කිඹුලන් සිටින අත්තිඩිය ඇළ මාර්ගය දිගේ අධි ආරක්ෂිත කළාපය හරහා රත්මලාන ගුවන් හමුදා කදවුරට අද (12) අලුයම හොරෙන් ඇතුලු වීමට තැත් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෙක් ගත්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග විමලසේන මහතා විසින් ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
වැඩි විස්තර කිසිත් නැති එම තරුණයා මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමටද නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දේ කාලේ මෙහෙම වුනා නම්, මානසික ලෙඩෙක් කියලා ඇතිවෙයිද? (නි)
නීල්, අහසේත් කිඹුල්ලු ඉන්නවා. අහලා නැද්ද ගුවන් හමුදාවේ එම්.අයි.- 24 ප්‍රහාරක හෙලිකොප්ටරයට කියන්නේ "ක්‍රොකඩයිල් " නැත්නම් පියාඹන යුද්ධ ටැංකිය කියායි. පියාසරණ කිබුලෙක් වගේ හැඩය නිසා යුරෝපයේ මෙය ප්‍රචලිත "ගුවනේ කිඹුලා" කියලයි. (නි)
ඇලෙන් එගොඩ වෙනකන් කිබුලෝ මොකද බලන් හිටියේ කෑමට ගත්තානම් ඉවරයිනේ .(නදී)
අනේ ඒකට හිතෙන්න ඇති දියේ කිඹුල්ලු නිසා නාවික හමුදාව භයානකයි, අහසේ කිඹුල්ලු නැති නිසා ගුවන් හමුදාව වඩා හොඳයි කියලා. (නි)
කුමාරි , ඔබගේ කතාව නිවැරදි. කිසියම් කෙනෙකු පිටුපස ඇති.(ස)
සුළුවට නොතකන්න භයානකයි (අ)
ටිකක් කල්පනාවෙන් හිටියනම් හොඳයි කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැහැනේ.(ස)
ගුවන්හමුදා කඳවුරට නාවික ක්‍රමයකින් රිංගන්න ගිය එකනේ වැරදි, ගුවනින් ගිහින් බහින්න නේ තිබුනේ. (අ)
අනේ මන්ද රිංගන්න වෙනතැනක් තිබ්බෙම නැද්ද (අ)
පුල්ලි නැති කොටියෙක් වගේ. (ස)
මානසික ලෙඩෙක් කරන වැඩක් වගේනේ (නි)
බලාගෙන.. ප්‍රවේශමෙන්... (නි)
අපි බලපොරොත්තුව ඉන්නේ 'කොටියා' යන නම අහන්න. නැත්නම් වෙන දරුණු පා දෙකේ සතෙක් වෙන්න ඇති. මොනවා නමුත් ඔහුව රහස් පොලිසියට දීලා ඇත්ත අහගන්න (නි)
ඔහු මානසික ලෙඩෙක් වෙන්න බැහැ. ඒ වගේම තනියම කළ දෙයක් වෙන්නත් බැහැ. ඉතා විමසිලිමත් විය යුතුමයි. (නි)
තවම කොටි අවතාර හැමතැනම තියෙනවා. පරික්ෂාකාරිව ඉන්න එක තමා හොද. (නි)
ආ ඒක එච්චර දෙයක් නෙමේ. යන්න දෙන්න.(නදී)
ඔහු මානසික ලෙඩෙක් නොවෙයි. හොදින් සොයා බලා දැඩිද ඩුවම් ලබාදිය යුතුයි.(නදී)
කව්රු හරි මුට්ටිය දාලා බලනවද කොහෙද පරිස්සමට.(නදී)
ඉතා හොදින් හොයා බලන්න. ලොකු අනතුරක් ලෙස සලකන්න.(නදී)
එක්කෝ නින්දෙන් ඇවිදින කෙනෙක්, නැත්නම් මානසික ලෙඩෙක්.(නදී)