හම්බන්තොට අක්කර 1500ක චීන කර්මාන්ත පුරයක් ලබන වසරේ දි අරඹන බව ඇමැති සරත් අමුණුගම හම්බන්තොට දී අද (29) පැවසීය.
ශ්‍රි ලංකාවේ චීන තානාපති යී ෂියැං ලියැං ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම සමඟ හම්බන්තොට මාගම්පුර වරාය නීරික්ෂණය කළේය.
කර්මාන්ත පුරයේ වැඩ ලබන ඔක්තෝම්බර් මාසයේ පටන් ගන්නා බව ඔහු කීවේය.
චීන තානාපති ලියැං මහතා පැවසුවේ චීන රජයේ ආයෝජන මත කර්මාන්ත ශාලා රැසක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඉවසීම තිබිය යුතුයි. (ර)
ඒ දවස්වල ලංකාව චීන කොලනියක් කරන්ඩ හදනවා කියලා කිව්වා නේද.? (ර)
පසුව හෝ හිටපු ජනාදිපති තුමාගේ වැඩ පිළිවෙලවල් නිවැරැදියයි වටහා ගැනීම සහා එම වැඩ පිළිවෙලවල් ඉදිරියට ගෙන යාමට තිරණය කිරීමත් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට හොද සක්තියක් වනවා ඇත .(අ)
නියමයි,ඉන්දියාව නැතුව චීනයට.ඒත් ඉතින් රට ලොකු ගමනක යාත්‍රාකරන මොහොතක පිස්සෝ ටිකදෙනෙක් පාදයාත්‍රාවක.(අ)
නියමයි,ඉන්දියාව නැතුව චීනයට.ඒත් ඉතින් රට ලොකු ගමනක යාත්‍රාකරන මොහොතක පිස්සෝ ටිකදෙනෙක් පාදයාත්‍රාවක. (අ)
මේවට ඉතින් කොහෙන් හිනා වෙන්නද මන්ද? දැන් චිනේ හොද වෙලා?(අ)
මදැයි සුදු බාප්පල දෙනකල් බලා උන්න. දැන් ඉතින් නොදැකපු යකාට වඩා දන්නා යකා හොඳයි කියල හිතාගෙන ඉක්මනට ඕක පටන් ගනිමු අයෙත් කුට්ටිමනී කෙනෙක් එවන්න කලින්. ලබන ඔක්තොබරේ කියන්නේ ලබන අවුරුද්දේ ඔක්තොබරේ එහෙම නෙවෙයි නේද? (අ)
ක්‍රම දෙකේ වෙනස තේරුම් ගන්න. චීනයෙන් ණය ගෙන භාගයක් ගසා කා සංවර්ධනය යැයි කියමින් සුදු අලි නිර්මාණය කිරීම වෙනුවට ඔවුන්ගේ මුදල් අයෝජනය කරවීම. මෙම කලාපයට චීනයට අමතරව ලංකාව ඇතුළු වෙනත් රටවල ආයෝජකයන්ටත් එන්න පුළුවන්. මෙය රජයෙන් කරනවට වඩා විදේශ රටකින් කරන විට එම රටේ අයෝජන ඒමට අවස්ථා ඉතා වැඩියි. අනෙක් කරුණ ලෝකයේ භාණ්ඩ නිශ්පාදනය වැඩියෙන්ම කරන්නේ චීන සමාගම්.
එදා වැඩපිළිවෙලේ ඉතුරු හරිය දැන් හොදට පේනවා නේද ?චීනයත් එක්ක පසුගිය රජය කල වැඩපිළිවෙල. (අ)
මට හිනායන්නේ ඉස්සර බැනල බැනලා දැන් අක්කර දහස් ගණන් නොමිලේම දෙන එක ගැනයි. මේ අවුරුදු 5 මේ කට්ටිය රට කළාට පස්සේ මහින්දට බාරගන්න වෙන්නේ හපය තමයි (නි)