ප්‍රමිතියෙන් තොර සෝයා බෝංචි භීජ ගොවීනට අළෙවි කළ බව කියන ආයතනයකට මුදල් ගෙවීම අත්හිටවූ බව මාතලේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය කේ ඒ එම් ප්‍රේමසිරි බණ්ඩාර කියයි.
මාතලේ දිස්ත්‍රික්කයේ අක්කර දහසක පමණ මේ බෝංචි වගා කර ඇත.
මාතලේ ගොවීන් 785 දෙනකු මෙම භීජ ලබා ගත් බවත්, ගස් හැදී මල් ද හටගෙන ඇතත් කරල් නැතැයි ගොවීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රජය වගේමයි පෙනුම විතරයි කිසිම ප්‍රයෝජනයක් නැහැ (අ)
ඒ පාර තොප්පි මහපුවම ඔලු නැති අය ඉපදිලාද? මේ වගේ අවස්ථා නැති කරගන්න ගොවි මහතුන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි (දී)
දෙකක් නැහැ , පාකිස්තානෙන් ගෙනාව වඳ බෙහෙත් දාලා ඇති සෝයා ගස් ටිකට ! (දී)
බීජ හිටවලා, පැළත් වෙලා, මලුත් ඇවිල්ල නම් බීජ විකුනපු කෙනා මෙච්චර කාලයක් සල්ලි ගන්නේ නැතුව බලාගෙන හිටියද? (දී)
මඩ සෝදා ගත් කල රජකමටත් සුදුසු යැයි කියන ගොවියාට ලංකාවේ උදාවී ඇති ඉරණම තමයි මේ.මේ ගොවීනට බීජ වර්ග දීමට ප්‍රථමයෙන් ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යංශයට නැද්ද ?ප්‍රමිතියෙන් තොර බීජ ගොවීන්ට ලබාදුන් නිලධාරීන් වෙනුවෙන් ගන්නා නීතිමය පියවර කුමක්ද ?මෙවන් විශාල ගොවින් පිරිසකගේ ශ්‍රමය අපතේ යාම වෙනුවෙන් අමාත්‍යංශය ගනු ලබන ක්‍රියා මාර්ගය කුමක්ද යන්න පිලිබදව කෘෂිකර්ම අමාත්‍යවරයා පිළිතුරු දිය යුතුව ඇත .උසස් නිෂ්පාදනයකට අඩිතාලම වනුයේ ගුණාත්මක භාවයෙන් යුතු බීජ රෝපණය බව නිසි බලධාරීන් දැනුවත් කරන්නේ නම් මැනවි . (දී)
සද්දේ විතරයි වැඩ නැහැ පුස් තමා ලෝකෙට ණයවෙනවා විතරයි (අ)
පේරාදෙණිය පුරාම තියෙන්නේ කෘෂි සම්බන්ද ආයතන,වැඩ කරන සේවක ප්‍රමාණයත් ඇති මහත් , උපාධි කාරයොත් ගනින්න බැහැ,පර්යේෂණ කාරයොත් එමටය,දැන් වැරැද්ද ඇත්තටම කාගේද?ඔය පණ්ඩිතයෝ කවදාවත් එලියට බහිනවද අපෙන් වැඩක් ගන්න කියල.ආණ්ඩුවට රෙකමදාරු කරනවද,..මම දන්නා එක පණ්ඩිතයෙක් රපොර්තු කරන්නෙත් නැතිව බාස්ලා එක්ක ගෙය හදනවා... (අ)
කෝ අපේ බල සේනාව? (අ)
ගස් හැදී මල් ද හටගෙන ඇත්නම් ගොවීන්ට මොකද වන්දි ගෙවන්නේ? ගොවීන්ට කියන්න ලද දෙයින් සතුටු වෙන්න කියලා. මුදල් ගෙවීම අත්හිටුවීම වැරදියි. ඔවුන් ලබන කන්නයේ කොළ නැති ,ඇට විතරක් හැදෙන ඒවා ගෙනත් දෙයි. (දී)
ලඟදි රට ඉදල රූපවතී අක්ක එනවලු! එයා ආශාවෙන් ඉන්නේ පලදාව නැති ගස්වලට කෙම් ප්‍රතිකාරය කරන්න, අපි මේ අවස්ථාව එයාට දෙමු!(අ)
ගොවීන්ට හොඳ වන්දියක් ලබා දෙන්න. ඒක සාදාරනයි. (දී)
මුදල් ගෙවීම අත්සිටුවීම ප්‍රමාණවත් නොවේ. මෙම බීජ ගෙන්වීමට අවසර දුන්න අය, රාජ්‍ය සේවයෙන් ඉවත් කල යුතු නොවේද ?(නදී)
ඉස්සර ගොවියා කීවේ අල බහිනවා, වැල මැරෙනවා කියලා.ඒකට දැන්? " ගස් හැදෙනවා ගෙඩි නැහැ."බීජ වලට ගෙවීම අත් හිටුවයි.ගොවීන් 785 කගේ ,කාලය,ශ්‍රමය,පොහොර හා කෘමිනාශක මුදල් ,පාඩු වලට වගකියන්නේ කව්ද ? (නි)
අපි බීජ නිපදවන්නේ නැතුව පිටරටින් ගෙන්වන තාක් කල් මෙය අනිවාර්යයෙන්ම සිදුවේ, ඉදිරියේදී තව තවත් වැඩි වැඩියෙන්. බීජ අපනයනය දියුණු රටවල හොඳ ව්‍යාපාරයක්. (නි)
සරත්, රූපවති අක්කා එන්නේ මොන රටේ ඉදලද දන්නේ නැහැ? මැද පෙරදිග ඉදන් එනවා නම් එයාටත් කෙමක් කරන්න වේවි (නි)
දිවි නැගුමට ගෙවල් වලට දීපු ඇට වර්ගත් පුස්. මරු නැගුමවල් තමා මේවා. මේ ව්‍යාපෘති ගේන ලොක්කන්ගේ නම් පරම්පරා ගාණක දිවි නැගුම තමා මේවට වෙන් කරන සල්ලි වලින් (නි)
අපේ රටේ සංවර්දනය වගේ නේද?(අ)
මුදල් ගෙවීම අත්සිටුවීම ප්‍රමාණවත් නොවේ. වන්දි ලබාගත යුතුය.(අ)