IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘ජී එස් පි නැතිවුණොත් රුපියලේ අගය තවත් බාල්දු වෙයි‘

(අංජුල මහික වීරරත්න)


ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල් 300කින් බාල්දු වීමට ඉඩ ඇතැයි ද මතුව ඇති අවදානම හමුවේ තවදුරටත් දේශපාලන කතා කියමින් නොසිට  ජී.එස්.පී. ප්ලස් සහනය ආරක්ෂා කිරීමට රජය වහාම කටයුතු කළ යුතුයැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජී.එස්.පී ප්ලස් ඇඟලුම් තීරුබදු සහනය රටට අහිමි වුවහොත් රැකියා දහස් ගණනක් අහිමි වන අතර ජනතාව දරා සිටින දැඩි ආර්ථික බරට තවත් බර එකතු කර රට විනාශ කරන්න එපා යැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද වික්‍රමසිංහ මහතා කීය.


රාජපක්ෂ යුගයේ රටට අහිමිව තිබූ ජී.එස්.පී. ප්ලස් බදු සහනය 2017 දී නැවත යුරෝපා සංගමයෙන්  ලබාගෙන මෙරට ආර්ථිකය වර්ධනය කිරීමට තම  ආණ්ඩුව කටයුතු කළ බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා  බදු අය කිරීමකින් තොරව යුරෝපයට භාණ්ඩ යැවීමට ලැබුණු අවසරය නිසා ඇගළුම් කර්මාන්තයෙ මෙන්ම ධීවර මත්ස්‍ය තහනම ඉවත් කිරීම නිසා  ධීවර කර්මාන්තයෙත් විශාල දියුණුවක් වූ බවද සඳහන් කළේය.

 

 



අදහස් (28)

‘ජී එස් පි නැතිවුණොත් රුපියලේ අගය තවත් බාල්දු වෙයි‘

chandima Sunday, 13 June 2021 04:57 PM

ඔය කියන තරම් සහනයක් ඒකෙන් රටට ලැබුණා නම් මිනිස්සු මොකද ඔබතුමාව ගෙදර යැව්වේ..?

:       3200       1713

Tharindu PereraSunday, 13 June 2021 05:15 PM

ඒ කරපු ගොන්කම්වල ප්‍රතිඵල දැන් රටේ ජනතාව අත්විඳිනවා.

:       1505       3069

නිහාල් Sunday, 13 June 2021 06:26 PM

මෝඩ චූන් නැතිව යථාර්ථය වටහාගන්න උත්සාහ කරන්න..

:       7       145

NMSunday, 13 June 2021 08:30 PM

මිනිස්සු එතුමාව ගෙදර තැබීමෙන් එතුමාගේ වටිනාකම සහ හැකියාව රටේ ජනතාවට මේ වනවිට අවබෝධ වී තිබේ. එතුමාගේ දැනුවත්කම සහ නායකත්ව හැකියාවන් සහ අර්බුදවලට විසඳුම් දීමේ හැකියාව වර්තමාන නායකයින් හට නොමැති බව සියලු ශ්‍රී ලාංකිකයින් හට මේ වනවිට මනාව තෙරුම් ගොස් තිබේ.. සහ වෙමින් තිබේ... එය එතුමා මැතිවරණයකින් ලබාගත් ජයග්‍රහණයට වඩා එතුමා ගෙදර තැබීමෙන් එතුමාට ජනතාව ලබාදුන් ජයග්‍රහණයකි. වර්තමාන රජයට තව වසර දෙකක් පමණ තිබේ. එය ඉතාම කටුක වසර දෙකක් බව කිව යුතු නැත... ජනතාවට එය හොඳින් දැනෙනු සහ අවබෝධ වනු ඇත.

:       0       0

vinividaMonday, 14 June 2021 03:30 AM

69 ලක්ෂයක් ජනතාව ඉල්ලා සිටියේ ලංකාවේම මොහොමඩ් තමයි..

:       0       0

උපතිස්ස රිටිගලMonday, 14 June 2021 10:20 AM

අපිට ඩොලර් අවශ්‍ය නෑ. පර සුද්දන්ගේ ඩොලර් මේ රටට එන එක නවත්තන්න ඕනෑ. නොඉඳුල් දේශීය ආර්ථිකයක් කරා යන ගමනේදී ඔය ජීඑස්පී සහන අවශ්‍ය වෙන එකක් නෑ. අනිත් එක ඇයි මේ රුපියල ඩොලර් එකට සාපේක්ෂව බලන්න යන්නේ. රුපියල රුපියල විදියට තියෙන්න දෙන්න....

:       59       3

kapMonday, 14 June 2021 01:47 PM

කුඹුරු කොටපු එවුන්ට, කීබෝඩ් ලැබුණාම මෙන්න මේ වගේ එවුන් බෝවෙනවා..

:       1       1

karolisMonday, 14 June 2021 01:49 PM

උතුරු කොරියාවේ වගේ වෙන්න කියලද ඔයා කියන්නේ?

:       1       1

Bnd Sunday, 13 June 2021 05:12 PM

මොනවා වුණත් මේ කතාව නම් ඇත්ත.

:       282       1365

සන්කSunday, 13 June 2021 06:31 PM

GSP සහනයෙන් අඟලුම් ක්ෂේත්‍රයට කෝටි ගණන් මුදල් ගලාගෙන ආවා සේම අැඟලුම් ක්ෂේත්‍රයට රැකියා දසදහස් ගණන් බිහිවුණා. ආණ්ඩුවේ වැරැදි සහගත විදේශ ප්‍රතිපත්ති හේතුවෙන් GSP අහිමි වීම රටට දරාගත නොහැකි පාඩුවක්...

:       8       264

ජයන්ත මිලානො Sunday, 13 June 2021 05:37 PM

හොරුන්ව ආරක්ෂා කරලා දැන් මෙතන කටමැත දොඩවනවා.. නුඹලා දෙගොල්ලන්ම රටට වින කෙරුවා මිසක් වෙන මොනවද කලේ...?

:       1068       1151

Seneka Sunday, 13 June 2021 07:44 PM

අපේ රටේ කාළකන්නි වහල්ලු ඉන්නකම් මේ ගොබ්බයන් හැමදාම දේශපාලනය කරයි.

:       62       116

wimal Sunday, 13 June 2021 05:39 PM

GSP බැරිනම් මොනවා නැතිවුණත් මොකද? ඔබතුමා පාර්ලිමේන්තු එනවලුනේ.. බුදු අම්මෝ කොච්චර වටිනවද ඒක..? කලිසම ඇඳගෙනද ඉන්නේ? 

:       1129       187

වාසුදේව Sunday, 13 June 2021 06:34 PM

බැඳුම්කරයෙන් එජාපය නැත්තට නැති වෙලා රුපියලේ බාල්දුවක් ගැන කතා කරනවා. දැනුත් එජාපය සජිත්ට නොදී මෙයාගේ බූදලේ වගේ තියාගෙන ඉන්නේ... ඉස්සර හිටපු එජාපය ප්‍රබුද්ධ නායකයින් කළේම පක්ෂය ගොඩගන්න පුළුවන් ඉහළම කෙනාට පක්ෂය බාරදීලා ගෙදර ගිය එකයි. දැන්වත් රනිල්ට මේ නුවණ පහළ වෙලා සජිත්ට එජාපය බාරදීලා ඒ ඓතිහාසික තීරණය ගන්න. ඒ තීරණයට ඔබට මුලු රටේම එජාප කාරයින්ගේ ඉහලම ප්‍රසාදය ලැබෙයි...

:       1043       226

NMSunday, 13 June 2021 08:00 PM

මේ වනවිට සජිත් එක්සත් ජාතික පාක්ෂිකයකු, සාමාජිකයකු හෝ පක්ෂයට කිසිදු සම්බන්ධයක් හෝ නොමැත. මේ වනවිට සජිත් වෙනත් පක්ෂයක නායකයෙකි. කිසිඳු ආකාරයකින් සජිත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුසු නොවේ. එමනිසා සජිත් සහ කණ්ඩායම පක්ෂයෙන් පිටවගොස් වෙනත් පක්ෂයක් ගොඩනැගීම කරනු ලබන්නේ තනතුරු සහ බලයට ඉක්මණින් පැමිණීමේ පටු අරමුණින් මිස වෙනත් හේතුවක් නිසා නොවේ. ඩී.එස්. සේනානායක මැතිතුමා සියලු ජාතින් සමග එක්ව නිර්මාණය කරනලද පක්ෂය එ් අකාරයෙන්ම ඉදිරියට ගමන් කරනු ඇත. පටු අවස්ථාවාදී කුඩා දේශපාලන පක්ෂ ගොඩ නගා ගත් නායකයන් යනුවෙන් හඳුන්වා ගත් පුද්ගලයන් හට එක්සත් ජාතික පක්ෂයේ අවස්ථාවන් නොමැත. සජිත් එක්සත් ජාතික පක්ෂයේ සිටි බව සත්‍යයකි. නමුත් පක්ෂයේ නායකත්වය දැරීමට තරම් නායකත්ව ලක්ෂණ සහ බහුතරය ඔහුට තිබ්බේ නම් ඔහු පක්ෂයේ රැදිසිටිය යුතුවම තිබිණි. ඩී එස් සේනානායක මැතිතුමා නිර්මාණය කළ පක්ෂ දේශපාලනය සහ සජිත්ලාගේ දේශපාලනය අතර සැබෑ වෙනසක් තිබේ.

:       311       1085

කෝරාළගේ Monday, 14 June 2021 08:02 AM

පහුගිය මැතිවරණය තරග කරල රටේ එක ආසනයක්වත් දිනාගන්න බැරී වුණ.ඉතින් රනිල් ගැන කතා කරල පිස්සු දොඩවන්න එපා

:       0       0

Sunil MILANO Sunday, 13 June 2021 05:55 PM

යහපාලනයේ අවුරුදු 05ටම වැඩිවුණේ ඩොලර් 53යි. ඒ බලමහිමයෙන් වෙන්න ඇති... අනේ මගේ කට..

:       1074       333

fairoos Sunday, 13 June 2021 06:57 PM

වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.

:       5       289

BamunuarachchiTuesday, 15 June 2021 07:02 PM

පොහොට්ටු වහල්ලුද? සජබ වහල්ලුද? එජාප වහල්ලුද? ජේවීපී වහල්ලුද? ටීඑන්ඒ වහල්ලුද? මුස්ලිම් කොන්ග්‍රස් වහල්ලුද? තමන් වහලෙක් බව නොදන්නා ඔබවැනි වහල්ලු ගැනද ඔය කියන්නේ? ඔය හැම පක්ෂයකටම බ්ලොක් වොට් එකක් තිබෙනවා ඒ ඔක්කොම ඒ ඒ පක්ෂවල වහල්ලු.

:       0       0

Bishan Sunday, 13 June 2021 07:58 PM

බයියන්ට මොන ජී. ඇස්.පී. සහනද? පුන්නක්කු සහනාධාරයක් දෙන්න පුලුවන් නම් කදිමයි...

:       26       566

මුණසිංහ Sunday, 13 June 2021 09:10 PM

GSP ප්ලස් නැති වුණොත් අර්බුදයක්ම තමයි. නමුත් එය අහෝසි කරන්න යන්නේ ඇයි? එයාලා දේශපාලන පළිගැනීම් කරන්නේ. ඒ ගැන හිතන්න. 2017 ඒක නැවත දුන්නේ ඇයි? ජිනීවා කතා දැන් අමතකද?

:       0       0

Rata Perata Sunday, 13 June 2021 09:11 PM

තමුන් බලයේ ඉන්න වෙලාවේ හොරු අල්ලලා හිරේ දැම්මා නම් අද අපේ රට වනසන්න මේ වගේ කාලකන්නි එන්නේ නෑනේ... දැන්වත් බුද්ධිමත්ව රට ගැන විතරක් හිතලා වැඩ කරන්න.

:       0       0

සමන්ත Monday, 14 June 2021 07:00 AM

ලංකාවට GSP නොලැබීමට හේතුව අපගේ විදේශ ප්‍රතිපත්තිය නොව ලෝක ශ්‍රේණිගත කීරිම් අනුව ලංකාව ඉහළ මධ්‍යම පාන්තික රටක් වීමයි. ඇත්ත ප්‍රකාශ නොකර බොරු කියන එක දේශපාලනයේ වැදගත් අංගයක්. පසුගිය රජය සමයේ නැවතත් එය ලැබුණේ ලංකාව පහළට තල්ලු වුණු නිසා.

:       1       0

Kiran Monday, 14 June 2021 09:59 AM

කමෝන් සූත්තර පුංචා... කමෝන්...!!!

:       6       0

Ananda Monday, 14 June 2021 10:28 AM

මහබැංකුව සුද්දකරපු එකෙන් මුකුත් වුණේ නැද්ද? තව ගොන් කතා කිය කිය ඉන්නවා.

:       7       8

කුසුම් දල්පදාදු Monday, 14 June 2021 11:14 AM

අනේ යන්න. එච්චර ප්‍රථිඵල තියෙන නිසාද එදා උඹ යුරෝපයට ගතු කිව්වේ ලංකාවට GSP දෙන්න එපා කියලා. නුඹලා වගේ කාලකන්ණි... නුඹලා ටික දවසක් නිශ්ශබ්දව හිටියාම මිනිස්සුන්ට ඔක්කොම අමතකයි කියලාද හිතුවේ..?

:       1       3

lal Monday, 14 June 2021 02:04 PM

ඇති කියන්නේ ඇති.. අපිට බොහොම මහන්සියි.. කරුණාකර ගෙදර ඉන්න...

:       0       0

Bamunuarachchi Tuesday, 15 June 2021 01:07 PM

මෙන්න මෙහෙම සිංහල උපමේයක් තිබෙනවා. වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්ද කියලා. යුද්දය දිනන්න බැහැ කියලා උතුරු, නැගෙනහිර ප්‍රභාකරන්ට දෙන්න ගියේ ඔහෙට GSP බේරාගන්න රටේ ආරක්ෂාවට තිබෙන නීති පාවා දෙන එක වැඩක්ද? අනේද කියන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඌරන් මැරීම -මස් විකිණිම තහනම් කර දෙවැනි වරටත් ගැසට්ටුවක්
2024 නොවැම්බර් මස 06 6 0

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන්


සැඩ පහරට අසුව දෙදෙනෙක් මරුට
2024 නොවැම්බර් මස 06 123 0

කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එම කැමරතයේ ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත ක


අදත් තැනින් තැනට වැසි
2024 නොවැම්බර් මස 06 78 0

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා


ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 2277 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 1722 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 319 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 420 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1333 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 704 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site