අලුතින් මිලට ගත් ගෑස් කුකරයෙන් පිළිස්සීම් තුවාල ලැබූ ඩබ්.පී.ඒ.ඒ. අනෝමා වසන්ති ඇයට ගෑස් කුකරය විකිණූ වෙළෙන්දාගෙන් රුපියල් ලක්ෂ 45 ක් වන්දි ඉල්ලයි. පානදුර කෙසෙල් වත්තේ කඩයකින් එම ගෑස් කුකරය මිලට ගත් මාකඳුර මඩපාත මෙම කාන්තාව තම නීතීඥවරු මාර්ගයෙන් අධිකරණයට කියා සිටියේ එම කුකරයේ තාක්ෂණික දොෂයක් නිසා තමා පිළිස්සුමු තුවාල ලැබූ බවත් ඊට වෙළෙන්දා වග කිව යුතු බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි ඔන්න ඔහොම යමු , තුට්ටු දෙකේ බාල බඩු ගෙනත් මිනිස්සු රවටල ගාන කඩාගන්න හොර වෙළදුන්ට දැන් උණ ගනීවි , නියමයි (අ)
ලංකාවට මේක අලුත් දෙයක් වුණාට දියුණු රටවලට මෙවැනි දේවල් සාමාන්‍ය සිද්ධියක් පමණයි .මැක්ඩොනල්ඩ් කෝපි කෝප්පය හරි හැටි වසා නොතිබීමෙන් යටිකය පිලිස්සුනාට වන්දි ලබා ගැනීම, මෝටර් හෝම් එකක කෘස් කොන්ට්‍රෝල් දමා කෝපි සෑදීමට කුස්සියට යන්න එපා කියා උපදෙස් පොතේ ලියා නොතිබීම නිසා වන්දි ගෙවීමට සිදුවීම වැනි ප්‍රසිද්ධියට පත් වූ නඩු තීන්දු ලෝකයේ තියනවා. ලංකාවෙත් පාරිභෝගිකයා එවැනි දියුණු දැනුමක සිටීම සතුටක් . (අ)
හරිම තීරණයක් අරන් තියෙන්නේ (හේ)
ලංකාවේ වෙළෙන්ඳන්ගේ වැරදි වලට සහ හොර නිෂ්පාදන වලට අහුවෙන හැම කෙනෙක්ම මෙහෙම කරනවා නම් හොඳයි. පාරිභෝගික සංවිධාන එකතුවී මෙය කරනවා නම් හොඳයි (නි)
මෙතන වැරැද්ද කරලා තියෙන්නේ මුදලාලි ද, අදාල නිෂ්පාදන ආයතනය ද? දෙදෙනාම නඩුවට සම්බන්ද කරගන්න ඕනි නේද.ඔය වගේම පාන් ගෙඩියක බර අඩු උනාමත් වෙළෙන්දාට පමණක් නඩු, බේකරි කරු ජොලියේ ඉන්නවා. (අ)
මේ ගෑස් උදුනෙහි නිෂ්පාදන විස්තර සමහරවිට එහි සඳහන්ව නැතුව ඇති. හැබැයි එහි වෙළඳ නාමය ප්‍රසිද්ධ එකක් වෙන්න පුළුවන්. වෙළඳ සැලක තිබුන එවැන්නක, ප්‍රසිද්ධ වෙළඳ නාමය තිබෙනු දැක මම ඒ ගැන වෙළඳ සැල් හිමියාගෙන් විමසා සිටිවිට ඔහු පැවසුවේ "වෙළඳ නාමය තිබුනට එය නිෂ්පාදන රට තියෙන්නේ කොහෙද කියලාවත් හදපු අය දන්නේ නැතුව ඇති" කියලයි. ලංකාවේ තියෙන බොහොමයක් භාණ්ඩවල නිෂ්පාදන රට සඳහන්ව නැහැ. මේවට නීති ඇතත් ක්‍රියාත්මක නොවේ. රජයට අවශ්‍ය බදු පමණද? භාණ්ඩයේ ප්‍රමිතිය ගැන සොයා බලන්නේ නැද්ද? (නි)
ලංකාවේ තියෙන නීති මොනවද ? ලෝකේ දියුණු රටවල ඉන්දියන් වාහන මරුටි ,රෙනුල්ට් ක්විඩ් වගේ අනාරක්ෂිත වාහන පදවනවද ? නෑ .එයාර් බෑග් නැති අනාරක්ෂිත වාහන ගෙන්වීම කරන්නෙත් ආණ්ඩුව නේ . රජයට අවශ්‍ය බදු පමනයි. භාණ්ඩයේ ප්‍රමිතිය ගැන සොයා බලන්නේ නැ.(රේ)