IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘ඡන්දෙන් පසු නැවත හමුවෙමු‘

අගොස්තු 17 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත්වන එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ රජයක් සමග ඉදිරියට කටයුතු කිරීමේ කැමැත්තකින් පසුවන බව ජනපති සිරිසේන පසුගිය බදාදා පැවැත්වුනු කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී ඉඟි කළේය.

‘ජනවාරි 6 ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට බලාපොරොත්තුවෙන් ඉන්නෙ’ ඔහු කීවේය.

එය මාස 7 ක් පුරාවට බලයේ සිටි දින 100 යේ ආණ්ඩුවේ අවසාන කැබිනට් මණ්ඩල හමුව විය.නැවත කැබිනට් මණ්ඩල හමුවක් කැඳවෙන්නේ 17 වැනිදාට පසුය.මේ දක්වා රජය පවත්වාගෙන යෑමටත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකෙන නව යුගයක් ශී‍්‍ර  ලංකාවේ ඇතිකිරීමත් ලබාදුන් දායකත්වය සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තම ස්තූතිය ජනපති සිරිසේන වෙත පුදකර සිටියේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකයා වුවත් එක්සත් ජාතික යහපාලන පෙරමුණ සමග ඉදිරියට යෑමට ජනපති සිරිසේනගේ ඇති කැමැත්ත කෙනෙකුට ගැටළුවක් විය හැකිය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශය එළිදැක්වූ අවස්ථාවේ ඔහු එයට සුභපතමින් දෙවරක්ම ජයවේවා යැයි පැවසූ අයුරුද ජනතාවට මතකය.

මෙය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග නොව එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ අනෙක් පක්ෂ සමග ඉදිරියට යෑම තම කැමැත්ත බව ජනපති සිරිසේන අනාවරණය කළ දෙවන අවස්ථාවයි. පසුගියදා ජනතාව අමතමින් කළ විශේෂ ප‍්‍රකාශයකදී ඔහු ජනවාරි මස 8 වැනිදා ඇතිකළ වෙනස ඉදිරියටම පවත්වාගෙන යෑමේ හැකියාවකින් යුතු කණ්ඩායමක් මෙවර පාර්ලිමේන්තුවට පත්කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහු නොකියා කීවේ එක්සත් ජාතික පක්ෂය බලයට පත්කරන ලෙසයි.

‘මැතිවරණයෙන් ඔබ පත්කර දෙන නියෝජිතයින් සමග ජනවාරි 8 වැනිදා වැඩපිළිවෙල ඉදිරියටම දියත් කරනවා’ යැයි ජනපතිවරයා ඔහුගේ ප‍්‍රකාශයේදී කීවේය.

ජනපතිවරයාගේ මෙම හැසිරීම එක්සත් ජාතික පක්ෂය හා එහි ආධාරකරුවන්ගේ සතුටට හේතුවී ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. එනිසා පාක්ෂිකයින් සිටිනුයේ පහසු ජයක් අපේක්ෂාවෙනි.මේ ආකාරයටම අනෙක් පස එක්සත් ජනතා නිදහස් සන්ධානයද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පෙරටු කොට පහසු ජයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටී.නමුත් මැදහත් විචාරයකින් මත පළකරන්නේ අපේක්ෂා කරන තරම් බලයක් පක්ෂ දෙකටම නොලැබෙනු ඇතැයි යනුවෙනි.එනිසා දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාගැනීමට පක්ෂ නායකයින් කටයුතු කරනු ඇතැයි ඔවුන්ගේ අදහසයි.ඇතැමෙක් පවසන්නේ මෙවර පාවෙන ඡන්ද ප‍්‍රතිශතය වැඩි බැවින් අවසාන මොහොතේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට තියුණු ජයක් ලබාගැනීමට හැකිවෙනු ඇතැයි කියාය.කවුරුන් නිවැරදිදැයි බලාගැනීමට තව ඇත්තේ දින 9 කි.

එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණය රටේ අගමැති ධූරයට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට ඇති අයිතිය තහවුරු කරන්නකි. නමුත් සන්ධානයට කුමක් වේවිද?

සන්ධානයේ ප‍්‍රධාන පක්ෂය වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායක ජනපති සිරිසේන මහින්ද රාජපක්ෂට අගමැතිධූරය ලබානොදෙන බව අවධාරණය කර ඇත.නමුත් සැළකිල්ලට ගත යුතු කාරණයක් වන්නේ සන්ධානයේ නිල නොළත් මැතිවරණ නියමුවා ලෙස කටයුතු කරමින් සිටින්නේ මහින්ද රාජපක්ෂ වීමයි.ඔහු පසුගිය දින කිහිපයේදී දිවයිනේ නොයෙක් ප‍්‍රදේශවල පැවැත්වුණු රැස්වීම් වලට සහභාගීවිය. එසේවුවත් සන්ධානයේ ජයග‍්‍රහණයක් හමුවේ හෝ ඔහුට අගමැතිධූරය ලැබෙනු ඇතැයි තවමත් නිශ්චිතව කිවනොහැකිය.19ඒ ව්‍යස්ථා සංශෝධනයේ සදහන් වන පරිදි අගමැතිවරයා පත්කිරීමේ පූර්ණ බලතල ඇත්තේ ජනපතිවරයාටය.එහෙයින් මහින්ද රාජපක්ෂ නොව වෙනත් කෙනෙකු රටේ අගමැති ලෙස පත්කෙරෙනු ඇතැයි සිතිය හැකිය.

එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කළද අවශ්‍ය බහුතරය දිනාගැනීමට නොහැකිවුවහොත් සිදුවනු ඇත්තේ ජාතික රජයක් පිහිටුවාගැනීමටය.මෙවන් අවස්ථාවක සන්ධානයේ ප‍්‍රබල සාමාජිකයින් එක්සත් ජාතික පක්ෂය හා එක්වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.ජාතික රජයක් පිහිටුවෙන අවස්ථාවක ඇමති මණ්ඩලය 30 කට සීමා කිරීම අවශ්‍ය නොවේ.මේ සදහා අවසරය 19ඒ ව්‍යවස්ථා සංශෝධනයෙන්ම ලබාදී තිබෙන්නකි.කැබිනට් අමාත්‍යධූරයක් යනු අලූත් සාමාජිකයින් එක් කරගැනීමෙන් තවත් බලය වැඩිකරගැනීමට බහුතරය දිනාගැනීමේ නොතිත් වුවමනාවෙන් සිටින දේශපාලන පක්ෂයකට යොදාගත හැකි උපක‍්‍රමයකි.

ජනපති සිරිසේන බදාදා කැබිනට් හමුවේදී පලකළ අදහස් සන්ධාන සාමාජිකයින් කණස්සල්ලට පත්කිරීමට සමත්වූවක් විය.ඒ අනුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ එකගතාවය මත නිදහස් පක්ෂ මහලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා හා සන්ධාන මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත,දෙදෙන ජනතපතිවරයා හමුවීමේ අපේක්ෂාවෙන් සිටියේය.නැවත වරක් ජාතිය අමතා ප‍්‍රකාශයක් කිරීමටත්,නමුත් මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයට පක්ෂ අදහස් දක්වන ලෙසත් ඉල්ලා සිටීම ඔවුන්ගේ අරමුණ වුනි.සන්ධානයේ සාමාජිකයින්ද මෙම අදහසට සහය දක්වමින් කරුණු දක්වා තිබුණු අතර ජනපති සිරිසේන පක්ෂයේ නායකයා වන බැවින් මෙසේ ඔහුගේම පක්ෂය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ වරදක් නැති බව ඔවුන්ගේ මතය විය.

යාපා ගේ තවත් අමුණක් වන්නේ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමට ජනපති සිරිසේනගේ අවසරය ලබාගැනීමයි. මින් පෙර අවස්ථාවක මධ්‍යම සභා රැස්වීම කැඳවීමට ගිය අවස්ථාවේ ජනපති සිරිසේන තම නීතිඥයා වන ෆයිසර් මුස්තාපා මාර්ගයෙන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඊට එරෙහිව තහනම් නියෝගයක් ලබාගත්තේය.එම තහනම් නියෝගය ලබන 24 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි දීර්ඝ කරගැනීමටද ජනපති උපදෙස් අනුව ෆයිසර් මුස්තාපා පසුගිය බ‍්‍රහස්පතින්දා කටයුතු කළේය.  පක්ෂ මධ්‍යම කාරක සභාව රාජපක්ෂ අගමැති අපේක්ෂක ලෙස නම්කෙරෙන යෝජනාවලියක් සම්මත කරගැනීම වැළැක්වීම ජනපති සිරිසේනගේ අරමුණ බව පැහැදිලිය.මෙනිසා එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මැතිවරණය ජයග‍්‍රහණය කළද පක්ෂ නායක ජනපති සිරිසේන සමග ඇති ගැටලූ විසදාගැනීමට එය ප‍්‍රමාණවත් නොවනු ඇත.නමුත් බහුතර ආසන සංඛ්‍යාවක් ජයග‍්‍රහණය කළහොත් ගැටලූව සන්ධානයට වාසි සහගත වන ලෙස විසඳෙනු ඇතැයි කිව හැකිය.

මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සහ එක්සත් ජාතික පක්ෂය

ගෙවුණු සතියේ එක්සත් ජාතික පක්ෂයේ විශ්වසනීයත්වය ජනතාව හමුවේ ප‍්‍රශ්නාර්ථයට ලක්කළ සිදුවීම් දෙකක් වාර්තා විය.ඉන් එකක් වුයේ බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු අපෙක්ෂකයෙකු සහභාගීව සිටි රැස්වීමකදී සිදුවූ වෙඩි තැබීමකි.එයින් කාන්තාවක එම ස්ථානයේදීම මිය ගියාය.රෝහල් ගතකරනු ලැබූ තුවාලකරුවන් අතර සිටි අයෙක්ද පසුගියදා මියගියේය.මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මේ වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.පරීක්ෂකයින්ගේ අවධානය යොමුව ඇත්තේ ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක පාතාල කල්ලි වෙතය.

දෙවැනි සිදුවීම වූයේ තවත් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු රැස්වීමක් පවත්වමින් සිටියදී එතැනට පැමිණි පොලිස් නිළධාරියෙකු එම රැස්වීමේ විකාශන යන්ත‍්‍ර භාවිතය සදහා අවසරය ලබාගෙන නොමැති බව සඳහන් කිරීමත් සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමයි.එම එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා සඳහන් කරන අන්දමට රැස්වීමේදී භාවිතා කර තිබෙන්නේ පොලිස් නිළධාරියා පවසා සිටින අන්දමට ලවුඞ්ස්පීකර නොව සාමාන්‍ය ශබ්ද විකාශන උපකරණයන්ය.මෙම අපේක්ෂකයාට එරෙහිව පොලිසිය කඩුවෙල මහේස්ත‍්‍රාස් අධිකරණය හමුවට බී වාර්තාවක් ඉදිරිපත් කර ඇත.පොලිස් නිළධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම,නීතිය කඩ කිරීම,අවසර නොමැතිව රැුස්වීමක් පැවැත්වීම,මහජනයාට බාධා වන පරිදි හැසිරීම ආදී වශයෙන් එම වාර්තාවෙන් චෝදනා නගා තිබේ.

පොලිස් මූලස්ථානයේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේ ප‍්‍රධානී ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරී ගාමිණී නවරත්න මහතා දේශපාලන වේදිකාවල ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතයට ඇති අවසරයන් සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන දැනුම්වත් කෙරෙන උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.එම උපදෙස් ප‍්‍රකාරව ශබ්දවිකාශන යන්ත‍්‍රභාවිතා කිරීම සදහා ජනපතිවරයාට,අගමැතිවරයාට හා පිළිගත් දේශපාලන පක්ෂ නායකයින්ට මැතිවරණ කොමසාරිස්වරයා බලපත‍්‍ර නිකුත් කර තිබෙන අතර පක්ෂ සංවිධායකවරුන් හට බලපත‍්‍ර නිකුත් කිරීමේ අවසරය ලබාදී තිබෙන්නේ අදාළ දිස්ති‍්‍රක්කයේ පොලිස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාටය.ලවුඞ්ස්පීකර් උපාංග පොදු මංමාවත් අසළ සවිකිරීමට,රථ වාහන වල සවිකිරීමට අවසර නොමැත.එසේ සවිකළ හැක්කේ පෞද්ගලික ඉඩමක,එම ඉඩම් හිමියාගේ අවසරය ඇතිව පමණකි.එම ස්ථානය පරීක්ෂා කිරීමට පොලිසියට පූර්ණ අයිතිය තිබේ.

මේ සම්බන්ධයෙන් පෙරකී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාද මාධ්‍ය හමුවකදී අදහස් පළකළේය.තමන් හමුවට පැමිණි පොලිස් නිළධාරියා බීමතින් සිටියේයැයි ඔහු චෝදනා කළේය.

එකසත් ජාතික පක්ෂය හා අත්වැල් බැදගැනීම නිසා සන්ධාන සාමාජිකයින් කිහිපදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බව සන්ධාන මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා සන්ඬේ ටයිම්ස් හා පැවසීය.එම සාමාජිකයින් වන්නේ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර,නිරෝෂා අතුකෝරළ,නිශාන්ත වර්ණසිංහ,හා හේවා අන්තෝනිගේ පියසේන යන සිව්දෙනාය.පළාත් සභා නියෝජිතයින් වන මොවුන් වෙනුවට නව සාමාජිකයින් පත්කිරීමට කටයුතු කරන බවද මහලේකම්වරයා වැඩිදුරටත් කීය.

එක්සත් ජාතික පක්ෂය මේ දිනවල මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු වල නිරතවෙමින් කාර්යබහුලව සිටී.බ‍්‍රහස්පතින්දා බෞද්ධ හිමිවරුන් දහස් නමක් සහභාගීත්වයෙන් සිදුකළ විශේෂ දානමය පිංකමක් බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදී පැවැත්වින.සිකුරාදා දිනයේ කරූ ජයසූරිය මෙරට කි‍්‍රයාත්මක රාජ්‍ය නොවන සංවිධාන රැුසක නියෝජිතයින් හමුවිය.පසුගිය සමයේ රාජ්‍ය නොවන සංවිධානයන් ඩයස්පෝරා නියෝජිතයින් හා ඩොලර් කාක්කන් ලෙස හදුන්වාදුන්නද රට ගොඩනැගීමට ඔවුන්ගේද සහය වැදගත් බව හෙතෙම එහිදී පැවසීය.

තාජුඞීන්ගේ මරණය - හෙළිදරව්වක්

ප‍්‍රකට රගර් කිී‍්‍රඩකයෙකු වූ වසීම් තාජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට වැදගත් සාක්ෂි රැුසක් සොයාගැනීමට හැකිව තිබෙන බව සඳහන්ය.ඔහුගේ හිටපු පෙම්වතියකගෙන් හා ශී‍්‍රලංකා රතු කුරුස සංගමයේ අධ්‍යක්ෂක ජගත් අබේසිංහගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිළධරයන් ප‍්‍රශ්න කර තිබේ.හෙළිව තිබෙන තොරතුරු අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම අගෝස්තු 17 වැනිදායින් පසුව සිදුකිරීමට එම නිළධරයන් එකඟතාව පළකර ඇත.

රතු කුරුස සංගමයේ අධ්‍යක්ෂකවරයා මෙසේ ප‍්‍රශ්න කිරීම් වලට ලක්ව ඇත්තේ රතු කුරුස සංගමයට අයත් ලෑන්ඞ් රෝවර් ඩිෆෙන්ඩර් වර්ගයේ රියක් හා තාජුඞීන්ගේ මරණය අතර සම්බන්ධයක් ඇතැයි අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිළධරයින්ට හැකිව තිබීම නිසාය.මේ සම්බන්ධයෙන් විමසීමට ජගත් අබේසූරිය සම්බන්ධ කරගැනීමට සන්ඬේ ටයිම්ස් උත්සාහ කළද එය සාර්ථකවූයේ නැත.ඔහු වෙනුවෙන් අදහස් දැක්වූ රතු කුරුස සංගමයේ අධ්‍යක්ෂක ජෙනරාල් තිස්ස අබේවික‍්‍රම සඳහන් කළේ පසුගිය සමයේ මෙම රථය ප‍්‍රභූ පවුලක සාමාජිකයෙකු ආරම්භ කර තිබූ රාජ්‍ය නොවන සංවිධානයක භාවිතයට ලබාදී තිබුණක් බවය.වසර ගණනාවක් පුරාවට සහන සේවා සැපයීමේ ආයතනයක් ලෙස ශී‍්‍රලංකාවේ කි‍්‍රයාත්මක වන රතු කුරුස සංගමය එයට අයත් රථයක් මෙසේ ප‍්‍රභූ පවුලක සාමාජිකයෙකුගේ රාජ්‍ය නොවන සංවිධානයක භාවිතය ලබාදුන්නේ ඇයිදැයි යන්න පැහැදිලි නැත.

වසීම්ගේ අතුරදන්වීම හා මෙම රථය අතර ඇති සබඳතාව හªනාගැනීමට අපරාධ පරීක්ෂකයින්ට හැකිව තිබෙන්නේ අතුරුදන්වීමට ප‍්‍රථමයෙන් වසීම් ගොස් සිටි බව කියන හැව්ලොක් පාර ප‍්‍රදේශයේ පිහිටි සුපිරි වෙළදසැළක ආරක්ෂක කැමරා පට පරීක්ෂා කළ අවස්ථාවේදීය.රතු කුරුස සංගමය ලබාදුන් අවස්ථාවේ සුදු පැහැයෙන් යුතුවූ මෙම රථය අදාළ ප‍්‍රභූ සාමාජිකයාගේ රාජ්‍ය නොවන සංවිධානයේ භාවිතයට ගත් සමයේ කලූපැහැ කර ඇති බවද අනාවරණය කරගැනීමටද පරීක්ෂකයින් සමත්ව ඇත.2012 දී නිකුත්වූ අධිකරණ වෛද්‍ය නිළධාරී වාර්තාවක වසීම්ගේ හිසට පොල්ලකින් පහරදී ඇති සළකුණු තිබෙන බවත්.ඔහුගේ දත් කිහිපයක් නොමැති බවත්,පාදයේ අස්ථි කිහිපයක්ම බිදී ගොස් ඇති බවත් සඳහන් විය.මෙම වාර්තාවට වැඩි ප‍්‍රසිද්ධියක් හිමිවූයේ නැත.වාර්තාව යටගැසීමට කටයුතු කරන්නට ඇත්තේ කුමන තරාතිරමක පුද්ගලයෙකුදැයි සොයාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.උසාවි නියෝගයක් අනුව වසීම්ගේ සිරුර නැවත ගොඩගෙන පරීක්ෂණ කිරීමට අවසරය ලැබී තිබෙන අතර එම කටයුතු අද දිනයේ සිදුකිරීමට නියමිතය.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම හා ජනතා ප‍්‍රතිචාරය

මැතිවරණය ප‍්‍රකාශයට පත්කර පසුගිය සිකුරාදා දක්වා ගෙවී ගිය කාලයේ තම ආයතනයට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිඹද පැමිණිලි දහසකට වඩා වැඩි ප‍්‍රමාණයක් ලැබුණු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා ව්‍යාපාරය (කැෆේ* විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් සන්ඬේ ටයිම්ස් හා පැවසීය.

‘අපට ලැබී තියෙන වාර්තා වලට අනුව අත්අඩංගුවට ගෙන ඇති අයගෙන් සියයට 57 ක් පමණම වත්මන් රජයේ ආධාරකරුවන්.පොලිසිය පක්ෂ පාට නොබලා නීතිය කි‍්‍රයාත්මක කරමින් සිටින බව මෙයින් පෙනෙනවා.බරපතල සිදුවීම් කිහිපයක් හැරෙන්නට තත්ත්වය සාමකාමිීයි.’

‘එක්සත් ජාතික පක්ෂයේ හා සන්ධානයේ අපේක්ෂකයින් කිහිපදෙනෙකු කොළඹ දිස්ති‍්‍රක්කයේ පමණ ඉක්මවා පෝස්ටර් ප‍්‍රචාරණයේ යෙදෙන බව අපගේ අවධානයට ලක්ව තිබෙනවා.කොටහේන ප‍්‍රදේශයේ වෙඩි තැබීම අපට දැනගැනීමට ලැබී තිබෙන පරිද්දෙන් පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක ප‍්‍රතිඵලයක්.මෙවන් සිදුවීම් ඉතිරි දින කිහිපයේත් අපේක්ෂා කළ හැකියි.’ ඔහු වැඩිදුරටත් පැවසීය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා ජනතා ව්‍යාපාරය (පැෆරල්* විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චිද සන්ඬේ ටයිම්ස් හා අදහස් හුවමාරු කරගත්තේය.

‘ගෙවුනු සති දෙකේදී අපට දවසකට මැතිවරණ නීති කඩවීමේ සිදුවීම් හතරක් හෝ පහක් වාර්තා වුනා.රාජ්‍ය දේපළ අනිසි ආකාරයෙන් භාවිතා කළ අවස්ථා කිහිපයකුත් මේ අතර තිබෙනවා.නමුත් පසුගිය සමයේ රාජ්‍ය දේපළ වල අනිසි භාවිතයන් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි එක්ක සසදනකොටම මේ සැරේ ලැබිලා තියෙන්නේ පැමිණිිලි බොහොම සුලූ ප‍්‍රමාණයක්.මැතිවරණ කොමසාරිස්වරයා සෘජුව කටයුතු කිරීම අපි අගය කළයුතුයි.නැතිනම් තත්ත්වය ගොඩක් බරපතල වෙන්න තිබුණා.කොටහේන වෙඩි තැබීම ගැන කියනවානම් ඒක පාතාලයේ වැඩක්ද,නැත්නම් වෙනම දෙයක්ද කියලා හරියටම කියන්න අපට ලැබිලා තියෙන තොරතුරු මදි.’ ඔහු කීය.

දෙමළ පක්ෂ හා ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රකාශන

ගෙවුනු සමයේ යාපනය දිස්ති‍්‍රක්කයෙන් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධ සිදුවීම් වාර්තාවූයේ ඉතාම අල්ප වශයෙනි.පසුගිය සතියේ යාපනයේ නවතම දේශපාලන පක්ෂය වනිප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නියමුවො’් තම මැතිවරණ ප‍්‍රකාශනය එළිදැක්වූ අතර එහි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක කිරීම,එකීය ශී‍්‍රලංකාවක ෆෙඩරල් ක‍්‍රමය යටතේ බලය බෙදීමේ වැඩපිළිවෙලක් ඇතිකිරීම ආදී තරුණු වලට වැඩි ඉඩක් ලබාදී තිබුණි.එල්.ටී.ටී.ඊ සංවිධානයට බැදී සටන් වැදුණු යුද්ධය අවසාන වීමෙන් පසු පුනරුත්ථාපනය කෙරුණු මුල් පෙලේ එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් මෙම පක්ෂය සමන්විතය.විසදුම කුමක්වුවත් ඊට ශී‍්‍ර ලංකාවේ සියලූ ජනකොටස් වල අනුමැතිය හිමිවිය යුතු බව ඔවුන් පිළිගන්නේයැයිද පක්ෂ මැතිවරණ ප‍්‍රකාශයේ සඳහන්ය.

දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් සපුරාගන්නා තෙක් කිසිදු රජයකට සහය දක්වන්නේ නැතැයි පළව තිබෙන මතය සාවද්‍යය යැයි පක්ෂ නායක,ති‍්‍රකුණාමල දිස්ත‍්‍රික් පාර්ලිමෙන්තු අපේක්ෂක ආර්.සම්බන්ධන් සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් පැවසීය.

‘පත්වන රජයට ආධාර කරනවාද නැද්ද යන්න මැතිවණයෙන් පසු අපි තීරණය කරනවා.එක්සත් ශී‍්‍රලංකාවක දේශපාලන විසදුමක් ඇතිකිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය අපි පැහැදිලි කරලයි තිබෙන්නේ.මේ සදහා අලූත් ව්‍යවස්ථාවක්,සංශෝධන ඇතිකිරීම අවශ්‍යයි.’ ඔහු වැඩිදුරටත් කීය.

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශයේ ෆෙඩරල් ආකෘතියක් යටතේ උතුර හා නැගෙනහිර පළාත් එකාබද්ධ කිරීමක් ගැන සඳහන්ය.ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසයෙන් නැගෙනහිර පළාතෙන් තරග වදින මුස්ලිම් කොංග‍්‍රස නායකයාද වන රවුෆ් හකීම්ට මේ සම්බන්ධයෙන් ඇත්තේ ගැටලූවකි.

‘අපි මේකට විරුද්ධයි.ඉතින් කොහොමද එකතු කරන්නේ?’ ඔහු සන්ඬේ ටයිම්ස් හා පැවසීය.

‘ඡුන්ද දායකයින් මේ වගේ කතාවලට රැුවටිය යුතු නැහැ.ඔවුන් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.දෙමළ ජාතික සන්ධානය ඔය ඉදිරිපත් කරන්නේ මැතිවරණ පොරොන්දු. ඕවා හරියන්නේ නැහැ.කොහොමත් දෙමළ ජාතික සන්ධානයට මැතිවරණයක් ළං වෙද්දී තමයි ඔය දේවල් මතක් වෙන්නේ.බලය බෙදීමක් ගැන කතාකරන එක හොදයි.නමුත් ප‍්‍රායෝගික වෙන්න  ඕනේ.’ හකීම් පැවසීය.

මැතිවරණ කොමසාරිස්වරයාගේ හා පොලිසියේ සෘජු ප‍්‍රතිපත්තිය මෙවර මැතිවරණයේ ඇත්තේ පසුගිය කාලයට සාපේක්ෂව අඩු පෝස්ටර හා කට්අවුට් ප‍්‍රමාණයකි.නමුත් මාතර,ගාල්ල,කුරුණෑගල,කලූතර වැනි දිස්ති‍්‍රක්ක වල නම් තත්ත්වය පෙරසේමය.

ලක්ෂ ගණන් වැය කරන මැතිවරණ ව්‍යාපාර

ඇතැම් අපේක්ෂකයින් තම තමන්ගේ මැතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරයන්ට මුදල් වැය කරමින් සිටිනුයේ ලක්ෂ ගණන් වලින්ය.මධ්‍යම පළාතේ එක්තරා අපේක්ෂකයෙකු මේ වන විට ලක්ෂ 700 ක පමණ මුදලක් ඔහුගේ ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙන් වැයකර ඇති බව සඳහන් වුනි.මෙසේ අතිවිශාල මුදල් ප‍්‍රමාණයක් මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු වලට යෙදවීමට අපේක්ෂකයින්ට ලබාදී ඇති අවස්ථා සම්බන්ධයෙන් පවතින නීති නැවත සළකා බැලීමක් සිදුකළ යුතුය.සමානාත්මතාවය ඇතිකළ හැකිවන්නේ එවිටය.

අපේක්ෂකයින් මෙසේ ලක්ෂ ගණන් ප‍්‍රචාරණ කටයුතු වලට වැයකරද්දී මැතිවරණ රාජකාරියේ යෙදෙන පොලිස් නිළධරයින්ට හා රජයේ සේවකයින්ට ලැබෙන්නේ සොච්චම් දීමනාවකි.17 වැනිදා සිට 18 වැනිදා දක්වා රාජකාරි වලට අනුයුක්ත කර සිටින පොලිස් නිළධාරීන්ට ලැබෙන්නේ රුපියල් 200 කි.අමතර දීමනා ලෙස පැය දහයක සේවයට රුපියල් 75 කුත් පැය දොළහකට වැඩි සේවයට රුපියල් 100 කුත් ලබාදීමට සැළසුම් කර ඇත.කොටසක් ලක්ෂ ගණන් තමන්ගේ ප‍්‍රතිරූපය ගොඩනගාගැනීමට පමණක් වැය කරන අවස්ථාවක මෙසේ තවත් කොටසක් ප‍්‍රමාණවත් පරිදි දීමනාවක් නොලබාම සේවයේ යෙදීම රජයේ අවධානයට වහාම ලක්විය යුත්තකි.මැතිවරණයක් සැබෑවටම නිදහස් හා සාධාරණ මැතිවරණයක් බවට පත්වන්නේ ඔවුන්ටත් සාධාරණයක් ඉෂ්ඨ වූ පසුවය.

 

 

 

 



අදහස් (0)

‘ඡන්දෙන් පසු නැවත හමුවෙමු‘

ජනක Monday, 10 August 2015 04:23 AM

එ්ක හින්ද තමා පොලිසිය පගාව ගන්න පුරුදු වෙන්නේ මොකද රාජකාරියට හරියන වැටුපක් දෙන්නේ නැති නිසා.මම කියන්නේ ලංකාවේ පොලිසියට යුද හමුදාවට තමා රටේ වැඩි වැටුපක් දෙන්න ඕනේ.එහෙම වුනොත් තමා කාටවත් යටත් වෙන්නේ නැතුව රාජකාරිය කරන්නේ. (බ)

:       0       0

මනෝජ් Sunday, 09 August 2015 02:09 PM

අන්තිම ඡේදයට මම හරි කැමතියි. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 09 August 2015 03:11 PM

අපි අපිට ඕන දේ 8 වෙනිදා ඉෂ්ට කර ගත්ත ....ඔය තන්හා කාරයා මේ සම්මජාතියේ අගමැති වෙන්නේ නැහැ ..ඕනෑම කෙනෙක් පත්වෙන්න ඔය තන්හා කාරයව ළංකර ගන්නේ නැතුව (බ)

:       0       0

මොහොමඩ් Monday, 10 August 2015 05:22 AM

මහින්ද දිනනවා (නදී)

:       0       0

හිරන්ත Monday, 10 August 2015 05:52 AM

ඡානක, ඔයා යුද්දේ කාලේ රටෙන් පැන්න කොල්ලෙක්ද. මහින්ද යනකොට මේවා ඔක්කොම විසදලා ගියේ. දැන් එන්ඩ මචන්, ලොස් ඇන්ජලීස් වගේ තමයි ලංකාව මහින්දට පින්සිද්ද වෙන්න. (නදී)

:       0       0

කිත්සිරි Sunday, 09 August 2015 06:25 PM

සුබ අනාගතයකට ආසිරි! (නි)

:       0       0

දිල්රුක්ෂි Sunday, 09 August 2015 07:42 PM

ජයවේවා යහපාලනයට! 17 දිනන්නෙත් යහපාලනය තමයි.ජයවේවා එක්සත් ජාතික පක්ෂයට! අගමැති රනිල්ට ජයවේවා! (නි)

:       0       0

විජේතුංග Sunday, 09 August 2015 08:37 PM

ජනපති ගන්නා සියළු රටට හිතකර තීරණ සමඟ අපි කවදත් ඉන්නවා (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Sunday, 09 August 2015 08:37 PM

මියයනතුරු තනතුරු වල එල්ලී සිටින්න හදන අයට කිසිම තනතුරක් දෙන්න එපා (නි)

:       0       0

ගිහාන් Sunday, 09 August 2015 10:55 PM

චානක, මොකද ප්‍රශ්නයක්ද? ඔයා ගොඩක් දුකෙන් වගේ නේද ඉන්නේ ලොස් ඇන්ජලීස් වල? මල්ලි හරි මල්ලි. මහින්ද දිනනවා. (නි)

:       0       0

මොහාන් Monday, 10 August 2015 01:56 AM

චානක කිවුව දේ සහතික ඇත්ත. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 10 August 2015 12:24 PM

ඡන්දෙදි වෙන දේ බලා ඉන්නවා ඇප දෙන්න. ඒ මිනිස්සු මුළු ජීවිතේම කැපකළේ මේ යුද්ධය ඉවර කරන්න. මේවා මිනිස්සු දන්නේ නැහැ. පත්තර වල නම් දාලා එළියට ආවත් ජීවත්වෙන්න පුළුවන් කියලා හිතන්න බැහැ සැනසිල්ලේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4198 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


යටියන්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 12 0


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 112 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 264 0

කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.


කොළොන්නාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 261 0


දෙවැනි මනාපෙට යයි
2024 සැප්තැම්බර් මස 22 3312 2

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site