IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


චීන උපාධි ලක් සිසුන්ටත්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන්ට සහ උපාධි අපේක්ෂකයින්ට වාර්ෂිකව ශිෂ්‍යත්ව පිරිනැමීමට චීනයේ පිහිටි චීන විද්‍යා ශාස්ත්‍ර විශ්ව විද්‍යාලය (යුනිවර්සිටි ඔෆ් චයිනීස් ඇකඩමි ඔෆ් සයන්සස්) සූදානම් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් සිල්වා පැවසීය.

ජීව විද්‍යාව සහ පරිසරය සම්බන්ධව මෙම උපාධි පිරිනැමෙයි. සිව් වසරක ආචාර්ය පශ්චාත් උපාධි සහ ද්වි පාර්ශික ද්විත්ව පශ්චාත් උපාධි වශයෙන් කොටස් දෙකකින් උපාධි පිරිනැමෙයි.

ද්විත්ව පශ්චාත් උපාධි සඳහා චීනයේත් ශ්‍රී ලංකාවේත් උපාධි පිරිනැමෙයි. චීනය ආචාර්ය පශ්චාත් උපාධි පිරිනමයි. සුදුසුකම් ලාභීන්ට ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කළ හැකිය.

එම ඉල්ලුම්පත් සැලකිල්ලට ගනිමින් ඉහළම සුදුසුකම් ලාභීන් තෝරා ගැනෙයි.

චීනයේ විද්‍යාර්ථ විශ්ව විද්‍යාලයේ  ජාත්‍යන්තර සේවා පිළිබඳ අධ්‍යක්ෂක ධූරය හොබවන මහාචාර්යවරයාත් තවත් නිලධාරියකුත් සමග මහාචාර්යවරුන් දෙදෙනකුත් නොබෝදා මෙහි පැමිණියේ මහාචාර්ය රනිල් සිල්වා කරන ලද ඇරයුමකට අනුවය.

ඒ අනුව පෙරේදා (23) පැවැති සාකච්ඡාවකදී ශිෂ්‍යත්ව පිරිනැමීම ස්ථිර කළ අතර ඒ සම්බන්ධව වැඩිදුර සාකච්ඡාවක්ද පැවැත්විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කර තිබෙන චීන විද්‍යාර්ථ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු පිළිබඳ මධ්‍යස්ථානය නවීන තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ වැඩි දියුණු කිරීමටත් මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇත.



අදහස් (0)

චීන උපාධි ලක් සිසුන්ටත්

අසංග Wednesday, 24 December 2014 12:49 PM

තිලක් ඩුබායි, මම හිතන විදියට කිසිම උගත් කමක් නැතිව තමයි අදහස් පළකරන්නේ. (නදී)

:       0       0

නිපුණ Wednesday, 24 December 2014 04:38 PM

බොරු කියන්න එපා සෑම්. චීනයේ විශ්ව විද්‍යාල බොහොමයක් දැන් ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල. ලංකාවේ විශ්ව විද්‍යාල එතරම් පිළිගැනීමක් නැත. අඩුම ගානේ ලෝකයේ ප්‍රදාන විශ්ව විදයාල ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තු අරන් බලන්න. මොන හේතුවකටද ලංකාවේ විශ්ව විද්‍යාල චීනෙට වැඩිය හොඳ වෙන්නේ. (නදී)

:       0       0

දිනේෂ් Wednesday, 24 December 2014 07:52 AM

මෙහේ උපාධි කඩවලට හුළං (බ)

:       0       0

සෑම් Wednesday, 24 December 2014 08:08 AM

අධ්‍යාපනය සහ ලෝකය පිළිගත් සුදුසුකම් ඇති උපාධි/පශ්චාත් උපාධි සඳහා චීනය ඉන්නේ ලංකාවට වඩා හුඟාක් පහලින්. උදාහරනෙකට කියනවානම් කොළඹ මෙඩිකල් ෆැකල්ටි එක පිහිටවූ 1870 සිටම එයින් සමත් වුවන් එංගලන්ත වෛද්‍ය සභාවෙන් සුදුසුකම් ලත් වෛද්‍ය ‍ වරුන් ලෙස පිළිගත්තා. ඉන් වසර එකසිය හතලිස් පහකට පසුව (2014 දී) වත් චීන දොස්තරලාව පිළිගන්නේ නැහැ. 1972 ජනරජ තොවිලයෙන් පසුව අපේ සුදුසුකම් එකවරම පිළිගැනීම එංගලන්තය විසින් නවතා දැමුවා. (බ)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 24 December 2014 08:49 AM

දැන් ලංකාව චීනයේ යටත් විජිතයක් වෙලා ඉවරයි. ඉස්සරහට ලංකාවෙනුත් "චීන චුන්" ල තමයි බිහි වෙන්නේ. (නදී)

:       0       0

විජයබාහු Wednesday, 24 December 2014 09:30 AM

සෑම් ඔය යටත් විජිත වාදය ගැන මොනවද දන්නේ.. ඔය අවුරුදු ටික ගැලප ගත්ත නම් තෙරෙයි හේතුව (අ)

:       0       0

ඉන්දික ගාලේවත්ත Wednesday, 24 December 2014 09:35 AM

චයිනිස් ෆොන් වගේ වෙයිද දන් නෑ. (අ)

:       0       0

බණ්ඩාර Wednesday, 24 December 2014 10:19 AM

සෑම් ගේ කොමෙන්ට් එකේ තියන විදියට වගේම චීන ජනරජයේ සුදුසුකම් එංගලන්තය පිලි අරන් නැහැ . "1972 ජනරජ තොවිලයෙන් පසුව අපේ සුදුසුකම් එකවරම පිළිගැනීම එංගලන්තය විසින් නවතා දැමුවා." අපිට පුළුවන් එංගලන්තය සමග මේ ගැන කතා කරලා විසදගන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 265 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 214 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 491 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 336 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 906 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 360 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site