IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


චැනල් 4 ලංකාවේ හොඳක් පෙන්වයි

ලොව පුරා තරගකාරී සිනමා උළෙල වලදී ගෞරව සම්මානයට පාත්‍ර වූ ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ " ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය බ්‍රිතාන්‍ය චැනල් 4 නාළිකාව මැයි 7 වැනි බදාදා රාත්‍රීයෙදී විකාශනය කළේය.

මීට පෙර මෙම චිත්‍රපටය ලන්ඩන් සිනමා උළෙලේදීද ප්‍රදර්ශනය විය. එහිදී එය හඳුන්වා දී තිබුනේ" නියත වශයෙන්ම ප්‍රසන්න විතානගේ මෙතෙක් නිර්මාණය කරන ලද හොඳම චිත්‍රපටය" වශයෙනි.

චැනල් 4 ප්‍රවෘත්තියේ අංශය ප්‍රසිද්ධියක් ලබා ඇත්තේ ශ්‍රී ලංකාව පිළිබඳව අසුභවාදී මෙන්ම පක්ෂග්‍රාහී වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය කරන ආයතනයක් ලෙසිනි.

මේ නිසාම බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකික පිරිස් කිහිපවතාවක්ම චැනල් 4 ලන්ඩන් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත් වුහ. 

කෙසේවුවද " ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය ප්‍රදර්ශනය කැරුණේ චැනල් 4 මුලික වැඩසටහන් අංශය විසිනි. මීට පෙර අමරනාත් ජයතිලකගේ " අරුණට පෙර" ප්‍රසන්න විතානගේ ගේ " ඉර මැදියම" සහ වෙනත් සම්භාව්‍ය සිංහල චිත්‍රපට කිහිපයක්ම චැනල් 4 විසින් ආසියාවේ උසස් සිනමා නිර්මාණ ඉදිරිපත් කිරීමේ වැඩ සටහන් මාලාවක් යටතේ ප්‍රදර්ශනය කරනු ලැබීය.

සිංහල චිත්‍රපට බ්‍රිතාන්‍ය රුපවාහිනි නාලිකාවන්හි ප්‍රදර්ශනය කිරීම  පිළිබඳව ලන්ඩනයේ සිනමා විචාරකයෙකු සමඟ කතා බස් කිරීමේදී ඔහු පැවසුවේ මෙවැනි අදහසකි.

" මෙම චිත්‍රපට ඔවුන් විකාශනය කරන්නේ එම පිටපත් වල ප්‍රදර්ශන අයිතිය සඳහා නිර්දේශිත මිලක් චිත්‍රපට නිෂ්පාදක වරයාට හෝ බෙදා හරිනු ලබන සමාගමට ගෙවීමෙන් පසුවයි.

මේ නිසා එම විකාශනය එක අතකට සුළුවෙන් හෝ සිංහල සිනමාවේ උන්නතිය සඳහා කිසියම් උපකාරයක් වන්නටද ඉඩ ඇති බව කිව හැකියි. සිංහල සිනමාව පවත්වා ගෙන යාම උදෙසා ශ්‍රී ලංකාවේ සීමිත ප්‍රේක්ෂක පිරිසක් ගැන පමණක් නොසිතා ජාත්‍යන්තර වෙළඳ පොළට ගෙනයාමට හැකි අන්දමේ චිත්‍රපට නිර්මාණය කිරීම වර්තමානයේ ඇති වැදගත්ම කරුණක් බව වටහාගත යුතුයි. ඊයේ වියට්නාමයේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත "සිරි ගෞතම" සිනමා කෘතියට ලැබුණු පිළිගැනීම මෙයට හොඳම උදාහරණයක්.

මීට කලින් ප්‍රසන්න විතානගේ නිෂ්පාදනයකළ උබර්ටෝ පැසලීනි අධ්‍යක්ෂණය කළ " මචන්" චිත්‍රපටය මුළු ලෝකයේම බෙදා හරිනු ලැබුවා. සිංහල නළු නිළියන් රගපාන ශ්‍රී ලංකාවේදී සිංහල බසින් නිෂ්පාදිත එම චිත්‍රපටය ඉතාම ජනප්‍රිය වුවා.

ඉන්දියානු සිනමාව දැනට ලෝක වෙළඳ පොළ ජයගෙන ඉවරයි. ශ්‍රී ලංකාවේ සිනමා කරුවන්ද මේ සම්බන්ධයෙන් සලකා බලා ඔවුන්ගේ නිර්මාණ අඩුම වශයෙන් ඉන්දියාව හෝ වෙනත් ආසියානු රටවලට හෝ බෙදා හැරීමට හැකි අන්දමට නිර්මාණය කිරීම වැදගත් වන බව කිවයුතුයි. මෙහිදේ " සිරි ගෞතම" චිත්‍රපටය නිෂ්පාදනය කලාවගේ ජාත්‍යන්තර සමාගම් සමඟ එක්වී හවුල් නිෂ්පාදන සඳහා යොමුවීමත් හොඳ දෙයක් ලෙසටයි කිව හැක්කේ "

 

 

 

 



අදහස් (0)

චැනල් 4 ලංකාවේ හොඳක් පෙන්වයි

සුලාරි Saturday, 10 May 2014 05:44 AM

චැනල් 4 කවදද ලංකාවේ හොඳක් දැක්කේ? (නි)

:       0       0

ඉන්දික Saturday, 10 May 2014 02:17 PM

කාලෙකට පස්සේ සත්‍යයා වැදගත් දෙයක් කියල තියෙනවා! (අ)

:       0       0

උපාලි Saturday, 10 May 2014 07:29 AM

මේ ප්‍රවෘත්තිය ලංකාවට හොඳක් වෙන්නේ කොහොමද? ඕනෑම රටක මිනිසුන් ගැහැනුන් අතර එළිපිට දසත පෞද්ගලිකව රහසේ කෙරෙන කටයුතු , කතාබහ ඇත. බටහිර රටවල් වලට නැති සංස්කෘතියක් අපට ඇත්තේ ඒ පුද්ගලික කටයුතු හෝ කවරෙක් හෝ කරන නොමනා කටයුත්තක් ප්‍රසිද්ධියේ කතා නොකිරීමටයි. මේ චිත්‍රපටි වලින් ඒවා කතා කිරීමෙන් පෙනෙන්නේ දක්ෂතාවයක් නොවේ. (නි)

:       0       0

සත්‍යයා Friday, 09 May 2014 10:48 PM

ප්‍රසන්න විතානලා තම කුසලතාවයන් ගණිකා වෘත්තියේ යොදවද්දීත් අපේ මුග්ධයින් අත් පොළසන් දීම අරුමයක් නොවේ. "පුරහඳ කළුවර" වැනි දේශද්‍රෝහී බෞද්ධ විරෝධී චිත්‍රපට තනා බටහිර රටවලින් සම්මාන ලැබූ පුද්ගලයින්ගේ නිර්මාණ කුසල තාවය සමාන කලහැක්කේ බල්ලාගේ පසු පස බැඳී මී වදයකට පමණි. (ස)

:       0       0

දිල්ශාන් Saturday, 10 May 2014 08:17 AM

ඒ පාර මොකටද එන්න හදන්නේ? (නි)

:       0       0

දනන්ජය Saturday, 10 May 2014 09:19 AM

මේ හුචක්කු චිත්‍රපටි වලින් කවදාවත් ලංකාවේ හොඳක් ලෝකයට ගෙනගියේ නෑ, එකයි ඕවට සම්මාන ලැබෙන්නේ, පුලුවන්නම් "ගාමණී" වගේ ෆිල්ම් එකක් ඔය රටවල් වල පෙන්නන්න කියන්නකෝ (ස)

:       0       0

ලංකාතිලක Friday, 09 May 2014 11:53 PM

ලංකාවේ සමහර සිනමා ලංකාවටත් කලින් විදේශ රටවල ප්‍රදර්ශනය කරලා සම්මානත් දෙනවා . එම සිනමා පටවලින් පෙන්වන්නේ ලංකාවේ සමලිංගික සමාජයක් තිබෙනවා කියලා . සමහර ළමයින් අම්මා සමගද සංවාසයේ යෙදෙනවා . හොඳම යාළුවගේ බිරිය සමග වැසිකිලියක් තුල කඩිනමින් කරන ලිංගික ක්‍රියාවක් . සමහරුන්ට මේවා උසස් නිර්මාන වුනත් . මේවයින් ලංකාවට කැළලක් ඇති වන්නට තමා විදේශිකයන් මොවුන්ට සම්මාන ලබාදී ඕවා පෙන්වන්නේ .සමහර ලංකාවේ නිෂ්පාදිත සම්මාන ලබපු සිනමා බලන්නවත් ලැබෙන්නේ නෑ . (ස)

:       0       0

සමරේ Saturday, 10 May 2014 06:49 PM

ඔබ නැතිව ඔබ සමග හෙළුවෙන් .... කියල නම් කරා නම් අගෙයි. (ස)

:       0       0

වික්‍රම බොස්ටන් Saturday, 10 May 2014 12:23 AM

ලංකාතිලක මහතාගේ සියට සියයක් මම අනුමත කරමි . මෙම චිත්‍ර පටිය චැනල් 4 වලින් පෙන්වා ප්‍රසිද්දියක් දුන්නේ . එය තුලින් ලංකාවේ සමාජයට පහරක් වක්‍රව ගෙසිමට පුළුවන් නිසා .මෙම ප්‍රසන්න විතානගේ නිෂ්පාදනය එකම සිනමා පටයක් වත් පවුලේ එකට නරඹන්නට පුළුවන් ඒවා නොවේ . කාටත් හොරා හොර රහසින් හෝ යහළුවන් සමග බැලුවොත් ඇරෙන්නට . මචන් සිනමා පටය ටිකක් වෙනස් උනත් එකෙත් සමහර දෙබස් දු දරුවන් සමග එකට බැලිමට නොහෙකි ඒවා (දී)

:       0       0

චන්ද්‍රා Saturday, 10 May 2014 10:14 AM

සිංහල ජාතියට බෞද්ධ කමට හොඳහැටි පහර ගහල චිත්‍රපටයක් හැදුවනම් සම්මාන පිට සම්මාන ලැබෙනවාමයි.ඔය සමහරු අගක් මුලක් නැති චිත්‍රපට හදල සම්මාන ගන්නේ. ඒවා ඉතින් චැනල් 4 එකෙන් උඩ දම දමා පෙන්නාවි. (ස)

:       0       0

සිරිල් මාලදිවයින Saturday, 10 May 2014 10:16 AM

අධ්‍යක්‍ෂකගෙ අවසරය ඇතුව චැනල්4 එකේ පෙන්නුවා නම් අපිට හිතාගන්න පුළුවන් අධ්‍යක්‍ෂක ගැනත් චිත්‍රපටිය ගැනත්. ඒක ආයෙ දෙකක් නැහැ ලාංකික අනන්‍යතාවය,සභ්‍යත්වය සංස්කෘතිය විකෘති කරල ඇති. (ස)

:       0       0

අසංග Saturday, 10 May 2014 11:05 AM

චැනල් 4 දැන් ඉතින් කවදත් හොඳ තමයි පෙන්වන්න වෙන්නේ. බොරුව කවදාවත් ජය ගන්නේ නැ. (අ)

:       0       0

දොන් රොසාන් ද සොයිසා Saturday, 10 May 2014 01:58 AM

පවුලේ සියලු දෙනා සමග එකට සිට නැරඹිය නොහැකි චිත්‍රපට වලට දෙන සම්මාන ද ? (ස)

:       0       0

සුපුන් Friday, 09 May 2014 06:23 PM

ඒ ගමන මොකද්ද මේ වෙන්න යන්නේ? (නි)

:       0       0

චමිල Saturday, 10 May 2014 12:01 PM

වික්‍රම, මචන් හැදුවේ ප්‍රසන්න නෙවේ. බූඩි කීර්ති සේන (අ)

:       0       0

සුරනිමල Saturday, 10 May 2014 12:57 PM

යුද්ධය තිබුණු,සතුරාද ප්‍රබලව සිටි කාලයක තමයි පුරහඳ කළුවර සිනමා පටයද එලියට එන්නේ.එහි නිෂ්පාදකත් උපන් මවුරටේ සිංහල ජාතිය නිරතුරුව විවේචනය කරන අයකි. ඔහු එක්තරා ජාත්‍යන්තර ගුවන් විදුලියක, සින්හලසේවයේ අද්‍යක්ෂක වරයකි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 792 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1430 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 406 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 910 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2233 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 340 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35643 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site