පානීය ජලය ඉල්ලු වැලිවේරිය රතුපස්වල ජනතාවට වෙඩ් තබා තිදෙනකු මරා දැමීම වැනි දේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නොවිය යුතු යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය රතුපස්වලදී පැවසුවාය.
වැලිවේරියේ දී මියගිය අකිල, රවිශාන් සහ නිලන්තට පින් අනුමෝදන් කිරීම සඳහා රතුපස්වල ගල්ඔලූව සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේදී පැවැති පින්කමට ඕ සහභාගී වුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපිල. ඇයි,දැන් කාලේ කරන ප්‍රජාතන්ත්‍රවාදී වැඩ ගැනත් පොත් 10,000 ක් වුණත් ගහන්න පුළුවන්.(අ)
කවුරු ආවත් වෙන්නේ එක දෙයයි (නි)
අතිගරු පාප් වහන්සේ ලංකාවට පැමිණි දවසේ, උතුරට කොටු කර සිටි සියලුම කොටි සාමාජිකයන්ට ආරක්ෂක ගේට්ටු හරහා පරීක්ෂාවකින් තොරව කොළඹට එන්ට ඉඩ සැලස්සුව ඒ කාලය අපට තවම මතකයි (නි)
බන්දුල ගේ කට කහනවාලු. පහුගිය කාලේ කියපු කරපු දේවල් වලට කට යහතින් තිබෙන එකයි පුදුම (නි)
චන්ද්‍ර ලේඛාගේ කොණ්ඩෙ නොමිලෙම කපල දුන්නට හැම කෙනාම ඹබතුමියට පින් දෙනව. මොකද ඇගේ බෙල්ල කපන්නෙ නැතුව කොණ්ඩය පමණක් කපල නතර වුන ඒක ගැන. (අ).
රටට ජාතියට ආගමට මහත් ආදරේ ඇති කෙනෙක්. ඔහොම යමු (නි)
ලෙස්ලි මහත්තයා, මම දරන්නෙත් ඔය අදහසම තමයි. (නි)
බුදු සරණයි! (නි)
දැන් කාලේ සමහරු සමග බලද්දී එතුමියට ලැජ්ජාව තිබුණා (නි)
ගිය එක හොදයි (නි)
මගේ අවුරුදු 50 කාලය තුල මෙතරම් ,බඩුමිල,දූෂණය,මැරබලය ඉහළ ගිය කාලයක් දැකලා නැහැ.අනේ රටට ගිය කලක්!,හැබැයි මතක තියාගන්න ,රජකම් කෙරුවත් කළකම් පලදේ. (නි)
කොතනින් පටන් ගන්නද නේද මැ ඩ ම් ? (අ)
ඔබ තුමියගේ කාලයේ යම් තරමකට ප්‍රජාතන්ත්‍රවාදය තිබුනා එහෙත් ඔබතුමියට කරන්න තිබුණු බොහෝ දේවල් ඔබ කලේ නැහැ. ඒක තමයි කියන්නේ බලය තියෙනකොට මොලය නැහැ මොලය තියෙනකොට බලය නැහැ කියල. රතුපස්වලට ගියාට කමක් නැහැ බොර දියේ මාළු බාන්න නම් එපා.(අ)
එහෙම තමා.මේක දේසපාලන සංස්කෘතිය. අපිට මේවා වෙන කරන්න බැහැ. කව්රු කළත් වැරැද්ද වැරැද්දමයි. එදා සිටම හැම නායකයෙක්ම හොදක් කරලා තිබෙනවා. ඒ වගේම නරකත් ගොඩක් කරලා තිබෙනවා (නි)
පරක්කු වැඩි නැද්ද ගියා
ඔබ තුමිය තවමත් බලයේ ඉන්නවා අර නළුවෝ ලංකර ගත්තේ නැත්නම්.... (දී)
මෙතුමියගේ කාලයේත් වැරදි වෙන්න ඇති. නමුත් පළාත් සබා මන්ත්‍රීවරුන්ට ගුරුවරු දණගස්සන්න මෙතුමිය ඉඩ තිබ්බේ නැහැ. ඥාති මිත්‍රාදීන්ට රටේ දේපල ටික බෙදලා දුන්නෙත් නැහැ. අද එතුමියට බනින උදවියට තව අවුරුදු දහයකින් හිතේවී චන්ද්‍රිකා දහස් වරක් හොඳයි කියලා. (නි)
ජයසිකුරුයි කියපු ඒ අතීතය අපට මතකයි (නි)
හිටපු අයත්, ඉන්න අයත්, එන්න හදන අයත් සේරම එකයි මට නම්. කිසිම වෙනසක් නැහැ. අපේ පුංචි රටට හොද එක රජ කෙනෙක් විතරයි. (නි)
මැඩම් ඉන්න කාලේ මෙතරම් වංචා, දුෂණ භීෂණ සිද්ධ වුනේ නැහැ. අද ඉහළ තැන්වල භීෂණය, දුෂණය, කොමිස් ගැහිල්ල රජවෙලා! මේවා කාට කියන්ඩද මන්දා. (ස)
හුගක් අයට හරියට ලෝකේ පෙන්නේ බලේ නැතිවුනාමයි. ගිහිල්ල අවුස්සන්නේ නැතිව ප්‍රශ්නේ ට විසදුමක් ගැන කතා කලානම් වැඩක් වෙන්න තිබුනා. හාමුදුරුවොත් එක්ක එක ආසනේ ඉඳගන කතාවක් දැම්මට මිනිස්සුන්න්ට තියෙන වැඩේ මොකක්ද (දී)
බන්දුල පෙරේරගෙ කට කහන්නෙ මෙතෙක් කියපු කුප්ප කතා වලට කටේ හොරි දාලා.(නදී)
ඔබතුමිය නේද පාන් 3.50 ට දුන්නේ එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කරනවා කියල ජනතාව රැවැට්ටුවේ.(නදී)
රෝයල් ෆැමිලි එකක්. මම කැමතිම ජනාධිපතිනිය ඇයයි. ඇය ඉන්න කාලේ මට බැංකුවේ ණයක් සම්බන්දව උදව් කළා.(නදී)
චන්ද්‍රිකා මැතිනිය හිටියා නම් ප්‍රභාකරන් මෙහෙ රජ වෙලා.. (ස)
දේශපාලනය කියන්නේ අමු ගු ගොඩක්.(නදී)
බන්දුල පෙරේරා 2013-08-21 14:45:58 කට කහනවා කහනවා වගේ. ඒ වුනාට මේ ගැන කියලා වචන නාස්ති කරගන්න එක අපරාදේ.මෙතුමියගේ කාලේදී කඩේ ගිය කියල දැන් වගේ මාසේ අන්තිමට වැටුපක් ලැබෙන්නේ නැහැනේ. (දී)
අනේ මැඩම් ,ඇපල් මිදී ටිකක් අරන් රූකාන්ත චන්ද්‍රලේක බලන්න ඒ ගෙවල් පැත්තේ ගියේ නැද්ද. (දී)
ගම්පහ මිනිසුන් කාපු පරිප්පුව ඔබ ඉදිරියටත් එන බව සිහියේ තබා ගන්න. fm
"රතුපස්වල ප්‍රහාරය පිටුපස තිබෙන නියම දේශපාලන කතාන්දරය මේ.....වෙඩි තිබ්බේ මිනිස්සුන්ට නෙවේ .....
බණ්ඩාරනායක වරු කියන්නේ ජනතා සේවය වෙනුවෙන් තමන්ගේ දනය දේපල පරිත්‍යාග කල පරම්පරාවකින් පවත ගෙන අයයි
සමන් රොහාන් රණසිංහ දේශපාලනය කියන්නේ අමු ජරා ගොඩක් (දී)
සමගි පක්ෂ සමග එකතු වෙන්න (නි)
අපේ රටේ වැඩිම සංවර්ධනයක් සිදු වුනේ මෙතුමියගේ කාලේ කියලා කවුරුත් පිළිගන්නවා,වංචා දුෂණ අඩුවෙන්ම සිදු වුනෙත් ඒ කාලේ,පොඩි පොඩි අඩුපාඩු තිබුනත් ඒ කාලේ ඉතාම හොද යුගයක් (නි)
අපේ රටේ සමහරුන්ට ලැබෙන ජනාධිපතිකම හරියට "ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස්" කතාවෙ මුද්ද වගේ. දැක්කම පොරකාගෙන අයිතිකරගන්න දුවනවා. දාගත්තට පස්සෙ තමුන්ට තමුන් කවුද කියලා මතකත් නැහැ, ලැබුනු බලය පාලනය කරගන්නත් බැහැ. (නි)
අපේ රටේ ප්‍රථම ජනාධිපතිනිය තනතුරට පත් වු ප්‍රථම කාන්තාව මෙන්ම අවසාන කාන්තාවත් ඇයම වේවිවිද? (නි)
ඒ කාලේ කරපු වැඩවල ප්‍රතිපල දැන් තමයි එන්නේ. (නි)
බණ්ඩාරනයකලට නිගාවෙන විදියට කතාකරන්න එපා. වැටිලා හිටිය සිංහලයට නියම තැන ආවෙ එයාලා නිසා. වර්තමාන පරම්පරාව හරියට දැනුවත් කළේ නැත්නම්, තව කලකින් ඊළග පරපුර දොස් තියයි පවතින රජයත් රට විනාශ කළාය කියා. ඉතිහාසය විසින් එය ඔප්පුකර ඇත. (නි)
ඔබතුමිය හරියටම හරි (නි)
අකුරැස්සේ රංජිත්, අම්මප ඇත්ත නේන්නම්, මේ එයානේ. (ස)
දැන් ප්‍රමාද වැඩි ඔබතුමිය ජනතාවට පොරොන්දු වෙච්ච විදියට විධායක ජනාධිපති ධුරය ඉවත් කර පාර්ලිමේන්තුවට බලය දුන්නනම් මේ වගේ සිදුවීම් වෙන්නේ නැහැ නේද ? (ස)
මාළුවෙක් දෙන්නෙක් බාගන්න වෙන්නැති......(ස)
චන්ද්‍රිකා මැතිනියගේ අඩුපාඩු ගොඩක් තිබුනත්, හිටපු නායකයෙක් විදිහට රටේ ප්‍රශ්න ගැන කතා කරන එක හොඳයි. (ස)
මේ අපේ කලින් සිටි ජනාධිපතිනිය නේද? (නි)
දැන්නම් පෙනුම හරිම වෙනස් (නි)
කමල්, මටත් අහන්න තියෙන්නේ ඒකම තමයි (නි)
ඒ කාලේ මිනිස්සු දම්මලා අර දෙන්නගේ කොන්ඩෙ කපපු එක ප්‍රජාතන්ත්‍රවාදීද? (ස)
අර ගායකයාට සහ ගායිකාවටත් සිදුවුණ දේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක විය යුතුයි කියලා කිව්වාද මෙතුමිය. (ස)
මෙතුමිය නිසා තමා ලංකාවේ ආමි එක බේරුනේ. ඒවා අමතක කරන්න එපා. (ස)
එතුමියගේ කාලයේත් ආණ්ඩුව විසින් සමාජය තැලෙන වැඩ කළා, නමුත් මේවගේ නරක කාලයක් නම් කවදාවත් තිබුනේ නැහැ. අවුරුදු තිහක යුද්ධයෙන් පස්සේ හිතේ සතුටෙන් ඉන්න අපි කොච්චර ආසාවෙන්ද හිටියේ. (නි)
ආණ්ඩු පක්ෂයේ හැර වෙන මොන පක්ෂයක කෙනෙක් ඒ මිනිස්සුගේ දුක සැප බලන්න ගියත් අපේ ඉන්න සමහර මෝඩයන්ට ඒක පෙනෙන්නේ බොර දියේ මාළු බෑමක් හැටියට. විපක්ෂ වල මිනිස්සු ඕවට නොගිහින් හිටියොත් කියන්නේ විපක්ෂේ මොනවත් කළේ නැහැ මග අරිනවා කියලා. හරිම සම්ප්‍රදායික මෝඩ කතා. (නි)
මේ ගිය ගමන අගය කළ යුතුයි. (නි)
අනේ දැන් එතුමිය වයස පාටයි ටිකක්... (නි)
ඇයි අපේ මිනිස්සුන්ට හැමදේම අමතක වෙන්නේ? (නි)
ඒ කාලේ කරපු ප්‍රජාතන්ත්‍රවාදී වැඩ ගැනත් පොත් 100 ක් වුණත් ගහන්න පුළුවන්. (නි)
බොර දියේ මාළු බා ගන්න ඇවිත්. (ස)
රතුපස්වල ගියාට කමක් නැහැ. නමුත් තිබහටවත් වතුර එකක් ඉල්ලන්න එපා. දන්නවනේ මොකක්ද ලැබෙන්නේ කියලා.
ඔබතුමියගේ කාලයේත් වැරදි අඩුපාඩු වුනා. එහෙත් අවුරුදු 30 කට අඩු මගේ ජීවිත කාලයේ දැකපු හොදම කාලය ඔබේ රාජ්‍ය පාලන කාලයයි. දේශපාලන දැනුමක් මට නැහැ. ඔබ දුටුවම අදටත් මගේ හිතට නම් යම් රැකවරණයක් දැනෙනවා (නි)
දෙනෙත් ඔබගේ කතාව ඇත්ත. ප්‍රාදේශීය දේශපාලකයන් ඒ කාලේ ජනතවට තර්ජනය කලේ නැහැ. නමුත් මෙතුමිය 90 දශකයේ මුල ඉදන් පොරොන්දු වුණා විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. මමත් එම නිසා මෙතුමියට ඡන්දය දුන්නේ. මෙතුමියට අවංකවම ඒක කරන්න තිබුනා. 1995 එහෙම කලානම් ව්‍යවස්තාව වෙනස් කරන්න අවශ්‍ය බහුතරය මෙතුමියට තිබුනා. නමුත් මෙතුමිය ඒක කලේ නැහැ.මට නම් මෙතුමිය ගැන තිබුණ විශ්වාසය නැතිවුණා (නි)
එතුමිය බලයේ සිටින කල කරන වැරදි ඉස්මතුක රනවා නොවේ. (මෙය එතුමියට පමණක් නොව හැමටම අදාලයි) ප්‍රථමයෙන් කළ වැරදි වලට සමාව ගන්න. දෙවනුව කඳුලු හෙලන්න (නි)
දැන් තමා හැමදේම මතක් වෙන්නේ. (නි)
කව්රු බලයේ සිටියදී සිදුවුවත් වැරැද්ද වැරැද්දම තමයි.එතුමියගේ කාලෙ සිදුවුණු වැරදි දැන් ඉස්මතු කරන අය මේ කරන්නේ දැන් සිදුවෙන වැරදි සාදාරනිකරණය කිරීමයි.මෙහෙම කතා කියන අයට මීලගට පත්වෙන රජයේ වැරදි වලට විරුද්ධ වීමට සදාචාරාත්මක අයිතියක් තිබෙනවද?අපි සියලු දෙනාටම එකතුවෙලා වැරැද්දට එරෙහි වීමට හැකි දවසක් උදාවෙනතුරු අපේ රටට දෙවියන්ගේම පිහිටයි. (නි)
ඇයි කමල් එහෙම කියන්නේ ? නොමිලේ ගෙදරටම ඇවිල්ලර කොන්ඩේ කපලර දෙන එක මොන තරම් වටිනවද ..කොච්චර පහසුවක්ද ? (ස)
සමන් මහත්තයා නොදන්නා දේවල් කියන්න එපා. (නි)
කට කහනවා කහනවා වගේ. ඒ වුනාට මේ ගැන කියලා වචන නාස්ති කරගන්න එක අපරාදේ. (නි)
වෙන දේවල් දිහා බලනකොට මෙතුමිය හොදම හොදයි. (නි)
අයියෝ! මැඩම් ඔතනට එන්න ප්‍රමාද වුණා වැඩිද මන්දා? (නි)
පින් සිදුවේවා (නි)
ප්රජාතන්ත්රවාදී රටක නම් මෙවැනි දේ නොවිය යුතුයි තමා.නමුත් නිතරම වගේ අහන්න,දකින්න ලැබෙන්නේ මෙවැනි දේවල්නේ.අපේ ව්‍යවස්ථාවේ නම් ප්‍රජාතන්ත්‍රවාදී,සමාජවාදී කියලා තියෙනවා.නමුත් රටේ ක්‍රියාත්මක වෙනවද කියන එක තමා ප්‍රශ්නය. (නි)
මෙතුමිය මේ විදිහට මිනී මැරුවේ නැහැ. ද සිල්වා බෙර්ලින්, එතුමිය 2000 අවුරුද්දේ ගෙනාපු ව්‍යවස්ථාව සම්මත වුනානම් මෙලහකට විධායක ජනාධිපති ධුරය නැහැ (නි)
එක වෙලාවකට හිතෙනවා මේවට අදහස් දාන අපිටද පිස්සු කියලා (නි)
මෙතුමිය හිටියා නම් කවදවත් මේ වගේ දෙයක් වෙන්නේ නෑ. (ස)
හන්තානෙට පායන සඳ ලස්සනයිද බලන්ඩ.. (ස)
ආපු එක හොඳයි.හමුදාව එවන්න අණ දුන්නේ කව්ද අහන්න. (ස)
මැඩම් ඇයි මෙච්චර වේලාසනින් ඕක කීවේ ? (ස)