දිවයිනට පැමිණි චීන රජයේ ආරක්ෂක මධ්‍යම කමිටුවේ උප සභාපති ජනරල් සූකි ලියෑන් ඇතුළු ඉහළ පෙළේ චීන දූත පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්. ඒ 60 ගුවන් යානයෙන් ගුවන් හමුදා විද්‍යා පීඨය චීන වරාය කඳවුරෙහි සංචාරයක නිරත වුහ.
එහිදී එම කඳවුරේ පීඨාධිපති එයාර් කොමඩෝර් සාගර කොටකදෙනිය මහතා විසින් විසින් ජනරල් සුකි ලියෑන් ඇතුළු දුත පිරිස පිළිගනු ලැබීය.
අනතුරුව ඔවුහු ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා නාවික හා සාගර විශ්ව විද්‍යාලටද ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බබුන් අප්පොලා, හරමානිස්ලා, ගිරිගොලිස්ලා, කරෝලිස්ලා, ඇහැලේ පොලලා, මැණිකෙලා, නිලමෙලා යුගය ළඟ ලඟම අවසන්. දැන් ඉදිරියට එන්නේ කං,කුං,චිං,චුං,චෑන් ලා යුගයයි. එවිට චීනයේ මුතු ඇටය මෙය වෙනු එත. චීනයට ජයවේවා! (නදී)
ඉන්දියානු ආක්‍රමණ වලින් තොර වූ එකදු ලාංකික සියවසක් හෝ අපේ ඉතිහාසයේ තිබී ඇතිද?.චීන මිතුරු බලය ඉන්දියානු සාගරය පුරාවටම ව්‍යාප්ත කල යුතුය. (ස)
චීනුන් හෝ වෙනත් කවුරුන් හෝ වේවා, අපේ රටට යහපතක් කරනවා නම් අපේ විරුද්ධත්වයක් නැහැ (නි)
ඇමෙරිකාවේ ශිෂ්‍යත්ව ලබා උසස් අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට මාසික දීමනාවක් එම විශ්ව විද්‍යාල වලින් ගෙවනවා. එයින් 25% ක් රජය බදු වශයෙන් අයකරනවා. චීන දරුවන්ගෙන් ඇමෙරිකාව එම බදු අය නොකිරීමට එකඟත්ව ගිවිසුමක් තිබෙනවා කියා අසා තිබෙනවා. චීනයයි - ඇමෙරිකාවයි ගැන ටිකක් වැඩිපුර හිතලා බලන්නකෝ (නි)
ඔබ කියන දෙය හරි ගිහාන්. (නි)
මගේ අදහස් වලට කව්රුවත් උත්තර දෙන්නේ නැත්තේ ඇයි? (ස)
මම හිතන්නේ චීනය වෙළඳ ප්‍රතිපත්තිය මුලික කොටගෙන මත වපසරිය ලොව පුරා පුළුල් කරනවා කියලයි. අතීතයේ සිට සිදුඋනේ එයයි. අපේ රට චීනය හා සහල් රබර් ගිවිසුමක් යටතේ සම්බන්ධ උනේ 1950 ජනවාරිදීයි. අලුත් නැම්මකින් තානාපති සම්බන්ධකම් ඇති උනේ 1957 පෙබරවාරියේ සිටයි. අද එම සම්බන්ධය ඉතා උසස් මට්ටමකට පත්වී තිබෙනවා.තායිවානය සම්බන්ධයෙන් බටහිර රටවල ප්‍රතිපත්තිය චීනයට හරස් වෙද්දී ශ්‍රී ලංකාව චීනය සමග නොබියව පෙළගැසීම හේතුවෙන් චීනය සහ අප රට පළමු පෙළේ මිත්‍රයින් බවට පත් උනා. මේ තත්වය දිගටම වර්ධනය වීමේ ප්‍රතිපලයක් වශයෙන් එ.ජා.ආරක්ෂක මණ්ඩලයේ ආරක්ෂක කමිටු නිත්‍ය සාමාජික චීනය ඕනෑම අවස්ථාවක අපරට වෙනුවෙන් තම බලය යොදා අපට රැකවරණය දීමට සුදානමින් ඉන්නවා. එ නිසා අපට චීනය ශක්තියක්. ලොව ආර්ථික බලවතා වන චීනයට රටවල් අල්ලා ගැනීමට උවමනාවක් නම් නැති බව ඉතිහාසය පුරාම සිදුවීම් වලින් පැහැදිලිවෙනවා. (අ)
එල්.ටී.ටී.ඊ සංවිධානය නැතිකරන්න අපේ වීරෝධාර ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සටන් වදිද්දි චීනය ගොඩාක් උදව් කලා.ඒ විතරක් නෙවෙයි ජිනිවා සමුළුවේදී පවා. (අ)
මට නම් මේ අදහස් දුටුවිට හරියට දුක හිතෙනවා, සමහර ඒවායේ ඇති ස්වභාවය දුටුවහම. (නි)
අමරා,එයාලා කියන්නේ ඔයා අනුන්ගේ දේවල් වලට කන් දෙන කෙනෙක් කියලයි. එයාලා මොනවා කිවුවත් ඔයාට මොකද? චීන්නු ඔයාට තේරෙන භාෂාවකින් කතාකරන්නම ඕනෑද? (නි)
ඉන්දියාව අපට කෙණහිලිකම් කර ඇමරිකාවේ උකුළට වැටුණා නම් අපට ඇයි බැරි චීනය හා වෙළද හෝ සංස්කෘතික සබඳතා පවත්වා ගැනීමට? නමුත් අප එවැන්නක් කළ යුත්තේ ඉතා පරික්ෂාකාරීවය. (නි)
අපේ ගේ ළඟත් ඉන්නවා. එයාලා මොනවා කියනවද කියලා අපිට තේරෙන්නේ නැහැ (නි)
ඔවුන් වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් අපට ඉදිරියේදී කරන්න වේවිද දන්නෙ නැහැ (නි)
70 වෙ දශකයේ ප්‍රථම විධායක ජනාධිපති අතිගරු ජේ.ආර්.ජයවර්දන උතුමාණන් ඇමරිකන් ගැත්තෙකු වූ නිසා ඉන්දියාව ප්‍රභාකරන් කෙනෙකු බිහිකොට පෝෂණය කළා. අද අපි චිනේ ගත්තෙකු වීම තුල ඉදිරියේදී ඉන්දියාව කුමකට සැරසෙයිද ? (නදී)
ඒකත් විකුනණ් කන්නද දන්නේ නෑ හදන්නේ.(නදී)
තව අවුරුදු 10 කින් චීනය ලෝක බලවතා බවට ඉබේම පත්වෙනවා. ඇමරිකාවට වෙන්නේ චීනය කියන විදියට නටන්න. එක නිසා චීන්නු කොච්චර ලංකාවට උදවු කරත් කමක් නැහැ. අනාගතේ සැමටම මෙම ගමන් වල ප්‍රතිපල තේරේවි. (ස)
ලුම්බිණි, අද ඔයාට පොඩ්ඩක් වැරදුනා නේද? (ස)
මේකත් කුමන්ත්‍රණයක් වෙන්න බැරිද ? (ස)
චීන්නු ලංකා වම කොළනියක් කර ගෙන. (ස)
අපි අවංකව ඉන්දියාවට ආදරය කළාට ඉන්දියාව පෙරලා අපට ආදරය කරන බවක් නොපෙනේ. වංක පෙම්වතා චීනය තුරුලට යන්න හිතයි. (ස)
අනාගත ලෝක බලවතා වන චීනය අපට බොහෝ වැඩ දායක වේවි,මීටත් වඩා ඉදිරියට. ලංකාව චීනයෙන් බොහෝ අංශ වලින් යැපෙනවා සේම,අමෙරිකාවත්,ඇතැම් යුරෝපා රටවලුත් සහ ලොව බොහෝ රටවලුත් චීනයෙන් යැපෙනවා,මොන යම් හෝ ක්‍රමයකින්...අනෙක අප සමග යුධ බලවතෙක් සිටීම අප රටට සවියකි. (ස)
ලුම්බිණි, අපි දන්නවා ඔය කවුද කියල, පකිස්ථාන , ඇෆ්ගනිස්ථාන එහෙම නැත්නම් අරාබියෙන් කට්ටිය ඇවිල්ල හිටිය නම් ඔයාලට සන්තෝසයි නේද. (ස)
ලුම්බිණිගේ කතාවෙන් එයා ඉන්නේ චීනයේ බව පෙනෙනවා. (නි)
රටට යහපතක් වන ඕනෑම කටයුත්තකට අපගේ සහයෝගය... (නි)
අපේ ගෙවල් කිට්ටුවත් චීන්නු මහා ගොඩක් පවුල් පිටින් පදිංචි වෙලා ඉන්නවා. සිංහලත් බැහැ ඉංග්‍රීසිත් බැහැ. මොනවා කරනවද දන්නෙත් නැහැ. කාට කියන්නද? (නි)
වීනයෙන් භාගයක්ම දැන් ලංකාවේ (නි)
ලංකාවේ හැමදේම චෛනීස් වෙන එකේ. අපේ ගුවන් හමුදාවත් චීනයට විකුනන්නද කොහෙද ලෑස්ති වෙන්නේ. බලමු. අපේ රටට සුබ අනාගතයක්. (ස)
ඉන්දියාවට මේක ලොකු හිසරදයක් වේවිද ? (ස)