(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නොදමන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පැවසීය.
ගෑස් මිල සූත්‍රයට අනුව රුපියල් 470 ක පමණ මිල ඉහළ යෑමත් මේ අවස්ථාවේ කළයුතු වුවද මිලියන හයක් පමණ වන ලිට්‍රෝ පාරිභෝගික ජනතාවට සහනක් දෙමින් ගෘහස්ථ ගෑස් මිල ඉහළ නොදමන බවත් මෙවැනි ආකාරයට මිල වැඩි නොකිරීමට හේතුව කාර්යක්‍ෂම තොග කළමනාකරණය සහ ලෝක වෙළෙඳපොලේ ගෑස් මිලේ වෙනස්වීම් සහ මිල දර්ශකය පිළිබඳව නිරන්තර අවදානයෙන් සිටීම බවත් මුදිත පීරිස් මහතා කීය.
මෙම වසරේ අඩුම ගෑස් මිල ලෙස පසුගිය මස ඩොලර් 380 ක් වැනි පහළ අගයකට පත්වූ බව නිරීක්‍ෂණය කිරීමෙන් පසුව ගෑස් මෙටි්‍රක්ටොන් 8,000 කට අධික ප්‍රමාණක් ඇනවුම් කර පසුගිය මස ද රුපියල් 204 ක සහනයක් දුන් බව කී ඒ මහතා මේ වන විට ඩොලර් 85 කට වැඩි අගයකින් මිල වැඩි වුවද ගෑස් සමාගමකට වැඩි සමාජ වගකීමක් ලෙස සළකා මිල වෙනස් නොකිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.
ලෝක වෙළෙඳපලේ ගෑස් මිල කොපමණ වැඩි වුවත් මූල්‍ය අර්බුදයට පත්ව සිටින ශ්‍රී ලංකාකියන්ට අඩු මිලට ගෑස් දීමේ හැකියා ලිට්‍රෝ සමාගම සතුව පවතින බව කී සභාපතිවරයා පැවසුවේ ලිට්‍රෝ ආයතනය ද ශක්තිමත්ව තබාගෙන මීට සති දෙකකට පෙර භාණ්ඩාරයට කෝටි 150 ක් ලාභාංශ ගෙවීමට හැකි වූ බවත්ය.
කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 2982 ක ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1198 ක ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 561 ක ද, තව දුරටත් පවතින බව ද මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කොළඹ 2 පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ මූලස්ථානයේදී අද (4) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
2025 දෙසැම්බර් මස 04
770
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’ගෑස් මිල වැඩි කරන්නෑ’’
චිරන්ත Friday, 04 August 2023 01:52 PM
සභාපතිතුමාට බෙහෙවින් ස්තුතියි කියන්න පුළුවන්... මොකද අද මට ගෑස් අවශ්‍ය වෙලා කඩවල් දහයකින් පමණ විමසුවා... සමහරක් මුදළාලිලා ගෑස් තියෙන පැත්තේ දොරවල් වසාගෙන හිටියා. තවත් සමහරක් අය ගෑස් සිලින්ඩර නොපෙනෙන ආකාරයට සඟවා තිබුණා... කියන්නේ හිස් සිලින්ඩරවත් දකින්නට නොලැබුණු නිසා තමයි...
Dharmapala Friday, 04 August 2023 07:50 PM
නියමයි මුදිත, විශිෂ්ඨයි.