පෑලියගොඩ නගර සභා මන්ත්‍රී ශ්‍යාමිල් සඳරුවන් ඝාතනයේ සැකකරුවන් හඳුනාගැනීමට උපකාරීවන වැදගත් තොරතුරු රැසක් පොලීසියට ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ප්‍රශ්නය
ඝාතකයා ඉතාලියේ සිට ලාංකාවට ගොස් ඝාතනය සිදු කැර ආපසු ඉතාලියට ආ බවට රාවයක් පවතිනවා.
පිළිතුර
එහෙම දෙයක් ගැන නිශ්චිත තොරතුරක් තවම නැහැ.වැදගත් කරුණු රැසක් අපිට ලැබී තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලිය හොඳ ආරක්ෂාකාරී තැනක් වගෙයි මේ අයට. නිශ්චිතවම දැනගත් විට මේ ගැන අපි කතා කරමු. (නි)
අර අහවලා නම් ඒ දවස් වල කට්ටියක් මෙහෙ ගෙනල්ලා බැස්සුවා. (නි)
ඉවසලා බලාගෙන සිටිමුකෝ (නි)
දේශපාලනයට බහිනවා නම් මිනී පෙට්ටිය කලින්ම අරගෙන බහින්න ඕනෑ එකයි අද නවීන ලෝකයේ විදිය. අපි වගේ හොයාගෙන කාලා වෙන දෙයක් බලාගෙන පාඩුවේ හිටියා නම් ගුණයි. මොකෝ කියන්නේ? සල්ලි හොයන්න දඟලන දේශපාලනයක් අද තියෙන්නේ. (නි)
අම්මෝ! ඒ කියන්නේ දැන් මිනිමරුවොත් පිටරටින් ආනයනය කරනවද? සමහර විට මේ වගේ වැඩ වලට ලංකාවේ කෙනෙක් හොයා ගන්නම බැරිව ඇති මොකද වෙසක් කට උඩනේ ඒකයි මගේ හිතේ. (නදී)
ලංකාවට ගිහිල්ලා කරන වැඩක් කරන්න. ආපහු මෙහෙ එන්න නම් එපා. (නි)
බලන්න අපි වෙන රටවල් වගේද කියල කොච්චර දියුණුද.? ගුවනින් එහා මෙහා ගෙනියන්නේ කව්ද මෙහෙම අය අපි ඇරෙන්න. ඒ විතරක්ද කුඩු,කැසිනෝ,ගණිකා මඩම්,රට පුරාම. ආස්චර්යේ මොන අඩුවක් වත් තියෙනවද නැහැනේ.(නදී)
මරලා රටිනුත් යනකම් දන්නේ නැහැ (දී)
අපේ හාමුදුරුවනේ, මිනිසුන්ට මේවායේ ආදීනව පැහැදිලි කර දෙන්නකෝ. රටම විනාශයි. (නි)
මෙදා පාර ඉතාලියෙන්ම ආනයනය කරලා ඇති ලංකාවේ අයගේ හොඳ 'කොලිටියක්' නැති නිසා... (නි)
අර පාතාල නායකයා හෝ එවැනි කෙනෙක් එයාගේ කොන්ත්‍රාත් මිනීමැරුම් ව්‍යාපාරය පිටරටක ඉඳන් මෙහෙයවනවද කියල මට සැකයක් තිබෙනවා. (ස)
ඉර බැස ගියත් අද හවසට නැගෙනහිරින්. හෙට උදේට පායනවා බස්නාහිරින්. (ස)