IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


'චෝල ආක්‍රමණයට පෙර පුලතිසිපුර ජනාවාස'

පොළොන්නරුව ඉපැරණි  පුරාවිද්‍යා  බිමේ  අංක 02 ශිව දේවාලය ආසන්නයේ සිදුකළ පුරාවිද්‍යා  කැණිම්වලදී  පොලොන්නරු යුගයට  පෙර  බොහෝ  දුරට  අනුරාධපුර  යුගයට  අයත්  යැයි  සැළකිය හැකි  ගොඩනැගිලි  සංකිර්ණයක පාදමක් හමුවු  බව ඒ අනුව චෝල ආක්‍රමණයට  පෙර ස්ථිර  ජනාවාස මෙහි  තිබු  බවට  වංශථාවල සඳහන්  තොරතුරු  සම්බන්ධයෙන්  විශ්වාසනියත්වයක්  ඇතිවන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්  ප්‍රියශාන්ත ගුණවර්ධන පැවසුවේය.

ආදි මානවයා  පිළිබඳව අපට  මෙතෙක්  තොරතුරු  අනාවරණය  වන්නේ  බලංගොඩ සබරගමු  පළාතෙන්  යැයි වියළි කලාපයේ  දී  ආදි  මානවයා  විසු  බවට  පැහැදිලි  සාධක ලෙස ගලින්  නිමවන ලද කුඩා  ගල් ආයුධ , යකඩ වලින්  ආයුධ තනා  ගත් බව විශ්වාස කළ හැකි  යබොර  කොටස්  ආදිය ද හමුවී  ඇතැයි  මහාචාර්ය ගුණවර්ධන මහතා  කිවේය.

බොහෝ දුරට  මෙම කුඩා  ගල් ආයුධ සතුන් දඩයම්  කිරිමෙන්  පසු  එම සතුන්ගේ  සම්  ඉවත්  කිරිමට  කුඩා  කැබැලිවලට  ඉරා  ගැනිම සඳහා භාවිතා  කරන්නට  ඇති බවට  විශ්වාස කරන බවස කීවේය.

පොළොන්නරුවේ සිදු කෙරෙන මෙම පුරාවිද්‍යා  කැණිම්  සහ පර්යේෂණ වසර  05 ක ව්‍යාපෘතියකි.

මධ්‍යම  සංස්කෘතික අරමුදලේ  මෙහෙයවීමෙන්  ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා  එංගලන්තයේ  බරන් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළීබඳ මහාචාර්ය රොබින්  කනින්හෑම් මහතා ද එක්ව සිටි. මෙයට  අමතරව නේපාලය, ඉන්දියාව, බංගලාදේශය යන රටවල පුරාවිද්‍යා විශේෂඥයින්ද මෙරට  විශ්ව විද්‍යාල ගණනාවක පුරාවිද්‍යා  විෂය හදාරන ශීෂ්‍ය  ශිෂ්‍යාවන්ද සහභාගි වී සිටිති.

පොළොන්නරු  ඉතිහාසය නැවත මතුකර  ගැනීමේ  පුරාවිද්‍යා  කැණිම්  සහ පර්යේෂණ වඩාත්  විද්‍යාත්මක මුහුණුවරකින්  ඉදිරි  කාලයේදී  සිදු කෙරෙන බවද මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන සඳහන් කළේය.

මේ අනුව පොළොන්නරු  ඉපැරණි  පුරාවිද්‍යා  භුමිය කේන්ද්‍ර කර ගනිමින් කිලෝ මීටර  50 ක් දුරට  විහිදුණු  සෝමාවතිය දිඹුලාගල මැදිරිගිරිය, මින්නේරිය ,නාගලකන්ද, ඇලහැර  බකමුණ ආදි  ප්‍රෙද්ශ  කරාද මෙම කැණිම් සහ පර්යේෂණ ඉදිරි වසරේ සිට ව්‍යාප්ත කිරිමට  බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසුවේය. 



අදහස් (0)

'චෝල ආක්‍රමණයට පෙර පුලතිසිපුර ජනාවාස'

විජේතුංග Wednesday, 16 September 2015 06:30 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 20 4 0

තලවකැලේ , මඩකුඹුර වත්තේ ගසක නැග අතු කැපිමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදි එල්ල වු බඹර ප්‍රහාරයකින් ගස මතින් පහලට ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ


රැස්වීමක් පැවැත් වුවැයි පක්ෂ ආධාරකරුවකුට තර්ජනය කරලා
2024 සැප්තැම්බර් මස 20 165 0

ජනාධිපති අපේක්ෂකයකුගේ ජයග්‍රහණය උදෙසා එම පක්ෂයේ ආධාරකරුවකු විසින් ඔහුගේ ආයතනය තුළ රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් වෙනත් පක්ෂයක ආධාරකරුවකු බැන තර්


සැමියා පැදවූ ත්‍රිරෝද රිය පෙරැළි බිරිය මරුට
2024 සැප්තැම්බර් මස 20 722 0

සැමියා පැදවූ ත්‍රීරෝද රථය අනතුරකට ලක් වී පෙරළීමේදි එහි සවිකර තිබූ හුඩ් ට්‍රක් එක බිරිඳගේ හිසේ ඇනීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බිර


ඡන්දේ දාන්න ගමේ යන්න අධිවේගයේ බස් නෑ
2024 සැප්තැම්බර් මස 20 1113 2

මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අරමුණින් ගම්බිම් බලා යාමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසකට ප්‍රමාණවත් බස් රථ නොමැති වීමෙ


නිවසට පැන ඡන්ද කාඩ් බලෙන් අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 20 1637 2

නිවිතිගල, දෑල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකාරිනියකගේ නිවෙසට ඇතුළු වූ නාදුනන පුද්ගලයන් 6 දෙනකු නිවෙසේ තිබූ ඡන්ද කාඩ් පත් 3 ක් බලෙන් රැගෙන ගොස් ඇති බව


ළමා නිවාසයක දැරියන් දෙන්නෙක් පැනගිහින්
2024 සැප්තැම්බර් මස 20 555 0

මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14538 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 105 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 90 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 137 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site