කළුතර ප්‍රදේශයේ ගංවතුරට කොටු වු පිරිස් බේරාගැනීම සහ සහන සැලසිම සඳහා එම්.අයි 17 සහ බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටර් යානා දෙක යෙදවු බව ගුවන් හමුදාව කියයි.
කළුතර කටුකුරුන්ද ප්‍රදේශය ගුවනින් නිරික්ෂනය කිරීමෙන් පසු විපතට පත්වුවන් මුදාගැනිම සඳහා නාවික හමුදා බෝට්ටු කිහිපයක් යොදවා ඇත.
තවත් හෙලිකොප්ටර් යානාවක් යොදවා පැලවත්ත, පිටගල යන ප්‍රදේශවල අවතැන් වුවන්ට ආහාර පාන සහ වතුර බෝතල් ලබා දී ඇත.
අද රාත්‍රියේ හදිසි තත්වයක් ඇති උවහොත් එයට මුහුණු දීම සඳහා එම යානා දෙක කළුතර කටුකුරුන්දේ රඳවා ඇති බව ගුවන් හමුදාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ පළාතේ බලවතුන් ? ඒ ගොල්ලන්ගේ කටවල් නම් හරිම සද්දයි . ඒත් වැඩ නැහැ. හදිසි ආපදාවකදී බංගලාවට වෙලා ඉඳල හරි යනවද ? මේ තමන්ට චන්දෙ දුන්න චන්ද දායකයෝ විපතට පත් වෙලා ඉන්නේ. (නදී)
ඔබ සැමටම පින් සිදුවේවා! (නි)
ඔබ සැමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
සමහර රට වල නම් මැති ඇමතිවරු පිට රාජකාරී වලට ගිහින් හිටියත් මෙවැනි විපතක් උනාම ඒ සියල්ල නවතා තමන්ගේ මහජනයාගේ විපත බලන්න ඇවිත් අවශ්‍ය උදවු කරනවා. අපේ එහෙම වෙන්නේ නැත්තේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා වෙන්න ඇති. (නදී)
වැඩියෙන්ම කැබිනෙට් එකේ ඇමතිවරු ඉන්නේ කළුතර නේද? වෙල්ගම,රත්රන්,රාජිත,නිර්මල,කුරේ,ජේස්ට ඇමති එක්ක තවත් අය කිහප දෙනෙක් දියවන්නාවේ හිදිති. (නදී)
පායන කාලේදී ආපු දුම්රිය ප්‍රශ්න වලට විසදුමක් දෙන්න බැරි වුන උදවිය වැසි කාලේදී ආව ගංවතුරට කොහොමද පිළියම් කරන්නෙ? ඊළඟ පරම්පරාවත් බලයට පත් කරගත්ත එකේ මේවා තමා ප්‍රතිපල. නිකමටවත් මේ අවතැන් වුන මිනිස්සු ගැන බලනවද ? (ස)
අහස නුඹ මෙතරම් සැඩ යැයි දැනුනෙ මහ වැසි වැටුණාමයි ! (ස)
ජයසිංහ අපි අවංකවම එහෙම හිතුනට ඕවට උල්පන්දම් දෙන දකුණේ අපේම කට්ටිය ඉන්නවනේ දේශපාලන වාසි තකා. (නදී)
ජයන්ත, ඔය පළාතේ මහා බලවතුන් දෙන්නෙක්ම ඉන්නවනේ. ඒ දෙන්නට පිනිබානවා කියල එලියට එන්න බැහැලූද? (නදී)
අපේ ආපදා කළමනාකරණය නම් අති විශිෂ්ටයි! (නි)
මේ ලෝකයේ බොහොම දියුණුයි නවීන තාක්ෂනය නිසා හැම දෙයක්ම හරියට ඉක්මනට කරන්ට පුලුවන්ය කියල බොරු පම්පෝරි ගහන සමහර යුරෝපිය සහ බටහිර රටවලට වඩා ත්‍රස්තවාදය මැඩලීම සහ ආපදා කළමනාකරණය සහ සහන සේවා අතින් බොහෝ ඉදිරියෙන් සිටින බවයි මගේ අදහස. නමුත් අඩු පාඩු තිබිය හැකි බවත් සඳහන් කරනු කැමැත්තෙමි. (නදී)
අපේ වීරෝධාර හමුදාව යුධ අපරාධ කළා, කාන්තාවන් දුෂණය කළා කියල ලෝකෙට කියල ප්‍රතිලාබ ලබාගන්න හදන කට්ටියට උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට මේ වගේ ආපදාවල් ආවත් බේරගන්න ඉන්නේ අපේ වීරෝධාර හමුදා විරුවන්ම තමයි. නැතුව ඔබාමවත්, කැමරන් වත්, ජයලලිතවත්, පිල්ලි නෝනවත් එන්නේ නෑ. මෙහෙ ඉදලා ත්‍රස්තවාදීන් සමරන අයවත් අහිංසක මිනිස්සුන්ට කරදරයක් වුනාම එන්නේ නෑ. අපේ කොල්ලන්ට මගේ උත්තමාචාරය. (නදී)
මොන අදි වේගී මාර්ගය ඉදි උනත් අනිවාර්යෙන් පයින් යන හා ජාල මාර්ග අනිවාර්යෙන් අමතක නොකළ යුතුයි.(නදී)
කොට්ටාව මාතර අධිවේගී මාර්ගය නිසා ගංවතුර අවදානම වැඩි වුණාද මන්දා? (නි)
කෝ මේ දේශපාලක උත්තමයෝ.! බෝට්ටුවෙන් හරි වැඩම කරන්නකෝ පසුගිය ප්‍රාදේශීය ඡන්දෙට ඡන්දෙ දුන්න උදවිය නේද මේ වතුරේ පාවෙන්නේ. (නදී)
හදිසි ආපදාවකදී හෝ යුද්ධයකදී හෝ අනුන්ට කරදරයක් වූ වේලාවකදී සැමටම උපකාර කරන අපගේ රණවිරුවන්ට මාගේ ප්‍රණාමය! (නි)
ඉපිද මරේ යලි ඉපදේ නොතිර සසර සාගරේ.... අතර තුරේ නොමැරී මරේ.... දස දහස් වරේ....... නිසල නෙතේ සසල වෙතේ.... නොතිර සසර සාගරේ.....(නදී)
විපතට පත් සියලුම දෙනාට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! (නි)