හිතුනා.(නදී)
අර හැමදේටම කෑගහන කට්ටියට මේවා පෙනන්නේ නැති එකනේ පුදුමේ.
ඔයට වැඩිය හොඳයි වැසිකිලියක් කඩන් කෑවා නම්. කතා කලොත් ගම ගාල්ල (නදී)
අපේ අයට සත්තු දැක්ක ගමන් සියල්ල අමතක වෙනවා. (නදී)
පින් පව් එනවා අපි පිටිපස්සේ මරණින් පස්සේ කොයි ලොව යන්නේ (නදී)
වැව පිටාර ගලල නිකං කොහේ හරි ගිහිල්ල මැරිලා යන මාලුවෙක් අල්ලගෙන කීයක් හරි හොයාගත්තට කෑමට ගත්තට ඔය කියන තරම් අපරාධයක් වෙනවද? ඔය දුක්ගන්න අය කවදාවාත් මාලු කාලම නැද්ද? අඩු ගානේ හාස්මැස්සෙක් උම්බලකඩ කෑල්ලක් වත් කාලම නැහැ වගේ කථාව. අපේ ලංකාවේ ඔයිට වඩා ලොකු සහගහන අපරාධ කථාකරන්න ඕනතරම් වෙනවා. නිකං බොරුවට දුක්ගන්නා රාලල වෙන්න එපා ඕක අපරාධයක් නම් නෙමේ.(නදී).
අනේ මන්දා මොනවා වෙලාද කියලා මේ ලංකාවට (නදී)
බොරදියේ මාළු බාන්න අපේ මිනිස්සු හරි හපන්නු. (නදී)
මේ පැය විසි හතරේම බන කියන රට.. (ස)
ඉතාමත් අප්‍රසන්න ක්‍රියාවක්. වීරයෝ වගේ මාළුවා කරේ තියාගන යනවා. මේ තරමට හදන්න කොච්චර කාලයක් යනවද. හරියට සීය මාලුවෙක් වෙන්ඩ ඇති. ආපහු වැවට දමල තව වැඩියෙන් බෝ කරන්න තියෙන්නේ. (නදී)
මේකට මුකුත් නෙමේ කියන්නේ. මාලුවන්ගෙ පෙර කර්මය. වතුර වෑඩි උනත් වතුර අඩු උනත් දෙකම එකම ප්‍රතිපලේ මාලුවට. (නදී)
මාළු ගොඩක් අය කනවා. මේ වගේ වෙලාවට උන් මරාගෙන කන එක අසාදාරන වැඩක් වගේ. නමුත් ජීවිත නැසීමේ පව ලැබෙනවා. හොදම දේ මාළු කෑමෙන් වලකින එක. එ්ත් කීදෙනෙකුට එහෙම කරන්න පුළුවන් ද ? (නදී)
මේකට කියන්නේ අවස්ථාවාදය. කුසුම් ආර්ථික අපහසුතා නිසා කියලා මේවා අනුමත කරන්න බැහැ. සුනාමියෙ ළමයාගේ මාලය කැඩීමත් මේකත් දෙකම එක සමානයි. කෙනෙක් කරදරේක වැටුනම සතෙක් වුනත් ලාභ ප්‍රයෝජන ගන්න හදන එක වැරදී. (නදී)
ඔය කරන දේවල් වලට තමයි ගංවතුරත් එන්නේ.(නදී)
මෙතැන ඉන්න කාටවත් සහනාදාර දෙන්න එපා (නදී)
ඔය පැත්තේ අය හරි දක්ෂයි නේ කොයි වැඩේටත් (නදී)
අපි මේවා දැකල නිකරුනේ මිනිස්සුන්ට දොස් කියනවා තමයි. ඔය මිනිස්සුන්ගේ ආර්ථිකය යහපත්ව තිබුණා නම්, මිනිස්සු මේ දේවල් වලට පෙළඹෙන්නේ නැහැ. රටක මොන දේ හදන්නත් කලින් කරන්න ඕන ජනතාවගේ ආර්ථිකය හදන එකයි. කුස ගින්න සාරධර්ම තකන්නේ නැහැ. පෙන්නේ නැද්ද? අරමුණක් නැතිව ගං වතුර දිහාවේ ඔහේ උඩ බලාගෙන ඉන්න මිනිස්සු. ඒ මිනිස්සුත් කාල ජිවත් වෙන්න එපැයි. (නදී)
මිනිස්සුනේ, සුනාමියට කලිනුත් මුහුදේ වතුර අඩු උනා කියල මිනිස්සු ගිහින් වැටවල් ගැහුවලු ඉඩම් අල්ලන්න. තාම ඒ ඉඩම් වලම ඇති ඒ මිනිස්සු. (නදී)
අනේ උනුත් ගහගෙන යන්නේ මෙහෙම මිනිසුන් ළඟටනේ.... (නි)
මේ පැත්තෙ මිනිසුන්ට ගංවතුරින් වුණ හානි වලට දැන්නම් මම පව් කියලා කියන්නෙ නැහැ (නි)
ඔන්න අපේ අයගේ වැඩ. (නි)
පුදුම රටක් නේ මේක (නදී)
ගාල්ලේ , සුනාමියට අහුවුණ ළමයාගේ මාලේ කඩාගෙන මැරෙන්න වතුරට දාපු මිනිසුන්ට, ගංවතුරට ගහගෙන යන මාළුවා මරාගෙන කන එක කජ්ජක්ද? (නි)
මට මතක් උනා දලෙයි ලාමා තුමා කියපු දෙයක්. "බෞද්ධයෝ මාළු මරන්න හොද නැති නිසා අනුන් ලවා මරවගෙන කනවා" කියල. මෙතන අදහස් දාපු කි දෙනෙක් නිර්මාන්ෂද? කනවා නම්, මුහුදෙන් ඇල්ලුවත් ගොඩින් ඇල්ලුවත් මාළුවා මාලුවමයි.(නදී)
ඔය වැවේ හැමදාම මාළු අල්ලනවා. ඔය සිල්වත් පිරිසට පුලුවන්නම් එ්කටත් මොකක් හරි පිලියමක් කරන්න. දකින දකින එකට බැන බැන පින් රැස්කරගන්න දගලන්නේ නැතුව.(නදී)
කුසුම් මහත්මිය, ඔබගේ අදහස බොහොම අර්ථවත් (ස)
මෙතැනදී අල්ලන මලුවාගෙයි මුහුදේදී අල්ලන මළුවාගෙයි වෙනස මොකක්ද? කොතැනදී ඇල්ලුවත් මාළුවා ගොඩක් දුක් විඳලයි මැරෙන්නේ. මාළු මරණ එක පවු නම් කොහේදී මැරුවත් එකයි. මේකට විරුද්ධව අදහස් දාපු අය මිට පස්සේ මාලු කන්න එපා. කොටින්ම මේ වගේ ලොකු මාලුවෙක් ඇල්ලුවම හාල් මැස්සෝ සියගණනක් තව ටිකක් කල් ජීවත් වෙයි! (ස)
මෙන්න වැඩ. (නදී)
මට මතක් උනා ඉස්සර අපි වහිනකොට දොලේ තිත්තයෝ අල්ලපු හැටි. හැබැයි අපිට හම්බු උනේ තිත්තයෝ මුට්ටියකට රුපියල් 2.00 පමණි. ලංකාවේ මෙවැනි දේවල් ගම්වල කොහොමත් තියෙනවා. කොළඹ ඉන්න මැඩියන්ට මේවා තේරෙන්නේ නැති එකයි ප්‍රස්නෙ. (නදී)
මට නම් හිතෙන්නෙ අදහස් දාන ගොඩක් අයගෙ ඔලුව කචල් කියලා. වතුරෙ ගහගෙන යන මාලුන් අල්ලන එක නරක නම් කෑමට ඇම දාල මාලු අල්ලන එක හොඳ ද? පෝයට පන්සල් යන එකයි මාලු අල්ලන එකයි දෙකක්. සත්තු මරන එක වැරදියි වෙන්න පුලුවන්. ඔය මාලු මස් කන අය කන්නෙ කැමැත්තෙන් බිලි වෙච්ච සත්තු නෙමෙයි. (නදී)
බඩ පිරෙන්න හොඳට කාල පුටුවක් උඩට වෙලා ඉඳගෙන සාරධර්ම, පින් පව් ගැන කතා කරන්න හරි ලෙහෙසියි. ඉඳ හිටලා පත්තරයටත් බන පදයක් ලියන මටත් ඔය වැඩේ කරන අයව විවේචනය කරන එක මහා ලොකු වැඩකුත් නෙවෙයි.. එත්, මෙතන ෆොටෝ එක දැකල මාළුවා ගැන සානුකම්පික හදවත් ඇත්තන්ට, මේ වතුරට ගසාගෙන ආ මාළුවම, මාකට් එකට දමල කිලෝව රුපියල් 150 ට දෙනවා කිව්වොත්? අනේ, අපිට එපා කියල අහක බලා ගනියි. ගොඩක් හොඳයි! උපාසක ඇත්තෝ එහෙම තමයි. මේ සිද්ධිය සුනාමිය අවස්ථාවේ මාල කඩා ගත්ත එකට, සුනාමි සහන මණ්ඩලයට ලැබුණු විදේශ ආධාර තමන්ගේ පෞද්ගලික ගිණුම් වලට බැරකර ගැනීම්, කුඩු ගෙන්වීම් වගේ දේවල් වලට සසඳන්න බැහැ. හැබැයි මේ මිනිස්සු කරන ක්‍රියාව අපිට අනුමත කරන්නත් බැහැ. නමුත් යථාර්තවදිව හිතල දොස් කියන්නත් බැහැ. අද මගේ ලිපේ කෑම පිසින්න ලිප ගිනි මෙලෙව්වට, එතන ඉන්න මිනිස්සුන්ගේ ලිප ගැන මට හිතාගන්න බැරි නිසා. (නදී)
මේ වගේ දේවල් කරන්නේ සමාජයේ හැමෝම නොවෙයි එක්තරා සමාජ පන්තියක් විතරයි. (නදී)
මෙයාලම තමයි හැම පෝයටම පන්සල් යන්නේත්... (නි)
මෙහි අදහස් දක්වන සමහර අය මිනිස්සුද? මාළු මරන්න එපා කිවම, පවු කාර වැඩක් කිවම මරණ තර්ජනත් කරනවා. (නදී)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ළඟපාතක හිටියා නම් මාත් යනවා මාලු අල්ලන්න. මෙතන උපාසකයෝ ටික නම් ඔන්න මාලු හොදිවත් කන්න එපා (නි)
කුණු කය නිසරුයි නැත පවතින්නේ..කල හොඳ පමණයි මෙලොව රැදෙන්නේ.. (නදී)
බලාගෙනයි ,අහිංසකයිනේ ,ආණ්ඩුව දැන ගත්තොත් ඔය මාළු රජයට අයිතියි කියල දඩයකුත් ගහල මාළුත් රාජසන්තක කරාවි (නදී)
ලංකාවේ හැම පළාතේම ස්වබාවික විපත් නැති වෙන්න හේතුව මේක තමා. පතිරුප දේස වාසෝච, පුබ්බෙච්ච කත පුන්නතා............(නදී)
කුසුම්-----මිනිස්සු කුඩු ගේන්නෙත් ඔය නිසා වෙන්න ඇති. (ස)
මිනිස්සු වගේම මාලුත් අසරණ උන වලාවක මොකක්ද මේ කරන පවු කාර වැඩේ. (නදී)