IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගොළුවෙක් මහර උසාවියේදී කතා කරයි

ගොළුවන් පවා තම ඉදිරියේදී  කතා කිරීම  ප්‍රාතිහාරයක් යැයි මහර මහෙස්ත්‍රාත්  දර්ශිකා විමලසිරි මෙනවිය අද (9) අධිකරණයේදී  ප්‍රකාශ කළාය.

තමා ගොළු පුද්ගලයකු බවට සිය නීතීඥවරියට අසත්‍ය උපදෙස් ලබා දී  අධිකරණය නොමග යැවීමට උත්සාහ කළ  වෑබඩ පදිංචිකරුවකු වන  විමුක්ති නදීෂාන්  මහෙස්ත්‍රාත්වරිය ඇසු ප්‍රශ්නයකට අමතක වී කතා කළ අවස්ථාවේදී  එලෙස ප්‍රකාශ කළාය.

කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදවීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසියෙන්  අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මෙම සැකකරු රුපියල් 25,000ක මුදල් හා ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරිණි.

සැකකරුට තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල නොවැම්බර් 10 වැනි දින යළි කැදැවීමට නියම කළාය.



අදහස් (0)

ගොළුවෙක් මහර උසාවියේදී කතා කරයි

අමාලි සිල්වා Tuesday, 09 July 2013 06:00 PM

මිනි මරලා, මට මතක නැහැ කියන කට්ටියකුත් ඉන්නවා උසාවි ඇවිත්. නමුත් රාජ්‍ය බලය මුදල් බලය නිසා ගැටළුකාරී තත්ත්ව වලට නීතියත් මුහණ දෙනවා (නි)

:       0       0

හේරත් Tuesday, 09 July 2013 06:17 PM

ලෝයර් නෝනත් ප්‍රසිද්ධ කෙනෙක් වෙන්ට ඇති ..... (නි)

:       0       0

රුහුණු Tuesday, 09 July 2013 06:24 PM

අනේ මෙහෙමත් මෝඩයෙක්! (නි)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 09 July 2013 07:03 PM

ඇප මත මුදා හැරියා. මේක හරියට පසු ගෙවුම් සිස්ටම් එකක් වගේ නේ ?(නදී)

:       0       0

අමිළ කටුනායක Tuesday, 09 July 2013 07:18 PM

අනේ කොලුවෝ, ගොලුවෝ වගේ නලුවෝ වෙන්න හැදුවද?(නදී)

:       0       0

නිශාර්ඩ් Wednesday, 10 July 2013 08:36 AM

විත්තිකාරයෙක් කරපු හැම දෙයක්ම අකුරක් නෑර ඒ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා දන්නවා. එයා ඒවා මග හැරලා අහුනොවෙන විදියටයි පැමිනිලිකරුගෙන් ප්‍රශ්න අහන්නෙ. සාධාරනත්වය හරි විදියට ඉටුවෙන්න ඕනෑ නම් විත්තියේ පෙනී සිටින කෙනා ඉන් පිටපතක් මහේස්ත්‍රාත්ටත් දෙන්න ඕනෑ. එතකොට මහේස්ත්‍රාත්ට පුළුවන් නොමග යැවීමක් සිදුවෙනවා නම් ඒ ගැන කටයුතු කරන්න. වැරදිකාරයින්ට දඬුවන් ලබා නොදී නිවැරදිකරුවෙක් හිරේ යවන්න හොඳ නැහැයි කියන බොරු පම්පෝරිය පැත්තක විසිකරලා හිතට එකඟව විත්තිකරුට හෝ විත්තිකාරියට පැහැදිලි කරලා දෙන්න ඕනෑ ඔබ වරදක් කරලා තියෙනවා, ඔබ ඒකට දඬුවම් ලැබිය යුතුයි කියලා. නිසි දඬුවම අරන් දෙන්න ඕනෑ. එතකොට අපරාද අඩුකරන්ට පුළුවන්. (නි)

:       0       0

චන්දා Tuesday, 09 July 2013 02:57 PM

දෙයියෝ සාක්කි! (නි)

:       0       0

වරුණ Tuesday, 09 July 2013 03:04 PM

මහේස්ත්‍රාත්තුමා කතා කළොත් අමතක අයටත් මතක් කරවන්න පුළුවන් වේවි (නි)

:       0       0

ජයසිංහ Tuesday, 09 July 2013 03:08 PM

යුද්දේ කාලේ හිටියා කන් ඇහෙන්නේ නැති බටයෝ, රෑට එලියට යන්න වෙන නිසා. හැබැයි කාසියක් බිම දාපු ගමන් බලනවා මොකද කියලා (නි)

:       0       0

සමන් Tuesday, 09 July 2013 03:12 PM

අනේ අම්මපා! (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 09 July 2013 03:29 PM

කට බොරු කීවත් දිව බොරු කියන්නේ නැතිලු.කොහොමද මිනිහා කරලා තියෙන වෘත්තියේ තරම! මෙවැනි ගොළුවන්ට උපරිම දඬුවම් දියයුතුයි අනුකම්පා නොකර. (නි)

:       0       0

අජිත් Tuesday, 09 July 2013 03:35 PM

අහවල් මන්ත්‍රීතුමාගේ නඩුවත් මහර උසාවියට යොමු කලොත් හොද වගේ. (නි)

:       0       0

මදු Tuesday, 09 July 2013 03:43 PM

මහෙස්ත්‍රාත් දර්ශිකාට ජය පතමි. ගෑනු අයට කරන අපරාද වලට හොදක් සිද්ද වෙන්න එපා ගොලුවට නම්. (නි)

:       0       0

පියලාල් Tuesday, 09 July 2013 03:48 PM

තව ටික දවසකින් බිරි අයටත් කන් ඇසෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 10 July 2013 10:22 AM

.ඔබ තුමියට ජය හැමදාම හරිදේ කරන එකට.(අ)

:       0       0

වාසනා Tuesday, 09 July 2013 04:38 PM

නීතීඥවරියට බැරි වුනානේ මේ මිනිහව කතා කරවලා ගන්න. කැලණිය පැත්තේ නම් අහවලාගේ කස්ටිය තමා (නි)

:       0       0

චාමර Tuesday, 09 July 2013 04:47 PM

එච්චර බොරුවක් කරපු කෙනාට ඇප දුන්නේ අපරාදේ. (නි)

:       0       0

ප්‍රසා Tuesday, 09 July 2013 04:50 PM

අර අමතක වෙච්ච අයට මතකය එයි ද උසාවියේදී? (නි)

:       0       0

ජයසිංහ Tuesday, 09 July 2013 04:52 PM

මෙහෙමත් නීතීඥවරියෝ ඉන්නවනේ හැබෑට, කාන්තාවක් ගණිකා වෘත්තියේ යොදවපු කෙ‍නත් ගොලුවෙක් ලෙස අධිකරණයට ඉදිරිපත් කරන. (නි)

:       0       0

රූපවතී Tuesday, 09 July 2013 05:00 PM

මදූ, වැඩිය සද්දකරන්න එපා. ගොලුවට තද වුනොත් හෙම... (නි)

:       0       0

සදුනි Tuesday, 09 July 2013 05:23 PM

අර මට මතක නැහැ කියන කෙනා සම්බන්ධ නඩුවත් මෙතුමිය ලගට දාන්න තියෙන්නේ.යසට මතක් වේවි කරපු දේවල්. (නි)

:       0       0

මදූ Tuesday, 09 July 2013 05:24 PM

මොකද රුපවතී. ගොලුවගේ නීතීඥවරියද? (අ)

:       0       0

අතුල Tuesday, 09 July 2013 05:39 PM

මෙහෙම කෙනෙක් ගම්පහත් හිටියා. එයාට බස් එකේ හිඟා කන කොට එකපාරටම මගියකුට බැන්නා. පස්සේ මිනිස්සු ගහල පැන්නුවා (නි)

:       0       0

සරත් Tuesday, 09 July 2013 05:40 PM

බොරුවට ආයුෂ නැතැයි කියන එක ඔප්පු වුණා (නි)

:       0       0

නාලක Tuesday, 09 July 2013 05:53 PM

තමා ගොළු පුද්ගලයකු බවට සිය නීතීඥවරියට අසත්‍ය උපදෙස් ලබා දීලද? නැත්නම් නීතීඥවරිය මේ පුද්ගලයට උසාවියේදී ගොළුවෙකු සේ රඟපාන්න උපදෙස් දීලද කියලා සොයලා බලන්න.... ඔය නඩු දිනන්න නීතීඥවරුත් එක එක උප්පරවැට්ටි දානවනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 338 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2038 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1549 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 670 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 569 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 678 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site