IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගුවනේදී වූ සිද්දියට රමිත් රඹුක්වැල්ල සමාව අයදී

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිමවා ශී‍්‍ර ලංකාවට පැමිණෙමින් සිටියදී ගුවන් යානයේදී වූ සිදුවීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ රමිත් රඹුක්වැල්ල යානයේ සිටි මගීන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් සමාව අයැද සිටි බවත් ඔවුන්ද විශ්වාසයෙන් යුතුව, ඔහුගේ සමාව අයැදීම බාරගෙන ඇති බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිමවා ශී‍්‍ර ලංකාවට පැමිණෙමින් සිටියදී ගුවන් යානයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් කණ්ඩායමේ කළමණාකරු ජයන්ත සෙනෙවිරත්න මහතා සිය වාර්තාව අද (2 වැනිදා) සවස්වරුවේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියාට බාරදී තිබේ.

එම වාර්තාව අනුව, ජූනි මස 30 වැනිදා පස්වරු 5.00 ට පමණ, ලන්ඩන් බලා පියාසර කරන, ගුවන් ගමන් අංක ඊ 2158 දරන, ගුවන් යානයට ශී‍්‍ර ලංකා කණඩායම ගොඩවී ඇත්තේ ග්‍රෙනඩාවෙනි.

අදාළ සිදුවීම ඇතිවී ඇත්තේ මධ්‍යම රාති‍්‍රය ආසන්නයේදීය. රමිත් රඹුක්වැල්ල නම් කී‍්‍රඩකයා යානයේ වැසිකිළිය භාවිතා කිරීමට උත්සාහ කර තිබේ. එහෙත් ඒ වන විට යානයේ තිබූ මන්දාලෝකය හේතුවෙන්, වැරදීමකින් යානයේ කුටියේ දොර විවෘත කිරීමට ඔහු උත්සාහ කර ඇත්තේ වැසිකිළියේ දොර යයි සිතමිනි.

මෙම අවස්ථාවේදී යානයේ සිටි මගීන් විසින් එය වැසිකිළියේ දොර නොව, යානයේ කුටියේ දොර බවත් එය වැරදි දොරක් බවත් ඔහුට වටහා දී තිබේ. එම අවස්ථාවේදී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ නිලධාරීන්ද එතැනට පැමිණ කී‍්‍රඩකයා නිවැරදි දිසාවට යොමුකර තිබේ.

පසුව කී‍්‍රඩකයා තමන්ට සිදුවූ වැරදීම සම්බන්ධයෙන් යානයේ සිටි මගීන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් සමාව අයැද සිටි අතර ඔවුන්ද විශ්වාසයෙන් යුතුව ඔහුගේ සමාව අයැදීම බාරගෙන තිබේ.

කළමණාකරුගේ වාර්තාව අනුව විනය පරීක්‍ෂණයක් පැවැත්වෙන අතර කී‍්‍රඩකයා වරදක් කර ඇතැයි හෙළි වුවහොත් ඔහුට විරුද්ධව පියවර ගැනෙනු ඇත.


 



අදහස් (0)

ගුවනේදී වූ සිද්දියට රමිත් රඹුක්වැල්ල සමාව අයදී

මහින්ද කැලිෆෝර්නිය Wednesday, 03 July 2013 07:56 AM

අනේ මෙයා එහෙම දෙයක් කලේ නැහැ.ඕනෑ නම් සාක්කි තියනවා . (නි)

:       0       0

අමිල Wednesday, 03 July 2013 11:52 AM

ඇමතිතුමෙක් සුමින්ෆූල් එකේ චුකලේ .(අ)

:       0       0

රුෂාන් Wednesday, 03 July 2013 02:36 PM

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.. (නි)

:       0       0

මාලක Wednesday, 03 July 2013 08:01 AM

ඇමති පුතා ගුවන්යානයේ දොර අරින්න හැදුවේ වැරදීමකින්. එමනිසා දොර ඇරීමට තැත් කිරීම සම්බන්ධව ඔහු වරදක් කර නැත. ඔය කාලෙට ඕනෑ කොල්ලෙක් බොනවා තමා. එම නිසා බීමත්ව සිටීම ගැනද ඔහු වරදක් කර නැත (නි)

:       0       0

ප්‍රියාන් Wednesday, 03 July 2013 08:08 AM

එයාලට වුනාම සේරම හරි. ඒවා කොලුකමට කරන ඒවා. අපේ අයට වුනාම හිරේ. තව ඉස්සරහට අපිට සොරි.කොම් තමයි. (නි)

:       0       0

නිමල් Wednesday, 03 July 2013 08:19 AM

ලංකාවේදී බිමට බැස්සේ වැසිකිලි දොරෙන් වෙන්න ඇති. (නි)

:       0       0

පවන්,ජිනීවා Wednesday, 03 July 2013 12:02 PM

මගේ පුතා කළා නම් මගේ පුතාට ලන්ඩන් ගුවන් තොටුපළෙන් කෙලින්ම යන්න වෙන්නේ පොලිසියට. මේ වගේ ශ්‍රීලන්කන් ගුවන්සේවයේ ආවනම් මීගමුවේ උසාවියේ තමයි නවතින්න වෙන්නේ. මම නිතර ගුවන් ගමන් යන නිසා මට පේනවා මැද පෙරදිග ඉඳන් අපට විදේශ විනිමය හොයාගන රටට පැමිණෙන රටවැසියන්ට ගුවන් සේවා වල කුඩම්මාගේ සැලකිලි. ඇමති තුමනී මේ ඔයගොල්ලෝ විඳින්නේ, ජීවත් වෙන්නේ, කාටත් සමාන බලයකින් නොවෙයි (ත)

:       0       0

මංගල Wednesday, 03 July 2013 08:31 AM

හොදට පේනවා සිහිය නැති වග

:       0       0

සරත් Wednesday, 03 July 2013 08:39 AM

සමාව ගත යුත්තේ ගුවන් සේවයෙන් නොව අපවිත්‍ර කළ ජාතියෙන්ය. (නි)

:       0       0

අමිල Tuesday, 02 July 2013 09:29 PM

මොන බොරු කතාවක් ද මේ , මෙය මීට කලින් ගුවන් යානයක ගිහින් නැත්ද? කෝ එතකොට හොඳටම බීල හිටිය කියන කොටස? (අ)

:       0       0

අමිල Wednesday, 03 July 2013 12:18 PM

ක්‍රිකට් ගහනවා පුදුමයිනේ. එයාට ටොයිලට් දොරයි නිකන් දොරයිවත් අදුනන්න බැහැනේ (නි)

:       0       0

මරියො Tuesday, 02 July 2013 09:39 PM

පවු මේ නොදරුවාට නිකං ඉතින් සමාව දීලා දාන්න. එළිය අඩු කම නිසා දොර මාරු වෙලා. නමුත් හොයල බලන්න වටිනවා මේ කොලුවා කලින් ඔය වැරදි දොරෙන් සුලු දිය හෙම පහ කරලා තියනවද කියලා. මම කාලෙකින් කියවපු විචිත්‍ර ප්‍රවුර්තියක් මෙය ,ස්තුතියි.(නදී)

:       0       0

චරිත Tuesday, 02 July 2013 09:41 PM

තාත්තා කල වැඩේ අනුමත කලත් පුතා කල වැඩේ නම් අනුමත කරන්න බැහැ (දී)

:       0       0

චින් Wednesday, 03 July 2013 08:48 AM

සුරන්, දිගු ගමන් ප්ලේන් වල කෑම දීමෙන් පසුව ලයිට් නිවා අඩ අඳුරේ තබනවා. මගීන්ට නිදා ගන්න . (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 02 July 2013 09:45 PM

ඕක එච්චර දෙයක් නෙමෙයිනේ (නි)

:       0       0

සුදත් බ්‍රෙෂියා Wednesday, 03 July 2013 12:23 PM

කෙසේ වෙතත් ,තවමත් හරිහැටි කරුණු කාරණා නොතේරෙන මේ ළදරු ක්‍රිකට් සිඟිත්තා පිළිබදව මාධ්‍යවේදීන් හා ජනතාව අමන්දානන්දයට පත් කරවන අන්දමේ රසවත් කතා පෙළක් ඉදිරියේදී දැක බලා ගන්න අපටත් පින තියේවි (නි)

:       0       0

කුරුවිට Wednesday, 03 July 2013 03:24 PM

මේ සිද්ධිය වුන වෙලාවේ ගුවන් යානය බිංගෙයක් ඇතුලෙද ගියේ. මේතරම් කරුවල වෙන්න මේවා විහිළු කතා.(නදී)

:       0       0

සිසිර Tuesday, 02 July 2013 09:51 PM

ඇමති පුතුන්ට හරියට වරදිනවා මේක පුදුම ලෙඩක නේ (අ)

:       0       0

තරංග Tuesday, 02 July 2013 09:51 PM

ඒ වැඩේ නම් හොදයි , (දී)

:       0       0

බණ්ඩාර කුවෛට් Wednesday, 03 July 2013 08:57 AM

ගනන් ගන්න එපා. ඇමතිලාගේ පුත්තුනේ{නොතේරන කමට} (නි)

:       0       0

එස් බාහු Tuesday, 02 July 2013 09:52 PM

අනේ අපේ චූටි බේබී තාම නොදරුවා ..ඕක මහ ලොකු වැරැද්දක්ද ඔච්චර කෑගහන්න (අ)

:       0       0

සචුරු Tuesday, 02 July 2013 09:53 PM

මට මතක නෑ අප්පා එහෙම දෙයක් (අ)

:       0       0

සමීර Wednesday, 03 July 2013 03:37 PM

කෙහෙළියගේ පුතාද ? එහෙනම් කමක්නැහැ(දී)

:       0       0

සංජීව Tuesday, 02 July 2013 10:10 PM

පව් අසරණයා නොදන්නාකමට කළ වැරැද්දක්.... (නි)

:       0       0

සුරන් Tuesday, 02 July 2013 10:11 PM

එතකොට මහත්තයෝ, ප්ලේන් වලත් රෑට බදුල්ල කොළඹ බස් වල වගෙ ඇතුලේ ලයිට් නිවාගෙන යනවාද? ඔය ඉතින් නිව්ස් එක පලවෙලා පැය ගානක අතර නේ. හෙට වෙද්දි ඒකේ ගියපු අයත් කියයි මෙයා බීලා හිටියෙත් නැහැ, ප්ලේන් එකේ දොරවල් තිබුනෙත් නැහැ කියලා (නි)

:       0       0

නලින් Tuesday, 02 July 2013 10:15 PM

අපට හරත පත්තෙන්ම හිනා (අ)

:       0       0

රෝහණ Wednesday, 03 July 2013 12:38 PM

අසරණ ඇමති තුමා (දී)

:       0       0

නිමන්ත Tuesday, 02 July 2013 10:18 PM

මේකට තමයි ළමයිනේ සදාචාරය කියන්නේ (නි)

:       0       0

නසාර් Wednesday, 03 July 2013 03:45 PM

වැරදි දොරවල් වලින් ඇතුල් වෙන පුරුද්ද... අනේ පව් (නි)

:       0       0

ජේමිස් Tuesday, 02 July 2013 10:31 PM

රැට ප්ලේන් එකේ ටොයිලට් යනකොට පයිලට්ට කියලා ලයිට් එකක් දාගෙන යන්න එපායැ. (නි)

:       0       0

පෙරේරා Wednesday, 03 July 2013 09:16 AM

අදහස් වලින් පෙනෙන්නේ වරද තියෙන්නේ ඇමති පුතෙක් වීමේ බවයි. වෙන කෙනෙකුගෙන් වුනා නම් මේක මෙච්චර දුර යන්නේ නැහැ. කොහොම වුනත් රටක් නියෝජනය කරද්දී විනයක් තිබිය යුතුයි.මෙයාගේ මීට කලිනුත් ප්‍රශ්නයක් වුනා මතකයි (නි)

:       0       0

අමිල Tuesday, 02 July 2013 10:32 PM

ආආආආආආආ බබා ? (අ)

:       0       0

මොහොමඩ් ඉමතියාස් Tuesday, 02 July 2013 10:33 PM

රට කනවා (අ)

:       0       0

සත්‍යපාල Tuesday, 02 July 2013 10:49 PM

"ආරේ ගුණ නෑරේ" (නි)

:       0       0

රානි Wednesday, 03 July 2013 09:22 AM

එතකොට අර සුද්දෝ කියන කතා,ලෝකයා කියන කතා, ලෝකේ හැම මාද්‍යයකම ගිය කතා බොරුද? (නි)

:       0       0

ශීලා Wednesday, 03 July 2013 09:23 AM

සමාව ගත්තම ඔක්කොම හරිද? දඩුවම් නැද්ද? (නි)

:       0       0

සමන් Wednesday, 03 July 2013 09:24 AM

ඇමති තුමාට නරක කාලයක් (දී)

:       0       0

සරත් Friday, 05 July 2013 03:48 PM

ඇමතිතුමා දැන් මොනවද කියන්නේ? (දී)

:       0       0

ලකී Tuesday, 02 July 2013 10:58 PM

මේවා තමයි රෝයල් වැඩ ... (නි)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 02 July 2013 11:00 PM

දවසේ හොදම ප්‍රබන්ධය... ජීවිතේට ගුවන් යානයක නොගිය මිනිහෙකුට නම් ඕවා පිලිගන්නවා ඇති. ගුවන් යානයක් කියන්නේ කට්ට කළු කාමරයක් කියලද හිතන් ඉන්නේ? (නි)

:       0       0

මොහෙමඩ් Tuesday, 02 July 2013 11:10 PM

එක පාරක් ගුවන් යානයක ගමන් කළාම දන්නවා වැසිකිලිය කොහෙද මොකක්ද කියලා. මෙයාගේ පලවෙනි ගුවන් ගමන නෙමේනේ. (නි)

:       0       0

අචිනි Wednesday, 03 July 2013 09:32 AM

නියමයි නියමයි ඕක තමයි ආශ්චර්ය. ඒ ළමයට වැරදීමක් වෙලා තියෙන්නේ. පොඩ්ඩක්වත් බීලා නැහැ. ඉතාමත් හොද ළමයෙක් (නි)

:       0       0

ධම්ම Tuesday, 02 July 2013 11:20 PM

හොඳටම බීලා හිටියා කියන කොටස මේ මහත්තුරුන්ට අදාල නැහැ. අපට නැතුවට මෙයාලා හොඳට කනබොන මිනිස්සු. (නි)

:       0       0

අශාන් Wednesday, 03 July 2013 09:36 AM

ටොයිලට් යනවා කියලා ගෙදරදිත් අහල පහල දොරවල් අරිනවද දන්නේ නැහැ (නි)

:       0       0

කිත්සිරි Wednesday, 03 July 2013 09:39 AM

ගුවන් යානය අඩ අඳුරේ තිබුනත්, වැසිකිලි ළඟ අදාළ සලකුණ කොළ හෝ රතු පැහැයෙන් ආලෝකවත් කර තබනවා. කෙනෙකු ඇතුලේ සිටිනවාද යන්නත් හඟවන පරිදි. මෙයා ජීවිතය පළමු වතාවට ද ගුවන් යානයක ගියේ? (නි)

:       0       0

මොහමඩ් - සෞදි Wednesday, 03 July 2013 04:11 PM

‘මම ඔය ගුවන් යානයේ ගියේ නැහැ. පුළුවන්නම් ඔප්පු කළොත් මම කණ්ඩායමෙන් අස්වෙනවා‘ කියලා නොකිව්වේ හොද වෙලාවට.(නදී)

:       0       0

නදී Tuesday, 02 July 2013 11:33 PM

සමාව ගත්තට වැඩක් නැත. එයාගේ ක්‍රිකට් දිවියට වසර 2 ක තරග තහනමක් දැමිය යුතුයි (නි)

:       0       0

රුවන් Wednesday, 03 July 2013 09:52 AM

මෙහි වගකීම සනත් ජයසුරිය බාර ගන්න ඕනෑ. (නි)

:       0       0

බොතේජු Tuesday, 02 July 2013 11:44 PM

පව්. මේ නොදරුවා කොහොම සෙල්ලම් කරනවද දන්නෙ නැහැ (නි)

:       0       0

දසුන් Wednesday, 03 July 2013 12:06 AM

බස් එකක ගියත් මේ මල්ලි පනිනවාද දන්නෙ නැහැ. බේබදුකම තමා සේරටම මුල (නි)

:       0       0

අජිත් Wednesday, 03 July 2013 10:01 AM

මේකේ සම්පුර්ණ වරද ප්ලේන් එක හදපු අයගේ. (නි)

:       0       0

අනිල් Wednesday, 03 July 2013 12:06 AM

ලැජ්ජයි (නි)

:       0       0

බර්නාඩ් Wednesday, 03 July 2013 01:11 PM

විවාහ වුණ දවසට තමයි ගැටළුව. (ත)

:       0       0

ගාමිණී කූවෙයිට් සිට Wednesday, 03 July 2013 12:09 AM

ගෙරදීත් වැඩි වුනාම ගෙදර තියන අයිස්පෙට්ටියේ දොර අරිනවාද දන්නෙ නැහැ වැසිකිළිය කියලා හිතාගෙන. (නි)

:       0       0

සාලිය Wednesday, 03 July 2013 12:11 AM

කොහොමත් ඕකතමයි අද ලංකාවේ තත්වය. බොහොම කණගාටුයි. සුදුසු අයට අද ලංකාවේ තැනක් ඇත්තෙම නැහැ (නි)

:       0       0

ලලිත් Wednesday, 03 July 2013 12:20 AM

ඉතින් ඔය විනය පරීක්ෂණයෙන් කී‍්‍රඩකයා වරදක් කර ඇතැයි හෙළි වෙනවා කියලා හිතනවද? (නි)

:       0       0

පෙරේරා Wednesday, 03 July 2013 10:09 AM

බලාගෙන,සෙල්ලම් කරනකොට බෝලේ පිත්ත එහෙම වරදින්න පුළුවන්. (නි)

:       0       0

නාලිකා Wednesday, 03 July 2013 12:24 AM

අනේ පවු.ඕන වැඩක් කරලා සමාව ගන්න පුලුවන්ද? අපේ රට ගැන ලෝකය මොනවා සිතයිද? (නි)

:       0       0

සිරිපාල Wednesday, 03 July 2013 12:31 AM

වාර්තාව ඔහොම නොවුනා නම් තමයි පුදුමේ. ලොකු කකුළුවන්ගේ පුත්තු වගේම පොඩි කකුළුවන්ගේ පුතාලත් ඕනෑ දෙයක් කරලා බේරෙනවා. ඒකට තමයි ආශ්චර්ය කියන්නේ (නි)

:       0       0

අනුර Wednesday, 03 July 2013 12:39 AM

ටොයිලට් එකටම දාලා වහන්න තියෙන්නේ (නි)

:       0       0

නාරද Wednesday, 03 July 2013 10:18 AM

මට හිතන්නේ මාධ්‍යයට ආචාර ධර්ම උගන්නන කලින් හිතන්න තවත් දේවල් තියෙයි නේද? (නි)

:       0       0

අශෝක Wednesday, 03 July 2013 12:48 AM

මේ කොලුවම නේද එක පාරක් රුසියානු වෙසඟනක් එක්ක තරු පහේ හෝටලයක ඉඳල සල්ලි නොදී ඉන්න හදල මට්ටු වුනේ (අ)

:       0       0

චානක Wednesday, 03 July 2013 12:51 AM

දෙකේ පන්තියට ගිය කෙනෙක්වත් මේ වගේ විලි ලජ්ජා නැති වැඩ කරාවි කියලා හිතන්න බැහැ. මම මෙහෙම කළා නම් වැසිකිලි කතාවක් කියන්නෙම නැහැ. රටයි, ගමයි,පරම්පරාවයි කාලා.මෙයා තමන්ගේ බේරීමට කීවත් ආත්ම ගෞරවයක් තිබෙන කිසිම කෙනෙක් මෙහෙම කියන්නේ නැහැ (නි)

:       0       0

චමි Wednesday, 03 July 2013 10:21 AM

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණක් මේක... (නි)

:       0       0

කැළුම් Wednesday, 03 July 2013 10:22 AM

ආශ්චර්යය... (නි)

:       0       0

විමුක්ති Wednesday, 03 July 2013 01:17 AM

මිනිසුන්ව ගොනාට අන්දන්න පුළුවන් කියලා දේශපාලක කට්ටිය දැනගෙන ගොඩක් කල්. ඒක නිසා කලබල වෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

සුජිත් Wednesday, 03 July 2013 01:28 AM

මොකටද අපි මුදල් වියදම් කරලා නිලදාරීන් යවන්නේ? ක්‍රීඩකයෙක්ව වැසිකිලියකටවත් එක්ක යන්නේ නැත්නම්,පව් අපේ ක්‍රීඩකයෝ දුක් විදිනවා. මේ නිලදාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා වෙච්ච දේ බලන්න.මෙතන විදෙස් බලවේගයක් තියෙන්නත් බැරි නැහැ. වහාම කොමිසමක් පත් කළ යුතුයි (නි)

:       0       0

ද සිල්වා Wednesday, 03 July 2013 01:24 PM

මොහුට වඩා දක්ෂ ක්‍රීඩකයෝ ඕනේ තරම් ඉන්නවා ලංකාවේ. අපේ ක්‍රිකෙට් ක්‍රීඩාවට තිබෙන ප්‍රශ්න මදිවට මේ වගේ ප්‍රශ්නත් එක්කරගන්න අවශ්‍ය නැහැ.(නදී)

:       0       0

සෑම් Wednesday, 03 July 2013 01:36 AM

රටේ සල්ලි වලින් වගකිවයුතු ගමනක් ගොස් පැමිණෙන්නේ මෙහෙමද? මෙහෙම අයටද ක්‍රීඩකයෝ කියන්නේ? ඔන්න ක්‍රිකට් පාළක මණ්ඩලයට අවස්ථාවක් ලැබිලා තියෙනවා, ආයතනය දුෂිත එකක්ද? නැද්ද? කියලා පෙන්වන්න... (නි)

:       0       0

සෑම් Wednesday, 03 July 2013 01:39 AM

මෙයාට බිරියවත් පැටලවෙවිද දන්නෙ නැහැ (නි)

:       0       0

අතපත්තු Wednesday, 03 July 2013 01:42 AM

ඇමති පුතෙක් හින්දා ගොඩින් බේරගන්න පුළුවන් වෙයි. වෙන ක්‍රීඩකයෙක් කලානම් බලාගන්න තිබුණා (නි)

:       0       0

සංජය Wednesday, 03 July 2013 10:33 AM

තාම අවුරුදු 21 යිනේ. (නි)

:       0       0

උපසේන හේවගේ Wednesday, 03 July 2013 01:46 AM

අපරාදේ කියන්න බැහැ තාත්තගෙම අඩිපාරේ යන හොඳ පුතෙක් (අ)

:       0       0

සෙනෙවිරත්න ගාල්ල Wednesday, 03 July 2013 02:01 AM

උඩුගුවනෙදි ඔහොම නම් බිමදි කොහොමට වේවිද? මොකද කියන්නෙ, තවදුරටත් තෝරගන්නවද? (නි)

:       0       0

හේමන්ත Wednesday, 03 July 2013 10:38 AM

එයාලා මොනවා කළත් 'ඒ' කණ්ඩායමේ අය. අපි තමා අන්තිම නරක කණ්ඩායම. (නි)

:       0       0

සෙනෙවිරත්න ගාල්ල Wednesday, 03 July 2013 02:03 AM

මේ කෙනාගේ වැඩ දැක්කම මතක් වුනේ. අපේ ගමේ බේබද්දෙක් වෙරිමරගාතේ අල්මාරිය ඇරලා මුත්‍රා කරන ගමන් කිව්වලු අද හඳත් පායලා නැහැ කියලා. ඒක මතක්වෙනවා මට. වැසිකිලය දන්නෙ නැති ඈයෝ ‍රටේ ගෞරවය තියාවිද? (නි)

:       0       0

අසේල Wednesday, 03 July 2013 02:04 AM

ඇයි මීට කලින් වැසිකිලි දොරක් දැකලා නැද්ද? (නි)

:       0       0

සුමන Wednesday, 03 July 2013 10:42 AM

පවු අහිංසක දරුවට දොස්කියලා පවු පුරෝගන්න එපා. (නි)

:       0       0

රූපා Wednesday, 03 July 2013 10:43 AM

අනේ ඕක මොකක්ද. දේවාලේ කපුවා එහි ජරා කරට ගද නැහැ කියනවා වගේ ඇමතිගේ පුතා එහෙම කලාට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද? ඔය වයසට ඔහොම තමා කියල දැන් ඉතින් පුරුදු වෙන්නත් එක්ක කියල රජයේ වියදමින් කොහේ හරි සවාරි කීපයක් යවාවි.(අ)

:       0       0

ජයශ්‍රී Wednesday, 03 July 2013 10:46 AM

අපරාදේ කලමනාකරුට ගෙදර යන්න වෙයි වගේ (දී)

:       0       0

ප්‍රසන්න රාජකරුණා Wednesday, 03 July 2013 02:28 AM

මේවා කියන්න වදුරන්ට තතාතා පුතා සමනයි (අ)

:       0       0

පීරිස් Wednesday, 03 July 2013 02:37 AM

මේවා දෙවියන්ගේ දඬුවම්. මෙහෙම හරි කපලා දැම්මොත් හොඳයි. (නි)

:       0       0

රොහාන් Wednesday, 03 July 2013 05:16 PM

මාගේ අදහස නොදැක්වීම පිලිබදව මාගේ බලවත් ශෝකය.(අ)

:       0       0

දිනූෂා Wednesday, 03 July 2013 02:41 AM

තාත්තට පුලුවන්නම් මට මොකෝ පේලේන් එකෙන් පනින්න බැරි (අ)

:       0       0

ප්‍රභා Wednesday, 03 July 2013 02:42 AM

පුතත් කතා කරන්න දක්ෂයෙක් වගේ (නි)

:       0       0

ද සිල්වා Wednesday, 03 July 2013 02:52 AM

ලංකාවේ ඉදන් බටහිර ඉන්දීය කොදෙව් දුපත් වලට යනකොට ගියේ නැවේද දන්නේ නැහැ. වැසිකිලියේ දොර සහ ගුවන්යානයට ඇතුල්වෙන දොර අතර විශාල වෙනසක් තිබෙනවා. පියවි සිහිය තිබෙන කෙනෙකුට මේ වෙනස අදුනගන්න පුළුවන්. හොඳටම වෙරිපිට වමනය දමන්න වැසිකිළිය සොයන කොට ,දොරවල් පැටලෙන්න පුළුවන්. එංගලන්තේ ඕපාදුප පුවත්පත් මේ පුවත නිසා අපිට මඩ ගහනවා. මොහු නිසා යානයේ මගින් බොහොම බයට පත්වෙලා. කරුණාකර මොහුට ශ්‍රී ලංකාව නියෝජනය කිරීම අඩුම තරමේ අවුරුදු 2 කටවත් තහනම් කරන්න (නි)

:       0       0

රොෂාන් Wednesday, 03 July 2013 10:56 AM

මෙයා මිට කලින් යානයක ගියේ නැති කෙනෙක්ද ? (නි)

:       0       0

නන්ද Wednesday, 03 July 2013 03:03 AM

මේවා අහගෙන ඉන්න තරම් අපි අවාසනාවන්ත වුන හැටි. (නි)

:       0       0

චම්පි Wednesday, 03 July 2013 11:00 AM

පුතාගේ වරදවල් වලට තාත්තා වග කියන්න ඕනේ (දී)

:       0       0

රත්න Wednesday, 03 July 2013 03:33 AM

තාත්තා පැන්නේ අඩි 35 නේ, පුතා 35000 යි. තාත්තගේ පාරෙ යන ආදර්ශමත් පුතෙක්.(අ)

:       0       0

චමින්ද ජයනාත් Wednesday, 03 July 2013 11:04 AM

හැබැයි මොනවා වුනත් මේ වගේ කට්ටිය ඔය වගේ රටවල් වලින් බේරනවා. ඇයි ඉන්නකම් සදාකාලිකව කණ්ඩායමටම තරගයක් දිනාගන්න හම්බවෙන්නෙ නැහැ කියලා එයාලා දන්නවනෙ. (නි)

:       0       0

කම්ජී Wednesday, 03 July 2013 11:04 AM

මේවා දැක දැක ජීවත් වෙන්න වෙනවනේ (නි)

:       0       0

චතූ Wednesday, 03 July 2013 03:48 AM

මෙම බුරුව තේරුවේ මොන ක්‍රිකට් මණ්ඩලයද. ඒ අය ටික ගෙදර ගියොත් හොඳා (අ)

:       0       0

මාටින් Wednesday, 03 July 2013 04:05 AM

දක්ෂතාවය නොබලා දේශපාලක දරුවන් ජාතික කණ්ඩායම් වලට දාපුවහම පරදින එක අහන්නත් දෙයක්ද. (අ)

:       0       0

ලංකාවේ අපි Wednesday, 03 July 2013 04:18 AM

දොර තමා විසින්ම ඇරගන්නා ලදී. (නි)

:       0       0

දම් Wednesday, 03 July 2013 04:22 AM

අසුචි කප්පර ගණන් කන එවුන් ඉන්න රටේ පොඩියට යන එකක් ප්‍රශ්නයක්ද?(අ)

:       0       0

රෝ Wednesday, 03 July 2013 04:23 AM

වැරදිලා වැසිකිලි දොර කියාලා හිතාගෙනලු? ඇයි එයා අවුරුදු හතරේ නොතෙරෙන බබෙක් ද? බය නැතුව තීතිය ක්‍රියාත්මක කරන්න. විනයක් තියෙන්න ඕනෑ,රටට හදන්න නම්. තව ටික දවසකින් මේ සිද්ධිය ඩයස්පෝරවේ වැඩක් කියලා කියයිද දන්නෙත් නැහැ? (නි)

:       0       0

අසිත Wednesday, 03 July 2013 11:08 AM

අනේ! මම හිතන්නේ ඒ ක්‍රීඩකයා නෙමෙයි, ගුවන් සේවිකාවක් තමයි දොර අරින්න හදන්න ඇත්තේ (නි)

:       0       0

විචිත්‍ර Wednesday, 03 July 2013 04:40 AM

ඇමති පුතා ගුවන්යානයේ දොර අරින්න හැදුවේ වැරදීමකින්. ඒ ඔහු බීමත්ව සිටිනිසාය. එමනිසා දොර ඇරීමට තැත් කිරීම සම්බන්ධව ඔහු වරදක් කර නැත. ඔය කාලෙට ඕනෑ කොල්ලෙක් බොනවා තමා. එමනිසා බීමත්ව සිටීම ගැනද ඔහු වරදක් කර නැත. (නි)

:       0       0

කලු Wednesday, 03 July 2013 05:08 AM

අනේ රටකට ගිය කලක්..! කොහෙන් හිනාවෙන්නද කියලා හිත ගන්න බැහැ. (නි)

:       0       0

සුදේශ් Wednesday, 03 July 2013 11:14 AM

ඇමතිවරුන්ගේ පුත්තු මොනවා කළත් පොඩි වැරදීම්. (නි)

:       0       0

දුනුවිල නිලමේ Wednesday, 03 July 2013 05:55 AM

මෙයාගේ නියම වාසගම තියෙන කෙනෙක් වෙන්න බැහැ. නම ගත්ත අයකු වගේ. ටිකක් පරම්පරාව ගැන හොයල බැලුවනම් හොදයි නේද. (අ)

:       0       0

අනුරුද්ධ Wednesday, 03 July 2013 06:13 AM

සිංහ හම පොරවගට්ටහත් කොටළුවා......

:       0       0

සුනෙත්රා Wednesday, 03 July 2013 11:27 AM

ලංකාවේ ක්‍රිකට් වල අනාගතය සුරක්ෂිත කරන්න නම් මේ වගේ අය අයින් කරන්න ඕන. නැත්තම් ලංකාවේ මිනිස්සුන්ට සදාචාරය කියල දෙයක් නැ කියාවි ලෝකයා අපිට (අ)

:       0       0

මහේෂ් Wednesday, 03 July 2013 11:29 AM

ගෙදර යවන්න ඕනේ ඉස්සෙල්ලම මැනේජර්r ඇත්ත කියන්න බැරි කොන්ද පන නැති අයව තියාගන්න වටින්නේ නැහැ.(අ)

:       0       0

මොහෙමඩ් Wednesday, 03 July 2013 02:11 PM

ගුවන් යානයක වැසිකිලිය මොකක්ද කියලා පලවෙනි පාරට ගුවන් ගමනක් යන කෙනෙක් වුනත් දන්නවා. (නි)

:       0       0

ෂෙහාන් Wednesday, 03 July 2013 06:45 AM

මොනවා උනත් තාත්තගේ නම ගෙනියන නියම පුතෙක්... තාත්ත පැන්නේ ජනේලෙන්... පුතා අඩි 33000ක් උඩින්...(අ)

:       0       0

කෙවි ප්‍රනාන්දු Wednesday, 03 July 2013 07:10 AM

බිල හිටියට දඩුවම් නැද්ද ඔය කළමනාකරුවා ගැන පරීක්ෂණ පවත්වන්න (අ)

:       0       0

සංජීව Wednesday, 03 July 2013 07:11 AM

තාත්තගේ ආචාර ධර්ම පද්දතියට මොකද වෙන්නේ ? අනුන්ට හූ කියන්න ඉස්සර වෙලා තමන්ගේ හෙළුව වසාගෙන සිටියානම් හොන්දයි (අ)

:       0       0

දෙස්පා Wednesday, 03 July 2013 07:20 AM

සෙල්ලම් කරන්නෙත් මෙහෙමද දන්නේ නැහැ (නි)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 03 July 2013 02:19 PM

ආචාර ධර්ම රටට දෙන්න පෙර තම දරු මල්ලන්ට ඒවා උගන්නලා ඉන්න. අනුන් ගැන හොයන්න පෙර තමුන් ගැන හොයන්න කියලා බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙනවා.(නදී)

:       0       0

විමල් Wednesday, 03 July 2013 07:22 AM

මෙයාලට කොහොම නමුත් දොරවල් පිළිබද ප්‍රශ්නයක් තිබෙනවා. (නි)

:       0       0

කුමාරසිරි Wednesday, 03 July 2013 11:40 AM

දැන් පේනවා නේද ? ක්‍රීඩාව දේශපාලනිකරණය වුනහම ක්‍රීඩාවට වෙන දේ ? (ත)

:       0       0

පද්මසිරි Wednesday, 03 July 2013 07:40 AM

අපි ඉගන ගන්න කාලේ පාසල්වල ක්‍රීඩා පුහුණු ගුරුවරු මුලින්ම උගන්වන්නේ විනය. ක්‍රීඩාව කියන්නේ කෙනෙකුගේ සියලුම ගුණාංග වැඩි දියුණුවන විෂයක්. මෙයාල ක්‍රීඩා කරන්නේ බලයටයි. ස්කොලවල නමටයි. බලයෙන් කණ්ඩායමකට ඇතුල්වෙලා පිටරකට ගියාම හිතන්නේ මුළු ලෝකෙම දිනුවා කියලා. පොදු ස්ථානයකදී හැසිරෙන්න දන්නේ නැති කෙනා කොහොමද ක්‍රිකට් වගේ ක්‍රීඩාවක් කරන්නේ. (නි)

:       0       0

රුවන් Wednesday, 03 July 2013 07:45 AM

දේශපාලනය ගෑවුණා කියන්නේ ක්‍රිකට් වලත් අවසානය තමයි (අ)

:       0       0

ගාමිණී Wednesday, 03 July 2013 07:48 AM

පුතා පොඩි කාලෙත් බෙඩ් එකෙමලු මුත්‍රා කලේ. යානයේ පැත්තේ එහෙම ගියහම වැසිකිලිය කියලා සිංහලෙන් ලියලා තිබුනේ නැතිලු (නි)

:       0       0

අසන්ක Wednesday, 03 July 2013 07:48 AM

'එක්සිට්' එකයි ටොයිලට් දොරයි දන්නේ නැති අයද ක්‍රිකට් ගහන්න යවන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 494 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 234 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3219 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1145 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 596 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1983 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24905 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site