(රංජිත් රාජපක්ෂ)
ජාතික විරෝධතා දිනයට සමගාමීව නුවරඑළිය නගරයේ රාජ්‍ය ආයතන කිහිපයක සේවක සේවිකාවන් පිරිසක් නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ අද දහවල් උද්ගෝෂණයක නිරත විය.
මෙම උද්ගෝෂණය පළාත් රාජ්‍ය කළමණාකණ සේවා නිළධාරින්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ අතර, උද්ගෝෂණයට නුවරඑළිය මහ නගර සභාව, නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ නිළධාරින් සහ සේවකයින්, නුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලයේ සේවක සේවිකාවන් සහභාගී වී සිටියහ.
මීට අමතරව රජයේ හෙද නිළධාරින්ගේ සංගමයේ සාමාජික, හෙද නිළධාරින්ද නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිට අද දහවල් උද්ගෝෂණයක නිරත විය.
ජීවන වියදම ඉහළ යෑම හමුවේ තමන් ලබා ගන්නා වැටුප ප්‍රමාණවත් නොවන නිසා මෙවර අයවැයෙන් තම වැටුප වැඩි කර දීමට හෝ ජීවන බර අඩු කිරිමට පියවර ගන්නා ලෙස එම උද්ගෝෂණයේ නිරතව සිටි හෙද හෙදියන් කියා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සෞඛ්‍ය සේවය සහ එවයි ඉන්න පිරිස කොච්චර මානුෂික අතින් පිරිහිලාද කියල බලන්න .ලෙඩක් හැදෙන්නම ඕනේ. මේ තත්වය මෑතක දී ඇතිවෙච්ච තත්වයක්. දොස්තරලා , නර්ස් , ඇටෙන්ඩන්ට් ඉඳල ..පිරිහිලා ඉන්නේ. specialist ල යම් කිසි මට්ටමකට ලෙඩ්ඩුන්ට ලෙඩ්ඩු විදියට සලකනවා. හේතු මොනවා උනත් , රජය ට මේ ගැන අවබෝධයක් නැහැ හෝ දන්නේ නැහැ හෝ දැනගන්න උවමනාවක් නැහැ හෝ ලෙඩ්ඩු තමා පරිප්පු කන්නේ ..............