මගීන් 165ක් සමගින් බුකාරෙස්ට් නුවර සිට රෝමයේ සිආම්පිනෝ ගුවන්තොටුපළ දක්වා පැමිණි හංගේරියාවේ විෂ් ගුවන් සමාගමට අයත් යානයක් ගොඩබෑමට සුදානම් වෙත්ම එහි වම් පස රෝදය පහළට නො එමෙන් ගුවන් නියමුවන් මහත් අභියෝගයකට මුහුණ දුන්හ.
විගස දිග ධාවන පතයක් ඇති ළගම පිහිටි ෆියුමින්චිනෝ ගුවන් තොටුපළට යානය හැරවු නියමුවෝ ඉදිරි පස රෝදයත් දකුණු පස රෝදයත් දකුණු පස ඈන්ජිමත් පමණක් උපයොගි කර ගනිමින් යානය සාර්ථකව ගොඩබැස්සුහ.
මගීන් තිදෙනෙකුට සුළු තුවාල සිදු වු බවත් කුඩා දරුවන් ඇතුළු අනෙක් මගින් දැඩි කම්පනයකට පත්වසිටි බවයි. ෆියුමින්චිනෝ ගුවන් තොටුපළ පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පෛලට් ට අපි ගරු කරනවා (දී)
ඔය කියන දෙයියෝ කොහොමද හොයා බලන්නේ රටින් රටට? මට නම් හිතාගන්න අපහසුයි (නි)
ගුවන් නියමු තනතුර ලබාගන්න පෙර සෑම පුහුණුවන නියමුවෙකුටම මේ වගේ අවස්ථා සිමියුලේටර් එකක කරලා සාර්ථකව ප්‍රතිපල පෙන්වන්න ඕනා. රෝද සියල්ලම නැතුවත් ගොඩබැමට පුහුණු විය යුතුයි.(නදී)
මොන රටක වුනත් මිනිස් ජීවිත රැක ගන්න ගත්ත උත්සාහය අපි අගය අගය කරන්න ඕනෑ. (නි)
මම මුලින් හිතුවේ මත්තල වුනා කියලයි (නි)
මේ අනතුර ලංකාවේ එහෙම වුනා නම් මොනවා වෙයිද? (නි)
පිටිගල,හා මනෝහරන් ,හැම කෙනෙක්ම එකම විදියට හිතන්නේ නැහැ නේද? මම ලිවේ මගේ අදහස මම නම් උදේට ඇදෙන් බහින්නෙත් දෙවියන්ගේ පිහිටයි කියලා ඔයාල නිකමටවත් කතරගමවත් ගිහින් නැද්ද අපට සමහර ලෙඩ රෝග දෙවියන් දීල තියෙනවා කියල මන් අහල තියෙනවා උදා:පැපොල/කම්මුල්ගාය වගේ ඒවා.(නදී)
ගුවන් නියමුවන් පුහුණු කරද්දී හදිස්සි අවස්ථාවක ක්‍රියා කරන්නේ කොහොමද කියලා උගන්නනවා. (නි)
ප්ලේන් එකක් නිසා දෙවියන්ට හිනා වෙන තරම් මිනිස්සු දැන් ලංකවේ ඉන්නේ. ලිඳෙන් ගොඩ එන්න, ලෝකය දිහා ඇස් හැර බලන්න. (නි)
අපිට වුනා නම් මත්තලට බස්සන්න තිබුනා. (නි)
මේවට මුහුණ දෙන්න ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය පුහුණු වෙලා ඉන්නේ. මොනවා උනත් නියමුවන්ගේ දක්ෂකම අගය කල යුතුයි.(නදී)
දක්ෂ ගුවන් නියමුවන් නිසා ජීව්ත ගානක් බේරුනා හැරෙන්න දෙවියන්ගේ හපන්කමක් නෙවේ.(නදී)
ඕක මෙහෙ උනා නම් ගුවන් නියමුවා ඡන්දෙ ඉල්ලයි.(නදී)
දෙවියෝ ලෝකය දිහා බලනවා නම් මෙච්චරටම මිනිස්සු මරා ගනියිද? මැරෙයිද? නියමුවන්ගෙ දක්ෂතාවය නිසා මිනිස්සු බේරුනා. දෙයියන්ට බැරිවුනා පහත් නොවුන රෝදය පහත් කරන්න. මිනිස්සුනේ යතාර්තය තේරුම් ගන්න.(නදී)
නියමුවාගේ දක්ෂතාවය හා මගීන්ගේ වාසනාවට මෙහෙම හරි බේරුනේ.(නදී)
මාලාගේ කටේ මසුරන් දන්නා ඕනා.(නදී)
පිටිගල හා මනෝහරන්, දෙවියෝ වගේ පුවතක් කියවන්න ඕගොල්ලන්ට අවස්තාව ලබා දීම පිළිබඳව සලකා බලන්න.(නදී)
165 එච්චර හොද ගානක් වෙන්නේ නැතිව ඇති. සතියකට කලින් පිලිපීනේ යානයකුත් අනතුරට පත් වුනේ මගින් 165 දෙනෙකුත් සමගයි. හැබැයි ඒ ගුවන් යානයේත් ගමන් කල පිරිසටත් මේ වගේ අත් දැකීමකටම මුහුන පාන්න සිද්ද වුනා.(නදී)
චන්දි දෙවියන්ට වම් පැත්තේ රෝදේ දිහා බලන්න බැරි උනේ මොකද? (නදී)
චන්දි, දෙයියෝ බලනවානම් ඉතින් පොඩි ළමයිට පිළිකා වැනි දරුණු ලෙඩ රෝගත් හැදෙන්නේ නැතුව තියෙයි නේ. දෙයියෝ ඇයි ඉතින් මේ වගෙන් මේ ළමයින්ව වලක්වා ගන්න බැල්ම හෙලන්නේ නැත්තේ. නිවාඩු පාඩු වෙලාවක මහරගම ළමා වාට්ටුව පැත්තේ රවුමක් යන්න කියන්නකෝ.(නදී)
මේ පුංචි දරුවන්ගේ මුහුණු දිහා දෙවියෝ බලන්න ඇති නේද!! අගය කල යුතුයි.(නදී)
විස්කම් වැඩක්. නියමුවන්ගේ දක්සකම් නිසා ජීවිත ගනනාවක් බේරුවා. නියමුවා කල හපන්කමට උසස්වීමක් දිය යුතුයි.(නදී)
පුරාජේරු කාරයෝ හිතනවද ඕක මෙහෙ උනා නම් හොදයි අපට පුරාජේරු ගහ ගහ ඉන්න කියලා.(නදී)