(විමුක්ති එස් රුද්‍රිගු)
බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි ගුවන් තොටුපොළකට ගොඩබෑ අවස්ථාවේදී සාප්පු සවාරි ගිය එහි ගුවන් නියමුවා කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන යාම හේතුවෙන් ගොඩබෑ ගුවන් යානය නැවත පියාසර කරවීම සඳහා ආදේශක ගුවන් නියමුවකු යෙදවීමට බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට සිදුව ඇත.
සාප්පු සවාරි ගිය එම ගුවන් නියමුවා ජොහැන්නස්බර්ග් නගරයේ චෙකර්ස් බ්ලූබර්ඩ් මෙල්රෝස් සුපිරි වෙළඳ සංකීර්ණය ඉදිරිපිටදී පැහැරගෙන ගොස් ඇත.
ගුවන් නියමුවා එම සුපිරි වෙළඳ සංකීර්ණය පිටතට පැමිණෙන විට කාන්තාවක් පැමිණ බඩු මලු මෝටර් රථය වෙත රැගෙන යාමට සහාය වන ලෙස ඉල්ලා තිබේ.
එමි ඉල්ලීමට කන්දුන් ගුවන් නියමුවා බඩු මලුත් රැගෙන කාන්තාවගේ මෝටර් රථය වෙත ගොස් ඇති අතර එහිදී මෝටර් රථයේ සිටි පිරිමි කණ්ඩායමක් ගුවන් නියමුවාව පැහැරගෙන ගොස් ඇත.
පාළු ප්‍රදේශයක මෝටර් රථය නවතා මුදල් ලබා ගැනීමේ අරමුණින් ගුවන් නියමුවාට දස වධ දී ඇති බව ජොහැන්නස්බර්ග් පොලිසිය ප්‍රකාශ කළේය.අනතුරුව මුදල් ලබා දීමෙන් පසුව ගුවන් නියමුවා නිදහස් කර ඇතත් ඉන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය කම්පනයට පත්ව ඇත.අවසානයේ පැහැරගත් ගුවන් නියමුවාගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවීම හේතුවෙන් ගුවන් යානය පියාසර කරවීමට ආදේශක ගුවන් නියමුවකු යෙදවීමට බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට සිදුව තිබේ.
13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි
ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි
ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගුවන් නියමුවා පැහැරගෙන අලි ජංජාලයක්
හිතහොද අම්මන්ඩි Friday, 12 January 2024 08:30 AM
ලංකාවෙ මිනිස්සු වගේ තමන්ගෙ තත්වය රැකගන්නෙ නැතුව නාට්ටාමි වැඩේ කරන්න ගිහිල්ලා කරගත් දෙයක් කියන්න පුළුවන් මේවා ඉතින් කාටකාටත් මතක හිටින පාඩම් තමයි