IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


චීන ආර්ථිකය සැලසුම් කරන ලොකුම සැසිය ඇරැඹෙයි

(අංජුල මහික වීරරත්න)

චීන ජාතික මහජන කොංග්‍රසයේ 14 වන සැසිවාරයේ පළමු සාකච්ඡා වටය අද (5) ඇරැඹිණි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම රජයේ නායකයෝ සහ 3000කට ආසන්න නියෝජිතයෝ පිරිසක් අද (5) උදේ ඇරඹුණු සැසිවාරයේ සමාරම්භක උළෙලට සහභාගී වූහ.

මෙවර සැසිවාරයේදී චීනයේ නව ජාතික ආයතන මණ්ඩලය තෝරා පත්කිරීම, රාජ්‍ය කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම හා 2023 වසරේ ආර්ථික, සමාජ හා සංවර්ධන ඉලක්ක මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නියම කිරීම සිදුකෙරේ.

දැනට නිකුත් කෙරුණු න්‍යාය පත්‍රයට අනුව, නීති සම්පාදනය පිළිබඳ නීති කෙටුම්පත සහ රාජ්‍ය මණ්ඩලයේ ආයතනික ප්‍රතිසංස්කරණ සැලැස්ම පරීක්ෂා කිරීමට ද නියමිත ය.

පසුගිය වසරේ චීනය සංවර්ධනය කිරීමේ දී අසීරුතා ඇති වුවද නව ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වී ඇතැයි චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා එම සැසිවාරයට එක්වෙමින් රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් පැවසීය.

පසුගිය වසරේ චීන ආර්ථිකයේ ස්ථාවරත්වයක් පැවති බව ද ලී ක ච්‍යං මහතා කීය. සංවර්ධන ගුණාත්මක භාවය ස්ථිර අයුරින් ඉහළ නංවා ඇති අතර, සමාජයීය තත්ත්වය ද ස්ථාවර බව හෙතෙම කියා සිටී. 2022 වසරේ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම 3%කින් වර්ධනය වී ඇත. නගර හා උප නගර වල පුද්ගලයින් මිලියන 12.06ක් සඳහා නව රැකියා අවස්ථා හිමි විය. පාරිභෝගික මිල දර්ශකය 2%කින් වැඩි වී සංකීර්ණ පරිසරයක වසරේ සංවර්ධනය සඳහා වන ප්‍රධාන ඉලක්ක සාක්ෂාත් කර තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

2023 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ 5% ක වර්ධනයක් අපේක්ෂා කෙරේ. නාගරික ප්‍රදේශවල රැකියා අවස්ථා මිලියන 12 කින් වැඩිකිරීම, එම ප්‍රදේශවල විරැකියා අනුපාතය 5.5% ක් පමණ අඩු මට්ටමක් දක්වා පාලනය කිරීම සහ පුරවැසියන්ගේ පරිභෝජන මිල ඉහළ යාම 3% ක ම‍ට්ටමේ පවත්වා ගැනීම ද ඊට ඇතුළත්ය.

 



අදහස් (0)

චීන ආර්ථිකය සැලසුම් කරන ලොකුම සැසිය ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙහිවල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 3 0


බදුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 33 0


මොණරාගලම ජාජබට
2024 නොවැම්බර් මස 15 97 0



ත්‍රිකුණාමලය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 75 0


පේදුරුතුඩුව ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 104 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 245 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 569 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1679 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site