(යොහාන් භාසුර)
වී කිලෝවක් සඳහා රුපියල් 130ත් 140ත් අතර ‘සහතික’ මිලක් ලැබිය යුතු යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අද (20) පැවසීය.
වී පොහොර බෑගයකට යන තේ වන වියදම ලෙස රුපියල් 116.93 ක මිලක් ඉදිරිපත් කර ඇති බවත් එම රුපියල් 116.93 ට ලාභය ලෙස සියයට 25 ක් එකතු කළ විට රුපියල් 146.10 ක මිලක් ලැබුණු බවත් ඒ මහතා කීය.
එම මිලෙන් රුපියල් 6.10 ක් ද අඩු කර වී කිලෝවක් සඳහා රුපියල් 140 ක සහතික මිලක් ලැබිය යුතු බව කියන අනුරාධ තෙන්නකෝන් මහතා වී කිලොවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර පරායක සාධාරණ සහතික මිලක් දියයුතු බව ද සඳහන් කළේය.
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව
චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය
මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ
තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය
පළාත් පාලන මැතිවරණය (2025) සඳහා ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ හයදහස් පන්සිය තිස්තුනක් (25,206,533) මුද්‍රණය කළ බවත් අධිකරණ කටයුතුවලින් පසුව ඡන්ද පත්‍රිකා හත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගොවීහූ වී කිලෝවකට රුපියල් 140ක් ඉල්ලති
Left voter Monday, 20 January 2025 10:04 PM
වී වලට සහතික මිල 140 දීලා මහජනතාවට බත් කන්න වෙන්නේ හාල් කිලෝ එක කීයකට අරගෙන? ඇමතිතුමා මුන්ට බයවෙන්න එපා, සාධාරණ මිලක් නියම කරන්න
sudaaTuesday, 21 January 2025 09:52 AM
පසුගිය අවුරුදු 5 ඇතුලත බඩුමිල වැඩිඋනා වගේම මිනිස්සුන්ගේ ආදායමත් වැඩි උනා . රජයේ සේවකයාගේ පටන් තේදළු කඩන කම්කරුවා දක්වාම ආදායම් වැඩි උනා . ඉතින් වී ගොවියාට විතරක් ඇයි මේ අසාදාරණේ ? ඒ මනුස්සයට පෙර පැවති මිලටම අනෙකුත් බඩු ලැබෙනවානම් වී වලට අර පෙර පැවති මිලම දෙන්න . නැත්නම් ඒ මිනිස්සුන්ගේ ළමයි කන්නේ පොල් මුල්ද ?
Lalla Tuesday, 21 January 2025 08:49 AM
එහෙම නම් වී ගොවිතැනට විතරක්ම දෙන පොහොර සහනාධාරය කියන කසිප්පු දීමනාව නවත්තන්න ඕන නේද?
සිල්වා Tuesday, 21 January 2025 09:34 AM
වී සහතික මිල 125/= කලත් සහල් සිල්ලර මිල 260/= වඩා ඉහල යෑම වැළැක්වීමට නොහැකිය.
පම්පෝරි ජනක Tuesday, 21 January 2025 10:49 AM
අනුර විපක්ෂයෙන් ඉඳන් කයිය ගහ ගහ හිටිය නේද අපි ආණ්ඩුවක් ගත්තු දවසට රජයෙන් වී මෝල් පටන් අරන් අඩු මිලට හාල් දෙනවා කියල ? දැන් ඔන්න දුන්නු කාලේ හොඳටම ඇති
ගුනපාල Tuesday, 21 January 2025 11:13 AM
අද නිෂ්පාදන මිල ගණන් අනුව වී කිලෝ එකක් හදන්න රුපියල් 140 ක් වැය වෙනවා නම් ගොවීන්ගේ ඉල්ලීම සාධාරනයි. හාල් කිලෝවක් හදන්න වී කිලෝ එක හමාරක් යනවා නම් වී මිල විතරක් රුපියල් 200 ක් වේ. ප්‍රවාහන, මොල් වියදම් හා අනෙකුත් විය්දම රුපියල් 20 ක් තිබ්බත්හාල් කිලෝව රුපියල් 220ට 225 ට දෙන්න පුලුවන්. ගොවිතැන පාඩුයි කියල ගොවියො වගා නොකලොත් රට හාල්ම කන්න වෙයි. වැටුප් වැඩි කරනවා වාගේ වී මිලත් කලින් කලට වැඩි කල්‍යුතුයි. පාරිඹ්හෝගිකයා රකින්න හාල් මිල අඩුකරනවා නම් අනිවාර්‍ය යෙන්ම් නිශ්පාදන ඵලදාව වැඩි කරන්න වෙනවා. ඒක තමයි කලයුත්තේ.
Abid Tuesday, 21 January 2025 11:48 AM
"හාල් මොල් තියෙනවාද? ඉතිරුවරක් කරලා පහුගියකාලේ හිටපු දේශපාලුවන් ටික සහ දූෂිත රාජයේ නිලධාරීන් එකතුවෙලා හොඳට කරලා තියෙන්නේ .කළා හොඳටම ඇති කියන්නේ ඔයා සුපර් මෑන් ෆිල්ම් එක බලලාද තීරණය කලේ
සිල්වා Tuesday, 21 January 2025 03:12 PM
ගුණපාල මහත්මයා, ඔබතුමාගේ ගණනය කිරීම නැවත පරීක්‍ෂා කරලා බලන්න. එහි දෝෂයක් තිබෙනවා.