IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


චීන සමාගමට රතු එළියක්

මාතර - කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස ඉදිකෙරෙන මාතර - බෙලිඅත්ත කොටසේ ඉදිකිරීම්වල ප්‍රගතිය මසක් ඇතුළත සියයට 25 කින් ඉහළ නැංවීමට කටයුතු නොකළහොත් සමාගම පිළිඹඳ තීරණයක් ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම චීන සමාගමට දැනුම් දී ඇත.

බෙලිඅත්ත දක්වා ඉදිකිරීම් ලබන වසරේ ජූලි මස 31 වැනිදා වන විට අවසන් කළ යුතු වුවත් තවමත් මෙහි ඉදිකිරීම්වලින් සියයට 60 කටත් වඩා නිමකර නැතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

මසක් ඇතුළත අවම වශයෙන් මෙම ඉදිකිරීම්වලින් සියයට 65 ක් දක්වාවත් අවසන් කළ යුතු බව දැනුම්දී ඇති ඇමැති එම සමාගමේ සභාපතිව වහාම මෙරට කැඳවන ලෙසද අමාත්‍යංශ ලේකම් නිහාල් සෝමවීර මහතාට උපදෙස් ලබාදී ඇත.

මාතර - කතරගම දුම්රිය මාර්ග ව්‍යාපෘති කාර්යාලයේදී අද (20) පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී චයිනා ඉන්ටර්නැෂනල් මැෂිනරි ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝර්පරේෂන් සමාගමට ඇමැතිවරයා මෙම දැනුම්දීම කළේය.මෙම සමාගමට දුම්රිය මාර්ග ඉදිකිරීම පිළිඹද පළපුරුද්දක් නොමැති බවද සඳහන් විය.

දුම්රිය මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් වල ඵලදායීතාව සළකා බලා තීරණයක් ගන්නා බව ඇමැතිවරයා කීය.

මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 2013 වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කර ඇති අතර ඒ සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුව අනුමත කර ඇති මුදල ඇමරිකා ඩොලර් ලක්ෂ 1780 (රුපියල් 25,007,220,000) කි.නමුත් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් ඇමරිකා ඩොලර් ලක්ෂ 2780 (රුපියල් 39,056,220,000) ක් එම සමාගමට ලබාදී ඇත.මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.



අදහස් (0)

චීන සමාගමට රතු එළියක්

දොන් Monday, 21 September 2015 07:14 AM

හොරාගේ අප්පච්චිගෙන් පේන ඇහුවා වගේ !! (බ)

:       0       0

මංජුල Monday, 21 September 2015 07:31 AM

තාක්ෂණික කමිටුවෙන් රු. 25,007,220,000/-, කැබිනෙට් එකෙන් රු. 39,056,220,000/-. වැඩිපුර රු. 14,049,000,000/- (කෝටි 1405/-) අනේ මන්ද කවදා රට හැදෙයිද? (බ)

:       0       0

රත්නායක Sunday, 20 September 2015 02:54 PM

තරහ ගිහින් වගේ (ම)

:       0       0

ගයාන් Monday, 21 September 2015 08:32 AM

හොඳ කුට්ටියක් කඩා ගන්න යන්නෙ (බ)

:       0       0

සිල්වා Monday, 21 September 2015 08:56 AM

මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 2013 වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කර ඇති අතර ඒ සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුව අනුමත කර ඇති මුදල ඇමරිකා ඩොලර් ලක්ෂ 1780 (රුපියල් 25,007,220,000) කි.නමුත් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් ඇමරිකා ඩොලර් ලක්ෂ 2780 (රුපියල් 39,056,220,000) ක් එම සමාගමට ලබාදී ඇත. (අ)

:       0       0

දේවිින්ද Sunday, 20 September 2015 04:54 PM

කලබල වෙන්න දෙයක් නෑ..ඕක තිබූ සාමාන්‍ය සම්ප්‍රදාය ..(ම)

:       0       0

සාලිය Monday, 21 September 2015 12:00 AM

මෙයාට නින්ද ගිහින් නේ හිටියේ (ම)

:       0       0

ඉමේෂ් Monday, 21 September 2015 01:28 AM

අන්න නියමයි. ඔහොම ඉන්නවා නම් දෙන්න බැරියේ ජන්ද ඕනේ තරම්.(ම)

:       0       0

දුමින්ද Monday, 21 September 2015 03:58 AM

එදා ගත් තීරණවල සාමූහික වගකීම අදාල නැද්ද ? (ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 21 September 2015 04:23 AM

ඇමතිතුමනි, නිවැරදිව දකිමින් ,සිතමින් අවංකව වැඩ කරන්න මානසික නිදහස ලැබුන බවද ඔබ කියන්නේ. අපේ ආශිර්වාදය සමග ඔබට ජය. (අ)

:       0       0

සුසන්ත Monday, 21 September 2015 04:34 AM

පහුගිය කාලයේ මහින්ද ලොක්කා ඔය කටවල් වලට ඉබ්බෝ දාලා යතුර අතේ තියගේනනේ හිටියේ. ඔය ඇමතිවරුන්ට බැනල වැඩක් නැහැ. හැමදේකටම වග කියන්න ඕන රජ පවුල. (බ)

:       0       0

විජිත Sunday, 20 September 2015 01:33 PM

ඔහොම තමයි ඉන්න ඕනෑ (නි)

:       0       0

නිවන්තක Sunday, 20 September 2015 01:36 PM

අන්න නියමයි (නි)

:       0       0

හේමන්ත Monday, 21 September 2015 06:59 AM

වැඩේ ඉවර වෙන්නත් කලින් සම්පුර්ණ මුදල දෙන්න ඕනෙද ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 107 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 368 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 520 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 76 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 453 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 371 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14546 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site