වව්නියාව පුදුකුලම් මහා විද්‍යාලයයේ ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියට ගිය ගුරුවරයකු දෙබරුන් දෂ්ට කිරීමෙන් මිය ගොස් ඇතැයි බවත්, තවත් දෙදෙනකු රෝහල් ගත කර ඇති බවත් රෝහල් ආරංචි කියයි.
එලෙස මියගොස් ඇත්තේ අල්මදීනා විද්‍යාලයයේ ක්‍රිෂ්තුරාජා නම් ගුරුවරයෙකි.
වව්නියාව පුදුකුලම් මහා විද්‍යාලයයේ ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියට ගිය ගුරුවරයකු දෙබරුන් දෂ්ට කිරීමෙන් මිය ගොස් ඇතැයි බවත්, තවත් දෙදෙනකු රෝහල් ගත කර ඇති බවත් රෝහල් ආරංචි කියයි.
එලෙස මියගොස් ඇත්තේ අල්මදීනා විද්‍යාලයයේ ක්‍රිෂ්තුරාජා නම් ගුරුවරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බලවත් කණගාටුව (නි)
වව්නියාවට දෙබරු ,යාපනේට බඹරු (නි)
බන්දුල කියන එක හරියටම හරි.මේවා ප්‍රචන්ඩ ක්‍රියා ලැයිස්තුවට නොදැම්මොත් පෙන්වන්න දේවල් නැතුව යනවා.මොකද අපේ ආණ්ඩුව සාධාරණව ඡන්ද කරන බව රට නෙමෙයි ලෝකෙම දන්නවා.අධිරාජ්‍ය වාදීන් බංගවේවා.දේශප්‍රේමී ආණ්ඩුව දිනේවා (අ)
සමස්ත චන්ද ප්‍රතිපලය ගැන ස්වභාව ධර්මයෙන් කළ ඉගියක්ද කියලා හිතෙනවා. ප්‍රතිපලය රටට යහපතක් නොවෙන බවයි මගේ හැගීම. දූෂිත අපේක්ෂකයන්ටයි මෙහෙම වෙන්න තිබුනේ. මේ අහිංසකයට නිවන් සුව ලැබේවා! (නි)
කොහොම වුණත් වෙලා තියෙන වැඩේ නිසා ඡන්දයටඅවාසියක් වෙයිද දන්නෙ නැහැ. මොකද දෙබරු අනිනවා කිවුවම මිනිස්සු ඡන්දෙ දාන්න එන එකක් නැහැ. (නි)
දෙබරුන්ටත් මේවගේ ඡන්ද වැඩ ඇති වෙලා.(නදී)
තවත් ජීවිතයක්. පාඩුව දුප්පත් පවුලකට. ඡන්ද නිලධාරීන් ආරක්සිතව තැබීම මැතිවරණ කොමසාරස්ගේ වැඩක්. ඔහු වගකීම බාරගත යුතුයි.(නදී)
බන්දුලගේ අදිරාජ්‍යවාදී බලලා මල්ලෙන් එලියට.(නදී)
අහිංසකයකුට ඇන්නොත් නේ දෙබරෙකුට හරි බේරුමක් තියෙන්නේ.(නදී)
අපරාදේ අනින්ට තිබ්බේ දෙසපාලුවෙක් හොයල..මෙහෙම දෙබරු.. මුන් අනින්නේත් අපිටම තමා. (අ)
ඔබට නිවන් සුව! කණගාටුදායක පුවතක් (නි)
ගිය ආත්මේ ලාම්පු කලගෙඩි කාරයෝ වෙන්ඩ ඇති. (අ)
'දෙබරුන්ට ලොකු ඉල්ලුමක් ඉස්සරහට ඇතිවෙයි" හ්ම්ම්....හ්ම්ම්....එතකොට, රෝසමලේ නටුවේ කටු... වනබඹරෝ ඔහොම හිටු.... (නි)
සමන් ඔබ හරියට හරි.අපේ රටේ උගතුන් බුද්ධිමතුන් දේශපාලනයෙන් ඈත් වීමත් ඔවුන්ගේ ඡන්දය පාවිච්චි නොකිරීමේ වරදත් නිසා සදාචාරයක් නැති අය හැමදාම පිස්සු නටනවා (නි)
දෙබරුන්ට ලොකු ඉල්ලුමක් ඉස්සරහට ඇතිවෙයි (නි)
දැන් ඕකත් එකතු කරගෙනද දන්නෙ නැහැ ප්‍රචණ්ඩ ක්‍රියා ලිස්ට් එකට? (නි)
ජ්‍යත්‍යන්තර නිරීක්‍ෂකයෝ මේක කොහොම වාර්තා කරයිද දන්නේ නැහැ. සමහර විට 'සීනි ලොක්කෙක් විසින් ලබාදුන් සීනි අල්ලස් ගත් දෙබරුන් ඡන්ද මධ්‍යස්ථානයකට පහර දේ. වැනි පුවතක්, රට අප කීර්තියට පත් කරන්න කැමැති නිරීක්‍ෂකයොත් ඉන්න නිසයි කිව්වේ (නි)
රටක් පාලනය කරන්නෙ, රටේ නීති හදන්නෙ දේශපාලකයන්ය. එබැවින් අප කාටවත් දේශපාලනයෙන් ඈත්විය නොහැක. අපි කරන හැම දෙයකටම රටෙහි දේශපාලනය බලපානවාය. මදක් සිතා බලන්න.අපි කන බොන, යන එන, කරන කියන හැම දෙයකටම දේශපාලකයන්ගෙ තීරන තීන්දු බලපානවා ඇත. අපේ රටේ ගොඩක් උගතුන් බුද්ධිමතුන් දේශපාලනයෙන් ඈත් වෙලාය. අඩු තරමෙ ඡන්දෙ දාන්නවත් යන්නෙ නැත. ඒ දවසෙත් තමන්ගෙ පුද්ගලික හරි රාජකාරි වැඩකට හරි යොදවයි. නැත්නම් ඡන්දෙ දවසට නිදා ගනියි. අපි රට කරන දේශපාලකයන්ට බනින්න නම් හරිම දක්ෂයන්ය.නමුත් ඔවුන්ව පත් කර ගන්නෙ අපිම බව හිතන්නේ නැත. (නි)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්. ආරක්ෂිත තැනක ඡන්දය තියන්න බැරි හැටි? (නි)