
(අංජුල මහික වීරරත්න)
දිට්වා ව්‍යසනයට වසරක් පිරීම නිමිත්තෙන් ජිවීත අහිමිවූවන් සිහිපත් කිරිමේ සර්ව ආගමික වැඩසටහනක් බදුල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කර තිබේ.
එම ජාතික සර්ව ආගමික වැඩසටහන් හෙට (26) සහ අනිද්දා ( 27) දෙදින පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ඌව පළාත් සභාව, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දේශපාලන අධිකාරිය එක්ව මෙම ජාතික සර්ව ආගමික වැඩසටහන සංවිධානය කරනු ලබයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල කරමින් ලක්ෂ 30කට අධික ජනතාවක් පීඩාවට පත් කළ මෙම ඛේදවාචකයෙන් පුද්ගලයන් 650කට අධික පිරිසකට ජීවිත අහිමි වූ අතර, තවත් 173 දෙනෙකු අතුරුදන් විය. නිවාස 113,000කට අධික සංඛ්‍යාවකට හානි සිදු වූ මෙම ආපදාවෙන් දිවි අහිමි වූවන් සිහිපත් කිරීම, අතුරුදන් වූවන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම, විපතට පත් පවුල් සමඟ සහෝදරත්වයෙන් එක්වීම සහ ඔවුන්ගේ ජීවිත යළි ගොඩනැගීමේ රජයේ වගකීම අවධාරණය කිරීම මෙම සර්ව ආගමික වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd