IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඡන්දය අස්සේ දකුණේ අනිවාර්ය ජංගම සේවයක්

දකුණු පළාතේ ගුරු වැටුප් ප්‍රතිශෝධන හා ගැටළු සාකච්ඡා කිරීමට යැයි ගුරුවරුන්  අනිවාර්ය ජංගම සේවයකට කැඳවා ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයතිස්ස බ්ලොක්  ඔවුන් ඒ සාකච්ඡාවට කැඳවා ඇතැයිද ඡන්ද නීතී අමු අමුවේ  සිඳ බිඳ දැමීමක් යැයිද  සංගමයේ ලේකම් ජෝෂෆ් ස්ටාලින් මහතා පවසයි.

ඇල්පිටිය,අම්බලන්ගොඩ, ගාල්ල,උඩුගම,මාතර,අකුරැස්ස,දෙණියාය,මුලටියන,වලස්මුල්ල ,තංගල්ල හා හම්බන්තොට  ගුරු හා විදුහල්පති සේවයේ තිස්දහසකට වැඩි පිරිසක්  දෙසැම්බර දොළොස් වැනිදා සිට මේ ජංගම සේවයට කැඳවනු ලැබ සිටිති.

බ්ලොක් මහතා පවසනුයේ ගුරු ගැටළු විසදීමට මෙම ජංගම සේවය සුදානම් කළ බවයි.

 

 



අදහස් (0)

ඡන්දය අස්සේ දකුණේ අනිවාර්ය ජංගම සේවයක්

රන්ජිත් Wednesday, 10 December 2014 11:07 AM

කෝ මේ මැතිවරණ කොමසාරිස් වරයා...මේවා ඔබගේ වගකීම්..රජය ඔබව සත පහකටවත් ගණන්ගන්නේ නැහැ වගේ. පොලිසියත් එහෙමයි.පෝස්ටර් කටවුට් හැමතැනම.ඒවා ගලවන්න පොලිසිය බයයි. කරුණා කරලා තමන්ගේ වගකීම් හරියට ඉටුකරන්න එහෙම බැරිනම් වහාම ඉල්ලා අස්වෙන්න.මේ හේතුව නිසා තමයි විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කරන්න කියලා කියන්නේ.දැන් රටේ මිනිස්සුන්ට එ්ක හොඳට තේරෙනවා. (ස)

:       0       0

පතිරණ Wednesday, 10 December 2014 06:58 AM

ඕක තමයි අපි කියන්නේ නීතිවලට ගරුකරන රජයක් ඇතිකරගත යුතුයි කියලා. (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 10 December 2014 07:03 AM

මෙමඟින් රාජ්‍ය සේවකයන්ට බලපෑමක් කරන්න දරන උත්සාහය මඟින් මැතිවරණ නීති බිඳවැටෙන අතර කණගාටුවට කරුණ වන්නේ විපක්ෂය මේ සදහා සුදුසු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා මෙය සාමාන්‍ය කරුණක් බවට පත්වී තිබීමයි. (නි)

:       0       0

ශිරෝ Wednesday, 10 December 2014 07:31 AM

මේක පොඩි දෙයක්නේ. (ර)

:       0       0

සිල්වා Wednesday, 10 December 2014 07:40 AM

මේක මහින්දගේ වාසියට හදගත්තු නිතිය රටේ කොහොමද සාධාරණය තියෙන්නේ ජනතාවට සාධාරණය ඉෂ්ඨ වෙනවා තිරුපති කෝවිලෙන් ඡන්දෙ ගැන වාසි ලැබුනේ නැද්ද ජනතාව අමතක කර තමන්ගේ සුඛ විහරණයේ යෙදීමේ ඵලවිපාක ඉදිරියේදී හම්බ වේවි. (බ)

:       0       0

දුමිඳු Wednesday, 10 December 2014 07:50 AM

මාර සේවාවන් ටිකක්නේ දැන් සපයන්නේ (දී)

:       0       0

පබා Wednesday, 10 December 2014 07:50 AM

දැන් නිලධාරීන්ගේ අතේ තිබුන පෑන අයින් කරලා ඒ වෙනුවට මල්ලක් දීලනේ තියෙන්නේ ඒකවත් දන්නේ නැද්ද (දී)

:       0       0

නාලක Wednesday, 10 December 2014 08:14 AM

මෙහෙමද මහත්තයෝ විනය ගරුක නීති ගරුක සමාජයක් හදන්න යන්නේ? (නදී)

:       0       0

සජිත් Wednesday, 10 December 2014 08:22 AM

මෙහෙමත් වැඩක් (දී)

:       0       0

පුබුදු Wednesday, 10 December 2014 08:22 AM

මැතිවරණ නීති උල්ලංඝනය වන අන්දමින් රට පුරාම ඉදිකර ඇති කටවුට්‌, බැනර්, පෝස්‌ටර්, සැරසිලි ඉවත් කර ගැනීමට නොහැකිව පොලිසිය අසරණ තත්ත්වයට පත්ව සිටින බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි. මෙම තත්ත්වය උදාවී ඇත්තේ රට පුරා ඉදිකර ඇති කටවුට්‌, පෝස්‌ටර්, බැනර් ඉවත් නොකරන ලෙස විවිධ දේශපාලනඥයන්ගෙන් හා බලවත් පුද්ගලයන්ගෙන් පොලිසිය වෙත දිගින් දිගටම එල්ල වන බලපෑම් නිසා බව ද එම ආරංචි මාර්ග කියා සිටියි. ජනාධිපතිවරණයට අදාළව ඉදිකළ දැවැන්ත කටවුට්‌, බැනර්, පෝස්‌ටර්, සැරසිලි රට පුරාම තිබෙන අතර ඊයේ වනතුරුත් ඒවා කිසිවක්‌ පොලිසිය මගින් ඉවත් කර නොතිබිණි. නාමයෝජනා භාරදීමෙන් පසු රට පුරාම ඇති නීති විරෝධී ප්‍රචාරක පුවරු, කටවුට්‌, සැරසිලි වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පොලිසියට සහ නගර සභාවට නියෝග කළේය. මෙම ප්‍රචාරක පුවරු, කටවුට්‌, බැනර්, පෝස්‌ටර් ඉදිකර ඇත්තේ එක්‌ එක්‌ පළාත්වල දේශපාලනඥයන් සහ ප්‍රභූ පුද්ගලයන් විසින් බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි. තම ප්‍රදේශවල ඇති මැතිවරණ ප්‍රචාරක පුවරු සහ සැරසිලි ඉවත් කිරීමට කටයුතු නොකරන ලෙස එම ප්‍රාදේශීය දේශපාලනඥයන් අදාළ පොලිස්‌ ස්‌ථානවලට බලපෑම් කර ඇත. (දී) මේ සම්බන්ධයෙන් "දිවයින" කළ විමසීමකදී මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා කියා සිටියේ ඉදිරි දිනවලදී මෙම සැරසිලි සියල්ල පියවරෙන් පියවර ඉවත් කර දැමීමට කටයුතු කරන බවයි. එහෙත් මැතිවරණ ප්‍රචාරක දැන්වීම්, කටවුට්‌, සැරසිලි ඉවත් කිරීමේ වගකීම පොලිසියට මෙන්ම පළාත් පාලන ආයතන වෙතද පැවරී තිබෙන බව පොලිස්‌ මූලස්‌ථානය කියා සිටියි.

:       0       0

මොහොමඩ් කාන් Wednesday, 10 December 2014 08:27 AM

දැන් මොන දේ කරත් අගයක් නැහැ මේක මර වැඩක්.(හේ)

:       0       0

ශිරෝමි Wednesday, 10 December 2014 08:35 AM

දැන් එළිපිටම කරන මැතිවරණ නීති උල්ලංඝනය කරන ඒවා බලපුවම. අවනීතිය රටේ රජවෙලා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රි‘මලේ ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 4 0

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා


ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 102 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 18 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 399 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1394 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 433 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38582 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site