IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


චෝදනා එන්නත් පෙර දිගටම ඉන්න පිඹුරුපත් හදති

මාරුවීම් හෝ චෝදනා පත්‍ර ලැබෙතියි සිතන විදුහල්පතිවරුන් කිහිප දෙනෙකු ඒ සඳහා ආදි සිසුන් හා සංවර්ධන සමිති සාමාජිකයන් ලවා පිළියම් සොයමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

එම විදුහල්පතිවරුන්ට තවමත් මාරුවීම් හෝ චෝදනා පත්‍ර ලබා දී නැත.

දකුණේ පාලසක විදුහල්පතිනියක් තමා පාසලේ තබා ගන්නැයි කියමින් ලිපියක් සකස් කර ඊට දෙමාපියන්ගෙන් හා ආදි සිසුන්ගෙන් අත්සන් ගනිමින් සිටින බවත්, ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලක විදුහල්පතිවරයකු ආදි සිසුන් ගෙන්වා තමාට එරෙහි යමක් මාධ්‍යවල යෑම වැලැක්වීමට මාධ්‍ය හිතවතුන් සම්බන්ධ කරන ලෙස දන්වා ඇති බවත් කියති.  එම පාසලේ විදුහල්පතිට හිතවත් ගුරුවරයකු සිසුවකුට පහර දුන්නැයි අත්අඩංගුවට ගත් අතර එය වාර්තා කළ මාධ්‍යවේදියාට එම පාසලේ ප්‍රධානියකු කිහිප දෙනකු සමග අසභ්‍ය ලෙස බැණ වැදී ඇතැයි ද පාසලේ ආරංචි කියයි.

මේ පාසල් දෙකේ පරිපාලනය ගැන විමර්ශන කරන ලෙස එම පාසල්වල ආදි සිසුහු පිරිසක් හා දෙමාපියෝ පිරිසක් පසුගිය සතියේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් ද කළහ.

චක්‍රලේඛ හා නීති රීති උල්ලංඝණය කළ විදුහල්පතිවරුන් කිහිප දෙනකු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ වන විට එක් විදුහල්පතිවරයකුගේ වැඩ තහනම් කර ඇති අතර තවත් දෙදෙනකු ස්ථාන මාරු කර තිබේ. 

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දූෂණ වංචා අවම කිරීම සඳහා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි දිගටම විමර්ශන සිදු කරන බව අමාත්‍යංශය කියයි.



අදහස් (0)

චෝදනා එන්නත් පෙර දිගටම ඉන්න පිඹුරුපත් හදති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 98 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 165 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 168 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1941 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2821 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2082 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36872 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24333 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site