පිටපත් රචකයෙකු හා සිනමාකරුවෙකු වන කැලම් මැක්රේ ශ‍්‍රී ලංකා රජය හා හමුදාව දැඩි ලෙස විවේචනයට බඳුන් කරමින් 2009 යුද්ධයේ අවසාන කාලයේ සිදුවීම් ‘ගිනි නොබෙඳෙන ඉසව්ව‘ නමින් වාර්තාමය චිත‍්‍රපටයක් නිර්මාණය කර තිබේ.
මෙම චිත‍්‍රපටය සඳහා මුදල් ලැබී ඇත්තේ දෙමළ ඩයස්පෝරාව සමඟ කටයුතු කරන සමහර එංගලන්ත පාර්ලිමේන්තුවේ ප‍්‍රධානීන්ගෙන් මෙන්ම ව්‍යාපාරිකයින්ගෙන් බවද වාර්තාවේ.
පැයක පමණ කාලයක් දිවෙන මෙම වාර්තාමය චිත‍්‍රපටයට, පසුගියදා වඩාත් ආන්දෝළනයට බඳුන්වූ චැනල් 4 හී ප‍්‍රදර්ශනය කළ එහෙත්, ශ‍්‍රී ලංකා රජය ප‍්‍රතික්‍ෂෙප කළ, ශ‍්‍රී ලංකා හමුදාවෙන් යැයි කීය. කෲර ඝාතනයන් ඇතුළත්කර තිබෙන අතරම, ඒවා ලබාගෙන තිබෙන්නේ, දැනට ස්විසර්ලන්තය, කැනඩාව, එංගලන්තය සහ තවත් එවැනි රටවලට ගොස් සරණාගත භාවය අයදුම්කළ හමුදා නිළධාරීන් සතුව තිබූ ජංගම කැමරා දුරකතන වලින් බව අධ්‍යක්‍ෂකවරයා ගාඩියන් පුවත් පතට පවසා ඇත. යුද්ධයේදී 70000 සාමාන්‍ය දෙමළ ජනතාව මැරුම් කෑ බව මේ චිත්‍රපටය කියයි. ශ්‍රී ලංකා රජය එය ප්‍රතික්ෂේප කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකිරි බංඩා ඇත්ත කියලා.(නදී)
සන්ඬේ ලීඩර් පුවත්පතේ සම කතෘ මන්දනා ස්මයිල් අබේවික‍්‍රම එල්ල වූ වදහිංසා,අඩන්තේට්ටම් පිළිබඳ අන්තිමට හොරු ටික ඇල්ලුවත් පරික්ෂණයක් නැහැ නේද? (නි)
මේවායේ අවසානයක් තිබිය යුතුයි (නි)
චැනල් 4 මැක්රේව දමිල අය ලස්සනට මෝඩයා කරනවා (නි)
බණ්ඩාර ,ලෝකයේ මානව හිමිකම් කියලා දෙයක් තිබුන නිසා තමයි අද අපි මෙහෙමවත් ලංකාවේ පය ගහලා ජීවත් වෙන්නේ. නැත්නම් බලන්න තිබුනා අපිට වෙන දේ (නි)
පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මෙයාගේ අලුත් ෆිල්ම් එකේ නමින් තව ෆිල්ම් 10ක් 15ක් සාදා යු ටියුබ් එකට දාන්න. එතකොට 'සර්ච්' කරන අයට සැබෑ තත්ත්වය පෙන්නන්න පුළුවන් (නි)
රතුපස්වලට බයිස්කෝප් එකක් හදනව නම් ප්‍රධාන නළුවට ගන්න වෙන්නෙ බන්දුල පෙරේරව.(නදී)
මම ඔබේ වාර්තා චිත්‍රපට රස විඳින සහ ඒවා අගය කරන ලංකාපුත්‍ර වෙමි.ඔබේ නිර්මාණ වල අවශ්‍ය කරුණු ඉදිරිපත් කිරීම සහ ඒවා සංයමයෙන් යුතුව පෙළ ගැස්ම (සංස්කරණය )ඉතාම ඉහළ මට්ටමක පවතිනවා.නිර්මාණකරුවෙකු ලෙස තව තවත් හරවත් නිර්මාණ කරන්නට ඔබට වාසනාව උදාවේවා! (නි)
එදා රතුපස්වල නිරායුධ මිනිස්සුනට අමානුෂිකව පහරදීම සංවේදී කිසිවෙකුත් අනුමත කරන්නේ නැත. සිංහල අපිට අපේ ජීවිත පිළිබඳව කැක්කුමක් වේදනාවක් දැනෙනවා සේම දමිල අයටත් එම වේදනාව දැනෙනවා. නිකමට හිතුවොත් මෙච්ච්රකට අච්චර නම්, අච්චරකට කොච්චරද ?කියල උතුරේ තත්වය ඔබට හිතාගත හැකිවේවි. ඒ කියන්නේ රතුපස්වල වතුරට මෙච්චර නම්, උතුරට කොච්චරද?කියා නිකමට සිතා බලන්න.(නදී)
අනේ මේ අධ්‍යක්ෂකට අපිව පොඩ්ඩක් හම්බවෙන්න කියන්න බැරිද? ඇයි අපේ රජයට මෙයාට විරුද්දව නඩු පවරන්න බැරි.(නදී)
මෙයාට බනින්න ඉස්සෙල්ලා අපි බනින්න ඕනේ, අපේ සමහර සිංහල අය වෙන රටවල් වල ඉඳගෙන, ලංකාව ගැන කිසිම ලෙන්ගතුකමක් නැතුව වැඩ කරනවා. ලංකාවේ ඉඳන් ලංකාව පාවාදෙන මේ අය තමයි ලංකාව නැතිකරන්නේ, අපි ඉස්සෙල්ල ඔවුන්ව හොඳට හඳුනාගත යුතු වෙනවා.(නදී)
ලුම්බිණිගේ කතාව හරියටම හරි (නි)
ඉස්සර අපි කට ඇරන් යුද්ධය ගැන බලද්දී, ඒ ගැන තොරතුරු දුන්නු දේශප්‍රේමී මාද්‍යෙව්දියත් ලැප්ටොප් 4-5 හොරකම් කරගෙන යද්දී මාට්ටු වුනා. දේශප්‍රේමී නිසා බේරුනා. එම පුද්ගලයා සියලු තොරතුරු ජාත්‍යන්තරයට විකුණුවා.(නදී)
රාධා, සිංහල නිරායුධ මිනිසුන්ට චට පට පට ගාලා වෙඩිතියන්න පුළුවන් කියලා අපි වීඩියෝ වලින් දැක්කනේ. ඉතින් දමිල මිනිසුන් ගැන කුමට කතාද? (නදී)
යූ ටියුබ් එකේ තිබෙන "රතු පස්වල මිනිස් සංහාරය " වීඩියෝ එක බලද්දී අපිට හිතෙන්නේ එල්.ටී.ටි ය සමග යුද්ධ කරනවා වගේ අසරණ නිරායුධ මිනිසුන්ට ඩෝන්, ඩෝන් ගාලා හමුදාවෙන් වෙඩි තියනවා. එහෙම අසරණ නිරායුධ මිනිසුන්ට වෙඩි තියන්න ලෝකයේ කොහෙම රටකටවත් ඉදක් නැහැ. අනිවාර්යෙන්ම ඒ ගැනත් ජාත්‍යන්තර පරික්ෂනයක් අද නැතත් අනාගයේදී එනවා. ගොනා බැදී කරත්තය පසු පස එනව වගේ දඩුවමත්.(නදී) අනිවාර්යෙන්ම ලැබෙනවා.
මොනවා උනත් සුද්ද අපි ගැන අපේ රට ගැන සොයා බලන එක හොඳයි. සොයා බලද්දිත් මෙහෙම නම් සුද්දත් අහක බැලුවනම් දැන් අපිට කන්න වෙන්නේ පොළොවේ පස් තමයි. මිනි කදු තියේවි. රතුපස්වලට ලැබුණු ප්‍රතික්‍රියාව අනිත් ගම් වලටත් අඩුවක් නැතුව ලැබේවි.(නදී)
මේ අධ්‍යක්‍ෂකවරයා කියන විදියට පින්තුර ලබාගෙන තිබෙන්නේ, දැනට ස්විසර්ලන්තය, කැනඩාව, එංගලන්තය සහ තවත් එවැනි රටවලට ගොස් සරණාගත භාවය අයදුම්කළ හමුදා නිළධාරීන් සතුව තිබූ ජංගම කැමරා දුරකතන වලින්. ඇත්තටම බැලුවොත් මේවා බොරු නම් කොහොමද හිටපු හමුදා නිලධාරීන්ගේ ළඟ තිබෙන්නේ? (නදී)
දැන් ඉතින් කරන්න තියෙන්නේ පසු ගිය කාලේ සංවේදී වචනය ජප කල වරප්‍රසාද බලා ගෙන කඩේ ගිය නලා කාරයන්ට කියල අරන්තලා භික්ෂු ඝාතනය, දලදා මාලිගවාට බෝම්බ ගැසීම,ශ් රීමහා බෝධියට බෝම්බ ගැසීම ඇතුලත් චිත්‍ර පටයක් කරන එක. ආ ..ඒක කරන්නත් බෑනේ එකේ වග උත්තරකරුවෝ දැන් අපේ ගජ යාළුවොනේ.(නදී)
මේ චැනල් 4 නාලීකාව මුලු ලෝකෙටම පටිටපල් බොරු ගොතන නාලිකාවක්. ඩයස්පෝරාව අහිංසක මිනිසුන්ගෙන් ගන්න කප්පමි මුදල් මේ චැනලය කරණ නින්දිත ක්‍රියාවට යොදාගන්නේ මේ සුද්දන්ට මුදල් විතරක් නොව ගෑනුත් දීල තමයි මේ අසික්කිත අපහාසය ගොතන්නේ. එන්ගලන්තය තරම් මානව හිමිකමි උල්ලන්ගනය සහ මංකොල්ල කාපු වෙනත් රටක් නැත.(නදී)
රත්නමාලී මසුරන් කියමනක් කියලා තියෙන්නේ දාන්න හිතෙනවා කටට මොනවා හරි දෙයක් සුප්පා සුප්පා ඉන්න.(නදී)
කියන්න දෙයක් නැහැ. සුද්ද හෙට අනිද්දා රතුපස්වල කියලත් ෆිල්ම් එකක් ගහයි. ප්‍රදාන නළුවා සිරිදම්ම හම්දුරුවෝ. පිටපත රතු මල්ලිලාගෙන්. මාධ්‍ය අනුග්‍රහය........////?? කියන්න බැහැනේ ..කිව්වොත් මේ කොමෙන්ට්ස් එක දාන්නෙ නැහැ.(නදී)
ලංකාව තුල දී නම් දේශ ද්‍රෝහී රාමුවට අනුව උස්සගෙන පාලු පාරක අත පය කඩල නැතිනම් සදහටම නිහඩ කරලා දාන්න තිබුනා.(නදී)
ඩී.උපුල්, යුද්ධයක් කියන්නේ එසේ මෙසේ දෙයක් නොවේ.අපරාධ වෙන්නත් ඇති නොවෙන්නත් ඇති. ඒක යුද්ධය කරන දෙපැත්තෙන්ම වෙන්න ඇති. ස්ත්‍රී දුෂණ,මංකොල්ල හා පැහැරගැනීම්, ලෝකේ හැම රටකම එදා සිටම සිද්ධ වුණු දෙයක් හා තවමත් වෙන දෙයක්. (නි)
ලංකාපුත්‍ර ඇත්තටම ලංකාපුත්‍රයෙක් නෙමේ වගේ, හරිනම් රටෙනුත් එලවන්න ඕන.දේශපාලන වශයෙන් අපි මොන මතවල හිටියත් මේ ප්‍රශ්නෙදි අපි හැමෝම එක මතයක සිටිය යුතුය. (දී)
සිරියාවට රසායනික අවි ප්‍රහාර දීල ඒක රජය පිට දාල දැන් ගහන්න හදනවා .ඉරාකයෙ සමූල ඝාතක අවි තිබෙන බව බොරුවට කියල ඒ රටට ගහල විනාශ කලා .කොටින්ට උදව් කරල අපේ රට විනාශ කිරීමට ගිහින් ඇන ගෙන දැන් අළුත් නාඩගමක් නටන්න හදන්නෙ . (දී)
ලංකාපුත්‍ර ලෙස නම යොදන කෙනා පිරිමි හෝ ස්ත්‍රී පක්ෂයකට අයත් නොවන අතරමැදි වර්ගයේ අයට හිමි අදහස් ඇත්තෙක් බව පෙනේ. (නදී)
යුද්දය ඇති කරපු උන් අහිංසක මිනිස් ඝාතන ගණන් කරන්න බැරි තරම් කරා කොටින්ට හිතැති අය ඒවා ගැන කිසි කතාවක් නැහැනේ. රතුපස්වලට කලින් ඒවා ගැනත් ෆිල්ම් එකක් හදල දෙන්න කියන්නකෝ. (නදී)
ලංකාපුත්‍ර. ඔයාගේ සුදු බාප්පට කියන්න ඔයාලගේ පවුල ගැනත් ෆිල්ම් එකක් ගහන්න කියලා. කාටත් හොද ටිකක් දකින්න ලැබෙයි.(නදී)
සිංහල ජාතිය පාවාදුන් ද්‍රෝහියෝ අල්ලලා එල්ලලා මරන්ඩ ඔනේ.(නදී)
ලංකාපුත්‍ර, ඔබේ පියාට පාද කීයද? කියල දන්නවද?.......4 නේද?(නදී)
සත්‍ය වසයෙන්ම යම් හමුදා නිලදාරීන් පිරිසකගේ පවා දීමක් සිද්ද උනා. ඒකට හේතුව පොන්සේකා මහත්තයා. පවා දුන්නේ එයාව අදහපු එයාගේ මිනිස්සු එයාගේ අනු දැනුම පිට රජයෙන් පලි ගන්න, රාජපක්ෂ සහෝදර සමාගම දන් ගෙඩියට යවන්න. ඒත් පොන්සේකා මහත්තයට වැරදුනේ තමන් බේරිලා අනුන් දන්ගෙඩියට යවන්න පුළුවන් කියල හිතපු තැනදී. අන්තිමට තමන්ටත් ඒකටම බෙල්ල දෙන්න වෙන බව දැන ගත්තම සද්දේ වෙනස් වුනා. ඒත් එතකොට පෙරහැර ගිහින්. සුද්ද ඕන ටික අරගෙන.(නදී)
තම කැමරාවේ තිබු ඡායාරූප මැක්රේට දුන් එක ගැන සිහල සොල්දාදුවෙක් හෝ හැකිනම් සාක්ෂි ලෙස ඉදිරිපත් කරන ලෙස අපි මැක්රේගෙන් ඉල්ලා සිටිමු. එදාට අපි මැක්රේගේ කතාව විශ්වාස කරමු. (නි)
මෙයා ඒ අයගෙන් කීයක් හරි අරගෙන.(නදී)
මේ වික්‍රම ලංකාවේ කෙනෙක්ද ? (නදී)
ලංකා පුත්‍ර , හොර සුද්දට දෙන්න යන්න එපා.(නදී)
මෙයාගේ බෙල්ල ගලෝල අතට දෙන්ට ඇත්නම්.(නදී)
සචිත් ඔයා බය වෙන්න එපා රට පාවල දෙන අපේම ද්‍රෝහියෙක් මේවා ගැන දැනටමත් මැක්රම්ගේ කනේ තියල ඇති.(නදී)
යුද්ධය ඉවරවෙලා මෙච්චර කල් ගිහිල්ලත් අද ලංකාවේ සිදුවන ම්ලේච්ච මිනිස් ඝාතන සහ පැහැර ගැනීම් දෙස බලද්දී එදා උතුරේ සිදුවුණා යැයි කියන මිනිස් ඝාතන සහ ස්ත්‍රී දුෂණ වල යම් සත්‍යතාවක් ඇති බව අපටද දැන් දැන් සැකයක් පවතී. චැනල් 4 මෙච්චර දඟලන්නෙත් මොනවා හරි ප්‍රභල සාක්ෂි ඇතුව තමයි. (නදී)
මැරුණු මිනිසුන් ගණනෙන් වැඩක් නැහැනේ. යුද්දයක් කියන්නේ මිනිසුන් මැරෙන එක තමයි. ඔය සුදු මහත්තයා කරන්නේ දෙමල මිනිසුන් අන්දවලා, තමන්ගේ මල්ල කරේ දාගන්න. ඒක එයාගේ රස්සාවයි. ඔය කියන මාතෘකාව දැන් පිළුණු ගද ගහන විෂයක්. එයාට ඔය චිත්‍රපටයට ප්‍රේක්ෂකයන් සොයා ගන්න අමාරු වෙනවා. අනික චිත්‍රපටයකින් පණිවිඩයක් දීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ.ඒ මොකද, ඒක චිත්‍රපටියක්. චිත්‍රපටියක් කියන්නේ තම මනසට ගලා ආ සිත්තමක්,කැමරාවක් ඉදිරියේ,කාව හරි ලව්වා සත්‍ය කිරීමට හදන ව්‍යායාමයක් පමණයි. දැන් ලෝකේ බොහෝ දෙනෙක් ත්‍රස්තවාදයට,විප්ලවයට කැමති නැත .හේතුව අද හැම කෙනාම බලන්නේ සුපිරි ජිවිතයක් ගත කරන්න. ඒ හින්දනේ ඔය හැම සරනාගතයෝම ධනවත් රටවල් හොයා ගෙන යන්නේ. නැත්නම් ඇයි ඒගොල්ලන්ට ඉන්දියාවට හෝ බංගලිදේශයට යන්න බැරි. අවසාන වශයෙන්...අර ගොන් හින්දි"මැද්රාස් කැෆේ" චිත්‍රපටය අන්තිමයි.(නදී)
සුද්දෝ තවත් එල්.ටී.ටී කාරයින්ගේ පස්ස ලෙව කනවද ? ඇයි පෙනුනේ නැද්ද එල්.ටී.ටී නරුමයන් අහිංසක මිනිසුන්ව ඝාතනය කරපු හැටි ? ඒවා ඔය අලුත් බයිස්කෝප් එකට දමන්න අමතක වුනාද ? උඹල එදා ඉඳලම අපේ රටට වින කලා මිසක් කරපු කෙන්ගෙඩියක් නැහැ. මම හිතන්නේ උඹ ඔය කරන දේවල් කවද හරි පාරා වළල්ලක් වගේ උඹලගෙම රටට හැරිලා ඒවි. පරිස්සමින් හොඳේ.(නදී)
සන්ඬේ ලීඩර් පුවත්පතේ සම කතෘ මන්දනා ස්මයිල් අබේවික‍්‍රම ගේ ගෙට හොරු ඇවිත් ජංගම දුරකතනයෙන් උපදෙස් අර ගන්නවලු. නබඩ් පෙරල පෙරලා පයිල් හොයනවලු.පැය 4 ක් තිස්සෙම ෆිලේ හොයලා තියෙන්නේ. අල්ල ගත්තු හොරු ටිකට මොකද වුනේ?(නදී)
අපි කොච්චර කැගැහුවත් වැඩක් නැහැ සුද්දා මේක බලන්නේ නැහැනේ.(නදී)
කට්ටියට මතක් වෙන්නත් එක්ක ඔය 88/89 ගැනත් ෆිල්ම් එකක් හැදුවනම් ඔය රතුපස්වලදී ජීවිතේ පලවෙනි වතාවට වෙඩි වැදිලා මැරුණු මිනියක් දැකපු කට්ටියට මිනී මරන්නේ මැරෙන්නේ මානව හිමිකම් උල්ලංගනය වෙන්නේ කොහොමද කියල ටිකක් පැහැදිලි කරලා දෙන්න..ඔය රතුපස්වලට අඩන දොඩන අයගේ සුදු රෙදි ගැලවිලා යන්න.(නදී)
අපි දැක්කනේ වතුර ඉල්ලපු අයට සළකපු හැටි? ඒ එක දවසට... (නි)
පිල්ලේ නොන ගෙන් අහන්න ඇත්තද කියලා ඔය තියෙන දේවල් එයා දන්නවා ඇවිලා බලලා ගියේ (දී)
පිල්ලේ නෝනා ඔයා දන්නවනේ ඇත්ත තත්වය (දී)
සිංහල මිනිස්සු සල්ලි වෙනුවෙන් ඕනෑම දෙයක් පාවලා දෙයි (දී)
මේ අපහස වලට ජයත්‍යන්තර නිතිය යටතේ නඩු දාන්න බැරිද (දී)
අනේ පවුනේ ඔහේ කරගත්තදෙන් ,ඔය ලොකු අම්මත් ඇවිල්ල ගියානේ (දී)
බ්‍රවුන්රීග් ආණ්ඩුකාරයා ලංකාවේ ඉන්න කාලයේ වයස අවුරුදු 14 ට වැඩි සිංහල පිරිමි දරුවන් මරා දමන ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කල බව මම අසා තිබෙනවා. මෙය සොයා බලා මේවාත් යුද අපරාධ ගොඩට දමන්න අවශ්‍යයි. බ්‍රිතාන්‍ය අපෙන් මෙම කල වරදට සමාව ගත යුතු බවට බල කල යුතුයි(දී)
එංගලන්තයේ ඉන්න දෙමල ජනතාව සිංහල මිනිස්සු සහ ලංකාව ගෙන පුදුම වෛරයකින් ඉන්නේ, ඔය මිනිහට ෆිල්ම්ස් හදන්න වෙන මාතෘකා නෙද්ද, ජනප්‍රිය වෙන්න හදනවා (දී)
ඕන එකක් ඔය රටේ ඉදන් කරන්න. හැබැයි අපේ රටට අවොත් වෙන්නේ මුහුදු වතුර බොන්න තමයි (දී)
හරි දැන් රතුපස්වල ගැන මය ෆිල්ම් එකක් හදුවොත් ඔබ තුමාල මොකද කියන්නේ. ඔය සේරම තමන්ට වෙනකන් තමයි අනුන්ට කියන්නේ.(දී)
පරසුද්ද හෙනම ගහන්න ඕනේ (දී)
තවත් මෝඩ වැඩක් (දී)
කලින් කිව්වා මරුනේ 40000ක් කියල.දැන් ඒක 70000ක් වෙලා.යුද්ධෙකුත් නැතුව. (දී)
අපි නිවැරදි නම් අපි මොකටද බය වෙන්නේ ?????????????? (දී)
ලාල් ඒ කියන්නේ 70000 හත් අපි අතුරුදහන් කලා කියන එකද (දී)
ලෝකෙන්ම තුරන් කරන්න ඕනේ මේ මිනිස්සුන්ව.
මෙයාව අතුරු දහන් කලයුතු ලිස්ට් එකට දාන්න. (දී)
පර සුද්ද අපිට ඉස්සර කරපුව ඇතුලත්කරලා වාර්තාමය චිත්‍රපටයක් කරමු. (දී)
මෙයා සතෙක් නෙවී නම් අවසාන දවස් වල 40,000ක් මැරුණායි කිව්වා නම් ඒවා වළදාන්න හරි හංගන්න හරි කොච්චර අඩුම තරමේ 100 ගානෙ වළ දාන්න කොච්චර ලොකු වලවල් හාරන්න ඕනාද? යුද්ධය අවසාන සමයේ ලෝකයේම තියන අවසාන කාළගුණ සැටලයිට් එකත් ලංකාව පැත්තට හැරුණා පුලුවන් විදියට යුධ අපරාධ හොයාගන්න. කැලම් මැක්රේ තමුන් නියම පිරිමියෙක් නම් ඇමරිකාව,එන්ගලන්තය කරපු මනිස් ඝාතන ගැන කට අරිමුද?කැත වැඩ කරන්නෙ හිගන්නා... (දී)
එක්කෙනෙක් සිරිතුංග නේද ??? (දී)
අපේ රටේ ඉන්න අය, ඔය රටවල් වලට ගිහින් බොරු කියනව වීසා ගන්න. නැත්තන් පුරවැසි බව ගන්න. හරියට උගත් කමක් නැතී, නිකන් කාකා බිබී ඉන්න අය තමයි ඔහොම කරන්නේ. (දී)
මොහුට හොද දඩුවමක් දෙන්න (දී)
කව්ද අර අන්තිමට ඉන්න තුන් දෙනා ? (දී)
මේ කියන දේවලුත් වැලිවේරියේ වගේ මුලින්ම විදුලිය විසන්දි කරලා අඳුරේ පින්තුර ගන්න වෙන්න කරන්න තිබුණු දේවල් නේද?එහෙම කලා නම් ශාක්ෂි නැහැනේ.(නදී)
අපේ රටේ අහිංසක මිනිස්සු අමු අමුවේ මරපු හැටි පේන්නේ නැහැ. අපේ රටේ තියෙන නිදහස කොච්චරද කියල මේ ලෝකය තේරුම් ගන්නෙත් නැහැ. බොරු දේවල් පෙන්නලා මෙයාල මොකද කරන්න යන්නේ ඔය රටවල ඉන්න කොටි පැටව්ට ලංකාවට එන්න වෙන නිසා තමයි මේ ඔක්කොම. මුන් ටික පණ පිටින් පුච්චන්න ඕනේ. බටහිර රටවලින් ගහල මරණ අහිංසක පුංචි ළමයිට මානව හිමිකම් නැද්ද දන්නේ නැහැ. ඇයි අපේ රටට කරපු විනාශය පෙන්වන්න බැරි.(නදී)
අනේ ඇත්තමයි මෙයාට මොනවත් වෙන්නේ නැහැනේ.(නදී)
එන්ගලන්තය තරම් මානව හිමිකම් උල්ලංඝනය සහ මංකොල්ල කාපූ වෙනත් රටක් නැත. (නි)
මේ කියන පළාතට සුදු වෑන් එහෙම යන්නේ නැද්ද ? (නි)
මේ කියන සිනමා කරුවාගේ පළාතට සුදු වෑන් එහෙම යන්නේ නැද්ද ?(නදී)
මොවුන්ගෙ අභිප්‍රාය කොහොම හරි ලංකාව අමාරුවේ දැමීමයි. අපි නිවැරදි නම් මේවට බිය වියයුතු නැහැ (නි)
වැලිවේරියේ රූපවාහිනී දර්ශනත් මේවට ඇතුලත් කල හැකියි නේද ? එහෙම නම් තව දුරටත් මේ වෙස් මුහුණු දමා ගෙන හිටියට වැඩක් නැද්ද? අපි කවුද?මොනවද කරන්නේ කියල ලෝකයට දැක ගත හැකියි නේද?(නදී)
මේ මාධ්‍යවේදියාගේ ගෙදර ලංකාවෙවත් තිබුනා නම් මන්දනා මහත්මියගේ ගෙදරට පැන්න වර්ගයේ හොරුන්ට පනින්න තිබුනා. (නි)
යුද අපරාද කර ඇත්නම් ජාත්‍යන්තර අදිකරණයකින් දඩුවම් දිය යුතුයි නේද? සුළු ජනතාවගේ ස්වයං පාලන සහ ස්වයං තීරණ අයිතිය වහා ලබා දෙනු.(නදී)
මේ අයට සීනි දාල වෙඩි තියන්න ඕන කූඹි කාල මැරෙන්න.(නදී)
පර සුද්ද..... බලාපියව් වෙන දේ..... (දී)
මේවා සමහරවිට ඇදලා ගන්නේ අපිමයි.උද්ඝෝෂණ වලට වෙඩි තියන්න කලින් හිතන්න තිබුනා. (නි)
බල්ලන් බිරුවට කදු පාත් නොවේ.(නදී)
ආ! තව එකක් හදලා වගේ (නි)
මැකලම් මක්රේ හදන්නේ මේ වගේ චිත්‍රපට තමා. වෙනත් රටවල ප්‍රශ්න ගැනත් මෙයා මේවගේ දේ හදල විකුණගෙන තියෙනවා. ඒවායින් හොඳට හම්බකරගන්නවා. මේ මිනිහට බැන බැන ගියාටවත් චැනල් 4 ඉස්සරහ පෙලපාලි දමා පින්තුර පත්තරේ දාගත්තාටවත් එයාගේ වැඩ නවතින්නේ නැහැ. අපට තියෙන්නේ අපේ පැත්ත කියාදෙන ඒ වගේ චිත්‍රපට හදන එකයි. රාජ්‍ය ආරක්ෂක අමාත්යන්සයෙන් දැනටමත් ඉස්තරම් චිත්‍රපට දෙකක් හදල ලෝකේ වටේම බෙදා හැර තියෙනවා. ඒවාට මීට වඩා ප්‍රසිද්ධියක් ලබාගැනීමටත් කටයුතු කල යුතුයි.(නදී)
අපේ ලංකාවේවත් හිටියා නම්? (නි)
මීට කලින් ඔහු හදපු වාර්ථාමය චිත්‍රපටි වලට අපි හරියට අභියෝග කළේ නැති නිසා ඔහු දිගටම රජයට විරුද්ධව චිත්‍රපටි හදනවා.සමහර වීඩියෝ දර්ශන වලදී කැමරාව පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැතුව අපුරුවට රෙකෝඩ් වෙන්නේ ත්‍රාසජනක දර්ශන,ඒ අභියස රූගත කරන කැමරාකරුට ඒ අවදානම දැනුනේ නැද්ද ? නොසන්සුන් තැනක සන්සුන්ව සමහර රූපරාමු ගත හැකිද? මේ අභියෝගය අපට මුල්ම වාර්තා චිත්‍රපටියේදීම කරන්න තිබුණා. (නි)
කොටි ත්‍රස්තවාදී මිනීමරුවන් කරපු දේවල් හොයන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට වුවමනාවක් නැහැ. (නි)
හුගක් සුද්දෝ දන්නවා බොරු කරන්නේ කියලා. (නි)
කැලම් මැක්රේ අයියේ, එන්න මේ පැත්තේ හැංගිලා බොරු කියන්නේ නැතුව. (නි)