IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඡන්ද කාලෙට අලුත් ස්වයං රැකියාවක්

මහමැතිවරණයත් සමග ඇතැම් ප්‍රදේශවල ජනයාට නව ස්වයං රැකියා මාර්ගද උත්පාදනය වී ඇතැයි දැනගන්නට ඇත.

දකුණු පළාතේය. අතමිට දිගහැර වියදම් කිරීමට හැකි අපේක්ෂකයින් තෝරාගෙන ඔවුන්ට සහාය දීමට කොන්ත්‍රාත් පදනම මත ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වූ සංවිධානාත්මක කණ්ඩායමක් ගෙයින් ගෙයට යමින් අත් පත්‍රිකා බෙදීමට ඉදිරිපත්වී අපේක්ෂකයන්ගෙන් මුදල් ඇතුළු ලාබ ප්‍රයෝජන වරප්‍රසාද ලබාගැනීමට සමත්ව ඇත.

අපේක්ෂකයින්ගෙන් රුපියල් 25,000ක පමණ මුදලකට කොන්ත්‍රාත් ලබාගෙන ඊට අමතරව කෑම බීමද ලබාගත් මෙම පිරිස ඒ අයුරින් අපේක්ෂකයින් 10 දෙනකුගේ පමණ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට දායකවී වරප්‍රසාද ලබාගෙන ඇතැයි කියති.

පසුව කළ සොයාබැලීම්වලදී එසේ අපේක්ෂකයින් රැසකගේ ඡන්ද පත්‍රිකා එකවර ගෙනගොස් බෙදාදී ඇතැයිද එසේ ගොඩගැසුණු පත්‍රිකා රැසක් තම හිතවතුන්ගේ නිවෙස්වල ඇතැයි අපේක්ෂකයින්ට දැනගන්නට ලැබී ඇතැයිද කියති.

මෙය ප්‍රදේශයෙන් ප්‍රදේශයට ව්‍යාප්ත වෙමින් දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුන තුළම එවැනි කණ්ඩායම් බිහිවී ඇතැයිද සොයාගෙන ඇත. ගාල්ල, කරන්දෙණිය, ඇල්පිටිය ඇතුළු ප්‍රදේශවල වැඩිවශයෙන් දැකිය හැකිය.

ඡන්ද කාලයේ විවිධ පොරොන්දු දී ජයග්‍රහණයෙන් පසුව දකින්නවත් නොලැබෙන ඇතැම් ඡන්ද අපේක්ෂකයින් සිටින නිසා අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් පිරිස අතමිට සරුකරගෙන ඇති අතර මේ ගැන කිසිවකුට කියන්නට නොහැකිව ලජ්ජාවට පත්වී සිටින අපේක්ෂකයන් ගැන දකුණු පළාතම දන්නා බවත් එය ප්‍රසිද්ධ රහසක් වී ඇති බවත් දැනගන්නට ඇත.

 



අදහස් (0)

ඡන්ද කාලෙට අලුත් ස්වයං රැකියාවක්

පිටබැද්දර ජයා Sunday, 16 August 2015 01:56 AM

ඇත්තටම මෙතන හොඳක් මිසක් බොරුවක් වංචාවක් කරලා නැහැනේ. අපි අහල තියෙනවා සමහර දියුණු රටවල මේ ක්‍රමයට අත්පත්‍රිකා ආයතන වලට බාරදීලා ඒ හරහා නිවෙස් වලට යවන ක්‍රම. මේවට ඉතින් ලොකු මුදලක් ගෙවලාතමයි සිද්ධවෙන්නේ. ලංකාවේ තරුණයෝ දැන් හරිම දැනුවත්.අනික මේ ක්‍රමයට අනවශ්‍ය ගැටුම් ඇතිවෙන්නෙත් නැහැනේ මොකද? හැම අපේක්ෂකයෙක්ගේම පත්‍රිකා බෙදන්නේ එක කණ්ඩායමක් නිසා.මීළඟ ඡන්දෙදි අනිත් හැම පළාතකටම මේක ව්‍යාප්ත කර ගත්තොත් නියමයි (නි)

:       0       0

සචිත් Friday, 14 August 2015 04:04 AM

ඌරගේ මාළු උගේ පිටේ තියලම කපනවා කියන්නේ ඕවට තමා. අපේ රටේ ඉන්න ගොඩක් ජන්ද දායකයන්ට වඩා මේ මිනිස්සුන්ට මොලේ තියනවා. අපේ අනිත් මිනිස්සු ටිකටත් මේ ඉතුරු දවස් ටිකෙවත් මේ වගේ මොලේ පැදේවා කියල ප්‍රර්ථනා කරමු.(ම)

:       0       0

අසංග Thursday, 13 August 2015 05:12 AM

අපිටත් බැරිද? (නි)

:       0       0

ඉමේෂ් Thursday, 13 August 2015 05:18 AM

මොළේ තිබෙන මිනිස්සු. (නි)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 10:13 AM

දේශපාලනය නමැති මහා රැකියාවේ අතුරු අදායම් මාර්ග (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2647 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බෙන්තර - ඇල්පිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 36 0


මැදවච්චිය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 154 0


මුලතිව් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 241 0


තංගල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 134 0


අදත් තැනින් තැනට වැස්ස
2024 සැප්තැම්බර් මස 22 13 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14652 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 51 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 224 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site