IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජේ ආර් සමරුවට කතානායක

මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ 107 වැනි ජන්ම දින සැමරුම කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි ජයවර්ධන කේන්ද්‍රයේදී අද පැවැත්විණි.

කතානායක චමල් රාජපක්ෂ මහතා එහි ප්‍රධාන ආරාධිතයා වූ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතා දිවංගත ජයවර්ධන ජනාධිපති ගැන ප්‍රධාන සමරු දේශනය පැවැත්වීය.

චමල් රාජපක්ෂ කථානායක විසින් ඔහු සන්තකයේ තිබූ ජේ ආර් ජයවර්ධන මහතා ජනාධිපතිව සිටි කාලයේ රාජපක්ෂවරුන් සමග ගත් දුර්ලභ පැරණි ඡායාරූප කීපයක් ජයවර්ධන කේන්ද්‍රයේ ලේකම් නිහාල් හේවගේ මහතාට බාර දුන්නේය.



අදහස් (0)

ජේ ආර් සමරුවට කතානායක

අමිල Tuesday, 17 September 2013 09:34 PM

රටේ ඔක්කොම ප්‍රශ්න ඇති කරලා ගියා.(අ)

:       0       0

ගයාන් Tuesday, 17 September 2013 09:51 PM

මෙතුමාට වත්මන් පාලකයෝ දන ගහලා වදින්න ඕනා. ජේ.ආර් නැත්නම් කොහොමද මෙහෙම සැප විඳින්නේ.(නදී)

:       0       0

අනුර Tuesday, 17 September 2013 10:19 PM

සමහරු මේ නම අතු ගාන්න හදනවා. මෙයාලා දුර්ලභ පින්තූර දෙනවා. මේ ඔක්කොටම පිස්සු.(නදී)

:       0       0

මහී Tuesday, 17 September 2013 10:21 PM

බුද්දිමත් නායකයෙක් එතුමාගේ ප්‍රකාශයක් උපුටා දක්වමි. "තීරණය ගන්න ක්‍රියාත්මක කරන්න ඉතිහාසය විසින් ඔබ හරිද? වැරදිද ? තීරණය කරයි.(නදී)

:       0       0

ටිකිරි මැණිකේ Thursday, 19 September 2013 01:07 AM

ඒ ඒ ඇත්තෝ සැප වින්දා. අදත් සැප විදිනවා. අපට නොව දුක ඒ මදිවට කොමෙන්ටු දාන්න වෙලාවත් නාස්ති කරනවා නොවැ.(නදී)

:       0       0

ඇෆ්ගන් නිමල් Tuesday, 17 September 2013 10:37 PM

නැහැ අමිල මහත්මයා, මේ ක්‍රමය නරක නැහැ. මොනදේත් හොද නරක තිබෙනවා.දැලි පිහියක් වදුරෙකුට දුන්නොත් මොකද වෙන්නේ? ඒවගේ පරිඝණකයෙන් හොද නරක දෙකම කරන්න පුළුවන්. (නි)

:       0       0

ජයන්ත Tuesday, 17 September 2013 10:47 PM

එතුමා විදායක ජනාදි පති ක්‍රමය හදපු හින්දා අද මේ ගොල්ලෝ සුර සැප විදිනවා. ඔය ඔක්කොම සෙල්ලම් එතුමා හින්දා. ජනතාව කබලෙන් ලිපට. හොර වැඩ මගඩි වැඩ නොකළ එකම නායකයා.(නදී)

:       0       0

ටිකිරා Tuesday, 17 September 2013 11:20 PM

ජේ ආර්ට ව්‍යවස්ථා වෙනස් කරන්න කලින් ටිකක් හිතන්න තිබුණා (නි)

:       0       0

අසෝක Tuesday, 17 September 2013 11:50 PM

ඔව් ඉතින්. එයා හදපු ක්‍රමය නිසානේ මේ හැමදේම... (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 18 September 2013 12:34 AM

දිවංගත ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා අප රටට විශාල මෙහෙවරක් කළ අති විශිෂ්ට නායකයෙකි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 18 September 2013 04:42 AM

දේශපාලනයේදී හතුරොත් නැත , මිතුරොත් නැත යන්න තව පාරක් මොලය කලඳක් හරි තියෙන ඡන්ද දායකයින්ට තේරුම් ගන්න හොඳ අවස්තාවක් මේක. ඒ නිසා කල්පනාවෙන් වටිනා ඡන්දෙ පාවිචි කරන්න. අනික ජේ , ආර්, ජීවත් වෙලා ඉද්දි වැඩියෙන්ම පහර ගහපු අයටම අද එතුමා වෙනුවෙන් ගුණ කතනත් කරන්න වෙලා. මොන තරම් කරුමයක්ද මේ ? නැත්නම් මොන තරම් අරුමයක්ද මේ ?(නදී)

:       0       0

සරෝජ් Wednesday, 18 September 2013 12:56 PM

ජේ ආර් ජයවර්දන නිෂ්පාදනය කර බෙදා හරින ලද මෙම විධායක ජනාදිපති ක්‍රමය මෙම චමල් රාජපක්ෂ කතානායක වීමට හැකිවූ නිසා කල ගුණ සෙල කීමක් මේක විවෘර්ත ආර්ථිකයත් විධායක බලයත් . අද අප බුක්ති විඳින සියල්ල ලැබුනේ මෙම ජේ ආර් ජයවර්දන මහතාට පින්සිදුවන්නට . එදා ඔහු බිහිකළ මෙම ක්‍රමයට විරුද්ධ වන්නේ අද ඔහුගේම පක්ෂයේ අය (අ)

:       0       0

කුමුදු ඉතාලිය Wednesday, 18 September 2013 01:28 PM

ජේ ආර් ජයවර්දන නොසිටින්නට මේ හැමට ට මෙසේ බලයේ ඉන්නත් මෙසේ රජ සැප විඳින්නත් බැහැ. එම නිසා කවුරු කොහොම උනත් සිලු දෙනා ජේ ආර් මැති තුමාට පින් දීමත් ගරු කිරීමත් කල යුතුමය. එසේම සියළු දෙනා දන නමා වන්දමාන කල යුතුය.(නදී)

:       0       0

ලලිත් Wednesday, 18 September 2013 07:48 AM

ජේ ආර් ට බැනල වැඩක් නැහැ. බලතල ඇති රාජ්‍ය නායකයෙක් වෙලා නිදහස් ආර්ථිකයක් සහිතව රට දියුණු කරන්න හිතාගෙන වැඩට බැස්සත්, ලංකාව තමන්ට ඉහලින් යයි කියල බයවුණු ඉන්දියාව ලංකාවේ ත්‍රස්තවාදය බිහිකරලා අපේරට විනාෂකරලා දැම්ම. ඒ බලතල ජනාධිපති වරයට නොතියෙන්න මේවෙනකොට අපේ දැන් ඉන්න ජනාධිපති තුමාටත් කිහිප සැරයක්ම මේවෙනකොට විරුද්ධ පක්සේ නායකයා වෙන්න තිබුන. සේරම උනේ අපේ රටේ පිහිටීම නිසා ජාත්‍යන්තර බලවේග අපේ රට අත්හැර යාමට මැලි වීමයි.කෙසේ වෙතත් එතුමගේ සමහර වැරදි තිබුනත් එතුමාට නිවන් සුව පතමු. (අ)

:       0       0

jrqK Wednesday, 18 September 2013 07:56 AM

ජේ ආර් උන්නැහේ ගහපු දහන් ගැටවල පවු මිනිස්සු තවම ගෙවනවා. රට මෙච්චර පීඩාවට පත්වෙලා එකතැන හිරවෙලා තියෙන්නේ උන්නාන්සේගේ මැජික් ව්‍යවස්ථාව නිසයි.(නදී)

:       0       0

හේමමුණි Wednesday, 18 September 2013 08:35 AM

ජේ.ආර්ගේ උපන් දිනය සැමරිය යුත්තේ කෙසේදැයි මට මෙහි සදහන් කිරීමට අසිරුය (නි)

:       0       0

හියරපිටිය Wednesday, 18 September 2013 08:45 AM

අතිගරු ජයවර්ධන මැතිතුමාට අමා මහ නිවන් සුවය පතමි. (නි)

:       0       0

පියල් සමරකෝන් Wednesday, 18 September 2013 08:57 AM

රටට අවශ්‍ය රටට ආදරය කරන තද නායකයෙක්. ජේ.ආර්. එවන් නායකයෙක් (නි)

:       0       0

උපාලි Wednesday, 18 September 2013 09:31 AM

කොහොමහරි කතානායකතුමා තමන් ළඟ තිබුණු අන්තිම ජේ.ආර්. සිහිවටනෙත් පරිත්‍යාග කරලා රාජපක්ෂවරුන් සමඟ ජේ.ආර්. ගේ තිබුණු සියලු සම්බන්ධතාවලින් නිදහස් වුනා වගෙයි මට පේන්නේ. (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 18 September 2013 09:32 AM

ජේ ආර් තුමාට මේ ව්‍යවස්ථාව ගැන දොස් කියන එකේ තේරුමක් නැහැ. රජයට අවශ්‍ය නම් මේක වෙනස් කරන්න පුළුවන්. (ස)

:       0       0

ඇෆ්ගන් නිමල් Tuesday, 17 September 2013 08:21 PM

වර්තමානයේ නායකයෝ මෙතුමාට ජම්ම දිනය නෙමේ හැමදාම පින් දීලා සමරුවත් පව්නැහැ .(අ)

:       0       0

රංජන Wednesday, 18 September 2013 03:51 PM

ජේ අර ගේ මග ගමන් කරන එම අයට ජයවේවා! ජනාදිපති මහින්ද ජේ ආර් ට තිබුනේ විශාල භක්තියක්. එය දන්නෝ දනී.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 830 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5184 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3031 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1411 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1519 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28240 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site