(රෝෂන් තුෂාර)
ඡන්ද හිමි නාමලේඛනය සඳහා නම ඇතුළත් කිරීමට රුපියල් දස දහසක අල්ලසක් ගත්තේ යැයි කියන හම්බන්තොට සමෝදාගම ග්‍රාම නිලධාරීවරයා ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(13) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගත කරන ලද්දේ සුසන්ත උදය කුමාර නමැති පුද්ගලයෙකි.
සැකකරු හම්බන්තොට සමෝදාගම අලුතින් පදිංචියට පැමිණි පුද්ගලයෙකුගේ නිවසට විදුලි බලය ලබා ගැනීම සඳහා ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට රුපියල් පහළොස් දහසක අල්ලසක් ඉල්ලා දස දහසක් ලබාගන්නා අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
විරාජ් මදුශංක නැමැති පුද්ගලයාගෙන් මෙම අල්ලස් මුදල පසුගිය 01 දින ලබාගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිණවීමෙන් පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා සිය සේවා දායකයා අදාළ චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බවට දන්වා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් පසුව ලබන 27 දක්වා බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඡන්ද නාමලේඛනයට නම දාන්න අල්ලස් ගත් ග්‍රාමසේවක රිමාන්ඩ්