IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ගුවන් සේවිකාවක් වෙන්න මම කැමතියි

2016-11-02-ent-10

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වු දිනූෂා ගුණසේකර සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වුණේමු. තවමත් වසරක කාලය සිට නිරූපණ කටයුතුවලට යොමුව සිටින දිනූෂා, ඉදිරියේදී රංගනයටද පිවිසීමේ සූදානමකින් පසුවන්නීය. මේ ඇය අපිට සිය ඉදිරි නිරූපණ කටයුතු පිළිබඳව දැක්වූ අදහස්ය.

 

දිනූෂා නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

2016-11-02-ent-14ගිය අවුරුද්දෙ තමයි නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඒ නිලු සේනානායක හා අර්ජුන් සේනානායක දෙදෙනා කරන මොඩ්ලින් ඇකඩමිය හරහා.

 

නිරූපිකාවක් වෙන්න හිතුණේ ඇයි?

දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලා මම නිරූපණයට ගොඩක් කැමතියි. ඒ ආසාව හින්දම තමයි මම නිරූපණය පැත්තට යොමු වුණේ.

 

පාසල් යන කාලේ කලාව පැත්තට නැඹුරු වෙලා හිටියද?

ඔව්. පාසලේ නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට කටයුතු කළා. තවමත් නර්තනය පැත්තට යොමු වෙලා ඒ හරහා ඉදිරියට යන්න ආසාවක් තියෙනවා මට.

 

නිරූපිකාවක් වුණේ නැත්නම්?

බොහෝ විට මම නිවේදිකාවක් වේවි. මොකද නිරූපිකාවක් වෙනවට වඩා මට ආසාව තිබුණේ නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක්වන එක.

 

නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම හොඳයි. හරියට මේ ක්ෂේත්‍රය රැඳිලා වැඩ කළොත් දුර ගමනක් යන්න පුළුවන් කියලා මම දකිනවා.

 

නමුත්, වර්තමානයේ නිරූපිකාවක් ගැන බොහෝ පිරිසක් විවිධ මත දරනවා?

ඇත්තටම, මිනිස්සු නිරූපණය කරනවා කිව්වාහම හිතන්නේ ගොඩක් වැරදි ආකල්පයක්. ඒත්, හැමෝම එහෙම නැහැ. පිරිසක් ඉන්නවා කියලා හැම දෙනාම ඒ කෝණයෙන් මණින එක වැරදියි.

 

මොනවද නිරූපණ ක්ෂේත්‍රය තුළ ඔබගේ ඉලක්ක?

නිරූපණ ක්ෂේත්‍රය තුළින් දිගු ගමනක් යන්න මම අපේක්ෂා කරන්නේ නැහැ. මගේ ආසාව තියෙන්නේ ගුවන් සේවිකාවක් විදිහට වැඩ කරන්න.

 

රඟපාන්න කැමති නැද්ද?

ආසාවක් නම් තියෙනවා. ආරාධනාත් කිහිපයක් මට ලැබුණා. මම හිතන්නෙ තාමත් මට ඒ ක්ෂේත්‍රයට යොමු වෙන්න තියෙන අත්දැකීම් මදි කියලා. රංගනයට වගේම ඉදිරියේදී මියුසික් වීඩියෝ හා වෙළෙඳ දැන්වීම් සඳහාත් පෙනී ඉන්න මගේ කැමැත්තක් තියෙනවා.

 

දැනට මොනවද ඔබ දායක වෙලා තියෙන වැඩ?

ගොඩක්ම කළේ පොටෝ ෂුට්වලට පෙනී හිටිය එක විතරයි. ඒ වගේම විලාසිතා දැක්මවල් සඳහාත් මා දායක වෙලා තියෙනවා.

 

උදවු කළ පිරිසකුත් ඇති?

ඔව් ඉන්නවා. යොහාන් සූරියාරච්චි, හිරන්ත ෂාමල් අයියා, මා නිරූපණයට යොමු වුණේ ඇකඩමියේ හිටිය නිලු සේනානායක හා අර්ජුන් සේනානායක දෙදෙනා. නිරෝෂා අක්කා හා මගේ පවුලේ සැම දෙනා.

 

2016-11-02-ent-15
2016-11-02-ent-13
2016-11-02-ent-12
2016-11-02-ent-11
2016-11-02-ent-09



අදහස් (0)

ගුවන් සේවිකාවක් වෙන්න මම කැමතියි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 989 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2025 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1067 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 353 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1584 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1115 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site