ගොළුවන් පවා තම ඉදිරියේදී කතා කිරීම ප්‍රාතිහාරයක් යැයි මහර මහෙස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අද (9) අධිකරණයේදී ප්‍රකාශ කළාය.
තමා ගොළු පුද්ගලයකු බවට සිය නීතීඥවරියට අසත්‍ය උපදෙස් ලබා දී අධිකරණය නොමග යැවීමට උත්සාහ කළ වෑබඩ පදිංචිකරුවකු වන විමුක්ති නදීෂාන් මහෙස්ත්‍රාත්වරිය ඇසු ප්‍රශ්නයකට අමතක වී කතා කළ අවස්ථාවේදී එලෙස ප්‍රකාශ කළාය.
කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදවීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මෙම සැකකරු රුපියල් 25,000ක මුදල් හා ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරිණි.
සැකකරුට තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල නොවැම්බර් 10 වැනි දින යළි කැදැවීමට නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදූ, වැඩිය සද්දකරන්න එපා. ගොලුවට තද වුනොත් හෙම... (නි)
.ඔබ තුමියට ජය හැමදාම හරිදේ කරන එකට.(අ)
විත්තිකාරයෙක් කරපු හැම දෙයක්ම අකුරක් නෑර ඒ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා දන්නවා. එයා ඒවා මග හැරලා අහුනොවෙන විදියටයි පැමිනිලිකරුගෙන් ප්‍රශ්න අහන්නෙ. සාධාරනත්වය හරි විදියට ඉටුවෙන්න ඕනෑ නම් විත්තියේ පෙනී සිටින කෙනා ඉන් පිටපතක් මහේස්ත්‍රාත්ටත් දෙන්න ඕනෑ. එතකොට මහේස්ත්‍රාත්ට පුළුවන් නොමග යැවීමක් සිදුවෙනවා නම් ඒ ගැන කටයුතු කරන්න. වැරදිකාරයින්ට දඬුවන් ලබා නොදී නිවැරදිකරුවෙක් හිරේ යවන්න හොඳ නැහැයි කියන බොරු පම්පෝරිය පැත්තක විසිකරලා හිතට එකඟව විත්තිකරුට හෝ විත්තිකාරියට පැහැදිලි කරලා දෙන්න ඕනෑ ඔබ වරදක් කරලා තියෙනවා, ඔබ ඒකට දඬුවම් ලැබිය යුතුයි කියලා. නිසි දඬුවම අරන් දෙන්න ඕනෑ. එතකොට අපරාද අඩුකරන්ට පුළුවන්. (නි)
අනේ කොලුවෝ, ගොලුවෝ වගේ නලුවෝ වෙන්න හැදුවද?(නදී)
ඇප මත මුදා හැරියා. මේක හරියට පසු ගෙවුම් සිස්ටම් එකක් වගේ නේ ?(නදී)
අනේ මෙහෙමත් මෝඩයෙක්! (නි)
ලෝයර් නෝනත් ප්‍රසිද්ධ කෙනෙක් වෙන්ට ඇති ..... (නි)
මිනි මරලා, මට මතක නැහැ කියන කට්ටියකුත් ඉන්නවා උසාවි ඇවිත්. නමුත් රාජ්‍ය බලය මුදල් බලය නිසා ගැටළුකාරී තත්ත්ව වලට නීතියත් මුහණ දෙනවා (නි)
තමා ගොළු පුද්ගලයකු බවට සිය නීතීඥවරියට අසත්‍ය උපදෙස් ලබා දීලද? නැත්නම් නීතීඥවරිය මේ පුද්ගලයට උසාවියේදී ගොළුවෙකු සේ රඟපාන්න උපදෙස් දීලද කියලා සොයලා බලන්න.... ඔය නඩු දිනන්න නීතීඥවරුත් එක එක උප්පරවැට්ටි දානවනේ. (නි)
බොරුවට ආයුෂ නැතැයි කියන එක ඔප්පු වුණා (නි)
මෙහෙම කෙනෙක් ගම්පහත් හිටියා. එයාට බස් එකේ හිඟා කන කොට එකපාරටම මගියකුට බැන්නා. පස්සේ මිනිස්සු ගහල පැන්නුවා (නි)
මොකද රුපවතී. ගොලුවගේ නීතීඥවරියද? (අ)
අර මට මතක නැහැ කියන කෙනා සම්බන්ධ නඩුවත් මෙතුමිය ලගට දාන්න තියෙන්නේ.යසට මතක් වේවි කරපු දේවල්. (නි)
දෙයියෝ සාක්කි! (නි)
මෙහෙමත් නීතීඥවරියෝ ඉන්නවනේ හැබෑට, කාන්තාවක් ගණිකා වෘත්තියේ යොදවපු කෙනත් ගොලුවෙක් ලෙස අධිකරණයට ඉදිරිපත් කරන. (නි)
අර අමතක වෙච්ච අයට මතකය එයි ද උසාවියේදී? (නි)
එච්චර බොරුවක් කරපු කෙනාට ඇප දුන්නේ අපරාදේ. (නි)
නීතීඥවරියට බැරි වුනානේ මේ මිනිහව කතා කරවලා ගන්න. කැලණිය පැත්තේ නම් අහවලාගේ කස්ටිය තමා (නි)
තව ටික දවසකින් බිරි අයටත් කන් ඇසෙයිද දන්නෙ නැහැ (නි)
මහෙස්ත්‍රාත් දර්ශිකාට ජය පතමි. ගෑනු අයට කරන අපරාද වලට හොදක් සිද්ද වෙන්න එපා ගොලුවට නම්. (නි)
අහවල් මන්ත්‍රීතුමාගේ නඩුවත් මහර උසාවියට යොමු කලොත් හොද වගේ. (නි)
කට බොරු කීවත් දිව බොරු කියන්නේ නැතිලු.කොහොමද මිනිහා කරලා තියෙන වෘත්තියේ තරම! මෙවැනි ගොළුවන්ට උපරිම දඬුවම් දියයුතුයි අනුකම්පා නොකර. (නි)
අනේ අම්මපා! (නි)
යුද්දේ කාලේ හිටියා කන් ඇහෙන්නේ නැති බටයෝ, රෑට එලියට යන්න වෙන නිසා. හැබැයි කාසියක් බිම දාපු ගමන් බලනවා මොකද කියලා (නි)
මහේස්ත්‍රාත්තුමා කතා කළොත් අමතක අයටත් මතක් කරවන්න පුළුවන් වේවි (නි)