(අංජුල මහික වීරරත්න)
චෙක්පත් වංචා වැළැක්වීම සදහා විනිමය බිල්පත් ආඥා පනත සංශෝධනය කිරීමට පත්කළ කමිටුවේ කමිටු වාර්ථාව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාට අද බාර දුන්නේය.
චෙක්පත් මගින් ගනු දෙනු කිරීමේ නීති වර්තමානයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සදහා විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් මෙම වසර මුල භාගයේදී පත් කර තිබූණි.
දැනට පවතින විනිමය බිල්පත් ආඥා පනත වසර 95 ක් පමණ පැරණි 1927 වසරේදී සකස් කළ පනතක් වන අතර, ඒ අනුව එම පනත සංශෝධනය කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් දේශිය හා ජාත්‍යන්තර නීතිමය තත්වයන් පිළිබදව අධ්‍යනය කරමින් නීති සංශෝධනය විය යුතු අකාරය පිළිබදව වාර්තාව සකස් කර තිබේ.
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චෙක්පත් වංචා මඩින්න නව නීතියක්
රනේ Friday, 29 December 2023 04:32 PM
ඉතින් වයසක අයනේ හදලා තියෙන්නේ...?
සුනිමල් Saturday, 30 December 2023 07:04 AM
ඉතින් මොකක්ද වරද, විනිමය බිල්පත් පනත හදලා තියෙන්නේ මීට අවුරුදු 95 කට පෙරනේ ඉතින්... වත්මන් පරපුරට අතීත සිදුවීමක් ගැන අවබෝධයක් නැහැ. මතකනේ පලවාහැරි ජනාධිපතිට තිබෙන චක්‍රලේඛ නොසොයා කට්ටියක් කිව්වා වැඩ කරන්න චක්‍රලේඛ නිකුත්කරන්න කියලා. වත්මන් පරපුර දන්නේ ගණුදෙනු කිරීම නවීන තාක්ෂණය මගින්ම කරන්න පමණයි. ඔවුන්ට පැරැණි තොරතුරු සොයා කටයුතු කරන්න බැහැ. එලදායිතාවය තිබුණු කාලයේ වටිනා ලියවිලි විනාශ කිරීම නිසා ඒවා සොයාගන්න බැහැ. ජාතික ලේඛනාරක්ෂිත පනතින් පවා විනාශ කිරීම තහනම් කර ඇති ඔෆිස්වල එම ඔෆිස් ආරම්භ කළ අවස්ථාවේ සිට නඩත්තු කළයුතු ගොනු පවා විනාශ කරලා, ලොග් පොත් විනාශ කරලා කියලා විගණනයක් කළොත් පැහැදිලි වෙනවා...
Perera Saturday, 30 December 2023 09:24 PM
බොහෝ රටවල්වල දැන් චෙක්පත් භාවිතය සම්පූර්ණයෙන් නවත්තලා ඊට වඩා දියුණු ක්‍රමවලට ගිහින්... ලංකාවේ තවම චෙක්පත් වංචා මැඩලීමට නව නීතිත් ගෙනාවා...