IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


චෙස් ‘ග්‍රෑන්ඩ් මාස්ටර්‘ වෙන්නයි අදහස

     ‘‘චෙස්  ක්‍රීඩාවේ ඉහළම තත්වය වන  ‘ග්‍රෑන්ඩ් මාස්ටර්‘  කෙනෙක් වීමයි මගේ අනාගත බලාපොරොත්තුව.  ශ්‍රී ලංකාවේ මෙතෙක් ග්‍රැන්ඩ් මාස්ටර්  කෙනෙක් බිහි වෙලා නැහැ. මම ලංකාවේ පළවෙනි ග්‍රැන්ඩ් මාස්ටර් වෙනවා‘‘    යැයි බ්‍රසීලයේ පැවැති දසවන ලෝක පාසැල් චෙස් තරගාවලියෙදී ලොව ප්‍රබල රටවල් 27 ක් අභිබවමින්   වයස අවුරුදු 11 න් පහළ රන් පදක්කම දිනාගැනීමට සමත්වු හර්ෂණ  තිලකරත්න සිසුවා පැවසුවේය.

ලෝක පාසැල් චෙස් තරගාවලියකදී  ශ්‍රී ලංකාව ලබා ගත් ප්‍රථම රන් පදක්කම මෙයයි. 

රටට සම්පතක් වු පුංචි හර්ෂණ තවමත් එකොලොස් වන වියේය. ඔහු කුරුණෑගල මලියදේව විද්‍යාලයේ හය වසරේ ඉගෙනුම ලබන දක්ෂ සිසුවෙකි. පෙර පාසැල් අවධියේ සිටම චෙස් ක්‍රීඩාවට උපන් හපන්කම් පෑ හර්ෂණ මේ වන විට ජාත්‍යන්තර ජයග්‍රහණ රැසකට උරුමකම් කියයි.

2009 වසරේ සිට චීනය, තුර්කිය, ග්‍රීසිය, බ්‍රසීලය, ඉන්දියාව,පෝලන්තය, රුමේනියාව, ස්ලෝවේනියාව, ඇතුලූ රටවල් 10 ක පැවති ලෝක තරගාවලි 17කට සහභාගී වී ඇති හර්ෂණ රන් රිදී   ලෝකඩ පදකක්ම් මෙන්ම මුල්පෙල දසදෙනා අතරට පැමිණ පදක්කම්ද දිනා දී ලංකාවට මහත් ගෞරවයක් හා කීර්තියක් අත්කර දීමට සමත් වු දරුවෙකි.

ඔහුගේ ජයග්‍රහණ අතර 2009 වසරේ ශ්‍රී ලංකාවේ පැවති පස්වන ආසියානු පාසැල් චෙස් තරගාවලියෙන් ඒකල තරග ලෝකඩ පදක්කම හා කණ්ඩායම් රන් පදක්කමද, 2010 වසරේ තුර්කියේ පැවති හයවන ලෝක පාසැල් චෙස් තරගාවලියේදී සම දෙවන ස්ථානයද, 2011 වසරේ බ්‍රසීලයේ පැවති ලෝක  යොවුන් චෙස් තරගාවලියෙන් සම ප්‍රථම ස්ථානයද, 2014 වසරේ බ්‍රසීලයේ පැවති දසවන ලෝක පාසැල් චෙස් තරගාවලියෙන් ප්‍රථම ස්ථානයද ලබා ගැනීම සුවිශේෂිය. නොකඩවාම ජාත්‍යන්තර චෙස් තරග රැසකටම ශ්‍රී ලංකාවේ නිළ ක්‍රීඩකයා ලෙස සහභාගී වීමටද හර්ෂණට හැකි විය.

2009 සිට  2014 තෙක් අඛන්ඩව සමස්ථ ලංකා පාසැල් සහ සමස්ත ලංකා යොවුන් චෙස් තරගාවලියන්හිදී දක්ෂතම ක්‍රීඩකයා වීමේ ගෞරවයද ඔහු හිමිකරගෙන ඇත.

පාසැලේ පළමු වසරේදීම පාසැල් චෙස් ක්‍රීඩාවට අවතීර්ණ වන හර්ෂණ, චෙස් ක්‍රීඩාවෙන් දස්කම් දැක්වු සිය සොහොයුරා මෙන්ම ජ්‍යෙෂ්්ඨ ක්‍රීඩකයින්ද ඉතා කෙටි කලකින් අභිභවා යාමට සමත්ව ඇත.  සිය සොහොයුරාගේ මග පෙන්වීමද නිවස තුළ වු පරිසරයද ඔහුගේ මෙම ලෝක ජයග්‍රහණය සඳහා වූ දීර්ඝ ගමනට අඩිතාලම දැමුවේය.

හර්ෂණ තම ජයග්‍රහණය පිළිබඳව පවසන්නේ

‘‘මගේ අයියා ශාලිත තිලකරත්න. ඔහු මලියදේවයේ  දෙවැනි වසරේ ඉන්නකොට චෙස් තරගවලට ගියා. එතකොට මගේ වයස අවරුදු හතරයි.  මම පෙර පාසැල් යනවා.   අයියා චෙස් අදිනවා බලා ඉදලා මටත් ආස හිතුනා. අයියා තරගවලට යනකොට මමත් ගියා. අයියගේ පාසැලේ හිටපු ගුරුවරු ඒ නිසා මාවත් හොඳට දන්නවා. අයියාගේ යාලූවෝ එක්ක මමත් චෙස් ඇද්දා. බොහෝ අවස්ථාවලදී මම දිනුවා. අයියා එක්ක ඇදලත් දිනුවා. තාත්තත් මාව උනන්දු කළා. අම්ම තමයි මාත් එක්ක තරගවලට යන්නේ.

ඉන්පස්සේ මමත් එක වසරෙදි කුරුණෑගල මලියදේවට ඇතුලූ උනා.  එහිදී එන්.පී ලියනගේ මහතා මාව එක වසරෙදිම  චෙස් වලට තෝර ගත්තා. ලසන්ත චාමර මහතා විසින් පුහුණු කළා.

මම මේ තරගාවලියට යද්දී  දිනනවාමයි කියා හිතාගෙන ගියේ. සාමාන්‍යයෙන් එක තරග වටයකට පැය හතරක් විතර ගත වෙනවා. එක දිගට ඉදගෙන ඉන්න උනාම ටිකක් නැගිටල ඇවිදිනවා. එතකොට අලූත් අදහස් හිතට එනවා.

මේ තරගාවලියේ තරග වට 9 යක් පැවැත්වුවා. එයින් තරග වට හතක් දිනුවා. දෙකක් ජය පැරදුමෙන් තොරව අවසන් උනා. 

රුසියානු රටවල් සමග තරග කරද්දී අභියෝගයක් තිබුනා.  මේ තරගාවලියේදි දින 9 යක්  ක්‍රීඩා කළා. අවසාන තරගාවලියේදී ටුක්්බකිස්තාන  ක්‍රීඩකයා පරාද කිරීමට මට ගන්න තිබුනේ ලකුනු බාගයයි.  ඔහු මගෙන් කිහිපවරක්ම ඉල්ලා සිිටියා ඔහු  සම කරන්න කියා. නමුත් මගේ අරමුණ උනේ  රන් පදක්කම ගන්න.  මම දිගටම ක්‍රීඩා කරලා ඔහුව පරාද කරලා රන් පදක්කම ගත්තා. මට ගොඩක් සතුටු හිතුනා. මේ වගේ තරගාවලියකින් රන් පදක්කම් දිනාගෙන ලංකාවට ආපු පළමුවෙනියා මම නිසා.

විශේෂයෙන්ම  මගේ ජයග්‍රහණය සඳහා  පුහුණුකරුවන රොමේෂ් වීරවර්ධන මහත්තයා ගොඩක් කැපවීමෙන් වැඩකටයුතු කළා. ඒ වගේම අනෙකුත් පුහුණුකරුවන් වන රාෙජ්න්ද්‍ර කලූගම්පිටිය, ක්‍රීඩා බාර ආචාරිනී ශ්‍යාමලී දසනායක මහත්මිය, පාසැලේ විදුහල්පති වයි.පී තිලකරත්න මහතා ඇතුලූ  ආචාර්ය මණ්ඩලය මාව හැමවිටම දිරි ගැන්වුවා.

ඒ වගේම ලංකාවේ ඉන්න ප්‍රවීන පුහුණුකරුවන් රැසකගේ සහයෝගය මට ලැබුනා.  

චෙස් සම්මේලනයේ ලේකම් ලක්ෂමන් විෙජ්සුරිය, සභාපති කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති    උපාලි ගුණසේකර, පාසැල් චෙස් සංගමයේ ලේකම් නිර්මලා ඊරියගම ඇතුලූ නිලධාරී මන්ඩලයටත් මගේ විශේෂ ස්තුතිය පුද කරනවා.

ඒ වගේම මම මුලින්ම මලියදේවයේ  එකේ පන්තියට ගියහම මගේ පුහුණුකරු වු නුවන් ලියනගේ. ලසන්ත චන්ද්‍රරත්න,  චෙස් ක්‍රීඩාභාර ආචාරිනියන් වන දයානි පාදෙනිය හා හිටපු විදුහල්පතිවරුන් වන  ආර්.එම්.එම් රත්නායක, ආර්.එම්.එම්.පී.පී.කේ රත්නායක යන මහත්ම මහත්මීන්ටද, මගේ දෙමව්පියන් සහ සොහොයුරාටද  මේ වෙලාවේ ගොඩක්  ස්තුතිවන්ත වෙනවා.‘‘ 

චෙස් ක්‍රීඩාවට අමතරව පාසැලේ විෂය සමගාමී කටයුතුද සමබරව කරගෙන යන හර්ෂණ බොහෝ අවස්ථාවල පන්තියේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත් විය. එමෙන්ම ඔහු පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන්ද ලකුනු 181 ක් ලබා ගැනීමට සමත් විය. 2013 වසරේ පාසැලේ කණිෂ්ඨ අංශයේ දක්ෂතම ශිෂ්‍යයාට හිමි රන් පදක්කම ද හර්ෂණට හිමි විය.

2013  ඉන්දුනීසියාවේ පැවැති ජාත්‍යන්තර විද්‍යා හා ගණිත ඔලිම්පියාඩ් තරගාවලියෙන්  ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම  නියෝජනය කිරීමටද හර්ෂන සමත් වන්නේ හය වසරේදී ලංකාවෙන් නියෝජනය ලබා ගත් එකම සිසුවා ඔහු විය.

හර්ෂණගේ මව නයනා වික්‍රමසිංහ කුරුණෑගල ශික්ෂන රෝහලේ වෛද්‍යවරියකි.  පියා ජාතික ජලප්‍රවාහන මණ්ඩලයේ උතරු පළාත් සහකාර සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරයි.

හර්ෂණගේ එකම සොයුරු ශාලිත තිලකරත්න ද ජාත්‍යන්තර තරග ගණනාවක්ම නියෝජනය කර ඇති දක්ෂ චෙස් ක්‍රීඩකයෙකි. මෙම දෙදෙනාම  පාසැල් චෙස් කණ්ඩායම නියෝජනය කිරීමද සුවිශේෂී කරුණකි.

ලොව බොහෝ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රාජ්‍ය අනුග්‍රහයද,  පුහුණුකරුවන්ද සමග තරගාවලියට සහභාගී වුවද පුංචි හර්ෂණ තරගාවලියට  සහභාගී වුයේ ඒ සියල්ල නොමැතිවය.  තරගාවලියට සහභාගීවීම සඳහා වන වියදම ඔහුගේ දෙමව්පියන්ට  පෞද්ගලිකව දරා ගැනීමට සිදු විය.

හර්ෂණගේ දෙමව්පියන්  පැවසුවේ තම පුතුගේ ජයග්‍රහණ නිරන්තරයෙන් ඇගයීමට ලක් කළ වයඹ පළාත් හිටපු සෞඛ්‍ය හා ක්‍රීඩා අමාත්‍ය අශෝක වඩිගමගොඩ චෙස් සම්මේලනයේ ලේකම් ලක්ෂමන්  විජේසුරිය මහතාද, ශ්‍රී ලංකා පාසැල් චෙස් සංගමයේ ලේකම් නිර්මලා ඊරියගම යන මහත්ම මහත්මීන්ගේ සහය ඉතා වැදගත් වූ  බව ඉතා කෘතවේදීව සඳහන් කළේය.

රටට සම්පතක් වු පුංචි හර්ෂණ තවමත් එකොලොස් වැනි වියේය. ඔහු මෙතෙක් ආ ජයග්‍රාහී ගමනට වඩා දිගු ගමනක් යන්න කාලය ඉතිරිව ඇත. කළ යුතුව ඇත්තේ  ඒ සඳහා ඔහු ශක්තිමත් කිරීමයි. එම ශක්තිය පුංචි හර්ෂණට ලබා දීමේ වගකීම රටට මෙන්ම අපටද තිබේ.

 DSC00232 DSC00235 DSC00331  DSC00361 DSC00364

1 2 3 4 5 6 7 DSC00360



අදහස් (0)

චෙස් ‘ග්‍රෑන්ඩ් මාස්ටර්‘ වෙන්නයි අදහස

සුගුනවති Thursday, 11 December 2014 09:31 PM

අනේ කොලු පැටියෝ,ඔබගේ පැතුම එලෙසින්ම ඉටු වේවා.අපගේ රටේ නාමය මුළු ලොවේම රැඳවීමට හැකි වේවා.ඊළඟ වර දේශපාලුවන්ගෙන් තොර ෆොටෝ ගැනීමට හැකි වේවා. (අ)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 11 December 2014 01:43 PM

සුභ පැතුම් මගේ පුතේ.මමත් ආසයි ඔබගෙන් ඉගෙනගන්න. (නි)

:       0       0

රෝහිත කළුතර Thursday, 11 December 2014 02:54 PM

සමන්ජය, මොනවද දොඩවන්නේ. පොඩි දරුවා ගැන අපට දැනෙන්නේ කිවනොහැකි සතුටක්. ආඩම්බරයක්. පුතේ, ඔබට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

සුසිල් එන් කොළඹ තන්ත්‍රීෙග් Thursday, 11 December 2014 03:14 PM

පුතාට අපි මුළු හදවතින්ම ආශීර්වාද කරනවා! (නදී)

:       0       0

අමල් Thursday, 11 December 2014 10:01 AM

කුරුණෑගල කොල්ලේක් ආ (බ)

:       0       0

සංජීව Thursday, 11 December 2014 10:04 AM

ඔබ ගැන ආඩම්බරයි පුතා. යන්න අත දීපු නැති ඇමති ළඟට වෙලා පින්තුරේට අපුරුවට ඉන්නවා. බොරුවට නාස්ති කරන සල්ලි වලින් මේ වගේ ළමයන්ට උදව් කරානම් මොකද? (බ)

:       0       0

සඳුනි Thursday, 11 December 2014 03:45 PM

චූටි මල්ලියෝ........ඔයා මේ මව්බිමට අභිමානයක්.ලක් මෑණියන්ගේ සැබෑම මිනි රුවනක්. සුබපැතුම්....!(බ)

:       0       0

සමරෙ Thursday, 11 December 2014 10:25 AM

පැතුම ඉටුවෙනවා පුතා ඉස්සරහටම යන්න ඔයාට ඒක කරන්න හැකියි සුබ පැතුම් ! (බ)

:       0       0

නිශාන් විජේසුරිය Thursday, 11 December 2014 10:29 AM

හැමෝම දින්නට පස්සේ ඉතින් බොරුවට බන්දුල ඇමති ෆොටෝ වලට ඉන්නවා.බොරු කාරයෝ ...මුන්ව එලවන්න ඕනේ ..අපරාදේ ඡන්දෙ දීපු අපියි මෝඩයෝ ...(බ)

:       0       0

ශිරෝ Thursday, 11 December 2014 10:30 AM

සුබ පැතුම් චූටි පුතේ! ඔබේ පරමාර්ථය ඉටුවේවා! (බ)

:       0       0

නිමල් රණසිංහ - පැරිස් Thursday, 11 December 2014 10:38 AM

ඔබ ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා පුතේ. චෙස් ක්‍රීඩාවට කුඩම්මාගේ සැලකිලි දක්වත්දිත් මේ තරම් ලොකු හපනෙක් විම සතුටක්. ඔබ දකින්න ඇති නේද වෙනත් රටවල් චෙස් වලට තියන ආදරය. (ර)

:       0       0

අබේ Thursday, 11 December 2014 04:12 PM

ඔබ රටට ආඩම්බරයක් ! චුටි පුතේ ඔබට දළදා සමිදුගේ සරණයි (නදී)

:       0       0

කුමාරී Thursday, 11 December 2014 11:03 AM

ජය වේවා පුතේ...!ඔයාට තෙරුවන්සරණයි!(දිල්)

:       0       0

චන්දන Thursday, 11 December 2014 11:07 AM

සුබ පැතුම්. විශිෂ්ට ජයග්‍රහණයක්. මම හිතුවේ මාතර කෙනෙක් කියලා (දිල්)

:       0       0

සෙනරත් Thursday, 11 December 2014 11:15 AM

ෂා.. නියම දක්ෂයෙක්නේ. පුතාට හදවතින්ම සුභ පතනවා තව තවත් ලොකු ජයග්‍රහණ ලබන්න කියලා. (ර)

:       0       0

සමන්ජය Thursday, 11 December 2014 11:15 AM

මෙතන මේ සමහරු කුඩා දරුවෙක්ගේ ජයග්‍රහණ සමරන වෙලාවෙත් පටු දේශපාලන අරමුණු වලින් කොමෙන්ට් දැමීම හරිම කැතයි. (ර)

:       0       0

සුජානි Thursday, 11 December 2014 11:47 AM

ටිකක් පරිස්සමින්.මට නම් නුඹ ගැන බයයි පුතේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 11 December 2014 11:57 AM

පුතා, ඔබ චෙස් ‘ග්‍රෑන්ඩ් මාස්ටර්‘ කෙනෙක්ම වේවා.! (ර)

:       0       0

ඉන්දික Thursday, 11 December 2014 12:02 PM

ගොඩක් ආඩම්බරයි මලියදේව මල්ලි ගැන. ලියනගේ, අයියටත් ගොඩක් පින්.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 126 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 3 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 432 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 190 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 366 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 779 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site