ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අවසන්වී නැවතත් ශ්‍රී ලංකාව එන අතරමගදී එම කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයකු ගුවන්යානයේ බීමතින් හැසිරුණේ යැයි කියන සිද්ධිය පිළිබඳව කණ්ඩායමේ කළමණාකරුගේ වාර්තාව පදනම් කරගනිමින් පරීඬණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම පරීක්ෂණයේදී ආදාල ක්‍රීඩකයා වැරදිකරු වුවහොත් විනය පියවර ගන්නා බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය වාර්තා මගින් මේ පිළිබඳව දැනගත් බවත් ඒ පිළිබඳව කනගාටු වන බවත් සිද්ධිය පිළිබඳව කණ්ඩායම් කළමණාකරු සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් පවසයි.
ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ කළමණාකරු ලෙස මෙම සංචාරයට ජයන්ත සෙනෙවිරත්න මහතා සහභාගි විය.
සබැඳි පුවත්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ඇමැති තාත්තෙක්ගේ පුතෙක් ද ? (ත)
අර්ජුන අරවින්දලා ගොඩනගපු ශ්‍රී ලංකා ක්‍රිකට් වල අනාගතය ගෙනියන්න ඉන්නේ මේ වගේ පුත්තුද? (දී)
කොච්චර පරීක්ෂණ කළත් අන්තිමට එයා නිර්දෝෂ වෙයි. අපි නොදන්න ලංකාවනේ (දී)
අනිවාර්යයෙන් මෑන් ට උසස්වීමක් ලැබෙයි.(නදී)
අනේ මන්දා, උසකට යන්නම බැහැ, බිමට පනින්නමයි හදන්නේ (දී)
පිස්සු විකාර
වැඩක් නැහැ මෙය ඇමති පුතෙක්.....පරීක්ෂණ යට ගහනවා....(අ).
කොන්ද පණ ඇති කෙනෙක් ඉන්නවාද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කියලා බලන්න පුළුවන් ලගදීම. (දී)
පවු නේ
තාත්තගේ නමේ මුලට "ක" සම්බන්ද වෙනවද?(නදී)
පරීක්ෂණය ඉවර වුණාම කියන්නේ , ගුවන් නියමුවා විසින් දොර විව්ර්ත කිරීමට උත්සහ කලා කියල (අ)
පැටව් ඔහොම තමයි ඉතින් .(අ)
පරීක්ෂණ පවත්වන එකක් තියන එකක් ප්‍රස්නයක් වෙයි (අ)
අයියෝ මෙයාගේ මරන පරීක්ෂනය කරන්න තිබුනේ අත්ලාන්තික සාගරයෙන් මිනිය ගෙනැල්ලා. අපරාදේ දොර ඇරුනේ නැහැනේ.(නදී)
ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවත් නැහැ වගේ (දී)
කතාව ඇත්ත ගුවනේදී බිවුවාම ඩබල් දෙවා තමයි වදින්නේ මටත් එහෙම උනා, මමනම් පනින්න ගියේ නැහැ (දී)
තාත්තා හෝටලේ බැල්කනියෙන් පැන්නා. පුතා ඒ රෙකෝඩ් එක කඩන්න තමා උත්සාහා කරලා තියෙන්නේ
පිස්සු විකාරේ.. අර පොඩි පුතා ගැහුවා "රගර් රෙෆ්‍රිට" මොකද වුනේ? "මෙවා කොල්ලොන්ගේ වැඩ" කියාවි.(නදී)
මේක තනික බොරුවක් .....ඇමතිතුමාව වට්ටන්න කරපු කුමන්ත්‍රණයක් .....
මට පරීක්ෂණ තියන්න තරම් ලොක්කෙක් කව්ද ඉන්නේ. එහෙම කරන්න ආවොත් මම ගෙදර අරිනවා. (නදී)
පරීක්ෂණයක් තියලා හරියට නිතිය ක්‍රියාත්මක කරන්න
හොරුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ අපි බල ඉදිමු තව දවස් 3 න් ඕවා ඉවරයි.(නදී)
කොල්ලෝ ඔහොම තම්යි
බැල්කනියෙන් වැටුනේ මෙයාගේ තාත්ත නේද
කළමනාකරුගේ වාර්ථාව අනුව ක්‍රිකට් ආයතනයේ අවසන් නිගමනය "1.එපා කියද්දීත් බලෙන් බොන්න දීපු ගුවන් සේවිකාව තමා වැරදි කාරිය" 2. වැසිකිලියේ දොර තිබිය යුතුතැන පිටවීමේ දොරටු සවිකල බෝයිං සමාගමෙන් වන්ඳි ඉල්ලා නඩු දැමිය යුතුය. 3. මෙම ක්‍රීඩකයා කන්ඩායමේ නායක සහ කළමනාකරු කල යුතුය
මේකත් අනිත් පරීක්සන වගේ තමා මොකද කියලා දන්නවනේ.(නදී)
අනේ අපි නොදන්න පරීක්ෂණ.(නදී)
කරුණාකර ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව 'මඩ පුවත' සකස් කල එංගලන්තයේ 'ඩේලි මේල්' පුවත් පතට පහත අංකයෙන් කතා කර චෝදනාවක් ගොනු කරන්න. (00442079386000).(නදී)
පිස්සු කෙලිය කියන එක හොද නැහැ නේද (දී)
තාත්ත කරපු දේ පුතා නොකරොත් ඌ නොට්ටිගේ පුතාලු (අ)
ඔව් ... පන්දමට ටීම් එකේ ඉන්න ඇමති පුතා තමා පනින්න ගිහින් ඇත්තෙ (අ)
ඔය පරීක්ෂණ ඔක්කොම විනය කමිටු නිකම් බොරු නාඩගම් විතරයි කලින් අහුවුණා වැඩක් වුණැයැ (අ)
මෙයා බෙල්ල කඩා ගන්ඩ ගිහින්...(අ)
.එයත් කියාවි මට මොකුත් මතක නැ කියලා. කන්ඩයමේ කලමනාකරුට දඩුවම් කරාවි. (අ)
ලෙක්කෝ ගලබඩ, පොඩ්ඩක් ඔයාගේ මොබයිල් එක දෙනවද ඔයා කියපු අංකයට කථාකරන්න. (දී)
ඇති ඔයින් ගියා ..... වැසිකිලියෙ දී කරන දේ පිට දී නොකලා ඇති (අ)
මාධ්‍යයට ආචාර ධර්මය උගන්වන්න කලින් මෙවන් අයට ආචාර ධර්මය උගැන්වීම වැදගත් වෙන බව ඇමතිවරු දන්නේ නැද්ද? විශේෂයෙන්ම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ආචාර ධර්ම පද්ධතියක් ලබාදී නැද්ද ? එනම් අපේ රට ඔවුන්ගෙන් ලබාගන්නට යන අනුකූලතාවයන් කුමක්ද? (දී)
අනේ පරීක්ෂන් කරලා කාලය කා දමන්න එපා. රණරාලගේ බෙස්ට් කොමෙන්ට් එක. (අ)
මෙම සංචාරයට එකතු වූ එකම ඇමති පුතා කවුද කියල රටම දන්නවා. අයි සී සී එකට දැන්වුවනම් ඔවුන් නිසි පියවර ගනීවි.ලංකාවේ පාලක මණ්ඩලේ නම් මීළඟ සංචරයට ලොකුම සුදුසුකම මේක කරගනියි. (අ)
අපි ක්‍රිකට්වලින් ජය කෙහෙළිය නන්වනවට මෙයාල තරහයි. (අ)
මොන පිස්සුද,ස්වයන්ක්‍රීයව දොර ඇරෙන්න යද්දී මෙයා ගිහින් තියෙන්නේ දොර වහන්න.ඔන්න අන්තිම උත්තරේ.(අ)
බිවුවාම ගුවනේදී වදිනවා ඩබල් වෙලා (දී)
මට මොකුත් මතක නැහැ
මොන පරීක්ෂණද තවත්? මෙයාව කෙලින්ම තරග තහනමකට ලක්කරන්න ඕනෑ. ඒ වගේම ක්‍රීඩකයන්ට ඒ අදාල කාලය තුල බිම තහනම් කරන්න ඕනෑ (දී)
ගුවන් නියමුවාව දන ගස්සවයි වද්ද? (දී)
මෙයාගේ තාත්ත නේද බැල්කනි එකෙන් වැටුනේ
මේ කියන කෙනා කව්ද කියාලා නොකියවුනාට, කාගේ හරි ඉහල කරනම් දර්ශන වලට නම් දරාපු තාත්තෙකුගෙ පුතෙක් වෙන්නම ඔනේ.(නදී)
ඔය පරීක්ෂණ,බයිලා ,ඔහු වැරදි කරු වෙන්නෙත් නැ දඩුවමක් ලැබෙන්නෙත් නැහැ ,මේක ලංකාව නිසා. අනික එයා දේශපාලුවෙකුගේ ලේ නෑයෙක් වෙන්න ඇති.(නදී)
මෙය ජාතික කණ්ඩායමට යන්න සුදුසුකමක්.(නදී)
අනේ කව්රු හරි දන්නා කෙනෙක් මේයාගේ නම දාන්නකෝ ?(නදී)
ගුවනේදී පිස්සු කෙලියාට පරීක්ෂණයක්....??
බිත්තරත් ගිනි ගණන්. ඒ හින්දා නිකන් ඉමු. (දී)
අර්ජුනලා හදපු ක්‍රිකට් වල නම ගෞරවය කනවා මේ අය (දී)
විනය පරීක්ෂණයක් තිබ්බට දඩුවම් කරන්න බැහැ. ගුවන් සමාගම දඩුවම් නොකළ එකේ අපිට කරන්න කිසි දෙයක් නැහැ දැන්. කරනවා නම් බීපු ඔක්කොටම දඩුවම් කළ යුතු වෙනවා. සමහර වෙබ් සයිට් වල දාලා තියෙන අදහස් බැලුවා නම් අපේ ඉහත අදහස් දක්වපු හුග දෙනෙකුට ලජ්ජා හිතෙයි.(උදා-ඩේලි මේල්) (දී)
පිස්සු නටන්නේ නැති ආයතනයක් ලංකාවේ තියෙන්නේ කොහෙද? ආසියාවේ ආශ්චර්යය, ආසියාවේ ආසියාවේ ... (දී)
මේ ප්‍රස්ථා පිරුල හරියට ගැලපෙනවා, බණ්ඩා ලන්ඩන් ගියා වගේ. (දී)
ගණන් ගන්න එපා, අපි කලානම් ඔන්න වරදක්
අපිට නම් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඔපා දුප අහලා එපාවෙලා තියෙන්නේ. (දී)
බන්ඩෝ, කණ්ඩායමට ජය කෙහෙළි නංවමු (දී)
මෙයා ඇමති කෙනෙක්ගේ පුතෙක්ද? (දී)
ඉස්සර මට මතකයි එක්කෙනෙක් සඳලු තලෙන් වැටුනා. තව පොඩ්ඩෙන් මෙයා වැටෙන්නේ අහසින් (දී)
ඕවා මොනවාද මහත්තයෝ.
මෙයා කව්ද කියලා නම් දන්නේ නැහැ. ඒත් මෙයා ඇමති පුතෙක් නම් වෙන්න බැහැ.ඇමති පුතාලා ඕනෑතරම් ගුවන් යානා වල ගිහින් තියෙන එකේ දොර අදුනන්නෙ නැතුවැයි (දී)
කොල්ලෝ උනාම තමයි
රණ රාලගේ අදහස මරු. (දී)
නිළධාරීන්ටයි දඩුවම් කල යුත්තේ
පව් ඒ ළමයා
එයාගේ නම රමිත් රඹුක්වැල්ල. (දී)
ඒක හොදයි
ඇත්තටම මේක වරදක් තමා, විනෝදය සතුට ගැන හිතලා මේ වගේ දේවල් කිරීම සාමාන්‍ය දෙයක්. වැදගත් කියලා හිතෙන්නේ අන් අයට කරදරයක් නැතුව තමන්ගේ සතුට ගන්න එක.මට තියන ගැටලුව ක්‍රිකට් පාලක මන්ඩලයේ වෙන දුෂණ, වංචා මොන තරම් තියනවද? පහුගිය කාලවල පුවත් පත් වල මොනතරම් දුටුවද? ඒවට පරීක්ෂණ කෝ? (දී)
මෙයාගේ පියා කන්ද උඩරට පැත්තේ කෙහෙල්කන් වලට නම් දරාපු කෙනෙක්ද? (ත)
ලංකාව නියෝජනය කරන මේ සම්පත් රැක ගන්න එක අපේ යුතු කමක්. දේශපාලනයට ඔබින මොහුගේ දීප්තිමත් අනාගතයක් පෙන්න තියෙනවා. . (ත)
අපිට ආරංචි මිට පස්ස බොන්න නැති ගුවන් යානාවල අපේ කට්ටිය යවන්න ඕනේ. නික්කන්නේ ලැබෙන්නේ. කනපල්ලන්න බොන්න ඇති (ත)
ඇමැති පුතෙක්. (ත)
අර්ජුනලා ක්‍රිකට් ගහන කාලය මතක් වෙනවා කොච්චර හොඳද.(නදී)
පරීක්ෂණය කරන එක නම් හොදයි නිගමනය මොකක් වෙයිද
මෙයාගේ තාත්ත ඕස්ට්‍රේලියාවේ ලොකු හොටෙල් එකක දොර ජනෙල් ඇරලා පැනල පුරුදු කෙනෙක් .පුතත් හිතන්නැති මේක හොටෙල් එකක් කියල (ත)
මේ අපේ අහවලාගේ පුතානේ. (දී)
ගමේ ගොඩේ මිනිස්සු මුත්‍ර කරන්න යන්න කියන්නේ "මම පොඩ්ඩක් එලියට පහලියට ගිහුන් එන්නම්" කියල; මෙයත් එක තමයි කරන්න හදල තියෙන්නේ ; පව් බනින්න එපා, ගමේ කම ඕක (ත)
තාත්තගේ කකුළ කැඩුනා නේද? (ත)
සමහරවිට දොර ඇරළා මුහුදට මුත්‍රා කරලා වාර්තාවක් තියන්න ගියාද දන්නේ නෑ. (ත)
කෙහෙල්මල්! .....මේ ක්‍රිකට් ගැන මොන කෙහෙල්මලකටද මෙච්චර ප්‍රචාරයක් දෙන්නේ. (ත)
තාත්තා බිල්ඩිමකින් පැන්නා. පුතා ගුවන්යානයෙන් පනින්න හදලා තියෙන්නේ. ලංකාවේ නම කනවා. (ත)
අනේ ඇත්තට, මේකගේ කන පැලෙන්න පාරක් මට ගහන්න ඇත්නම්... (දී)
මේ ක්‍රීඩකයාට ඇති එකම සුදුසුකම තාත්තාගේ ඇමැතිකමද ? (ත)
අර්ජුන කියන්නේ ප්‍රායෝගිකව තම වැදගත් මහත්මාකම පෙන්නපු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'ක්‍රීඩකයෙක්'. ඔහු කෙදිනක හෝ තම රූපය මුදලට නොවිකිනූ පුද්ගලයෙක්. (දී)
බුද්ධිමත් උනාම ඔහොම තමයි
සමහර දේවල් පරණ වෙන්න වෙන්න වටිනාකම වැඩි වෙනවා. අර්ජුනත් ඒ වගේ කෙනෙක්. කල් යන්න යන්න රත්තරන් වලට වඩා වටිනාකම වැඩි වෙනවා. එදත් අදත් හෙටත් අපේ ක්‍රිකට් වල සුක්කානම හිමි කෙනා ඔහුම තමා. අර්ජුන නැති අඩුපාඩු තමා මේ (දී)
කලින් රෂියන් කෙල්ලෝ එක්ක ඉදලත් මොනවද කෙරුවේ දඩුවම් නෑ. (අ)
බොරු පරීක්ෂණ වැඩක් නෑ. ඇමතිගේ පුතා නිසා පරීක්ෂණ කරපු මිනිහට දඩුවම් ලැබේවි. (අ)
පරීක්ෂණය තියන්නේ ලංකාවේද එහෙනම් ඒ විනය පරීක්ෂණයෙන් වැඩක් නෑ.එක නිසා ඕක ගැන කතා නොකර ඉමු (අ)
ඇමති පුතෙක් නම් අහන්න දෙයක් නැහැ. ගිය තැන ගඳ ගස්සනවා. පොඩි මිනිහෙක්ගේ දරුවෙක් ඕක කළා නම් මෙලහකටත් ගෙදර යවලා (දී)
ඔන්න ඔය රෙද්දත් අපුල්ලල දාන්න ආයුබෝවන (අ)
ක්‍රීඩකයාගේ නම තම කියන්නද
එකක් පැහැදිලියි. මෙයා සුජාත පුත්‍රයෙක් (දී)
ධම්ම.. මොකක් ද කිවුවේ, එයාගේ තාත්තා ගේ නම ඒ වගේ. (අ)
කෙහෙළියගේ පුතා . වෙබ් අඩවි ගොඩක ඕක දාල තියෙන්නේ (දී)
අපරාදේ කොල්ලට මැරෙන්න පනින්න දෙන්න තිබුනේ. මොකද ඒක රටට යහපතක්. (දී)
අනේ යනවා හලෝ යන්න මීට කලින් මම බීල පිස්සු කෙලිනවා දෙකල නැතිද, (අ)
ඒක හොදයි
කුමන ආකාරයකින් හෝ ලෝක ශූරයින් වෙනවා අපේ අය (අ)
යමු යමු රට පෙරට.(නදී)
දැන් මේ පුතා වැඩ පෙන්නන්න පටන් අරන් වගේ ?(නදී)
බැරි සිල් නොගනින් අබරෝ , කියනවනේ නේද? මේ තාත්තලා පුතාලාට බොන්න කලින් අත පය බැද දැමීම කාටත් ගුනයි.(නදී)
මට මේ ඇටිකෙසෙල් කාපු උගුඩුවන්ගේ කථාවලින් වඇඩක් නැහැ. මම යනවා මල්වානේ වැල්ලට රඹුටන් ටිකක් කන්න. (නදී)
මොකද මේ වෙන්නේ? මන් හොයා ගත්ත කවුද කියල.හරිම ලජ්ජියි. (අ)
,අපි අර ඔයා දාල තියන නොම්මරයට කතාකලා.එහෙන් කීවා මේ පුවත අහලා වෙරිවුණ ඔබවැනි ගොඩක් දෙනෙක් තව ඉන්නවා කියලා ප්‍රමාද නොවී හනික දෙහි ටිකක් ඔලුවට දමාගන්න යැයි ඔවුන් උපදෙස් දුන්නා. (අ)
බෝයිං සමාගම පිස්සු නටනවනේ කකුස්සිය තියන තැන එලියට යන දොර හයි කරලනේ (අ)
මම හිතුව හරියටම හරි මෙයා දේශපාලුවෙකුගෙ පුතෙක්නෙ බැලින්නම්. අනේ අපේ රටේ කරුමෙ කියන්නෙ මේ දොරවල් ඇරෙන්නෙ නෑනේ. විනය ක්‍රියාමාර්ග ගනියි මේන් කියල. ලැජ්ජයි. රට කරවන අපේ නායකයොත් මේව දිහා බලන් නිකන් ඉන්න එක. රණවිරුවො ජීවිත පුද කරල ඇස්, අත්, පා දන් දීල නිදහස ලබා දුන්නෙ මේ වගේ දේසපාලුවන්ගෙ පුතාලට අහසෙ සර්කස් පෙන්ඩන්නනේ.(අ)
මෙච්චර ජනගහනයක් තියෙන රටේ විනය ගරුක දක්ස කොල්ලෝ එකොළහක් හොයාගන්න බේරී එකනේ ආශ්චර්යය (අ)
මෙයාලට උඩට ගියොත් පනින්න පන තියනවා. හොඳ උඩරට කට්ටිය පන්දම් වල එල්ලිලා යන්නත් බිමට පනින්නත් වැඩකාරයෝ.(නදී)
ලේක්කෝ ගලබඩ අයියේ කෝල් එකක් ගන්න ගෙදර එන්න ඇඩ්රස් එක දෙනවද? (අ)
ඇමති තුමාගේ පුතාට මුකුත් කියන්න එපා. (අ)
මේ වගේ අය නිසා තමයි ක්‍රිකට් වලට හෙන ගහලා තියෙන්නේ.(නදී)
ගුලි ගේ "ගුවනින් ගිය ගොඩයා" කියන පොත කියෙව්වද? (නි)
මෙයා ගුවන් යානයක ගිය පළමු දවස නෙමේනේ මේ. වැසිකිලිය හඳුනා ගන්න අමාරුවක් නැහැ බිලා හිටියත්. මොනවා වුනත් අපකීර්තිය ලංකාවට (නි)
ප්‍රමිතියක් නැති වැඩ නිසා හැමෝටම වුනේ නින්දාවක්. (නි)
වැඩක් වෙන එකක් නැහැ මම හිතන්නේ. මේක ලංකාව නිසා (නි)
දැන් ඉතින් එයත් බේරේවි.ලංකාවේ ආශ්චර්ය.! (නි)
අනිත්පාර මෙයා යනකොට පැරිෂුට් එකක් අන්දන්න කියන්න. මම දන්නනෙ නැති නිසයි අහන්නේ ...ගෙදරදීත් මෙයා සුලුදිය බාන්න වැරදි දොරවල් අරිනවාද දන්නේ නැහැ...නේද? (නි)
මේ පාඨක අදහස්වලින් පෙනීයන්නේ වැරදි කරන බලවතුන්ට හා ඔවුන්ගේ නෑදෑයින්ට විරුද්ධව මෙරට නීතිය ක්‍රියාත්මක නොවන බව පොදු මහජනතාව ඒත්තු ගෙන ඇති බවයි. මෙය රට පරිහානියට පත්ව ඇති බව පෙන්වයි (නි)
දන ගහන්න බලා ගෙන ඉන්න (අ)
බ්‍රිටිෂ් ඓර්වය්ස් එකට නඩු දාන්න. වමනේ දාන්න හදිසි දොර අරින්න බැරි උන එකට (අ)
කලිනුත් ජරා වැඩ කෙරුව නමුත් දඩුවම් කලේ නැනේ එක තමයි ඔය. (අ)
ගුවන් යානයේ පිටත වෙසිකිලියක් ඉදිකිරීමට උපදෙස් දෙනු ඇත (අ)
ලංකාවට ලජ්ජා කරන වැඩ මේවා (නි)
එයාගේ ගෙදර වැසිකිළියේ දොර ප්ලේන් එකේ දොර වගේද දන්නෙ නැහැනේ (නි)
මෙයා ඉගෙනගත්තේ ඕස්ට්‍රේලියාවේ නේද? එතකොට එහාට ගියේ පුද්ගලික බස් එකකද? (නි)
අනේ පවු! මේ අහිංසකයාට පීඩනයක් දරාගෙන තරගයකට මුහුණ දෙන්න පුළුවන්ද? (නි)
අයියෝ ළමයෝ තාත්තාගේ නම (දී)
මෙයා රමිත රම්බුක්වැල්ල නේද (දී)
ඕකට තමයි කියන්නේ දේශපාලන උණ කියලා (නි)
රබුක් වැල්ල මහත්තයා නිසා තමයි මේ පුවතට මේ තරම් ප්‍රසිද්දියක් (දී)
ඉලේපෙරුම මහතාණෙනි, ඔබට දැන් වැටහී තිබෙන ටික තවම අපේ ජනහිතවාදී නායකයන්ට තේරුම් ගැනීමට බැරිවීම දුකක්.අනාගතය ගැන අබමල් රේණුවකවත් කැක්කුමක් නැති දේශපාලකයෝ නිසයි රට කොන්වී තිබෙන්නේ. (නි)
ලංකාවේ දේශපාලඥයන්ගේ පුතාලා මොන පරීක්ෂනයෙන්ද වැරදි කාරයෝ වුනේ? (නි)
මොනවා වුනත් ඔය කතා දවස් දෙක තුනකින් අමතක වෙනවා . (නි)