දෙමටගොඩ ගව ඝාතකාගාරය ඇතුළු බොහෝ මස් මඩුවල ගවයන් මැරීම තවමත් වදහිංසා අධික ලෙස සිදුවන ආකාරයෙන් පවත්වාගෙන යතියි සත්ත්ව ලෝලියක වන ස්වර්ණලතා බෝපිටිය මහත්මිය කොළඹ දිස්ත්‍රික් උසාවියට පෙත්සමක් ගොනු කළාය.
ගවයන් මැරීමේදී වද හිංසා අවම කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඇය ඉල්ලා සිටින්නීය. කොළඹ මස් මඩුවේ ගවයා මැරීමට පෙර හිසට මිටියකින් ගසන බවත් එවැනි වදහිංසා නතරකළ යුතු බවත් ඇය කියන්නීය.
එසේ කරනවානම් නවීන තාක්ෂණය අනුව වේදනාව අවම වන ආකාරයේ ගිලටීන කටර් දෙකක් පරිත්‍යාග කරන බවද ඇය කියා සිටින්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වර්ණලතා බෝපිටිය මහත්මියගේ අදහස කාලෝචිතයි. තවද අනුරපුර, වව්නියා වැනි පැතිවල දුප්පත් අයගේ රස්සාව තමා හරකුන් හැදීම. (නි)
මම නම් නිර්මාංශිකයි (නි)
ගව ඝාතනය තහනම් කළයුතුයි. සමහරු එම තහනමට විරුද්ධ වනු ඇති. නමුත් එයට ගරුකරන්නන් ප්‍රමාණය ගොඩක් වැඩියි. (නි)
වේදනාවෙන් තොර මරණයක් නොව ගව ඝාතනය තහනම් කරන්න. (නි)
ලංකාවේ ගව ඝාතනය තහනම් කළයුතුයි. (නි)
වේදනාවෙන් තොර වුවත් මරණය මරණයමයි නේද? (නි)
ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනෑ කියන එකට සමහරු කියනවා මැරෙන අනිත් සත්තුත් බේරාගන්න ඕනෑ කියලා. ඔව් උනුත් නොමරනවා නම් හොඳයි තමා. ඒත් මුලින්ම ලොකු වැරදි හදාගෙන පස්සෙ පොඩි වැරදි හදාගමු නේද? (නි)
රතු මස් කෑමෙන් ශරීර සෞඛ්‍යයට ඇතිවන විපාක වලට පුළුල් ප්‍රචාර දෙමු. සතුන් මරණ ආකාරය ටී වී වල පෙන්වමු. එතකොට මිනිසුන්ට මස් කන්න එපා වේවි. එසේම මස් කන අයත් පිළිකුල් කරාවි. මරණ හැටි දැක්කහම කුකුළු මස්වත් කන්න හිතෙන්නේ නැහැ. (නි)
හරක් මරණ එක විතරක් නෙමෙයි, කුකුල්ලු මරණ එකත් ඒ වගේ තමයි. ලංකාවේ ගොඩක් අය චිකන් බෞද්ධයෝ. හරක් මස් කන්නේ නැහැ, නමුත් මස් හොදි කනවා. හරක් මස් නොකා ඉන්න පුළුවන්, නමුත් කුකුල් මස් ඕනෑ. අනේ අනිච්චං! (නි)
ගවයින් මරන ඒවා දිනපතා රූපවාහිනියෙන් පෙන්නුවොත් මේවා අඩුවෙයි (නි)
මම හිතනවා මේවට හරි නීතියක් තිබිය යුතුයි කියලා. (නි)
නිර්මාංශික වීම බොහෝ ලෙඩදුක් වලිනුත් ආරක්ෂාවීමක් ලෙසයි මම නම් දකින්නේ. සෝයා, කඩල, මුං, කව්පි වැනි ධාන්‍ය වර්ග වලින් අපට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රතිශතය පියවාගන්න පුළුවන්. සතුන්ට වේදනාවක් නොවී ඔවුන්ව ඝාතනය කරන්නේ කෙසේද..? මොන ක්‍රමය අනුගමනය කළත් අසරණ සතාට වේදනාවෙන් නම් ගැළවීමක් නැහැ. (නි)
ඕක තහනම් කරන්න. කොහොමත් හරක් මස් කන අය ලංකාවේ ඉන්නේ සුලුතරයයි. (නි)
වේදනාව අඩුම ක්‍රමය තමයි බෙල්ල යටින් කපන ක්‍රමය. ගෙල නහර ඔක්කොම කැපී සියලු රුධිරය පිටවේ. අනිත් සියලු ක්‍රම සෞඛ්‍යට අහිතකරය. (නි)
ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නතර කරන්න බැරිද? (නි)
ගව ඝාතනය කොහෙත්ම අනුමත කළ නොහැකියි. (නි)
දේවානම් පියතිස්ස රජතුමාගේ කාලෙට පෙර සිටම ලංකාවේ සත්තු මැරුවා...දැන් මොකටද නවත්වන්නේ? මරණ එක හරි විදිහට කරන එක තමයි විය යුත්තේ (බ)
සතුන්ට දෙන වේදනාව තමන්ට දරුවන්ට කට හරි විඳවන්න වෙනවා ඒ අයගේ ඉපදෙන දරුවන් ගොඩක් මොංගල් අය ඇත පය නැටි අය එක තමා ස්වභාව ධර්මය (ම)
කතාව ඇත්ත. මමත් ගවයින් නිදහස් කරන්න ගවයින් මිලට ගන්න ඔය එක තැනකට ගියා.නිදහස් කරන්නට එන අයගෙන් ගවයින් විකිණීම සදහා අධික මිලකට අසාධාරණ ලෙස මුදල් ඔවුන් අය කරනවා. දෙමටගොඩ ප්‍රදේශය පුරා ගව හා වෙනත් සතුන් ඝාතන සිදු කරන තැන බොහොමයකි.මේ තැන් බොහොමයකට වගකිවයුතු අංශ වල අවධානය යොමු නොවන බව නොරහසකි. කලකට ඉහත සගරුවන මේ පිළිබද අවධානය යොමු කොට හෙළිදරව් කළා. එහෙත් එතනින් ප්‍රගතියක් සිදු වුයේ නැහැ.(බ)
ප්‍රශාන්ත කියන නමින් කමෙන්ට් දාලා තියෙන්නේ මුස්ලිම් අයෙක් බෙල්ල යටින් කපන එකයි මොවුන්ගේ ක්‍රමය අධික වේදනාවක් විදින්නේ ඔය සතුන් (බ)
මස්කඩ මුදලාලිලා යන්නේ බෙන්ස් එකෙන්. හම ගන්න මුදලාලිලා යන්නේ වොල්වෝ එකෙන්. කටුටික ගන්න කෙනත් එහෙමයි. මස් කන මිනිහා පයින්. තත්වය ඕකයි. ගව ඝාතනය මා තරයේම හෙළා දකිනවා. (නි)
බස්නාහිර අයාලේ යන සුනඛයන් 16000ක් හා ගවයන් 2000ක් සිටින බවත් එය සංවර්ධනයට බාධාවක් බවත් ඇමැති කෙනෙක් කිව්වා. විසඳුම කුමක්ද (බ)
වේදනාවෙන් තොරවුවත් මරණය මරණයම නොවේද? (නි)
මළකුණු කෑමට තරම් මිනිසුන් තිරිසනුන් වුනේ ඇයි (බ)
මස් කෑම නතරකරන්නේ නැහැනේ ජයා. පිටරටවල් වල වගේ නවීන තාක්ෂනය අනුව කිරීම හොඳයි. ස්වර්ණලතා මහත්මිය සමග එකන්ග වෙනවා. පිටරටින් මස් ගෙන්වීම නෙවෙයි මෙයට විසදුම. අපේ රටේ විද්ෂ වින්මය ඉතිරි කරගෙන හරකුන් හදන ගොවියට සහය දිය යුතුය. (ර)
ගිලටින් පරිත්‍යාග කරනවා කියන්න මරන්න අනුබලදෙනවා වගේ දෙයක්නේ. ඔයට වැඩ හොඳි මොකුත් නොකර හිටියනම්. (ර)
පිටබැද්දර ජයා, නොමරා ඉන්න පුලුවන්නම් හොඳය. නමුත් එක කරන්න බැරි නිසා, කරන දේ වේදනාව අඩුවෙන්ම කල යුතුයි. (ර)
කතාව හරි ජයා. නොමරා හිටියනම් හරි. මොකද හරක් මස් කෑවේ නෑ කියල මිනිස්සු මැරෙන්නේ නෑනෙ. (බ)
අත්තානං උපමන් කත්වා - නහනේයිය න ඝාතයේ"සියලු සතුන්ට දුක වේදනාව මරණ භය එක ලෙසටම දැනෙයි කුරිරු පිහිතලයට දැන් දැන් අමු අමුවේ කැපෙන්නේ ඔබගේ/ඔබගේ මව පිය ආදීන්ගේ හිස නම් ඔබට කුමක් නම් හිතෙනු ඇත්ද? අපේ ඇසට නොගැටෙන පැතිකඩ එයයි..මොහොතක් සිතන්න..." (බ)
තහනම් වුනත් ළදරුවන්,තරුණයන්,මහල්ලන් මරා දමන රටේ හරක් නොමරා ඉදිද ජයා.සෙලානිකස් කියන දෙය තමා කාලීන දැක්ම. (බ)
කොහමත් අපේ ජනපතිතුමා පිටරටින් හරක් මස් ගේනවා කීවනේ, ඉතින් අවුලක් නැහැ, කොහේ හරි හරකෙක් මැරෙනවා, ඕකට ලංකාවේම හරි ක්‍රමයකට රාජ්‍ය අනුග්‍රහයෙන් මේවා කෙරෙනවනම් හොදය. අපරාදේ අපේ සල්ලි (බ)
හරකුන් මැරිල්ල තහනම් කෙරුවොත් බුචේරු නිලධාරී මහත්වරු ඔවුන්ගේ රැකියා අහිමි වීම ගැන උද්ඝෝෂණ කරන්න පුළුවනි. අඩුම ගානේ ඔවුන්ට උපදේශක පදවි හරි එහෙම නැත් නම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරගෙන ඇමති පදවි හරි දෙන්න සිද්ධ වේවි! (බ)
දැන් හරක් මරණ එක විතරයිද හොඳ නැත්තෙ? පණ පිටින් බොයිලර් වෙලා මැරිලා යන කුකුළට එහෙම වේදනාවක් දැනෙන්නෙ නැතුව ඇති... (බ)
මෙම මහත්මියගේ අදහස සාධාරණ වගේම කාලෝචිතය , ගවයන් මැරීම ලංකාවේ තහනම් කිරීමට අපහසුය, හොඳම දෙය ගවයන් මැරීමේදී ඔවුන්ට වේදනාව අවම කිරීමට නවීන ක්‍රම අනුගමනය කිරීමට නීති පැනවීමය (බ)
කොහොම කලත් වේදනාව වේදනාවම තමයි , හොඳම දේ නොමරා ඉන්න එක අහිංසක සත්තු. (ර)
දීපා, ඔයා ඔහොම ගිහිල්ලා, ගිහිල්ලා කුකුල්ලු මරනවා නම් හරක් මැරුවට මොකද කියලා කියනවා වගේම හරක් මරනවා නම් මිනිස්සු මැරුවහමත් මොකද කියලත් කියයිනේ. මොකද ඔයාගේ දැනීමේ විදියට සියලුම ප්‍රාණින්ගේ ජීවිත වලට තියෙන්නේ එකම වටිනාකමනේ. නමුත් අපි කියන්නේ කෘෂිකාර්මික, බෞද්ධ රටක් වන අපේ රටේ මිනිසුන්ට ගොවිතැනට උදව් දීලා, දරුවන්ට කිරිටිකත් දීලා අන්තිමට ඒ සතාව මස් ගොඩක් කරන එක සුදුසු නැහැ කියලා විතරයි. (නි)
එක්තරා ලෝකෙන්ම උතුම් රටක, තණ කමින් සිටි ගවයෙකුගේ ගාතයක් පණපිටින්ම කපාගෙන, ඒ වෙනුවට පොල් පිත්තක් මුක්කුවට තිබ්බ සත්‍ය කතාවක් මා අසා තිබෙනවා. (නි)
දීපා, ඔබ හරි. සියලු ඝාතන පිටුදැකිය යුතු වේ. නමුත් අපගේ සංස්කෘතික පසුබිම හේතුකරගෙන ආරම්භයක් වශයෙන් හෝ කතිකාවතක් ගොඩනැගිය හැක්කේ ගව ඝාතනයට එරෙහිව බව මාගේ අදහසයි. මොකුත් නොකරනවාට වැඩිය මෙය වටී. පසුව සියලුම සත්වයනට අභය දානය ලබාගැනීමට එය රුකුලක් වනු ඇත. (නි)
වේදනාවෙන් අවම ගව ඝාතන ක්‍රම දියුණු රටවල භාවිතා කරයි. (නි)
මරන්න පැය කීපයකට කලින් නිදි පෙති වගේ දෙයක් දුන්නොත්.... (නි)
සතාගේ ඔලුවට මිටියකින් ගසා ඝාතනය කරන ක්‍රමයටමයි ඌරන් මරන්නෙත්. අනිවාර්යයෙන්ම එය හිංසාවකි. වහා වැළැක්විය යුතු ක්‍රියාවකි. (නි)
මරණ බයෙන් පීඩිතව, මරණයෙන් කෙසේ පළායම්දෝයි සිතමින් සිටින අසරණ කිරි අම්මාව මරන්න නුඹලාට සිතක් පහළවුණේ කෙලෙසද මිනිසුනේ? මගේ දරුවන් හරක් මස් කුමක්ද කියාවත් නොදනිති.හේතුව අප ගව මස් නොකන නිසාය. කිසිම සතෙක් නොමැරිය යුතු වේ. නමුත් ගවයා යනු විශේෂ සත්ව කොට්ඨාශයකි. ස්වර්ණලතා මහත්මිය සඳහන් කරන පරිදි ඔවුන්ව අධික වේදනාවෙන් මුදවා ගැනීම හෝ උතුම් ක්‍රියාවකි.! (නි)
මිනිසුන් මළකුණු වලට ඇබ්බැහිවෙලා තිබෙන හින්දා නේද අද ඔහොම වෙලා තියෙන්නේ? (නි)
ලංකාවේ ඉන්න බොහොමයක් මිනිසුන්ට ඕවා තේරෙන්නේ නැහැ. මස් කෑම නතර කළ නොහැකියි. එහෙත් ඕනෑම සතෙකුට වේදනාවෙන් තොර මරණයක් හිමිවිය යුතුයි. ඕස්ට්‍රේලියාව , තම ප්‍රධාන අපනයනකරු වන ඉන්දුනීසියාවට හරක් පැටවීම තහනම් කළා. ඔවුන් ගව ඝාතනය සඳහා ම්ලේච්ඡ විධි යොදාගන්නා බවට හෙළිවීමෙන් පසුව. (නි)
ලෝකයේ මුල්ම මිනිසාගේ පටන් අද දක්වාම සත්ව ඝාතනය පවතිනවා. මිනිසා ජීවත්වන්නේ සහ ජීවත්වුයේ සතුන්ගේ මාංශ අනුභවයෙන්. බෝග වගාව පසුව ඇතිවූ දෙයක්. මස් වල රසය වෙන කිසිම දෙයකින් ලබාගන්නට අමාරු නිසා එයින් වළකින්නට අපහසු දෙයක්. බෝපිටිය මහත්මියගේ යෝජනාව සත්ත්ව ඝාතනයට අනුබලදීමක් නොව සතාගේ වේදනාව අඩුකිරීමට යොදන උපක්‍රමයක් හැටියට දකිමු. (නි)