ජාතික හෙළ උරුමයේ මහ ලේකම් තාක්ෂණික හා පර්යේෂණ ඇමති පාඨලී චම්පික රණවක මහතා මැයි 11 වැනි ඉරිදා පැරීසියේ ලා බුර්ජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යයස්ථානයේදි දේශනයක් පැවැත්වීය.
විදේශ කුමන්ත්‍රණ හමුවේ අපගේ කාර්ය භාරය කුමක්ද? යන්න එහි තේමාවයි
ජාතික හෙළ උරුමයේ මහ ලේකම් තාක්ෂණික හා පර්යේෂණ ඇමති පාඨලී චම්පික රණවක මහතා මැයි 11 වැනි ඉරිදා පැරීසියේ ලා බුර්ජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යයස්ථානයේදි දේශනයක් පැවැත්වීය.
විදේශ කුමන්ත්‍රණ හමුවේ අපගේ කාර්ය භාරය කුමක්ද? යන්න එහි තේමාවයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටවල (බටහිර ) නිදහස ප්‍රජාතන්ත්‍ර වාදය නිසා. ඔය පන්සල් පල්ලි සේරම මේවයේ හදනවා . නමුත් ඔය පල්ලි පන්සල් වලින් ආගම් වාදයත් ජාතිවාදයත් කරන්නේ සිංහල පන්සලුත් මුස්ලිම් පල්ලිත් පමණයි. ක්‍රිස්තියානුවන් මෙවෙනි ක්‍රියා දැන් කරන්නේ නැහැ. ඔවුන් ඉතිහාසයේ ඕවා කර පාඩම් ඉගෙන ගෙන තිබෙන නිසා . ජාතිවාදය ආගම බේදය , ලෝක යුද්දයක් ඇති කිරමට පුළුවන් දෙයක් . එනිසා පන්සල් පල්ලි වලට ඕවා ගැලපෙන්නේ නැහැ. සාමය සතුට අවිහිංසා වාදය ආදරය යන දේවල් උගන්නා ලෝකය එකම රටක් ජාතියක් සෙටියට සලකන්න පුරුදු වන්න . බුදුන්ගේ දර්ශනයේ සරල ඉගෙන්විම එයයි.(නදී)
සිංහල බුදුසරණ ගිය අයට අයිති රටක් කියන එක තමයි කතාවේ සාරාංශය .මුළු කතාවෙන්ම පන්සල ඇතුලේ ක්‍රෝදය ,වයිරය පැතුරුවා .සිල් ගත්ත අයත් සාදු !! සාදු කිවා !! . කොහොමද පැරීසියේ වැඩ ? (ස)
විදේශ කුමන්ත්‍රණ හමුවේ අපිට එකාවන්ව නැගී සිටින්න නොහැකි ඇයි කියන එක ඔය උගත් ගුණවත් නැණවත් බුද්ධිමත් ඇමතිවරු තේරුම් ගත්ත නම් අපිට සුද්දාගෙන් පටන් ගත්තු රට එකමුතුවීම වලක්වන්න හදපු උප්පැන්නයෙන්ම ඒක වෙනස් කරන්න පුළුවන්.ඒ උප්පැන්නය දැක්කම කොතනද අපි ජාතියක් වශයෙන් ශ්‍රී ලංකික වෙන්නේ? (ස)
මෙතන ප්‍රශ්නය තියෙන්නේ චම්පික මහත්තය මේ වැඩේට පන්සල තෝරගත්ත එකයි ,,, ඒ මහත්තය පැරිසියට ඇවිල්ල පන්සල් ගිහිල්ල බුදුන් වැදලා, මේ දේශනාව වෙන ශාලාවක තිබ්බා නම් ගොඩක් සාධාරණයි ,,,,,,,, මොකද බුදු දහම කියන්නේ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන්ගේ බුදලයක් නෙමෙයි ,,,, එය මේ ලෝකවාසී සියලුම ජනතාවට සත්‍ය කියාදුන් පොදු දහමක් ඒ වගේම ශ්‍රේෂ්ට දර්ශනයක් ,,,,(නදී)
අද දේශපාලනය නැති තැනක් තියෙනවද දුටු ගැමුණු යුගයේ ඉඳලම පන්සල් ජාතික සටනේ මූලස්ථානය උනා. ඒ විතරක් නෙවෙයි කොටි පරදන්න නායකත්වය දුන්නෙත් සිංහළ බෞද්ධ ජාතික ව්‍යාපාරය ඉතින් සිංහළ බෞද්ධ ජාතික ව්‍යාපාරය ලෝකය පුරාම පන ගන්වන එක වරදක් ද? (නදී)
හුඟක් අය දැන් කරන්නේ පිටරට යන එකනේ... (නි)
මම ගරු කරන පුද්ගලයෙක් (නි)
සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් කියන්නේ දෙකක් නෙමෙයි එකක්.. ඒක ලංකාවේ සැබෑ ඉතිහාසය දන්නා ඕනම කෙනෙක් දන්නා, ඓතිහාසිකව ඔප්පු කළ හැකි සාධකයක්. එබැවින් ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් බවත් අවිවාදිතයි. මේ න්‍යාය පිළිගන්නා දේශපාලන පක්ෂයක අයෙක්, ලෝ්කය පුරා සිටින මේ රටේ ඉපදිච්ච අය සොයාගෙන ගිහිල්ලා එයාලව තවදුරටත් මේ ගැන දැනුම්වත් කිරීම වරදක්ද? වර්තමානයේ සිංහල බෞද්ධයාට ඇති අභියෝග ගැන දැනුම්වත් කිරීම වරදක්ද? බුදු දහමට, රටට ඇති අභියෝග ගැන කියන්න පන්සල තෝරා ගැනීම වරදක්ද? (ස)
මෙතන අදහස් දමන බොහෝ දෙනෙක් තමන්ගේ මොළ තුල කුණු වෙච්ච දේශපාලන අදහස් තබාගෙන කියන දේවල් දකින කොට කලකිරෙනවා. බුදුදහම මුල් කොටගත් දේශපාලන පක්ෂයක මහා ලේකම් වන පාටලී චම්පික රණවක ගරු ඇමතිතුමා, තම දේශනය සඳහා පන්සලක් නොව බෞද්ධ මධ්‍යස්ථානයක් තෝරා ගැනීමේ ඇති වරද කුමක්ද යන්න මට නැගෙන ප්‍රශ්නයයි. (ස)
සිංහල බෞද්ධ රටක් ගැන ප්‍රංශයේ (අදිරාජ්‍යවාදී) සිට කතාකිරීමට ලැබීම ගැන ඇමතිතුමා සතුටු වෙන්න ඕනා. බෞද්ධ දර්ශනය ලංකාවේ බෞද්ධයන්ට වැඩිය හොදට අදිරජයවාදීන් වටහාගෙන තිබෙනවා. ඒක නිසානේ මුළු යුරෝපයේම වාසයකරන සංක්‍රමණික සිංහල බෞද්ධයන්ට තමන්ගේ ආගම, සංස්කෘතිය පවත්වා ගෙන යාමට පන්සලක් පිහිටුවා ගැනීමට ඉඩ දීල තිබෙන්නේ. සංක්‍රමණික අනිකුත් ආගම් සදහාත් ඒ වගේම නිදහස තිබෙනවා. අධිරාජ්‍යවාදී සියලුම රටවල් ක්‍රිස්තියානි රටවල්.(නදී)
පුෂ්පසිරි-පැරිස්. කරුණාකර ඔබට පෑගී ඇති ඔබේම ශරීරයේ කොටසට නිදහස දෙන්න. ඉන්පසු අප හා ගමනේ යෙදෙමු. චම්පික රණවක මහතාගේ දේශපාලන ක්‍රියා පුෂ්පසිරිට අනුමත කරන්නට බැරිලු. නේද.? ඒ ඔබේ පුද්ගලික මතයනේ. නමුත් ජනාධිපතිතුමා ඇතුළු රටේ බහුතරයක් රණවක මහතාගේ පක්ෂයේ දේශපාලනයට විරුද්ධ වී නැති බව මතම තබා ගන්න. පුෂ්පසිරිගෙන් මම එකම එක දෙයක් අහන්නම්. රණවක මහතාගේ දේශපාලන දර්ශනය තුල එතුමා කැසිනෝ වලට විරුද්ධයි. ඔබ එවිටත් එතුමාගේ දේශපාලන දර්ශනයට විරුද්ධද? (නදී)
ලංකාවේ අය මේ අයගේ කතා අහන්නේ නැති නිසාද දන්නෙ නැහැ පිටරට යන්නේ? (නි)
ගිහාන්, ඔබට පෑගී ඇති කොටස පළමුව බලන්න. චම්පික රණවක මහතාව කවුරුවත් බලෙන් තියාගෙන ඉන්නේ නැහැ.අනික් කරුණ ලංකාවේ කැසිනෝ දැනටත් තිබෙනවා . මමත් පැරිසියේ කැසිනෝ ශාලා වලට යනවා. මම කොහොමත් චම්පික රණවක මහතාගේ දේශපාලන දර්ශනයට විරුද්ධයි. එතුමාට විරුද්ධ නැහැ පුද්ගලිකව. ඔන්න මගේ පිළිතුර. (නි)
පන්සලේ විතරක් නොවෙයි පල්ලියෙත් ඉතිහාසේ ඉදන් දේශපාලනය මෙහෙයවීම කෙරිලා තියෙනවා. රෝම ඉතිහාසය කතා කරන්න පුලුවන්ද වතිකානුව ගැන නොකියා. ඒක අදත් එහෙමයි. ඉතිහාසය නොදන්න අයට තමයි මේ අදහස් නොතේරෙන්නෙ. චම්පික කියන්නේ අපේ රටේ ඉන්න බුද්ධිමත් දේශපාලන නායකයෙක්. ඉතිහාසය මොකුත් දන්නේ නැති අය මෙතන බොරු බෞද්ධකම් පෙන්වන්න අදහස් ලියනව. මේ සමහර අය පන්සලක් පල්ලියක් කිට්ටුවටවත් යන්නෙ නැති අය. රට හිටියට දන්නේ ගෙදරයි වැඩපලයි ගුවන් තොටුපලයි විතරයි. (ස)
ඕනෑම දෙයක් අන්තවාදී විදියට සිතුවොත් , ක්‍රියා කළහොත් නරකක් සිදුවීම අනිවාර්යයි. ආගම වුණත් ජාතිය ගැන වුණත් අන්තවාදී විදියට සිතීම නරකය. බෞද්ධ දර්ශනය වුවත් අන්තවාදී විදියට ගතහොත් එහි නිර්මල අරුත ගිලිහී ගොස්, වෙනත් දෙයක් මතුවේ. (නි)
ගිහාන්, චම්පික රණවක කැසිනෝ වලට විරුද්ධයි. ජනාධිපති චම්පිකගේ පක්ෂයේ දේශපාලනයට කැමති නිසාද කැසිනෝ ලංකාවට ගේන්නේ? ගොඩක් අයට ශරීර කොටස් පෑගිලා නේද? (නදී)
මානවයා එදා ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටි තම ගෝත්‍රය ගැන සිතීමට පුරුදුව සිටියා. අද එහි මුහුණුවර පමණක් වෙනස්වී ඇත. සංස්කෘතිය අද එම තැන අරගෙන ඇත කියා මා සිතමි. තම ගෝත්‍රයට එනම් අඩුම වශෙයෙන් සමේ පාටට වත් නැති නම් අනෙකා ට වඩා තමන් උසස් යයි සිතීමේ පුරුද්ද මානවයාගේ පැවැත්මත් සමග යන දෙයකි. එහෙව් එකේ අපේ සංඝයා වහන්සේලා නොසිටින්නට අද වනවිට සිංහලයන් කියා ජාතියක් ඉතුරු වන්නේ නැති බව අප කව්රුත් දන්නා දෙයකි. තවද අප පන්සල් මගින් ඉටුවූ සේවය නම් සසුන රැකගැනීමය. තම ආත්මය සසරින් එගොඩ කරගැනීම පමණක් කළා නම් අද අපහට බුදු සසුනක් ඉතිරි වන්නේ නැත. බැමිණි තියා සාය නම් නියගයක් ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ වසර හතක් පමණ තිබෙද්දිත් උන්වහන්සේලා කර කොළ නම් කොළ වර්ගයක් කමින් කලේ සසුන රැක ගැනීමය. තත්වය මෙසේ නම් උන්වහන්සේලා කලෙත් කරන්නෙත් ජාති වාදය ඇවිස්සීම නොව එය රැක ගැනීමේ කියා මම සිතමි. ගිහියකු වෙලත් චම්පික ඇමතිතුමා ද කරන්නේද ජාතිය රැක ගැනීම විනා ඇවිස්සීම කියා පටලවා ගැනීම වැරදිය. (නදී)
රූපසිංහ ඔයා කවදා ඉදලාද චමිපිකට කඩේ යන්නේ.(නදී)
මෙයා නේද නොරොච්චෝලේ කෑවේ.(නදී)
එඩ්වින් මහත්මයා, මම ඔය කියන කිසිම ඇමතිවරයෙකුට කඩේ යන කෙනෙක් නම් නෙවේ මොකද ලාභ ප්‍රයෝජන අවශ්‍යනම් ඒ සදහා වෙනත් විකල්ප ඇත. නමුත් හතුරාගේත් හතුරා ඒ මගේ මිතුරා යන අදහසේ මම පිහිටා සිටින්නේ. මම මගේ රටට, එක්සත් ලංකාවකට ආදරය කරමි.(ස)
ශ්‍රි ලංකාව සිංහල බෞද්ධ රටක්. ඒක පිළිගන්න බැරි අය කටවහගෙන ඉන්න. (ස)
ඉතාමත්ම උගත් පුද්ගලයෙක්... (නි)
පිටරට ලාංකිකයන්ට ලංකාව ගැන කුමන කැක්කුමක් ද කියලා නේ නිතරම කියන්නේ. දැන් ලංකාවේ උදවිය පිටරට ගිහිල්ල කතා පවත්තන කොට සමහරු හැංගිලා ඉන්නවා. මම මේ ඇමතිතුමාට වරදක් කිව්වා නෙවෙයි. අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය හැමෝටම තියනවා. පිටරට ඉන්න ලාකිකයන් ට ත් එහෙමයි. (ස)
මොන රටක හිටියත් ලංකාවට ගරු කල යුතු යි (නදී)
ඒකයි බලවල.(නදී)
සුනිල් මිලානෝ , ප්‍රවීන් , මමත් ඔබලාට සියයට සියයක් එකගයි. "ඉතිහාසය නොදන්නා සිංහලයන් හැමදෙයම අවුල් කරගන්නවා.(දී)
හොඳයි හොඳයි (නි)
සෑහෙන පිරිසක් ඇවිල්ලා ඇති (නි)
ජාතියට ආගමට මොකක් හරි වැරැද්දක් සිද්ධ වෙනවා නම් පන්සලෙන් තමයි පටන් ගන්න ඕනෑ ! (නි)
පුෂ්පසිරි මහතාණෙනි, ඉතිහාසයේ පන්සල් වල දේශපාලනය නොකළා නම් අද ඔය ටික ලියන්න ඔබත් නැහැ.දේශපාලනයත් ජාතික වගකීමත් පටලාගන්න එපා. වෙනත් ජාතීන් හැම දෙනාම තම ජාතිය ගැන හිතනවා. තමන්ගේ ඉතිහාසය නොදන්නා සිංහලයන් හැමදේම අවුල් කර ගන්නවා. (නි)
මම අනුමත කරනවා පුෂ්පසිරිගේ කතාව. (නි)
මිලානෝ සුනිල්, මෝඩ කතා කියන්න එපා (නි)
යමක් කමක් ඉගෙනගන්න නම් ගිහින් චම්පික වැනි උගතෙකුගෙන් ඉගෙන ගන්න. (නි)
මා අගය කරන හොඳ බුද්ධිමතෙක් (නි)
මමත් ඒ රැස්වීමට ගියා. සිල්ගත් ඇත්තෝ සුදු පිරුවට ඇඳගෙන ශාලාව පිරී සිටියා. (නි)
බෝවර් පැරිස් ඔය හරියටම හරි මමත් ඒ රැස්වීමට ගියා මම හිතුවේ එක සීල ව්‍යාපාරයක් කියලා. බලනකොට රැස්වීමක්නේ. (අ)
සුනිල් අයිය ඔයාගේ කතාවේ හැටියට ලඟදි ප්‍රංශයේ සිංහල සංවිධානයේ ලේකම් සාභාපතිට පිහියෙන් අනින්න ගියේ ඒ නිසාද ?(දී)
සාමාන්‍යයෙන් පැරිස් පන්සල් දේශපාලනීය වෙලා නැහැ තවම. මේක එක පියවරක්. පැරිස් පන්සලුත් දේශපාලනීය වන්නට. මම නම් අනුමත කරන්නේ නැහැ පන්සල් වල දේශපාලකයන් ඇවිත් කතා පවත්වනවාට. කුමන පක්ෂයක උනත් පන්සල පල්ලිය තිබෙන්නේ ආගමික කටයුතු වලට නිසා.(නදී)
සිල් ගත්තු අයට වෛරය ක්‍රෝධය ඇතිවන කතා කියන්න එපා (ස)
ඉතිහාසයේ පන්සල් තුලට දේශපාලකයින් රිංගල දේශපාලනය කරලා තියනවයි කියල සඳහන්ව ඇත්තේ (ස)
පුෂ්පසිරි මහත්මයා, මමත් මගේ මිතුරනුත් ප්‍රංශයේ සිටින ජාති හිත්‍යෙෂි විශාල පිරිසක් ශාලාව පිරෙන්න සිටියා. ඒ අතර සිල් පවාරනය වෙච්ච සිල් ඇත්තොත් ටික දෙනෙක් සිටියා.චම්පික මැතිතුමා කිසිම දේශපාලනයට අදාල වචනයක්වත් කථා කලාද,නැහැනේ.මේක අපේ ජාතියේ ප්‍රශ්නයක්.දැන් අපි හැමදාම අහන බණ කථා අහඅහ ඉදලා වැඩක් නැහැ. කවදත් ප්‍රංශයේ වැඩ වසන සංඝයාවහන්සේලා මේ වගේ ප්‍රශ්නයකදී පෙරමුණ අරගෙන වැඩ කටයුතු කරනවා,ඇත අතීතයේදිත් පන්සල නේද පෙරමුණ ගත්තේ.(දී)
ඒ පන්සලුත් දේශපාලනීකරණය කරන්න ද උත්සාහය (දී)
රන්ජිත් සෝමවංස මහතාණනි . මමත් ඔතන සිටියා . චම්පික රණවක උගතෙක් බුද්දීමතෙක් වග මාත් දන්නවා . එහෙත් ඔහුගේ දේශපාලන ක්‍රියා අනුමැත කල නොහෙකිය . ආගම් වාදය සහ ජාතිවාදයේ සටහන් තමා ඔහු දෙන්නේ පන්සලෙත් . පන්සල කාටත් පොදු ස්ථානයක් . ඕනෙම ජාතියෙකුට ඕනෙම ආගමක් අදහන කෙනෙකුට එන්න පුළුවන් . අපි ඔවුන්ට වටහා දිය යුත්තේ නිර්මල බුදු දහම මිසක් , ජාතිවාදය හෝ ආගම් වාදය නොවේ . උපතින් ලබන ආගම සහ ජාතිය සියලුම ඔවුන්ට උතුම් දෙයක් ලෙස(දී)
මෙතන සිල් අරන් සුදු පිරුවට අන්දලා ඉන්න බොහෝ අය ඉරිදට පල්ලියේත් ඉන්නවා මම දැකල තියෙනවා . එකට වරදක් නැහැ . එක තමා . සහජීවනය . තවත් සමහර සිංහල බෞධයන් ප්‍රන්සයේ පිරනිස් කදු කිට්ටුව තිබෙන ලුර්දු කියන පල්ලියට අවුරුද්දකට වරක් යනවා , සිතුම් පැතුම් ඉටු කර ගන්නට පුජාවක් කරන්නට . හේතුව යුරෝපයේ බටහිර සංකල්පයට ගොදුරු වීමය . එහෙත් පුවත් පත් වලට යු ටුබ් වගේ ඒවාට හොරෙන් නිර්නාමික නම් වලින් වෙනත් ආගම් වලට ජාතීන්ට නිගා කරන පින්තුර සහ ලිවීම් කරනවා . ගොඩක් අය මේකෙත් ලියන්නේ සිතට හොරා . අපි නොදන්නා ප්‍රන්සය , අපි නොදන්නා මොනරතැන්න (දී)
රිද්මා, අපේ ඉතිහාසය කියවලා බලන්න,ඒ වගේම ලෝක ඉතිහාසය කියවලා බලන්න පල්ලිත් මේ වගේ ප්‍රශ්නවලදි පෙරමුණ අරගෙන වැඩ කටයුතු කරලා තියේනවා.(දී)
යුරෝපයේ කතෝලික පල්ලි වලින් වන සේවය කිසිම ආගමකින් වෙන්නේ නෑ. (ස)
ඇමති තුමා අධිරාජ්‍යවාදීන්ට බනින්නේ අධිරාජ්‍යවාදී රටක ඉදලනේ. (ස)
පුෂ්පසිරි මහත්මයා 100% ම හරි. පන්සල පල්ලිය කෝවිල කියන්නේ මිනිසුන්ගේ අධ්‍යාත්මික ගුණ වගාව දියුණු කරලා ඔවුන්ට පරලොවදී යහපතක්ම සිදුකිරීම එකම අදිටන කරගත් උතුම් ස්ථාන. (ස)
මේ තේමාව යටතේ කතා කරන්ට ප්‍රංශයට ආව එක හරිද මන්ද?? (ස)