ඇමැති පාඨලි චම්පික රණවක මහතා ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාන හා ආගමික තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ අනාගතය ගැන විදෙස්ගත ශ්‍රීලාංකිකයන් දැනුම්වත් කිරිමේ විශේෂ හමුවක් ඉතාලියේ මිලානෝ නගරයේ කොපර්නිකා මාවතේ අංක 9දරණ දොන් බොස්කෝ ශාලාවේදි ලබන 14 වැනි දා පස්වරු හතට පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩුරාවණ !! ඔබ ඔය ප්ලාස්ටික් මල්ලක් අරන් කඩේ යන කොට , මල්ල ඇතුලේ තිබෙන සියල්ල එලියට දිස්වෙනවා.. රොෂාන් ප්‍රනාන්දු මහතාගේ කතාව හරි . මම කලක් ලගින් ඇසුරු කල කෙනෙක් චාමික මහතා . (ස)
උඩුරාවන මහත්තයාගේ අදහස අගය කරනවා.මුලින් කණ්ණාඩිය ගලවලා ඇස් කන් ඇරගෙන හොඳින් ඇහුන්කන් දෙන්න.ඊටපස්සේ කන්ණාඩිය දාගෙන විවේචනය කරන්න.චම්පික රණවක මහත්තයගේ කතාවක් කවදාවත් කණ්ණාඩිය ගලවලා විවේචනය කරන්න හදවතට එකඟව කාටවත් බැහැ. (නි)
කවදා හරි ලංකාවේ අනාගත නායකත්වයට පත් විය යුතු කෙනෙක් තමා චම්පික රණවක කියන්නේ. මොහුගේ දක්ෂතා හුඟාක් දෙනෙක් දන්නේ නැහැ. එනිසා කටවල් බලියනවා. රට වටකර වැට බැන්දත් කට වටකර වැට බඳින්න බැහැනේ. හැම විෂයක් ගැනම දැනුම ඇති නියම නායකයෙක්. මගේ පැතුම චම්පික රණවක අනාගත ලංකාවේ නායකයා වී සිංහලයා රටේ රජ වනු දැකීමයි(නි)
අපේ සිංහයාට ජයවේවා (ස)
ඉහලට යන්න තියෙන උවමනාව පහළටත් (දුප්පත් මිනිස්සු අතරටත්) යන්න තියෙනවනම් තමයි හොඳ. (අ)
පාටලී චම්පික රණවක ගරු ඇමතිතුමන් බදුන් වහන්සේ දේශනා කළ පස් පව් ද, මහත්මා ගාන්ධි තුමන් කියා දුන් සත් පව් ද මුල් කොටගත් ජිවන රටාවක් ගොඩනගාගත් ධාන ශිලා භාවනාවෙන් දවසරින, උගත් බවින්, විද්‍යා හා තාක්ෂණ දැනුමෙන් කිසිවෙකුටත් නොදෙවැනි වන උසස් ගති පැවතුම් තුළ සතුටින් කල් ගෙවන, නිලතල වලින් හිස උදුම්ම නොගත් බලය නිසා යතා ලෙසින් හම්බකර නොගත් උසස් ගුණයෙන් සපිරි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහාත්මයෙකි. ඔහුගේ දේශනයක් අසන ඔබ, ඔබගේ ඇස් කන් පින් කර ඇති බවට සැක හැර ගනු ඇත. (අ)
මේ ගොල්ලෝ මොන බන දෙසුවත් . මස් කටු ලේවකෑම අත අරින්නේ නැහැ . මොහු කියන බණ පැවසිය යුතු අපට නොව ලංකාවේ රජයට සහ ලංකාවේ ඡන්ද දායකයන්ට . මේවා නිකන් බහු බුත ප්‍රසිද්දියට කරනා (අ)
පාටලී චම්පික රණවක ගරු ඇමතිතුමා, ප්‍රතිපත්තියක් නැති දේශපාලනයක් කෙරෙහි විශ්වාසයක් තිබ්බේ නැහැ. ඒ වගේම හෘදය සාක්ෂියක් නැති සතුට අගය කළේ ද නැහැ. පරිත්‍යාගයෙන් තොර වන්දනාවත් විශ්වාස කළේ නැහැ. එවන් කෙනෙකුගේ දේශපාලන දර්ශණය සහ එතුමාගේ කතාව ඔබට නව දෘෂ්ටියක් ඇති කරවනු නො අනුමානය. එතුමා ඉතාලියට යන්නේ "ලංකාවේ පරිහානිය ගැන " කතා කරන්නට නොවනු ඇත. " ලංකාවේ පාලනය වෙනස් කරන්නට " ද නො වනු ඇත. (අ)
උඩුරාවන,මෙයාගේ පුද්ගලික ජීවිතය ගැන දන්නවද ?,මම දන්නවා නමුත් ලියන්න බැහැ,ලිව්වත් පලවෙන්නේ නැහැ. උඩුරාවන හොදටම රැවටිලා මෙයාලගේ බණ වලට.මමත් සිංහල නමුත් සිංහල මිනිස්සු තරම් රැවටෙන ජාතියක් තවත් නැතිතරම්.ඔයාකියනවා වගේ එතුමා කතාවෙන් තමයි දෘෂ්ටියක් දෙන්නේ.(ස)
මේ දක්වා තිබෙන සටහන් කියවන මට මිනිස්සුන්ගේ මොළයේ තරම හොඳින් වැටහුණා. ඒ ගැන කතා කරලා ඵලක් නැහැ.කොහොම වුණත් ඉතාලියේ රස්සාවක් කරන කවුරු හෝ මෙතන ඉන්නවා නම් 14 වැනිදා පස්වරු 3 ටවත් ඇවිල්ලා ආසනයක් වෙන් කරගෙන චම්පික රණවක ඇමතිතුමාගේ දේශනයට සවන් දීලා ඉන්පසුව අවංක අදහස ලියන්න කියලා මම ඉල්ලා සිටිනවා. අනුන්ගේ ඇස් පෙනීමේ දුර්වලකමට දාපු කණ්නාඩි කුට්ටම් පැළඳ බලන, කතා කරන කැත පුරුද්ද නවත්වන්න. (නි)
රොෂාන් ප්‍රනාන්දු. උඩුරාවනලා කවදත් රැවටුණේ නැහැ. ඔබතුමා කෙනෙකුගේ පුද්ගලික ජීවිතය ගැන හොයා හොයා යන්නෙකු බව පෙනෙනවා. මා නම් එහෙම මොලේ අමාරුවක් නැහැ. මොකද මගේ හිතගත් කිසිකෙනෙකුගේ පුද්ගලික පැත්ත හොයන එක මගේ පුරුද්ද නොවෙයි. ඒ වගේම පුද්ගලික පැත්ත හොයන්නන්ට අහුවෙන්නේ කුණු මිස වටිනා දෙයක් නොවෙයි. (ස)
ඉතාලියට ගොස් එහෙත් උරුමය එති කරන්න යනවද ? පාඨලී චම්පික උගත් එහෙත් ආගම අන්තවාදී විදියට ජාතිය අන්තවාදී විදියට කටයුතු කරන නිසා බොහෝ දෙනෙක් ප්‍රතිප්ක්ෂේප කරනවා . නැතිනම් අපේ රටේ ජනාදිපති වන්නට උනත් හැකියාවක් උගත් කමක් තිබෙනවා . මම බොහෝ කැමති කෙනෙක් . එහෙත් අර කරුණු දෙකට කැමති නැහැ (දී)
උඩුරාවන,මම උඩුරාවනලා රැවටෙනවද නැද්ද කියන්න නම් දන්නේ නැහැ.මම කාගෙවත් පුද්ගලික ජිවිතයේ සෙවීමක් නොවේ අදහස් කළේ.අසනීපයකින් පෙළෙන පුද්ගලයෝ ප්‍රතිකාර ගතයුතුයි.පාලකයෝ ගන්න වැරදි තීරණයකින් කෝටි දෙකක් වන ලංකාවේ ජනතාව තවත් අසරණ වෙනවා.උඩුරාවන මෙයාට කැමතිවෙලා තියෙන්නේ මෙයාගේ කතාවට වගේ.නැතුව ක්‍රියාකරකම් වලට නෙමෙයි වෙන්න ඇති (නි)
උඩුරාවන ,මිනිහෙක් ඔහුගේ පුද්ගලික ජීවිතය හරියට ගෙනියන්න නොහැකිව කොහොමද රටක් හදන්නේ? සැම්සන් මහතාත් එය අනුමත කරලා තිබෙනවා. (නි)
මතක ඇතුව වතිකානුවට පැත්තටත් ගිහින් එන්න. (නි)
ඔබතුමාට ජයවේවා ! (ස)
සුභ පැතුම්! (නි)
කතරගම වැඳල එන ගමන් තලගොයි මස් ටිකකුත් අරන් යන්න වාගේ. (ස)
ඔබගේ කැපවීම අපි අගය කරමු (නි)
ඇමති තුමා ඉතාලියේ තියෙන ආගමික සංහිදියාව ගැව හොදට අධ්‍යනය කරන්න.(නදී)
අපිට අවශ්‍ය ආගමික සංහිඳියාව නොව සිංහල බෞද්ධයාගේ උරුමය රැකගැනීමයි (නි)
මෙහෙ ආවට කමක් නැහැ. මෙහෙට ඇවිත් මේරටේ දුක් විදින මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න උත්සහ කරන්න. සහ මේ රටේ හොද දේවල් ඉගෙන ගෙන ඒව අපේ රටේ ක්‍රියාත්මක කරන්න. නැතිව තැන් තැන්වල කාල බීල ජොලි කරල යන්න එපා. ඇමතිවරු එක්ක පොටෝ අරන් එෆ් බී වල දාගෙන ප්‍රතිරූප හදා ගෙන වැජඹෙන අය එක්ක මෙහෙ ඉන්න එපා. මිලාන්වල සමීති වල ඉන්න අයට ගොඩක් මිනිස්සු කැමති නැහැ. ටයි කෝට් ඇද ගෙන අරක්කු වීදුරුව තොලගාගෙන සිගරට් එක උරාගෙන මිනිස්සුන්ට පෙන්වනවා තමන් ලොක්ක කියලා. බොරුනම් හොයල බලන්න. හරියට කතා කරන්න දන්නෙ නැති හැසිරෙන්න දන්නෙ නැති කිසිම දේශපාලන දැනුමක් නැති මිනිස්සු එක්ක මෙහෙ ගත කරල සුදු ඇදුමෙ මඩ තවර ගන්න නම් එපා.(නදී)
ඡන්ද පදනමක් ඇති ඔබට නිසි කල නිසි පොදු අපේක්ෂකයෙක් පැමිණි විට බොහෝ දුර යා හැකියි. (නි)
මංජුල , ඔබ කියන උරුමය රැකගන්න , සියල්ලන්ට දර්මය අනුව හැසිරෙන්න කියන්න. එවිට අන්‍ය අය ඊට ගරු කරාවි.(නදී)
අනේ මේ නිදන් හොරු අස්සේ වඩින්නේ ඇයි (ස)
ලංකාවේ පරිහානිය ගැන දැනුවත් කරන්න ඉතාලි යනවා කියන්නේ ඇමෙරිකාවේ අපරාධ අඩුකරන්න චිකාගෝ ගියා වගේ. ලංකාවේ පාලනය වෙනස් කරන්න ඕනේ ලංකාවේ චන්ද දායකයෝ. මේකත් හරියට අර මොකක්ද එකක් තියාගෙන වෙන එකකින් සෙල්ලම් කළා වගේ. (ස)
අර අහවල් පක්ෂයට ආවඩන අයියලාත් මේ හමුවට හොඳ බුද්ධියකින් යන්න. (නි)
මේවා ලංකාවේ කෙරෙන්න ඕන වැඩ (දී)
ආණ්ඩුවේ වැරදි කියන්න ඉතාලි එන්න ඕනද?,ආණ්ඩුවෙන් අයින් වෙලා ආණ්ඩුවට පාඩමක් උගන්නන තිබුනනේ,නිකන් බොරුවට මිනිස්සුන්ව රවට්ටන්න කරන වැඩ මේවා.ආණ්ඩුවේම උපදෙස් වලට තමයි මෙයා ඔය වැඩ කරන්නේ. (දී)
ගන්දර සයිමොන් හරියටම හරි (දී)
අැමති තුමනි අපේරට පිරිහිලා තිබෙන්නේ දශරාජ ධර්මයට අනුව රට පාලනය නොකිරීම නිසාය , කරුණාකර රට රටවල රස්තියාදු වීම නවතා දමා ලංකාවේ සිට වංචාවට දුෂණයට විරුධව සටන්කරන්න , නැත්නම් ජනතාව විසින් ඔබතුමා පමණක් නොව හෙළ උරුමයද ප්‍රතික්ෂේප කරන දිනය වැඩි ඈතක නොවේ , (ස)
ඕ........... (ස)
ලාංකිකයින්ට කරැණු කාරනා පහදලා දෙන්නට දෙයක් නැහැ.(ස)
දැන් ඉන් මිනිස්සු බුද්ධිමත් (නි)