IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘ඡන්ද මැෂිම පුස් කනවා : මැකෝ සල්ලි කනවා‘

ඕනෑම මැතිවරණයක දී ඡන්ද ගණන් කිරීම ආරම්භ කර පැය භාගයෙන් ප්‍රතිඵල කිව හැකි යන්ත්‍රයක් මොරටුව විශ්ව විද්‍යාලයයේ ආචාර්යවරුන් හා සිසුන් විසින් නිෂ්පාදනය කරනු ලැබ ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහණ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළියන්දල සමූපකාර ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයක දී පැවසීය.

එම යන්ත්‍රය මැතිවරණ සඳහා භාවිත නොකර මැතිවරණ කොමසාරිස්වරයා විශාල මුදලක් නාස්ති කරමින් සිටින බව ද ඇමැති වරයා කීවේය.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ එවැනි යන්ත්‍රයක් ගැන තමා නොදන්නා බවයි.  පවතින මැතිවරණ පනත අනුව එවැනි යන්ත්‍රයක් භාවිත කිරීමේ හැකියාවක් නැතැයි ද කොමසාරිස්වරයා කීවේය.

දැනට පවත්නා ඡන්ද ගණන් කිරීමේ ක්‍රමයේ වෙනසක් සිදු කිරීමට නම් මැතිවරණ පනත සංශෝධනය කළ යුතු බවත්, එම බලය ඇත්තේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට බව නීති අංශවල මතයයි.



අදහස් (0)

‘ඡන්ද මැෂිම පුස් කනවා : මැකෝ සල්ලි කනවා‘

සෑම් Saturday, 07 June 2014 02:25 PM

මම ඔස්ට්‍රේලියාවේදී චන්ද 8-10 (ප්‍රාන්ත සහ ෆෙඩරල්)පමණ චන්දෙ දීලා තියනවා. බොහොම ගල් යුගයේ චන්ද ක්‍රමයක් තමා තියෙන්නේ. නමුත් 99.99% ක්ම සාධාරණ චන්ද තමා තියෙන්නේ. ගිහිල්ලා නම කියපුවාම ඉතාම පුංචි අකුරෙන් අච්චු ගහපු නම් ලැයිස්තුව සහිත පොත පෙරලලා නම හොයලා පැන්සලකින් අඩි කෝදු කෑල්ලක් භාවිතයෙන් ඉරක් ගසා නම කපා දානවා. අපි ලංකාවේ බොරුවට තාක්ෂනය ගැන දියුණුව ගැන කිය කියා හොර කරනවා. (දී)

:       0       0

ශාන සෞදි Saturday, 07 June 2014 03:44 PM

මේ මැසිම හදල තියෙන්න පාන්පිටිවලිද ? මැකෝ සල්ලි කන්නේ දැන් පලතුරු කන එක නවත්තලද (දී)

:       0       0

බිමල් Saturday, 07 June 2014 03:49 PM

දන්නා කෙනෙක් කරුණාකර කියන්න අලුත් චන්ද ලයිස්තුවේ පිටරට ඉන්න උදවිය ගැන විස්තර අහනවාලු . මේ ඇත්තක් ද ? (දී)

:       0       0

නාරද Friday, 06 June 2014 03:47 PM

මොරටුවෙන් හදනවනම් බලාගෙනයි. එකක් හදල වෙච්ච දේ මතකද? (ස)

:       0       0

දිලූ Friday, 06 June 2014 03:55 PM

අැමතිවරු මැතිවරණ පනත පිළිබඳව දැනුවත් කල යුතුය. (ස)

:       0       0

තිලක් Friday, 06 June 2014 04:08 PM

මැසිමෙන් කරොත් හොර වැඩ බැරි නිසා පැත්තකට දාල, (ස)

:       0       0

කුසුම් Friday, 06 June 2014 04:11 PM

මැතිවරණයකින් පස්සේ මැතිවරණ කොමසාරිස් තුමාට මානසික ආතතිය ඇතිවෙන්නේ නැති යන්ත්‍රයක් නම්, එහි ඇති ගැටළුවක් නැහැ. දැන් ඔය සල්ලි ගණන් කරන්නත් ඕන තරම් මැෂින් තියෙන්නේ. හැබැයි චන්ද ගණන් කරන මැෂින් එකට නම් ඉතින්, "ජිල්මාට් වයිරස්" ඇතුල් වෙන්න තියන ඉඩකඩ බොහොම වැඩියි. ඒ නිසා කරන දෙයක් ප්‍රවේශමෙන්, නිසි ප්‍රමිතියක් ඇතිව කරන්න ඕන. (ස)

:       0       0

සුනිල් Friday, 06 June 2014 04:15 PM

ජිල්මාර්ට් මැසිමක් නොවේ නම් එතුමා ඔහොම වර්නනා කරන එකක් නැහැ මගේ හිතේ! (ස)

:       0       0

අප්පුහාමි Saturday, 07 June 2014 08:21 AM

ලංකාවේ හැටි තමා කියන්න තියෙන්නේ (නදී)

:       0       0

සුසිර Friday, 06 June 2014 04:42 PM

අහන්න දෙයක් නැහැ. සූූත්තරේ ඇතුල් කරලම තමයි යන්තරේ හදන්න ඇත්තේ. අපි නම් රැවටෙයි ඕවට. ඇමතිවරු මුදල් නාස්ති නොකරන හැටි අපි හොඳට දන්නවා. (ස)

:       0       0

තලතා Saturday, 07 June 2014 09:30 AM

ඕන්න බලන්න ඒකෙත් හැටි. ඇමතිතුමා ඕක සම්මන්ත්‍රණයකදී කියන්න ඕනද? එක්කෝ මැතිවරණ කොමසාරිස් තුමාගෙන් අහලා බලලා කැබිනට් එකට දාන්න තිබුණ නේ. අනික ඒ යන්තරේ හැදුවේ ඡන්ද ගණන් කරන්න නම් ඒක හදපු කට්ටිය මුලින්ම කරන්න ඕන කරබාගෙන ඉන්නේ නැතුව මැතිවරණ කොමසාරිස්තුමා දැනුවත් කරන එක නොවෙයිද? දැන් ඉතින් ඔය යන්තරේ ගැන එළිදරවු උනානේ. රටේ සල්ලි නාස්ති කරන එක වලක්වන්න දිනේෂ් අමතිතුමාම ක්‍රමයක් කියල දුන්න නිසා ජනාධිපතිතුමනි, ඒක ගැන විමසා බලලා අනුමත කරනු මැනව. එතකොට රටේ සල්ලිත් නාස්තිවෙන්නේ නැහැ. මැතිවරණ ප්‍රතිපල කියනකන් අපිට ටෙලිවිශන් එක වටේට ඉඳගෙන නිදි මරන්න ඕනෙත් නැහැ. (ස)

:       0       0

සනත් Saturday, 07 June 2014 09:34 AM

ගැමුණ, ඔයා කියන්නේ කොයි ඉන්දියාව ගැනද? (ස)

:       0       0

ඉසදීන් Saturday, 07 June 2014 09:46 AM

රටේ අළුත් දෙයක් හැදුවම කකුලෙන් අදින මිනිස්සුනේ ඉන්නේ, මීට කලින් කොච්චර දේවල් හැදුවද ? කෝ ඒවා? (ස)

:       0       0

නුවන් Friday, 06 June 2014 05:26 PM

ඇයි නාරද... මොරටුවෙන් හැදුවම තියෙන අවුල මොකක්ක්ද ? (අ)

:       0       0

ජෙහාන් Friday, 06 June 2014 05:28 PM

දැන් මේ මැෂින් එක ටික ටික කරලියට ගේනවා. තව කවුරු හරි එක්කෙනෙක් "ආනේ ඇත්තද මෙයා .එහෙම එකක් තියනවද අහනවා " ඊළඟට නව නිර්මාණ කරුවන්ට අත දීමක් වශයෙන් මැතිවරණයක් ආසන්නයේ කල එලි බස්සනවා. හරිනේ ! (අ)

:       0       0

ඩිලාන් Friday, 06 June 2014 05:35 PM

ඉතින් වැඩි වෙනසක් නැහැනේ. එකම ප්‍රතිඵලය අඩු කාලයකින් ලබා දෙනවා. එච්චරයි. (නි)

:       0       0

නිහාල් Friday, 06 June 2014 05:53 PM

ඉතින් දැන්වත් ඒක පාවිච්චි කරන්නකෝ (නි)

:       0       0

ගීතානි Friday, 06 June 2014 05:55 PM

මොකක්ද අප්පේ මැකෝ මහත්තයත් නොදන්න මේ අමුතු යන්තරේ? (නි)

:       0       0

දර්ශන Friday, 06 June 2014 06:19 PM

යන්තරයට වඩා වැදගත් වන්නේ ඊට ඇතුළත් කරන මන්තරයයි (නි)

:       0       0

රුවනි Friday, 06 June 2014 06:24 PM

මේකත් අර අමාත්‍යංශ වල හයි කල කැමරාව වගේ වේවිද දන්නේ නැහැ. අන්තිමට ඡන්ද සංඛ්‍යාව පිළිබඳ දත්ත ටික මැකී ගිහින් අතින් ඡන්ද ගණන් කරන්න කියලා, ගෙවල් වලින් කට්ටිය අඬ ගහගන්න වේවිද දන්නේ නැහැ. (අ)

:       0       0

ටිතා Sunday, 08 June 2014 03:41 AM

මට නම් නිකන් පිස්සු වගේ චන්ද මචින් කොහෙද අනේ තියෙන්නේ (දී)

:       0       0

සමන්ති Sunday, 08 June 2014 06:48 AM

ඇමතිතුමනි , එල්ලිලා ඉන්න සමහර පක්ෂවලටලැබෙන චන්ද ගනින්න තත්පර ගානක්වත් යන්නේ නැහැ. පක්ෂයේ ඉන්නේ පවුලේ ඥාතීන් විතරයි . හැබැයි තනියම ඉල්ලන්නේ නැහැ . (දී)

:       0       0

ගැමුණු Friday, 06 June 2014 07:40 PM

මේකට හොඳම උදහරණය අපේ ඉන්දියාව.මේ පාර ඡන්දය සම්පුර්ණයෙන්ම කළේ නව තාක්ෂණය යොදලා.පැය කීපයකින් ප්‍රතිඵල දුන්නා (නි)

:       0       0

සෙන්සාන් Friday, 06 June 2014 08:16 PM

අනේ මන්දා! මට නම් මේ යන්තර-මන්තර ගැන තේරෙන්නේ නැහැ (නි)

:       0       0

ඇසළ Friday, 06 June 2014 08:23 PM

අන්තරේ කට්ටියක්ද දන්නේ නැහැ මේක හැදුවේ. වැඩකට ගන්න බැරි නම් ඉතින් පාරක්වත් වහලා උද්ඝෝෂණයක්වත් කරමු (නි)

:       0       0

සේනක Friday, 06 June 2014 08:24 PM

මැතිවරණ කොමසාරිස්තුමා නොදන්න එකනේ පුදුමය කියන්නේ (නි)

:       0       0

මුදිත Friday, 06 June 2014 08:30 PM

මේ මැෂිම ගැන අපි නම් දන්නවා (නි)

:       0       0

රමේෂ් Friday, 06 June 2014 09:23 PM

නාරද, මොකක්ද මොරටුවේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ මොරටුවේ හදන එක නෙමෙයි . එක පාවිච්චි කලොත් චන්ද දිනලත් ඉවරයි . එකයි ඔය වගේ දේවල්ගැන දන්නේ නැහැ වගේ ඉන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 55 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 201 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 369 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 126 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 738 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 499 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39775 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site