දිවයිනට පැමිණි චීන රජයේ මධ්‍යම ආරක්ෂක කමිටුවේ උප සභාපති ජෙනරල් සුකී ලියෑන් මහතා ඇතුළු ඉහළ පෙළේ චීන දුත පිරිස මහනුවර බලා පැමිණි අතර එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා සිගිරිය කඳවුරේ අණ දෙන නිලධාරී විංග් කමාන්ඩර් චන්න ගුණතිලක මහතා විසින් පිළිගනු ලැබීය.
මෙම පිරිස පෙරේදා ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය චීන වරාය කඳවුරේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකකින් මහනුවර වෙත පැමිණි සිටියහ.
ඔවුහු ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව කටුනායක පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලික කඳවුරට පැමිණියහ.
එහිදී එම කඳවුරේ අණ දෙන නිලදාරී එයාර් කොමඩෝර් සුදර්ශන පතිරණ විසින් පිළිගනු ලැබීය.
අනතුරුව ඔවුහු අංක 05 ප්‍රහාරක ජෙට් බළඝනයෙහිද නිරීක්ෂණ චාරිකාවකට එක්වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු හුඹස් බියක් (අ)
මෙතන රහස් පෙන්වීමක් ගැන වෙච්ච කතාවට හිනා ගියා. අපිට තියෙන අවි ආයුධ ගැන ලිස්ට් එකක් අපිට වඩා හොඳට එයාලා මේන්ටේන් කරනවා ඇති. (නදී)
අනේ මන්ද මේ මිනිස්සු ගොතන කතා, ඔය 5 බලඝණයේ චීනයේ නිෂ්පාදනය උන යානා තියෙනවා. සමහරක් යානා අලුත්වැඩියාවට ඕන වෙනවා. එ්කටයි ඇවිත් ඉන්නේ මේ මහත්වරු. නොදන්නා දේවල් කතා නොකරනවානම් හොදයි. (නදී)
ඉංදියාවේ පාලනය වෙනස් වෙලා ඉදිරි දැක්ම දැන්ම කියන්න බෑ. අපේ විදේශ ප්‍රතිපත්තිය සමතුලිත කරගැනිම ගැන මෙයට වඩා සැලකිලිමත් විස යුතුයි.(නදී)
චීනයට කොපිකිරීමෙන් නිෂ්පාදන දාහක් කළ හැකි වුවත් තවමත් ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා සහ කෆීර් යානා සමග තරඟ කළ නොහැකිය. (ස)
මංජුගේ කතාව නම් සියයට දෙසීයක් ඇත්ත. මේ ඇත්ත නොදන්නා අය තමයි හිතන්නේ මේව ඇතුලේ යුද රහස් තියෙනවා කියල. එහෙම නම් ඒ යුද රහස් කොපමණ පොන්සේකා මහත්තය කොපමණ දන්නවා ඇද්ද. (අ)
ඔය අංක 5 බලගණය අපේ ගුවන් හමුදාවේ පරණම බලගණයක්. එක අක්‍රිය වෙලා නැවත පිහිටෙව්වේ අපේ හිටපු ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මැතිතුමා එයාගේ තරුණ කාලේ. එකේ මුලදී සමන්විත වුනේ චීනයේ නිෂ්පාදිත F-7 (J -7) යානා වලින්. පසුකාලීනව වෙනස්කම් වලට භාජනය වුනත් නැවතත් එය චීනයේ නිෂ්පාදිත F-7 (J -7) යානා වලින් සමන්විතයි. මෙම යානා නැවත අලුත්වැඩියා කරන්න සාකච්චා කරන්න වෙන්න ඇති මෙතුමා එන්න ඇත්තේ. (අ)
අනේ ඹයාලා සන්ඩු නොවි ඉන්න චිනෙන් එනවිට ඉන්දියාව අපිට රවනවා.(නදී)
දිනේෂ් මහත්තයෝ ඕක විකිලීක්ස් එකේ දාන්න තරම් වැදගත් රහසක් නෙමෙයි. විකිපීඩියා එකේ ශ්‍රී ලංකා එයා ෆෝස් ජෙට් ස්ක්වෙඩ්රන් කියලා බලන්න. (නදී)
අරවින්ද මහත්මයෝ විකිපිඩියා නෙමෙයි විකිලීක්ස්.(නදී)
චීනය අපිට කොච්චර හිතවත්ද කියල බලන්න ඕන නම් දලයි ලාමාට අපේ රටට ඇවිත් යන්න කියල පොඩි ආරාධනාවක් කරලා බලන්නකෝ. මොකද එතුමා කීප වතාවක් කිව්වා දළදා මාලිගාවට ඇවිත් යන්න ආසයි කියල. (අ)
අනේ ඔය සීතල යුද්ද කාලයේ හදපු පරණ මිග්, කෆීර්, ෆ7 ටික පෙන්නුවා කියලා මොකද. අනික විකිපීඩියා එකේ ඔය විස්තර ටික තියනවනේ. (අ)
මේ අයට අපේ රටේ ආරක්ෂක රහස් තිබෙන තැන් පෙන්වන එක සුදුසුද? (නි)
අහිංසාගේ අදහසට අපි එකඟයි (අ)
ඒ මහත්වරු ආගමික ස්ථානයට යනවිට සුදු ඇඳුමින් ද අනිත් තැන්වල දී නිළ ඇඳුමින් ද සිටින බව පෙනේ. අපේ අය නම් .... (ස)
ඉන්දියාව ඇමරිකාව සමඟ ඉන්නාතුරු චීනය අපිට උදවු කරනවා.අධිවේගී මාර්ග ,කාපට් පාරවල් කොහෙද චීනය නැත්නම්? (නි)
අම්මෝ ...ලතා දන්නා දේවල් ...(ස)
ලංකාව දැන් චීනගේ කොලනියක් ද. මංජුගේ කියමන හරි.(නදී)
චීනෙන් ගෙනාපු ජෙට් ටික තියෙනවද බලන්න එන්න ඇත්තේ. චීනයට හංගන්න රහස් නැහැ ලංකාවේ. (නදී)
අපි චිනෙට රට විකුණලා. මොන රහස්ද? (ස)
ඔබගේ දැන ගැනීම පිණිස, නො 5 ජෙට් බලගණය චීනයේ නිෂ්පාදිත f -7 ප්‍රහාරක යානාවලින් සමන්විතය. එම යානා චීනයේ තවමත් ප්‍රධාන ප්‍රහාරක ගුවන් යානාවක් ලෙස භාවිතා වේ. (ස)
රහස් කිව්වේ ජෙට් බලසේනාවද? බයවෙන්න එපා. අවුරුදු 20-25ක් පරණ කෆීර් ටිකයි පරණ මිග් 2-3 පෙන්නුවට චීන්නු බයවෙන්නේ නැහැ. (ස)
අහිංසා කියන එක හරි. අපේ රහස් පෙන්නන්න එපා (ස)
අහිංසා, ඔයාගේ අහිංසක සැකය සාධාරණයි.. එත් චීනෙන් කාල බීල චීන අාධාර වලින් ජීවත් වෙන අපිට ඔය ටික පෙන්නුවට මුකුත් වෙන්නේ නැහැ මොකද කවදාහරි ඉන්දියාව හා චීනය අතර යුද උණුසුමක් වර්ධනය උනොත්, අනිවාර්යෙන් අපි චීනෙට උදවු කරන නිසා.